පටිච්චසමුප්පාදය...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48

    එහෙත් මැරී යන ස්වභාවයට අයිති මේ දේවල් එසේ නොවේවා! කියමින් සත්වයෝ නොමැරී පවත්වන්නට කැමති වෙති එය පවා අයත් වන්නේ දුකට යි.

    සාදු! සාදූ!! සාදූ!!!
    බොහොම පින් මිතුරනි, මේ දහම් සාකච්ඡාච ඉදිරියට ගෙන යාම ගැන...

    දහම නොදත් අය සිතන්නේ ලැව්ගිනි, ගං වතුර, සොර සතුරු උවදුරු ආදිය "අමාතාපුත්තික භය" ලෙසින්. එනම්, අම්මාට පුතා ව නැති වී යන; පුතාට අම්මා ව නැති වී යන උවදුරු ලෙස...

    එහෙත්, භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ, ඔවුන් එසේ කියන්නේ අවබෝධයක් නැතිව ම බවයි... ඒ මක් නිසාද යත්, එසේ මඟ නො ඇරෙන්නට ඉඩ ඇති බැවින්...

    එහෙත්, අම්මාට පුතාව කිසි සේත් ගලවා ගත නොහැකි, පුතාට අම්මාව කිසි සේත් ගලවා ගත නොහැකි බය උන්වහන්සේ පෙන්වා දෙනවා..
    එනම්, සසරෙහි යන සත්වයන්ට ගැලචීගත නොහැකි වූ ජරා, ව්‍යාධි, මරණ යන භය යි.

    එතැනින් නො නවතින උන්වහන්සේ භයෙන් මිදෙන ආකාරයත් කියා දෙනවා...

    ඒ ගැන කියවෙනවා මෙම දෙසුමේ...
    http://www.gautamabuddha.ca/bana/sinhala/078_Amathaputtika_Bhaya_Maha_Chattarisaka_Suttas.mp3

    තෙරුවන් සරණයි!
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48

    ඇතැමුන් හිතන්නෙ අපව මවලා කියලයි. නමුත් බුදු රජාණන් වහන්සේ පැහැදිලි කළා උපතක් වෙන විදිහ: අපගේ මිනිස් උපත ගත්තොත්, මවගේ ආර්තවයේ නිසි කල වීම, මව හා පියාගේ එක් වීම සහ, වැදගත්ම දෙය, විඤ්ඤාණයක් පැමිණීම. (මම මේ කියන්නෙ මතක හැටියට. වැරද්දක් කරලනම් නිවැරදි කරන්න.) අනෙක් අතට දෙවියන්, නිරි සත්වයින් ආදීන්ට ඇත්තෙ ඕපපාතික උපතක්. එතනදි විඤ්ඤාණය පැමිණිලා තියෙනවා.

    සාදු! සාදු!! සාදූ!!! බොහොම පින් මිතුර.. :)

    මෙතැන විඤ්ඤාණයේ පැමිණීම යයි කීවාට, අප කතා කරන්නේ "රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ" යන ස්කන්ධ පහෙහිම පැමිණීමක් (මේ ගැන ඛන්ධ සංයුක්තයේ, උපය වර්ගේ, උපය සූත්‍රයේ, ඒ වගේම බීජ සූත්‍රයේ, කියවෙනවා).

    මොකද, විඤ්ඤාණය කියන්නේ හේතුඵල දහමින් හටගත්, හේතු නැති කළ නිරුද්ධ වන දෙයක් නේ. ඒකට තනියෙන් පැවතීමක් නෑ...

    ඒනිසයි, ගන්ධබ්බයා ගේ පැමිණීමක් ලෙස පවසා තිබෙන්නේ.. අපත්, ඒ විදිහටම දරා ගන්න එක පහසුයි..

    අප මැරුණ විට පිට වෙන්නේ පඤ්ඤ උපාදානස්කන්ධයක් මයි; වෙන්නේ අප දකින රූපය (මෙ ඇඟ) වෙතින් එම විඤ්ඤාණය (සහිත පඤ්ඤ උපාදානස්කන්ධය) ඉවත් වීමයි. එය නැවත, මව් කුසක බැස ගත් කළ, එම විඤ්ඤාණයේ උදවෙවෙන් මව් කුසේ නාම-රූප වැඩෙනවා; එම නාම-රූප උදව්වෙන් විඤ්ඤාණ වැඩෙනවා. ඒ කියන්නේ මව් කුසේ දරුවා වැඩෙනවා...

    හැම තිස්සේම (මව් කුසක වුණත්, එයින් පිටත වුණත්, ඕපපාතිකව හෝ අන් ක්‍රමයකින් ඉපදුණත්) වෙන්නෙ, නාම-රූප නිසා විඤ්ඤාණයත්, විඤ්ඤාණය නිසා නාම-රූපත් පෝෂණය වෙමින් වැඩීමයි... මෙම ක්‍රියාවලිය නැත්තේ රහතන් වහන්සේ තුළ පමණයි.

    අපි හිතමු, ඒ විඤ්ඤාණය මව් කුසේම චුත වුණා කියල. මව් කුසේ ඉතිරි වෙන්නේ මිය ගිය කළලය විතරයි. ඒ විඤ්ඤාණය (නැවතත්, පඤ්ඤ උපාදානස්කන්ධයක් ම යි) කර්මානුරූපව වෙනත් තැනක උපදිනවා.

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    උපාදාන කරන්නේ ය (තදින් ග්‍රහණය කරගන්නේ ය) යයි මම නො පවසමි. ඉදින් මම කියනවා නම්. තදින් අල්ලා ගන්නේ ය කියා උපාදාන කරන්නේ කවුරැන් දැයි ඇසීම සාධාරණය. එහෙත් මම එසේ නොකියමි. එසේ නොකියන්නා වූ මගෙන් මෙනන මේ ආකාරයටයි ප්‍රශ්න ඇසිය යුත්තේ. ස්වාමීනි උපාදානය හටගන්නේ කුමන හේතුවක් නිසා ද කියා ය. ඒ ප්‍රශ්නය මේ ධර්මයට අදාළ වේ. උපාදානය හට ගන්නේ තෘෂ්ණාව හේතු කොට ගෙනය (මෝළිථග්ගුන සුත්ත - සංයුක්තනිකාය 02 පොත් වහන්සේ)

    මෙයින් අප තේරැම් ගත යුත්තේ හේතු - ථල දහම අවබෝධ කර ගැනීම පිණිස හේතු ථල දහම අනුව ම විමසිය යුතු බවයි.

    සාදු! සාදූ!! සාදූ!!
    සූත්‍ර දේශනා ඇසුරෙන් සියුම් දහම් කරුණු ඉස්මතු කිරීම ගැන බොහෝම පින්... :)

    ඔව්, බුදුරජාණන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදය ගැන පෙන්වා තිබෙන්නේ ක්‍රියාවලියක් ලෙස නේ.

    ඒකේ කරන කෙනෙක් ගැන කියන්නේ නෑ (උදා: අල්ලා ගන්න කෙනෙක්); කරන කෙනක් ඉන්නව නම් සසරින් මිදෙන එක හරි ලේසියි (නොකර ඉන්න නෙ තියන්නේ)...

    කතෘ කෙනක් නැතිව වෙන මෙම ස්වාභාවික ක්‍රියාවලිය තේරුම් ගන්න බැරි වීම නිසයි දේවවාදී දර්ශන ඇති වන්නේ... ඒවගේම, එය අවබෝධ නොවු නිසාම නෙ අපි තාමත් සංසාරේ...

    තෙරුවන් සරණයි!
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    තණ්හාව ගැන කතා කරනකොට මම කැමතියි පංච කාම ගුණ කියන දේ ගැන පොඩ්ඩක් තව කතා කරන්න.

    රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය යන කරුණු පහ ඊට අයත් වෙනවා. හුඟක් වෙලාවට අපි මේ දේවල් ගැන කතා කරන්නෙ ආයතන හයත්, ඊට අරමුණු වෙන බාහිර ආයතන 6 ත් යන විදිහට. නමුත් මෙතනදි, කාම වස්තු ගැන කතා කරනකොට, මනස හා සිතුවිලි යන ආයතන දෙක ඊට ඇතුළත් වෙන්නෙ නෑ. අපි කතාවටත් කියන පංචේන්ද්‍රිය පිනවීම ගැන විතරයි කතා කෙරෙන්නෙ.
    මං හිතන්නෙ ඊට හේතුව තමයි මනස හා සිතුවිලි කෙරේ අවබෝධයකින් යුතුව කටයුතු කරන කෙනෙකුට ධ්‍යාන උපදවා ගැනීමට, දිගින් දිගට භාවනාවෙ නියැළීමට, එමගින් ලැබෙන ආශ්වාදය උපකාරී වීම. (ප්‍රීති) අනෙක් අතට මනස මූලික වී ඇතිවන අනර්ථකාරී තණ්හාවන් තමයි භව තණ්හා සහ විභව තණ්හා ලෙස හැඳින්වෙන්නෙ.

    පින්වත් මිතුර,

    රූප, ශබ්ද, ගන්ධ, රස, සහ පහස යන අරමුණු වල තියෙන කැමැත්ත ඇති කරන ලක්‍ෂණය නෙ කාම ගුණ කියන්නේ. ඒ කාම අරමුණු ගැන සිතේ තියෙන ඇල්ම ම නෙ කාමය කියන්නේ.

    ඇස, කණ, නාසය, දිව සහ කය යන ආයතන තුළින් ලැබෙන කාම අරමුණු ගැන සිත සිත ඉන්නවා නේ...

    කාම සඤ්ඤා නිසාම කාම සංකල්ප ඇතිවෙනවා, කාම සල්කප්ප නිසා කාම පරිලාහ (දැවිල්ල) ඇති වෙනවා, කාම දැවිල්ල නිසා කාම පරියේසන (සෙවිල්ල) වෙනවා... මේ ගැන තියෙනවා ධාතු සංයුක්තයේ, නානාත්ත වර්ගයේ....

    මෙන්න, පින්වත් කිරිබත්ගොඩ ඤාණනානන්ද ස්වාමීන් වහන්සේ ඒ ගැන කළ දෙසුම..
    http://budusuwanda.org/Amadahara/Mp3/28_01 Dhathu Sanyuththaya.mp3

    වෙන විදිහකටම කීවොත්, කාමය නිසා තමයි අප ඒ අරමුණු ගෑන නැවත නැවත සිතන්නෙත්, ඒ වගේම එවන් අරමුණු සොයන්නෙත්...

    මේ නිසා ආයතන 6න් ම, ලෝකාමිසයට ඇලෙන්න කාමය හේතු වෙනවා...

    සළායතන විභංග සූත්‍රයේ පෙන්වනවා ඇස, කණ, නාසය, දිව, කය, මනස ආශ්‍රීතව ඇති වන ගේහ සිතත් (එනම්, ලෝකය කෙරෙහි ඇලෙන පරිදි...) නෙක්ඛම්ම සිතත් ගැන..
    (හැබැයි, බුදු රජාණන් වහන්සේ 'කාමය' කියන වචනය නොච 'ගේහ සිත' කියන වචනයයි පාවිච්චි කරන්නේ...)

    http://budusuwanda.org/Amadahara/Mp3/14_06 Salayathana Vibhanga Sutta.mp3
    http://budusuwanda.org/Amadahara/Mp3/14_07 Salayathana Vibhanga Sutta.mp3

    අප විසින් තවදුරටත්, මේ ගැන නුවණින් ධර්මය හා ගලපා විමසා බැලීම සුදුසුයි...

    තෙරුවන් සරණයි!
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    කාම තණ්හා වලට ධම්ම තණ්හා-සිතිවිලි නිසා ඇතිවන තණ්හාව අයිති වෙනවද? ගරුතර කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ ගේ මහා නිධාන සූත්‍රයෙදි ඒකත් ඇතුලුවයි විස්තර කෙරෙන්නෙ. SSKL සහෝදරයා දක්වා තිබෙන විස්තරයේ පංච කාම ගුණ විතරයි දැක්වෙන්නෙ.
    සමුදය සත්‍යය ගැන කියනකොට ධම්ම තණ්හාවත් අයත් වෙන නිසා ඒකත් මෙතනට එනවා ඇති නේද?

    පින්වත් මිතුර,

    හොඳ ගැටළුවක්; මම හරියටම එය විග්‍රහ කර ඇති සැටි දන්නේ නෑ.

    තණ්හාව එය ඇතිවීමට හේතු වන අරමුණු අනුව බෙදා බැලුවොත්...
    1. රූප තණ්හාව
    2. ශබ්ද තණ්හාව
    3. ගන්ධ තණ්හාව
    4. රස තණ්හාව
    5. පහස (පොට්ඨබ්භ) තණ්හාව
    6. ධම්ම තණ්හාව

    ඒකම, කුමක් කෙරෙහි ඇලී ගියේ දැයි බැලුවොත්..
    1. කාම තණ්හාව
    2. භව තණ්හාව
    3. විභව තණ්හාව

    අතීතයේ ලද, කාම අරමුණක් මතක් කරමින් සතුටු වෙන විට, ඇති වන තණ්හාව කෙසේ බෙදන්න ඕනෙ ද? ඒ සිහිපත් කරන්නේ රූපයක් නම්, අතීතයට ගිය රූපයක් නිසා ඇති වන තණ්හාවක් ලෙස සිතන්න පුළුවන් තමා. ඒත් එය ධම්ම තණ්හාවක් ලෙස බලන්න බෑ කියාත් මට වැටහෙන්නේ නෑ. මොකද, සිතෙන් ලබන විඳීමක් නිසා නෙ එය ඇති වන්නේ. තව දෙයක්, ඉතිරි ආයතන 5 ට තියෙන පිහිට මනස කියා නේ දක්වා තියෙන්නේ.

    බුදු රජාණන් වහන්සේ, ආයතන බෙදා දක්වා ඇත්තේ අපගේ තේරුම් ගැනීමේ පහසුව සඳහායි.
    ආයතන වලින් තොරව, පටිච්ච සමුප්පාදය ගැන විග්‍රහ කරන අවස්ථාවකුත් තිබෙනවා නෙ මහා නිදාන සූත්‍රයේ.

    ඒ නිසා, අප මෙවන් තැන් ගැටළු ඇති නොවන පරිදි විමසීම වැදගත්.
    අප තේරුම් ගත යුත්තේ; අරමුණක් ලැබ ඒ ගැන නුනුවණින් සිතීමෙන්, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කෙරෙහි ඇලී යන ආකාරය නෙ.

    තෙරුවන් සරණයි!
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48

    තණ්හාව ගැන කතා කරනකොට අපි හිතන්නෙ නොයෙක් ලෞකික වස්තුන්වලට, එදිනෙදා ජීවිතයෙ දේවලට අපේ ඇති වන ආශාව ගැන. නමුත් අපට නොදැනීම ඇති කර ගන්නා තවත් තණ්හාවන් තියෙනවා. උදාහරණයක් විදිහට, කෙනෙක් දන් පින් කරලා, දිව්‍ය සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් තණ්හාවක් ඇති කර ගන්න පුලුවන්. ඒ නිසා කුසල් රැස් කළ යුත්තේ තෘෂ්ණාවෙන් ගැලවීම උදෙසා මිස, මේ විදිහට තව තවත් කෙලෙස් වර්ධනය කර ගැනීම පිණිස නොවෙයි.

    බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ පිනට භය වෙන්න එපා කියලා නේ.

    ඒ වගේම, පිනක් කරන විට එහි විපාක දැනගෙන කරන එක වැදගත්. පින නිසා එන සැප විපාක වලට ඇළුම් කිරිම ධර්මය ප්‍රතික්‍ෂේප කරනවා නම් විමාන වස්තු ගැන සඳහන් වෙන්නෙත් නෑ නේ.

    එතකොට ප්‍රශ්නෙ පින සසර දිගු කරන වා ද නැද්ද?
    මේ ගැන නො වැටහීම නිසයි සමාජයේ බොහෝ අය (ඇතැම්, පින්වත් ස්වාමීන් වහන්සේලා පවා) කියමින් සිටියේ පින් විපාකවලට ආශා කරන්න එපා; සසර දිගු වෙයි!

    ඒක නොවේ නෙ සත්‍යය. අප පින් කළත්, පව් කළත්, නැතත් සසරෙ යනවා පටිච්චසමුප්පාදය
    අප තුළ තිබෙන කම්.
    නොකිරීමෙන් කර්ම ප්‍රහාණය වෙන්නේ නෑ...

    ඒ නිසා කරන්න ඕනේ ධර්ම මාර්ගය වඩන ගමන් පිනුත් කර ගන්න එක. දිව්‍ය ලෝකේ හිත පිහිටුවා ගත්තත් කමක් නෑ (ඒකනේ ද දේවතානුස්සතිය තියෙන්නෙ? ).
    මාර්ගය සම්පුර්ණ කරන තුරු ඒ පින උපකාරි වේවි. මාර්ගය සම්පූර්ණ වූ විට ඉතිරි පින ප්‍රහාණය වේවි.

    වැදගත් පවින් වැළකීමයි, කුසලය කිරිමයි. පිනට බය වෙන්න හෝ, පිනෙහි විපාකයට ආශා කරන්න එපා (ඒ ආශාව ප්‍රහාණය වෙනව මාර්ගය වැඩුනහම) කියා හෝ දහමෙහි කියන්නේ නෑ.

    මාර්ගය සම්පූර්ණ වන විට පිනට තියෙන ආශාව නැතිවී යයි.. එතකොට කම් නෑ, මොකද නිවන පෙර කළ පින මත වෙනස් වන්නේ නැති බැවින්.

    Dhammapadapali-Yamakavaggo-18.jpg

    ධර්මය ස්වාක්ඛාතයි නෙ; එක තැනක කියන එකක් තවත් එකක් හා නොගැලපෙන්නේ නෑ...
    නොගැලපෙන බවක් පෙනෙනවා නම් වරද තියෙන්නේ අපගේ වැටහීමේ...

    ඒ වගේම, සසරෙන් මිදීම ගැන නොසිතමින් ඉඳීමත් ප්‍රශංසා ලබන්නේ නෑ.
    ඒ නිසා පිනත්, අවබෝධයත් දෙකටම අප රුචි කළ යුතුයි. පින රැස් කරන ගමන් දහම් මග ගමන් කළ යුතුයි.

    තෙරුවන් සරණයි!

    [moved to a new thread: http://www.elakiri.com/forum/showthread.php?t=274131]
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මෙතැන විඤ්ඤාණයේ පැමිණීම යයි කීවාට, අප කතා කරන්නේ "රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ" යන ස්කන්ධ පහෙහිම පැමිණීමක් (මේ ගැන ඛන්ධ සංයුක්තයේ, උපය වර්ගේ, උපය සූත්‍රයේ, ඒ වගේම බීජ සූත්‍රයේ, කියවෙනවා).

    මොකද, විඤ්ඤාණය කියන්නේ හේතුඵල දහමින් හටගත්, හේතු නැති කළ නිරුද්ධ වන දෙයක් නේ. ඒකට තනියෙන් පැවතීමක් නෑ...

    ඒනිසයි, ගන්ධබ්බයා ගේ පැමිණීමක් ලෙස පවසා තිබෙන්නේ.. අපත්, ඒ විදිහටම දරා ගන්න එක පහසුයි..

    බොහොම පින් මිතුර. ඔව්, ගන්ධබ්බයාගේ පැමිණීම කියල ගත්තම පැටලෙන්නේ නෑ.:yes:

    වෙන විදිහකටම කීවොත්, කාමය නිසා තමයි අප ඒ අරමුණු ගෑන නැවත නැවත සිතන්නෙත්, ඒ වගේම එවන් අරමුණු සොයන්නෙත්...

    මේ නිසා ආයතන 6න් ම, ලෝකාමිසයට ඇලෙන්න කාමය හේතු වෙනවා...

    මං කියවපු සූත්‍රෙක ඔය පංච කාම ගුණ ගැන සඳහන් වුණා. මට එතකොට තමයි ඔය ප්‍රශ්නෙ ආවෙ, ඇයි මනස හරහා සිදුවන ක්‍රියාවලිය එතෙන්දි අත හැරියෙ කියලා. මං මේකෙ කටු සටහනක් ගහල තිබුණා, ඒත් ඒක හොයා ගන්න නැහැ. ඔයා කියල තියෙන සූත්‍ර අහල බලන්නම්. මේක මට හරියට පැහැදිලි නැති තැනක්.

    ධර්මය ස්වාක්ඛාතයි නෙ; එක තැනක කියන එකක් තවත් එකක් හා නොගැලපෙන්නේ නෑ...
    නොගැලපෙන බවක් පෙනෙනවා නම් වරද තියෙන්නේ අපගේ වැටහීමේ...

    ඒ වගේම, සසරෙන් මිදීම ගැන නොසිතමින් ඉඳීමත් ප්‍රශංසා ලබන්නේ නෑ.
    ඒ නිසා පිනත්, අවබෝධයත් දෙකටම අප රුචි කළ යුතුයි. පින රැස් කරන ගමන් දහම් මග ගමන් කළ යුතුයි.

    ඔව්, අපට තේරුම් ගන්න අපහසුකම තමා තියෙන්නෙ. විශේෂයෙන් ඇසට නොපෙනෙන, සිත හා සම්බන්ධ දේවල් භාවනාව තුළින් අවබෝධ කර ගත යුතු දේවල් නිකම්ම පොත් කියවල තේරුම් ගන්න අමාරුයි. විවිධ ආකාරවලට විග්‍රහ කර ඇති පොත් කියෙව්වම තවත් ටිකක් පැටලෙනවා. මේ වගේ ධර්ම සාකච්ඡා තුළින්මයි පැහැදිලි කර ගන්න වෙන්නෙ.

    ඔබට බොහොම පින්.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    what is sanskara.

    please explain, what is sanskara.

    I am new to Buddhism, and I have read many books. But this paticca sammuppada seem to be one great discourse in buddhism. I am unable to understand what is SANSKARA. PLEASE HELP.

    THANKS IN ADVANCE.
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    please explain, what is sanskara.

    I am new to Buddhism, and I have read many books. But this paticca sammuppada seem to be one great discourse in buddhism. I am unable to understand what is SANSKARA. PLEASE HELP.

    THANKS IN ADVANCE.

    පින්වත් මිතුර,

    "සංස්කාර" යන්න එකිනෙක හා ළඟින් යන, එහෙත් වෙන වෙනම භාවිතා වන අරුත් කිහිපයකින් යෙදෙනවා..

    1.) "සංස්කාර" යන්නෙහි දළ අදහස 'සකස් වූ දේ' යන්න යි. ඒ අදහසින් තමා කියන්නේ, ඔබ අහලා ඇති සමහර විට, "සියලු සංස්කාර අනිත්‍ය යි" කියා...
    එම, සකස් වු දේවල, නැත්නම් 'සංඛත' වල ලක්‍ෂණ 3 තියෙනවා i) ඉපදීමක් පෙනෙනවා ii) වැනසී යාමක් පෙනෙනවා iii) වෙනස් වෙමින් පැවතීමක් පෙනෙනවා. මේ ලක්‍ෂණය අපේ ලෝකයේ හැම දේකම තියෙනවා. එය නැත්තේ නිවනේ පමණයි.

    2.) "සංස්කාර" කියා විශේෂයෙන් කියනවා 'චේතනාව තුළ සිදුවන පැවැත්ම සඳහා වන සකස් වීම'ට (අභිසංස්කරණය වීමට). ඒ කියන්නේ අවිද්‍යා සහගත කෙනෙක් (ඒ කියන්නේ සසරේ යන අපි වගේ අය) චේතනාත්මකව සිතන කොට, කථා කරන කොට හෝ ක්‍රියා කරන විට කර්ම සකස් වීම ගැනයි.
    ඒ චේතනාව පින, පව හෝ ධ්‍යාන අරමුණක් සම්බන්ධයෙන් වෙතොත්, අදාළ සංස්කාරය ඒ නමින් හඳුන්වනවා: (පුඤ්ඤාභිසංස්කාර, අපුඤ්ඤාභිසංස්කාර, ආනේඤ්ජාභිසංස්කාර ලෙස)

    3.) පටිව්ව සමුප්පාදයේ "සංස්කාර" කියා කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ගැනයි. (ඉදිරියේදී විස්තර වශයෙන් සාකච්ඡා කරමු කො)

    කාය සංස්කාර: ආශ්වාස ප්‍රශ්වාස
    (මේ දැනීම නිසා අපට කය කියන හැඟීම තියෙනවා; උදා: අපි වෙන වැඩක් කරන විටත් අපගේ ඇඟ තියෙන බවට අදහසක් තියෙනවා නේ සිහි නොකරත්...)
    වචී සංස්කාර: විතක්ක විචාර
    (ඒ කියන්නේ, අපි ඇතුළෙ තියෙන තමන්ට කථා කරගන්නවා වගේ තියෙන එක... එකෙන් නෙ වචනය කියන හැඟීම අප තුළ ඇති වන්නේ)
    චිත්ත සංස්කාර: සඤ්ඤා වේදනා
    (සිත හා බැඳී පවතින, හඳුනා ගැනීම් හා විඳීම්)

    මේ සංස්කාර ගැන අවබෝධයක් නැති නිසා (ඒකට කියන්නේ 'අවිජ්ජාව' කියා), මේ සිත, කය, වචනය ගැන 'මම' කියන හැගීම ක් අපට තියෙනවා. ඒ හින්ද ම යි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය වෙන්නේ...

    තව තවත් විමසලා බලමු කෝ...

    තෙරුවන් සරණයි!
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සළායතන කියන්නෙ මොනවද කියල බෞද්ධ අපි වැඩි දෙනෙක් දන්නවා. ඒ තමයි ඇස, කණ, නාසය, දිව, ශරීරය සහ මනස. මේවට ආධ්‍යාත්මික ආයතන කියල ඇතැම් තැනක සඳහන් වෙනවා. මොකද, මේවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ සහ සිතිවිලි යන හය බාහිර ආයතන ලෙස හැඳින්වෙන නිසා.

    සාදු! සාදූ!! සාදු!!!
    පින්වත් මිතුර, බොහොම පින්...

    මේ හයට 'ආයතන' කියන්නේ අපගේ සසර පැවැත්ම සකස් කරන ක්‍රීයාව සිදුවන තැන් නිසා නෙ.

    බුදු රජාණන් වහන්සේ ආධ්‍යාත්මික, බාහිර කියා ඒවා බෙදා දක්වා තිබෙන්නේ අපට තේරුම් ගන්න පහසු වෙන්න මයි. නැත්නම් විඤ්ඤාණය වගේ දෙයක් අපට සිතා ගන්නවත් බැහැ නේ.
    ඒ නිසා නෙ, ආයතන ඇසුරෙන් දුක සකස් වෙන ආකාරයත් එහි අනිත්‍යතාවත් විමසන විට විට අපි ඇස හා රූප වෙන් කර බලන්නේ... කණ හා ශබ්ද... ඒ ලෙසින්ම...

    නමුත්, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය බලන විට අපි ඒ සියල්ල 'ආයතන' ලෙස බලනවා. මොකද, ඒ වෙලාවේ විමසන්නේ නාම-රූප නිසා ආයතන සැදෙන ආකාරයත්, ආයතන නිසා ස්පර්ශය ඇති වන ආකාරයත්, ආදී ලෙස නෙ.

    එකම දේ අවබෝධ වීම පහසු වීම පිණිස නෙ ස්කන්ධ, ආයතන, පටිච්ච සමුප්පාද, ධාතු ආදී වශයෙන් විමසන්න අපට උගන්වා තිබෙන්නේ...
    බුදු රජාණන් වහන්සේ ගේ ප්‍රඥාව නම් අසිරිමත්...

    තෙරුවන් සරණයි!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පින්වත් මිතුර,

    "සංස්කාර" යන්න එකිනෙක හා ළඟින් යන, එහෙත් වෙන වෙනම භාවිතා වන අරුත් කිහිපයකින් යෙදෙනවා..

    1.) "සංස්කාර" යන්නෙහි දළ අදහස 'සකස් වූ දේ' යන්න යි. ඒ අදහසින් තමා කියන්නේ, ඔබ අහලා ඇති සමහර විට, "සියලු සංස්කාර අනිත්‍ය යි" කියා...
    එම, සකස් වු දේවල, නැත්නම් 'සංඛත' වල ලක්‍ෂණ 3 තියෙනවා i) ඉපදීමක් පෙනෙනවා ii) වැනසී යාමක් පෙනෙනවා iii) වෙනස් වෙමින් පැවතීමක් පෙනෙනවා. මේ ලක්‍ෂණය අපේ ලෝකයේ හැම දේකම තියෙනවා. එය නැත්තේ නිවනේ පමණයි.

    2.) "සංස්කාර" කියා විශේෂයෙන් කියනවා 'චේතනාව තුළ සිදුවන පැවැත්ම සඳහා වන සකස් වීම'ට (අභිසංස්කරණය වීමට). ඒ කියන්නේ අවිද්‍යා සහගත කෙනෙක් (ඒ කියන්නේ සසරේ යන අපි වගේ අය) චේතනාත්මකව සිතන කොට, කථා කරන කොට හෝ ක්‍රියා කරන විට කර්ම සකස් වීම ගැනයි.
    ඒ චේතනාව පින, පව හෝ ධ්‍යාන අරමුණක් සම්බන්ධයෙන් වෙතොත්, අදාළ සංස්කාරය ඒ නමින් හඳුන්වනවා: (පුඤ්ඤාභිසංස්කාර, අපුඤ්ඤාභිසංස්කාර, ආනේඤ්ජාභිසංස්කාර ලෙස)

    3.) පටිව්ව සමුප්පාදයේ "සංස්කාර" කියා කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ගැනයි. (ඉදිරියේදී විස්තර වශයෙන් සාකච්ඡා කරමු කො)

    කාය සංස්කාර: ආශ්වාස ප්‍රශ්වාස
    (මේ දැනීම නිසා අපට කය කියන හැඟීම තියෙනවා; උදා: අපි වෙන වැඩක් කරන විටත් අපගේ ඇඟ තියෙන බවට අදහසක් තියෙනවා නේ සිහි නොකරත්...)
    වචී සංස්කාර: විතක්ක විචාර
    (ඒ කියන්නේ, අපි ඇතුළෙ තියෙන තමන්ට කථා කරගන්නවා වගේ තියෙන එක... එකෙන් නෙ වචනය කියන හැඟීම අප තුළ ඇති වන්නේ)
    චිත්ත සංස්කාර: සඤ්ඤා වේදනා
    (සිත හා බැඳී පවතින, හඳුනා ගැනීම් හා විඳීම්)

    මේ සංස්කාර ගැන අවබෝධයක් නැති නිසා (ඒකට කියන්නේ 'අවිජ්ජාව' කියා), මේ සිත, කය, වචනය ගැන 'මම' කියන හැගීම ක් අපට තියෙනවා. ඒ හින්ද ම යි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය වෙන්නේ...

    තව තවත් විමසලා බලමු කෝ...

    තෙරුවන් සරණයි!

    thank you so much..but I am not clear 100% ....
    for example howcome " sanskara" come before "vinnana"?
    take your time..and explain detail...

    thanks again..and thanks for the PM
    I will think about what you said.
     
    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    dannan hitapu nathi godak dewal mewa walin igana gaththa. thawath wadi wadiyen me wage dewal danna. godak watinawa mewa.
    obata godak pin.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සාදු! සාදූ!! සාදු!!!
    පින්වත් මිතුර, බොහොම පින්...

    මේ හයට 'ආයතන' කියන්නේ අපගේ සසර පැවැත්ම සකස් කරන ක්‍රීයාව සිදුවන තැන් නිසා නෙ.

    බුදු රජාණන් වහන්සේ ආධ්‍යාත්මික, බාහිර කියා ඒවා බෙදා දක්වා තිබෙන්නේ අපට තේරුම් ගන්න පහසු වෙන්න මයි. නැත්නම් විඤ්ඤාණය වගේ දෙයක් අපට සිතා ගන්නවත් බැහැ නේ.
    ඒ නිසා නෙ, ආයතන ඇසුරෙන් දුක සකස් වෙන ආකාරයත් එහි අනිත්‍යතාවත් විමසන විට විට අපි ඇස හා රූප වෙන් කර බලන්නේ... කණ හා ශබ්ද... ඒ ලෙසින්ම...

    නමුත්, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය බලන විට අපි ඒ සියල්ල 'ආයතන' ලෙස බලනවා. මොකද, ඒ වෙලාවේ විමසන්නේ නාම-රූප නිසා ආයතන සැදෙන ආකාරයත්, ආයතන නිසා ස්පර්ශය ඇති වන ආකාරයත්, ආදී ලෙස නෙ.

    එකම දේ අවබෝධ වීම පහසු වීම පිණිස නෙ ස්කන්ධ, ආයතන, පටිච්ච සමුප්පාද, ධාතු ආදී වශයෙන් විමසන්න අපට උගන්වා තිබෙන්නේ...
    බුදු රජාණන් වහන්සේ ගේ ප්‍රඥාව නම් අසිරිමත්...

    තෙරුවන් සරණයි!

    පින්වත් මිතුර, බොහොම ස්තුතියි.

    ඒ කියන්නෙ පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට, සළායතන යන වචනයෙන් ආධයාත්මික ආයතන මෙන්ම බාහිර ආයතනත් යන යුගලයම සංකේතවත් වෙනව කියලද? මට හිතෙන්නෙ ආධ්‍යාත්මික ආයතන විතරක් අයත් කියල. නාම කොටසට ගැනෙන ස්පර්ශය, වේදනා, චේතනා, සඥ්ඥා, මනසිකාර යන හය හේතු කොට බාහිර ආයතන හට ගන්නේ නෑ නේද? ඒවා බාහිර ලෝකයේ තියෙන ඒවනෙ.:baffled:

    තෙරුවන් සරණයි.
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුර, බොහොම ස්තුතියි.

    ඒ කියන්නෙ පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට, සළායතන යන වචනයෙන් ආධයාත්මික ආයතන මෙන්ම බාහිර ආයතනත් යන යුගලයම සංකේතවත් වෙනව කියලද? මට හිතෙන්නෙ ආධ්‍යාත්මික ආයතන විතරක් අයත් කියල. නාම කොටසට ගැනෙන ස්පර්ශය, වේදනා, චේතනා, සඥ්ඥා, මනසිකාර යන හය හේතු කොට බාහිර ආයතන හට ගන්නේ නෑ නේද? ඒවා බාහිර ලෝකයේ තියෙන ඒවනෙ.:baffled:

    තෙරුවන් සරණයි.

    පින්වත් මිතුර,

    බොහොම සතුටුයි, නුවණින් විමසීම ගැන... :)

    මට මේ ගැන ගැඹුරින් වැටහෙන්නේ නෑ...

    බුදු රජාණන් 'ආයතන' කියා නෙ පටිච්චසමුප්පාදයේ පවසන්නේ, එතැන අභ්‍යන්තර කියා බෙදන්නේ නෑ නේ ද?
    ආයතන පටිච්චසමුප්පන්න නම්, බාහිර ආයතනත් පටිච්චසමුප්පන්න වෙන්න එපැයි.

    තව එකක්, 'ලෝකය' කියන්නේ විඤ්ඤාණය සහිත, සඤ්ඤා සහිත වූ බඹයක් පමණ වූ මේ ශරීරයට කියා කියනවා නේ...
    ලෝකයට බාහිර අභ්‍යන්තර ආයතන සියල්ල ම අයිතියි. ඒ කියන්නේ බාහිර ආයතන කියන්නේ බාහිර පිහිටි නිසා නොවන බව නේ...

    ආධ්‍යාත්මික ආයතන කියන්නේ, දුක සැදෙන ආයතන දිහා බලන විට 'තමා' යන කෝණයෙන් බලන එක පහසු ඒවා. බාහිර ආයතන කියන්නේ තමාට පරිබාහිර යැයි සළකන එක පහසු ඒවා.

    අනෙක, බාහිර ආයතන ගැන මදක් විමසා බලන්න.
    උදාහරණයක් 'රූප' කියන්නේ ඇසට භෞතික ව වැටෙන 'ආලෝකය' නොවේ නේ ද. එය අප අත්දකින ආකාරය නේ ද? ඒකනේ කියන්නේ, ඇහැට රූපයක් වැටුනාම ඇහේ විඤ්ඤාණය හටගන්නවා; ඒ රූපයේ සටහන් නිමිති දැන ගන්නවා (ඒ සටහන් රූපයේ තියෙන්නෙ, ඒවා හඳුන්වන්නෙත් නාමයන් ගෙන් - හැබැයි ඒ නාමවලට අරුතක් එන්නෙත් ඊට කලින් දැකපු රූප ඇසුරෙන්; එහෙම බැලුවාම නාම-රූප ඇසුරෙන් මෙය තේරුම් ගන්නත් පුලුවන්)
    ; රූපයේ විවිධ වර්ණ තියෙනවා (නිල්, කහ, රතු, සුදු, ආදී...); ප්‍රිය රූප තියෙනවා; අප්‍රිය රූප තියෙනවා... (ඒක එන්නේ, ඒ රූපය ඇසුරු කර තියෙන විඳීම ගැන හැඟිමක් නිසා නේ ද? ); සැප විඳීමක් ඇති වන රූපයක් නිසා ඇතිවන රූපයෙන් සැපක් ඇති වන්නේ; ....

    ඒවගේම, සිතට එන අරමුණු ගැනත් හිා බලන්න... එය බාහිර ද? එයට මනසිකාරය උදව් වෙනවා ද? බුදු රජාණන් වහන්සේ අප ගැන අනුකම්පාවෙන්මයි ඒවා බෙදා දී තියෙන්නේ තේරුම් ගත හැකි ලෙස.

    මහා නිදාන සූත්‍රයේ, නාම-රූප වල ක්‍රියාකාරීත්වට තුළින් ස්පර්ශය හැදෙන හැටි ඍජුවම පෙන්වනවා. ආයතන, බාහිර-අභ්‍යන්තර කියා බෙදා ඇත්තේත් අපගේ වටහා ගැනීම පිනිසනේ.

    තව මේ ගැන සොයා බලමුකො...

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    thank you so much..but I am not clear 100% ....
    for example howcome " sanskara" come before "vinnana"?
    take your time..and explain detail...

    පින්වත් මිතුර,
    මනා ප්‍රශ්නයක්.

    පටිච්වසමුප්පාදයේ පෙන්වන්නේ අවිද්‍යා සහගත වීම නිසා දුක (එනම්, සසර) සකස් වෙන හැටිනෙ.

    පොඩ්කට අපි තරමක් වෙනස් විධීයකට බලමු...
    අපි මේ මොහොත ගත්තොත්, අපට ආයතන තියෙනවා නේ; එතැන ඉඳන් ආයතන වල ක්‍රියාවලිය ඔස්සේ දුක හැදෙන හැටිත් බලන්න පුළුවන්. ඇතැම් විට ඒක තේරුම් ගන්න පහසු වෙයි.
    උදා:
    1. ඇසට රූපයක් වැටුනාම, ඇසේ දැනීමක් (විඤ්ඤාණයක්) ඇති වෙනවා;
    2. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි;
    3. එම රූපය සැප සහගත ස්පර්සයක් නම් සැප විඳීමක් දැනෙනවා, දුක නම්..., දුක් සැප රහිත නම්... (වේදනාව)
    4. ඒ රුපයේ විවිධ නිමිති දැන ගන්නවා (සඤ්ඤාව) (මේ සියල්ල විඤ්ඤාණයෙන් ම යි දැන ගන්නේ)
    5. හඳුනා ගත් රුප ගැන චේතනා පහළ වෙනවා
    6. (මතක නෙ, අප අවිද්‍යාසහගත යි නෙ, ඒ හින්දා) විඳින දේ ගැන අයෝනිසෝමනසිකාරය නෙ තියෙන්නෙ... ඉතින් ඔය රූපයම සිතින් පිළිගන්නවා (අභිනන්දති), ගුණ කියනවා (අභිවදති) - ඔහොම නෙ අප යමකින් සතුටු වෙන්නෙ? - සිත බැස ගන්නවා (අජ්ඣෝසාය තිට්ඨති); මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා...

    මේ වගේම යි අනෙක් ආයතන සම්බන්ධයෙනුත්...

    මෙහෙම
    ආයතනවල ක්‍රියාවලිය බලන කොට
    අවිජ්ජාව නිසා විඤ්ඤාණය නාම-රූපයේ බැසඟෙන ඉන්නා ආකාරය ආදිය ඍජුවම පේන්නේ නෑ නේ...
    එසේ සියුම් ලෙස විග්‍රහ වෙනවා: අවිද්‍යාව, සංස්කාර, විඤ්ඤාණ, නාම-රූප ලෙසින්...

    අපි ඒවා ඉදිරියේදී සොයා බලමුකො.මේ ගැන වැඩිදුර දැන ගන්න, නළ කලාප සහ මහා නිදාන සුත්‍ර ඉතා අගෙයි.

    එයට පෙර ආයතන ඔස්සේ තණ්හාවත්, එයින් උපාදාන, භවය, ජාති සහ ජරා මරණ සැදෙන ආකාරයත් නුවණින් විමසා තේරුම් ගන්න එක පහසු වේවි කියා හිතෙනවා...

    thanks again..and thanks for the PM
    I will think about what you said.

    පින්වත් මිතුර,
    ඔබ දැනටමත් ජීවිතයේ විශාල පෙරලියක් කර ඇති බව හැඟෙනවා.
    සද්ධර්මය අවංකවම පුරුදු කර ගන්න ඕනෙ නම්, ඒ කී දේ ඉතා පහසුවක් වේවි.
    ඒ සම්බන්ධයෙන් නිසි තීරණයකට එන්න ඔබට ශක්තිය, වාසනාව, ධෛර්යය ලැබේවා.

    ධර්මයේ රසය තව තවත් දැනේවී එය නුවණින් විමසන කොට :)
    මේ සියල්ල සංදිට්ඨික යි; නිසි මාර්ගයට වැටෙන්න පුලුවන් වුණොත්, අපට කරන්න තියෙන්නේ කලබලයක් නැතිව සුවසේ එය පුහුණු කර ගෙන යන්න යි.

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුර,

    පටිව්ච සමුප්පාදයේ හා ඉන් පරිබාහිරව "සංස්කාර" යන්නෙහි අරුත විග්‍රහ කරන thread එකක් මෙතැන තිබෙනවා...

    http://www.elakiri.com/forum/showthread.php?t=281060

    තෙරවන් සරණයි!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පින්වත් මිතුර,
    මනා ප්‍රශ්නයක්.

    පටිච්වසමුප්පාදයේ පෙන්වන්නේ අවිද්‍යා සහගත වීම නිසා දුක (එනම්, සසර) සකස් වෙන හැටිනෙ.

    පොඩ්කට අපි තරමක් වෙනස් විධීයකට බලමු...
    අපි මේ මොහොත ගත්තොත්, අපට ආයතන තියෙනවා නේ; එතැන ඉඳන් ආයතන වල ක්‍රියාවලිය ඔස්සේ දුක හැදෙන හැටිත් බලන්න පුළුවන්. ඇතැම් විට ඒක තේරුම් ගන්න පහසු වෙයි.
    උදා:
    1. ඇසට රූපයක් වැටුනාම, ඇසේ දැනීමක් (විඤ්ඤාණයක්) ඇති වෙනවා;
    2. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි;
    3. එම රූපය සැප සහගත ස්පර්සයක් නම් සැප විඳීමක් දැනෙනවා, දුක නම්..., දුක් සැප රහිත නම්... (වේදනාව)
    4. ඒ රුපයේ විවිධ නිමිති දැන ගන්නවා (සඤ්ඤාව) (මේ සියල්ල විඤ්ඤාණයෙන් ම යි දැන ගන්නේ)
    5. හඳුනා ගත් රුප ගැන චේතනා පහළ වෙනවා
    6. (මතක නෙ, අප අවිද්‍යාසහගත යි නෙ, ඒ හින්දා) විඳින දේ ගැන අයෝනිසෝමනසිකාරය නෙ තියෙන්නෙ... ඉතින් ඔය රූපයම සිතින් පිළිගන්නවා (අභිනන්දති), ගුණ කියනවා (අභිවදති) - ඔහොම නෙ අප යමකින් සතුටු වෙන්නෙ? - සිත බැස ගන්නවා (අජ්ඣෝසාය තිට්ඨති); මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා...

    මේ වගේම යි අනෙක් ආයතන සම්බන්ධයෙනුත්...

    මෙහෙම
    ආයතනවල ක්‍රියාවලිය බලන කොට
    අවිජ්ජාව නිසා විඤ්ඤාණය නාම-රූපයේ බැසඟෙන ඉන්නා ආකාරය ආදිය ඍජුවම පේන්නේ නෑ නේ...
    එසේ සියුම් ලෙස විග්‍රහ වෙනවා: අවිද්‍යාව, සංස්කාර, විඤ්ඤාණ, නාම-රූප ලෙසින්...

    අපි ඒවා ඉදිරියේදී සොයා බලමුකො.මේ ගැන වැඩිදුර දැන ගන්න, නළ කලාප සහ මහා නිදාන සුත්‍ර ඉතා අගෙයි.

    එයට පෙර ආයතන ඔස්සේ තණ්හාවත්, එයින් උපාදාන, භවය, ජාති සහ ජරා මරණ සැදෙන ආකාරයත් නුවණින් විමසා තේරුම් ගන්න එක පහසු වේවි කියා හිතෙනවා...

    පින්වත් මිතුර,
    ඔබ දැනටමත් ජීවිතයේ විශාල පෙරලියක් කර ඇති බව හැඟෙනවා.
    සද්ධර්මය අවංකවම පුරුදු කර ගන්න ඕනෙ නම්, ඒ කී දේ ඉතා පහසුවක් වේවි.
    ඒ සම්බන්ධයෙන් නිසි තීරණයකට එන්න ඔබට ශක්තිය, වාසනාව, ධෛර්යය ලැබේවා.

    ධර්මයේ රසය තව තවත් දැනේවී එය නුවණින් විමසන කොට :)
    මේ සියල්ල සංදිට්ඨික යි; නිසි මාර්ගයට වැටෙන්න පුලුවන් වුණොත්, අපට කරන්න තියෙන්නේ කලබලයක් නැතිව සුවසේ එය පුහුණු කර ගෙන යන්න යි.

    තෙරුවන් සරණයි!

    ස්තුතියි... පැහදිලියි..තවත්.

    ඇත්ත තමා..ඒත් මට හරිම තරහක් තියෙනවා මගේ පරන ආගම මාව රැවට්ටුවා කියලා...මාව මුලා කලා..මගෙ බුද්දියට, හැකියාවට අපහාස කලා වගේ තරහක් දැනෙනවා..ඒත් මම දන්නවා තරහව නරක දෙයක්..

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ස්තුතියි... පැහදිලියි..තවත්.

    ඇත්ත තමා..ඒත් මට හරිම තරහක් තියෙනවා මගේ පරන ආගම මාව රැවට්ටුවා කියලා...මාව මුලා කලා..මගෙ බුද්දියට, හැකියාවට අපහාස කලා වගේ තරහක් දැනෙනවා..ඒත් මම දන්නවා තරහව නරක දෙයක්..

    ඔව්, ඒ තරහ නම් ප්‍රහාණය කරන්න වේවි...
    ඔබ ඒ බව දැනටම දන්න එක හොඳයි.. ඒ කීවෙ ඒ නිසා අඩු තරමේ තරහ පෝෂණය නොකර ඉන්න හරි ඔබට පුළුවන් නේ...

    තරහ නැති කරන්න කළ යුත්තේ...
    1. ඉඩ ලැබෙන වෙලාවක මෛත්‍රී භාවනාව වඩන්න ඉගෙන ගන්න එක...
    2. ඒ වගේම තරහ ඇතිවීමට හේතුව හොඳින් විමසා බලන්න.. (ඒ හේතුව නැවත නැවත ඇති වෙන්න දුන්නොත් නම් තරහව වැඩි වෙනවා... හිතන්න ඕනේ ඒ හේතුවේ අනිත්‍ය, අනාත්ම ස්වභාවය ගැන... හානිකර ස්වභාවය, ආදීනව ගැන...)

    තරහව නැති වී යයි, බලා ගෙන ඉන්න කොට :)

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔව්, ඒ තරහ නම් ප්‍රහාණය කරන්න වේවි...
    ඔබ ඒ බව දැනටම දන්න එක හොඳයි.. ඒ කීවෙ ඒ නිසා අඩු තරමේ තරහ පෝෂණය නොකර ඉන්න හරි ඔබට පුළුවන් නේ...

    තරහ නැති කරන්න කළ යුත්තේ...
    1. ඉඩ ලැබෙන වෙලාවක මෛත්‍රී භාවනාව වඩන්න ඉගෙන ගන්න එක...
    2. ඒ වගේම තරහ ඇතිවීමට හේතුව හොඳින් විමසා බලන්න.. (ඒ හේතුව නැවත නැවත ඇති වෙන්න දුන්නොත් නම් තරහව වැඩි වෙනවා... හිතන්න ඕනේ ඒ හේතුවේ අනිත්‍ය, අනාත්ම ස්වභාවය ගැන... හානිකර ස්වභාවය, ආදීනව ගැන...)

    තරහව නැති වී යයි, බලා ගෙන ඉන්න කොට :)

    තෙරුවන් සරණයි!

    මේ පිළිතුරෙන් මමත් ප්‍රයෝජනයක් ගත්තා. තරහ ඇති වීමට හේතුවේ අනිත්‍ය, අනාතම, ආදීනව මෙනෙහි කිරීම. :) බොහොම පින්.