tawa tikak practical guide ekak denna barida day to day life eke api practice karanna oni de gana. oyage wachana walin
සතිය
සතර සතිපට්ඨානය තමයි ඒකායන මග
දවසේ කරන හැම දෙයක්ම සතියෙන් කරන්න. ඒ ගමන්ම දවසට පැය 1-2 වෙන් කරලා අනිවාරෙන් බන අහන්න (මන් playlist ගොඩක් දාලා තියෙනවා කලින් ට්‍රෙඩ්ස් වල). පුලුවන් දවස් වලට ආනාපානසතිය හෝ කැමති භාවනාවක් පුහුනු කරන්න කැමති වෙලාවක්.
සතිය කියන්නේ, අනාගතය සහ අතීතය ගැන මනෝලෝක මවන එක නවත්තලා වර්තමාන මොහොත තුල අරමුණු සමග ඇති වෙන දැනගැනීමේ ක්‍රියාවලිය දිහා බලන් ඉන්න එක. බලන් හිටියම ඇති වෙන්නේ මොකක්ද කියලා. මුකුත් සප්රෙස් කරන්නවත්, නවත්තන්න වත්, හොද/ නරක කියලා බෙදන්න යන්නවත් ඕනේ නැහැ.