පටිච්ච සමුප්පාදය

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
පටිච්ච සමුප්පාදය


මේ ලෝකේ තේරුම් ගන්න අපහසු ධර්මතා හතරක් තියෙනවා. ඒ තමයි චතුරාර්‍ය සත්‍යය, සත්වයාගේ ස්වභාවය, නැවත උත්පත්තියේ ස්වභාවය සහ පටිච්ච සමුප්පාදය. අපි දැන් කථා කරන්න යන්නේ මින් හතර වැනි ධර්මතාවය ගැන. මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න අපහසු වන්න හේතුවක් තමයි මුලින් කියන්න යෙදුන ධර්මතා තුනම මේ තුලට ඇතුලත් වීම. මුල් ආර්‍ය සත්‍යයන් දෙක සහ ජීවිතයේ ස්වභාවය සහ නැවත උප්පත්තියේ ස්වභාවය සෘණාත්මක පැත්ත මේ තුල පෙන්වනවා වගේම ධනාත්මක පැත්ත පෙන්වනවා අනෙක් ආර්‍ය ධර්මයන් දෙකෙන්. මාර්ගයට පැමිණුන කෙනෙක්ට මේ දේවල් තේරුම් කර ගන්න ලේසි වුනාට එහෙම නොවන තවමත් මාර්ගයට ඇතුළුවන්න උත්සහ කරන්නන්ට මේ දේවල් තේරුම් කිරීම ටිකක් අපහසු බව මුලින්ම කියන්නත් ඕනා. ඒ නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. පටිච්ච සමුප්පාද ඉගැන්වීමේ තේමාව තමයි පහත දක්වන්නේ.

අවිද්‍යාවෙන් සංස්කාර (වෑයම නැත්නම් කර්ම හැඩ ගැසීම) ඇති වෙනවා. මේ සංස්කාර හැඩ ගැසීම මුල්‍ වෙලා නව පැවැත්මකට විඥානය ඇති වෙනවා. විඥානය නාම රූපයන්ට උප්පත්තිය වෙනවා. ඒ නාම රූප මග පාදනවා ෂඩ් ආයතනයන්ට (ආයතනයන් හය). අයතනයන් නිසා ගැටීම නැත්නම් ඵස්සය ඇති වෙනවා. ඵස්ස මුල් වෙලා හැඟීම් ඇති කරනවා වගේම හැඟීම් හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය නැත්නම් අල්ලා ගැනීම ඇති වෙනවා. මේ අල්ලා ගැනීම හේතුවෙන් උපදීමේ ක්‍රියාවලිය හට ගන්නවා (භව). ඒ තුලින් උප්පත්තිය (ජාති) ඇති වෙනවා. මේ ඇති වෙන උප්පත්තිය මග පෙන්වානවා මහළු වීමට, මරණයට, කණස්සල්ලට, දුකට සහ පසුතැවිල්ලට. මේ විදියට දුක් විඳීම ඇති වෙනවා.
(පාලියෙන් ලියද්දී අවිජ්ජා පච්චයා සංඛාරා විදියට...ජාති ජරා මරණ විදියට)

මොකක්ද අවිද්‍යාව කියන්නේ?​

බුදුහාමුදුරුවො දක්වන විදියට අවිද්‍යාව කියන්නේ චතුරාර්‍ය සත්‍යය පිළිබඳ තියෙන නූගත්කමයි. තව දුරටත් බැලුවම අවිජ්ජා කියන්නේ මායාව විදියටත් ගන්න පුළුවන්. මේ තුලින් හරි වැරැද්ද අඳුනගන්න බැරි තත්වයට අපිව පත් කරන නිසා මෙතනදි මිච්ඡාපතිපත්ති අවිජ්ජා විදියට හඳුන්වනවා.

මේ නිසා අවිද්‍යාව සාමාන්‍ය නූගත් කමෙන් වෙනස්. දැන් මිනිහෙක්ගේ නමක් ගමක නමක් කෑමක නමක් නොදැනීමත් සමහර වෙලාවලදී නූගත් කම කියලා හඳුන්වන්න පුළුවන් නේ. ඒ නූගත්කම නෙමෙයි මෙතනදි යෙදෙන්නේ. මෙතනදි නිකම් අපිට ‍උදාහරණයක් විදියට පෙන්වන්න පුළුවන් හැම දේම නැති වෙච්ච ආතක් පාතක් නැති උතුර දකුණ හොයා ගන්න බැරි වුන උතුර දකුණයි කියලා හිතන වගේම දකුණ උතුරයි කියලා විශ්වාස කරන තැනැත්තෙක්ව. ඉතින් දුක්ඛ සත්‍යය නොදන්න කෙනාට ජීවිතය ගැන තියෙන්නේ අසුභවාදී හැඟීමක්. එයා හිතන්නේ ජීවිතය දුකින් පිරිලයි කියලා.

පොතකින් දුක්ඛ සත්‍යය හොයන්න යන එක වැරදීමක්. දුක පිළිබඳ සත්‍යය හොයා ගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනාට තමන්ගේ ශරීරයෙන්මයි. දැකීමේදී, ඇසීමේදී කොටින්ම කියතොත් ෂඩ් ඉන්ද්‍රියන් නිසා ඇති වෙන සියළුම නාම රූපයන් දුකයි. මේ සංකලනයෙන් තමයි අනිත්‍යතාවයේ, අප්‍රසන්නත්වයේ සහ අප්‍රියත්වයේ පැවැත්ම තියෙන්නේ. දුක පිළිබඳ මේ සත්‍යතාවය මේවායේ ඇතිවීම හොඳයි, යහපත් කියලා දකින සත්වයා විසින් දකින්නේ නෑ.

ඉතින් මේ නිසා මේ අය මොකද කරන්නේ ප්‍රසන්න දේවල් වලට ඇදෙනවා. ප්‍රිය රූප දකින්න උත්සහ කරනවා. මිහිරි ශබ්ද අහන්න උත්සහ කරනවා. රසැති කෑම ජාති හොයනවා. මේ වගේ දේවල් කරනවා. මේ විදියට තමන්ගේ ජීවිතයට හොඳයි කියලා හිතන දේවල් රකින්න කරන උත්සහය ඇති වෙන්නේ ඒවායේ ඇති වීම ගැන තියෙන මුලාව (අවිජ්ජා) නිසා. මෙතනදි අවිද්‍යාව කියන්නේ හරියට අර ප්ලේන් ආප්ප කන්න ආපු කෙනෙක් දුඹුරු පාට කණ්නාඩි දාගෙන කාපු නිසා සුදු ආප්පේ දුඹුරු පාටට දැකලා පැණි ආප්ප කියලා හිතන් කෑව කතාව වගේ තමයි. සත්වයෝ ඉන්ද්‍රිය පිනවීමට ඇලිලා ඉන්නවා තමන් දාගෙන ඉන්න රෝස පාට කණ්නාඩියෙන් ලෝකය දිහා බලන නිසා. එයාලා ඉන්ද්‍රි‍යන්ගෙන් ගන්න අරමුණු ගැන වගේම නාම රූප ගැනත් මුලාවෙන් ඉන්නවා.

අන්ධ කෙනෙක්ව වටිනා ඇඳුමක් කියලා ඇඳුම් කඩ මාල්ලක් දෙන තවත් කෙනෙක්ට පුළුවන් ලේසියෙන්ම රවට්ටන්න. අන්ධ මිනිහා අර කෙනාව විශ්වාස කරයි වගේම ඇඳුම් කඩ මාල්ල වටිනා එකක් කියලාත් හිතාවි. මේ වෙලාවෙදි අන්ධ මිනිහා ඉන්නා මායාවක කියන එක පැහැදිලියිනේ. ඒ මා‍යාවෙන් මිදෙන්නේ ඇස් පෙනෙන කොට තමයි. අන්න ඒ විදියට අවිජ්ජාවෙන් යුක්ත කෙනා ජීවිතයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවය දකින්නේ නැතිව ජීවිතය විඳිනවා ( නිදසුන ජීවිතය විඳවන්‍න නෙමෙයි විඳින්නයි ). ඒ කෙනා නාම රූප පිළිබඳ දකින්න පටන් අරන් තමන්ගේ පැවැත්මේ තියෙන සුවදායක නොවන ස්වභාවය දැක්කම තමයි ඒ දේවල් වලින් ඈත් වෙන්න පටන් ගන්නේ.



 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

පොත් වලින් ලබන දැනුම නාම රූප ගැන කල්පනා කිරීමේ දී වැදගත් වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් කරන්න අවශ්‍ය වන්නේ නාමයන් හා රූපයන් ඇති වෙලා නැති වෙන එක පිළිබඳව හොඳින් නිරීක්ෂණය කරලා ඒ ගැන දැන ගැනීමයි. පුහුණු වෙන්න පුහුණු වෙන්න ඒ පිළිබඳ දැනීම වැඩි වෙනවා. සමාධිය වැඩෙද්දී යෝගියාට දැන ගන්න පුළුවන් ඒ නාමරූපයන්ගේ ක්ෂණික ඇති වීම හා නැති වීම. ඒ තුලින් පුළුවන් අනිත්‍ය ,දුක්ඛ හා අනාත්ම ගැන දැනගන්න.

අවිද්‍යාව අපිව ඇත්ත ගැන අන්ධත්වයට පත් කරන්නේ අපි සිහියෙන් නොඉන්න නිසා. අසිහිය තමයි මේ මිනිහා, මේ ගෑණිය ආදී විදියට මායාත්මක සම්මුති දැනීම ඇති කරන්නේ. මොහොතකට ගත්තොත් අපි දන්නේ නෑ දැකීම කියන්නේ නාම රූප ඇති වෙලා නැති වෙලා යෑමේ සංකලනයක් කියලා, ඒක අනිත්‍යමයි කියලා.

හිතන්නේ නැති සමහර මිනිස්සු නාම රූප ගැන කිසිම දෙයක් දන්නේ නැතිව නිකම්ම මැරිලා යනවා. නාම රූපයන්ගේ නියම ස්වභාවය දකින්නේ සිහියෙන් ඉන්න තැනැත්තන්. ඒත් විදර්ශනාව ආරම්භයේදීම වැඩෙන්නේ නෑ සමාධිය දියුණු නැති නිසා. මේ නිසා භාවනාව ආරම්භ කරන නවකයා මහන්සියෙන් ඒ කටයුතු කල යුතුයි.

උදාහරණයක් විදියට භාවනා පුහුණු කරද්දී බොහෝ වෙලාවට හිරි වැටෙනවා දැනෙනවා. ඒ වෙලාවෙදි යෝගියා අත,පය, ඇඟ ගැන හිතන්නේ නෑ. එයා හිතන්නේ මට හිරි වැටීමක් ඇති වුන බවයි. මේ විදියට ඒ දේ දකිද්දී ඒ හැඟීම් ඉබේම නැති වෙලා යනවා. ඒ නිසා මතක තියාගන්න ඕනා මේ නාම රූපයන්‍ ගැන අපි කරන නිරීක්ෂණය ඉතාම වැදගත් බව.

අසිහියෙන් ඉන්න පුද්ගලයා ලේසියෙන්ම මායාවේ ගොදුරක් බවට පත් වෙලා ඉන්ද්‍රියන්ගේ අරමුණු වල තියෙන දුක් සහිත භාවය ගැන අන්ධ තත්වයට පත් කරනවා. එය දුක සැප විදියට පෙන්වනවා. ඒ විදියට අවිද්‍යාව කියන්නේ ඇත්ත මොකක්ද කියලා නොදැනීමට පත් වීම කියලා දැන් පේනවා ඇති.
මනුෂ්‍යයා දුක පිළිබඳ සත්‍යය නොදන්න නිසා නිතරම හොයන්නේ සැප ගේන අරමුණු. ඒ විදියට අවිද්‍යාව වීර්යයට හා ක්‍රියාවට (සංඛාර) මග පෙන්වනවා. සූත්‍රයන්ට අනුව අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා. ඒත් මේ අතරෙදි තව පුරුක් දෙකක් තියෙනවා. ඒ තමයි තණ්හාව හා උපාදානය. අවිද්යානව තණ්හාව ඇති කරගන්න මග පාදන නිසා පසුව අල්ලා ගැනීම (උපාදාන) දක්වා දියුණු වෙනවා. තණ්හාව හා ඇලීම පට්ච්ච සමුප්පාදයේදී මැද හරියේ වෙනමම කථා කරමු.

දුක ඇති වීම පිළිබඳ නොදැනීම​

මිනිස්සු දන්නේ නෑ දුක ඇති වීමට හේතුව (සමුදය) තණ්හාව කියලා. මීට වෙනස්ව ඒ අය හිතන්නේ ඇලීම තමයි තමන්ට සැප ගේන්නේ කියලා. ඒ වගේම ඇලීමක් නැතිව ජීවිතෙන් වැඩක් නෑ කියලා ඒ අය හිතනවා. මිනිස්සුන්ගේ කටින් පිට වෙන වචන වලින් මේ බව ඔයාලා අත් විඳලා ඇති. ඉතින් මේ ඉන්ද්‍රියන් පිනවන්න නොයෙක් ආකාරයේ සැප හොයන මිනිස්සු ඒ දේවල් ඇති පමණට ‍නොලැබෙන කොට කල කිරිලා සමහරු සිය දිවි නසා ගන්න තත්වයටත් පත් වෙනවා.

සාමාන්‍ය මනුෂ්‍යයාට ඇලීමක් නැති ජීවිතය කිසිම සතුටක් නැති ජීවිතයක්. තණ්හාව තමයි ජීවිතයේ තියෙන දුක් සහිත තත්වය හංගලා සැප බව පෙන්වන්නේ. නමුත් තණ්හාව අහත් කරලා දාපු රහතුන්ට තත්වය වෙනස්. එයාලට මේ පෘථග්ජන ක්‍රමයට ජීවි‍තය විඳින්න බැහැ. එයා හැම තිස්සෙම නැවිලා ඉන්නේ දුක නැති කිරීමට ඒ කියන්නේ නිර්වාණයට.

විපස්සනා භාවනාවට යොමු වෙච්ච යෝගීන්ටත් තණ්හාවෙන් ඒ තරම් කරදරයක් වෙන්නේ නෑ. මන් දැකලාත් තියෙනවා. සමහර ‍යෝගීන් තමන් භාවනා කරන්න කලින් වින්ද විදියට සැප හොයන්න යන්නෙ නෑ ඉන් පස්සේ. ඒ වගේම ආපහු ගෙදර තමන්ගේ නෑයොත් එක්ක එකතු වුනාමත් ඒක ටිකක් වදයක් විදියට ඒ අය දකිනවා. මොකද ඇලීම නැති වෙන නිසා. ඒ තණ්හාවට පහර දීලා හින්දා. නමුත් ඉතින් තමන්ගේ ඉන්ද්‍රිය සංවරය පවත්වාගෙන යන්න බැරි වුනොත් ඉතින් ඔන්න ආයෙත් ඒ කෙනා තමන් කලින් ඉඳි තත්වයට පත් වෙනවා. එතකොට ඉතින් පවුලේ අයට දුක් වෙන්න දෙයක් නෑ මිනිහා වෙනස් කියලා. මොකද දැන් කලින් ඉඳිය කෙනාම නිසා. එතනදි යෝගියා දැන ගන්න ඕනා තමන් කොයි තරම් තණ්හාවෙන් ඈත් වෙලාද ඉන්නේ කියලා.

අවිද්‍යාව එක්ක තණ්හාව ගත්තම දුක පිළිබඳව අපිව අන්ධ කරලා සැප පිළිබඳව මායාවක් ඇති කරවනවා. ඉතින් අපි සැප ලැබෙන දේවල් හොයන්න පටන් ගන්නවා. ටිකක් හිතලා බලන්න කෝ සංගීතය ගැන. අපි කොයි තරමින් සංගීතයට අද වහල් වෙලාද? චිත්‍රපටි වලටත් එහෙමමනේ? කොයි තරම් කාලයක් වියදමක් ඒ වෙනුවෙන් දරනවාද? ඉතින් තණ්හාව මේ දේවල් ඇත්තට දුක වුනත් සැප විදියට පෙන්වලා දෙනවා. තව බලන්නකො සිගරට් බීම. දුම ඇදීමෙන් දුම අදින කෙනා කොයි තරම් වින්දනයක් ලබනවාද? ලඟ ඉන්න කෙනා ඒකට අකමැති වුනොත් එහෙම එතන ගෝරියයි.

දුක සහ ආශාවත් ඊට හේතුවත් එදිනෙදා ජීවිතයේදී අත් දකින්න පුළුවන් වුනත් මේ සත්‍යයන් දකින එක ලේසි නෑ. ඒ දේවල් දකින්න පුළුවන් වෙන්නේ විපස්සනාව හරහායි.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara


තුන් වන සහ හතර වන ආර්ය සත්‍යයන් ගැන නොදැනීම

දුක නැති කිරීම සහ දුක නැති කිරීමට ඇති මාර්ගය ගැන නොදැනීමත් අවිද්‍යාව විදියට හඳුන්වනවා. මේ සත්‍යයන් ඇත්තටම හඳුන ගන්න අමාරුයි. තුන් වැනි සත්‍යය දකින්න පුළුවන් වෙන්නේ ආර්ය මාර්ගයට පිළිපන් කෙනෙක්ට වගේම සත්‍ය වශෙයන්ම ඒ මාර්ගයේ කුමක්ද කියලා දැන ගන්න පුළුවන් වෙන්නේ ඒ මාර්ගයේ ගමන් කරන ‍යෝගියෙක්ට විතරයි. ඉතින් බහුතරයක් දෙනා මේ දේවල් ගැන නොදැනීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේ.

දුක නැති කිරීම ගැන මිනිස්සු ලෝකෙ පුරාම කථා කරනවා. සමහරු කියන්නේ ඒක ඔටෝමැටිකලි වෙනවා කියලා. සමහරු කාලයට බාර දෙනවා. සමහරු කියන්නේ අනාගතයේ අයිත් ජීවිතයක් නෑ ඒ නිසා දැන් ජොලි කරන්න කියන්න. මේ වගේ නොයෙක් මතයන් දුක නැති කිරීම ගැන තියෙනවා. මේ හැම දෙයක්ම නිර්වාණය ගැන තියෙන අවිද්යාවව නිසයි. බලන්න අද සමහර බෞද්ධයො අතරෙත් නිර්වාණය ගැන මතභේද නොසෑහෙන්න තියෙනවා.

ඇත්තටම ගත්තම නිර්වාණය කියන්නේ හේතු ඵල සම්බන්ධය අනුව නොනැවතී සිදු වන නාම රූප ක්‍රියාවලි සංසිද්ධිය සම්පූර්ණයෙන්ම නතර කරලා දැමීමයි. පටිච්ඡ සමුප්පාදයට අනුව අවිද්‍යාව නාම රූප ඇති කරනවා. නාම රූප .... අන්තිමට ජරාව, මරණය ඇති වෙනවා. ආයිත් කැරකෙනවා නොනැවතී. ආර්ය මාර්ගයේදී අවිද්‍යාව නැති වෙනවා ‍වගේම ඒ එක්කම අනිත් දේවලුත් නැති වෙලා යනවා. ඒ කියන්නේ දුක නැති වෙනවා කියන එකයි.

උදාහරණයකට ගන්න තෙල් පහනක්. තෙල් අඩුවෙද්දි තෙල් දැම්මොත් තමයි දිගටම පහන පත්තු වෙන්නේ. එහෙම නොවුනොත් පහන් දැල්ල නිවිලා යනවා. ඉතින් ආර්ය මාර්ගයට පැමිණි යෝගියාට අවිද්‍යාව වැනි කරුණු නැති නිසා සම්පූර්ණයෙන් දුකින් නිදහස් වෙනවා.

කොහොම වුනත් නිර්වාණය ගැන ඇති මේ සංකල්පය ජීවිතයට තණ්හාව ඇති අයට අදාල වන්නේ නෑ. ඒ අයට නාම රූප සංසිද්ධියේ අවසානය කියන්නේ මරණය විතරයි.

මේ හතර වැනි සත්‍ය පිළිබඳව අවධානය ඉතාමත් වැදගත්. වෙන කිසිම ආගමක ඉගැන්වෙන්නේ නෑ මේ ගැන. බෞද්ධ ධර්මයෙන්ම පමණයි. බුදුහාමුදුරුවන්ටම විතරයි පුළුවන් වෙන්නේ නියම මාර්ගය පෙන්වන්න. ඒකයි මේ වැදගත් කම. කොහොම වුනත් මේ මාර්ගය සම්බන්ධයෙන් නොයෙක් ඉගැන්වීම් තියෙනවා. ඒවායේ අවසානය සමහර විට සුඛ ලෝක වල උප්පත්තිය වෙන්න පුළුවන්. නමුත් බෞද්ධ ඉගැන්වීමට අනුව සසර ගමන එතනින් නවතින්නේ නෑ.

සමහරු නොයෙක් වෘත්තයන් රකිනවා. සමහරු දෙවියන්ට සත්තුන්ට ගස් ගල් වලට වඳිනවා. බෞද්ධ දෘෂ්ටියෙන් ගත්තම මේවා හැඳින්වෙන්නේ සීලබ්බතපරාමාස කියලා. මොකද මේවායේ පුහුණුව ආර්යාෂ්ටාංගික මාර්ගයත් එක්ක කිසි සම්බන්ධයක් නැති නිසා.

ආර්යාෂ්ටාංගික මාර්ගය ආකර 3කට දැක්වෙනවා. ඒ තමයි මූලික මාර්ගය, මධ්‍යස්ථ මාර්ගය සහ අර්ය මාර්ගය විදියට. මේ අතුරින් හොඳම මාර්ගය වන්නේ ආර්ය මාර්ගය වුනත් යෝගියාගේ මූලික අරමුණ විය යුත්තේ මේකම නෙමෙයි. ඒ වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීම අත්‍යවශ්‍ය වන්නේ නෑ. නිදසුනකට විපස්සනාවේදී මධ්‍යස්ථ මාර්ගය පුහුණු කරද්දී එක් වරම ආර්ය මාර්ගය ඇති වෙනවා. හරියට පිඹලා පිඹලා එක් වරම ගින්න ඇති වෙනවා වගේ. කාලය යොදවීමයි අවශ්‍යයි.