අවිද්‍යාව??

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අවිද්‍යාව අවිද්‍යාව බව දකින්න බැරි
    කොතනින් හරි අහල දැනගත් අවිද්‍යාවක් මනසින් මවාගන එය නැතිකරන්න උත්සාහ කිරීමයි

    බුදුන් වහන්සේ
    කිසිවක් නිත්‍යව
    ඇති හෝ නැති බව
    කීවෙ නෑ

    අවිද්‍යා ව

    සියළු ඇති හෝ නැති බව
    සකස් කරන බවයි කීවේ

    එහෙනම් පවතින
    දුක සැප සහිත 31 තලයක පැවතීමම (දැනගත් බව)
    අවිද්‍යාවයි

    අවිද්‍යා වක දැනගත් බවත් අවිද්‍යාව යි

    අවිද්‍යාව

    අරමුණ සමග ඒ මොහොතේ මැවෙන මනසයි
    එසේ මනස මැවෙන විදිය
    පටිච්ච සමුප්පාදය
    දැකීම යි
    එයින් පෙන්වන්නේ
    අරමුණු සමග සකස් වන මේ මොහොතේ පැවතීම
    මිරිඟුව ක් වැනි විඥානය(මනස) බවයි

    එය එසේ බව
    දැකීම
    අවිද්‍යා ව
    අවිද්‍යා ලෙස
    දැකීමයි

    එහෙම නැතුව අවිද්‍යාව නැති කරන්න යෑම
    මිරිඟුවෙ වතුර අයින් කරන්න යනවා වගේ වැඩක්

    ඒක දකින්න බැරි අය
    අහල කියවල දැනගත් සැප දුක් සහිත 31 තලයක්
    මනසින් මවාගන
    එය
    සත්‍යය ලෙස ම පවතින බවත්
    අනෙක් පිරිස
    එසේ නැති බවත් වාද කරනව

    පැවතීමම අවිද්‍යාව බව කීවත්
    එය විමසා දකින්න තරම්
    කූසළතාවයක්
    ඒ අයට නෑ
    දැනගත් දේ සත්‍ය හෝ අසත්‍ය ලෙස
    පිලි අරගෙන
    වාද කරනව

    අනුසෝථ ගාමි මග කීවේ එයයි
    බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ පටිසෝතගාමී මගයි
    එය අගසිට මුලට විමසාගන යෑමයි
    එනම්
    දැනගත් බව
    ආපස්සට විමසාගන යෑමයි
    එවිට
    දැනගත බවක දැනුමක් වන
    ඇත නැත දෙකම නොවන

    දැනීම පමණක් ඉතිරිවනව

    එහි දැනගත් බවක් වන ලෝකය සහ ලෝකය දැනගත් කෙනා
    දෙකම එකම ස්වභාවය ක් බව
    දකිනවා

    ඒ නිසා එය හේතුව වෙමින් නැවත නැවත දැනගත් බව සකස් වීම නවතිනව

    එවිට පෙර කර්ම විපාක ය ලෙස මේ මොහොතේ දැනගත් බව එයට හේතු සකස් වන තුරු
    සකස් වනවා පමණයි

    බව නිරෝධය එයයි

    එය ඇති බවක් නැති කිරීම වත් නැති බවක් ඇති කිරීමවත් නොවේ

    පවතින බව තුළ ම
    එහි නිරෝධය

    එනම් පවතින බව තුළ ම
    එහි නොහට ගත් බව දැකීමයි

    සමුදය තුලම
    සමුදය නිරෝධ ය දැකීමයි
    +++++++++++++++
    නිවන ගැන. දැනගන
    දැනගත් බවක් වූ නිවනක් දකින්න යෑමත් අවිද්‍යාව ම තමයි

    අවිද්‍යා ව අවිද්‍යාව බව
    දකින තැන. පවතින්නේ නිවනයි
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    බොරුවට ඔව්වා ඔහොම තේරුම් කරන්න හදල කාලේ නාස්ති කරගන්න එපා බං. ඕක මනසට ග්‍රහණය කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඕක Directly දකින්න විතරයි පුළුවන්.. ඒක උඹත් දන්නවනෙ.. ඔහොම කියල ඕක පෙන්නන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද.. උඹම දන්නවනෙ ඕක ඔහොම තේරුම් ගන්න බෑ හැමෝටම කියල.. ඔතනට එන්න තරම් අවබෝධය තියෙන කෙනාට ඔහොම තේරුම් කරන්න අවශ්‍යත් නෑ කොහොමත්..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඕක සරලව පිටකයෙ තියෙනවා මෙහෙම,

    අස්සාද, ආදීනව සහ නිස්සරණය නොදන්නාකමයි අවිද්‍යාව කියන්නෙ කියලා...

    පඨම අස්‌සාද සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 3. අවිජ්‌ජා වර්ගය

    එකත්පස් ව හුන්, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා ය යි කියනු ලැබේ. ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජා ගතත් වේ දැ”යි?

    ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය..

    පස්න තියෙනවද??
     
    • Like
    Reactions: Amith0424

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පස්න තියෙනවද??

    රෑප, වේදනා, සන්නා, සංස්කාර, විජානන කියන්නේ මොනාද, ඒවගේ,
    ආස්වාදය
    ආදීනවය
    නිස්සරනය තතුසේ දැනගන්නේ කොහොමද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,560
    16,120
    113
    සදාකාලික ඇත්තෙත් නෑ
    සදාකාලික නැත්තෙත් නෑ

    උප්පාද ඨිති භංග

    තුනම වෙනවා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තුනම වෙනවා

    ඒත් දෘස්ටියම තමයි

    සදාකාලික ඇත්තෙත් නෑ
    සදාකාලික නැත්තෙත් නෑ

    සදාකාලිකව ඇත/ නැත දෙකෙන් එකක්වත් කියන්නේ කොහොමද?
    ------ Post added on Aug 31, 2025 at 3:23 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,560
    16,120
    113
    ඒත් දෘස්ටියම තමයි

    සදාකාලිකව ඇත/ නැත දෙකෙන් එකක්වත් කියන්නේ කොහොමද?
    ------ Post added on Aug 31, 2025 at 3:23 PM

    උඹේ බණත් අධ්‍යනය කරන්න ආසයි
    කොහෙද කාගෙන්ද රෙෆරන්ස් ටිකක් දාපන්කෝ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කොහෙද කාගෙන්ද රෙෆරන්ස් ටිකක් දාපන්කෝ

    රිලිජස් category එකේ බලන්න මගේ acc එක filter කරලා. ඊට අමතරව බන අහන්න, අන්ගන්ගොඩ පන්නාවංස හාමුදුරුවොන්ගේ. යූ ටියුබ් තියේ නම සර්ච් කරහම.

    ------ Post added on Aug 31, 2025 at 4:31 PM
     
    • Like
    Reactions: ozykolla

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    රෑප, වේදනා, සන්නා, සංස්කාර, විජානන කියන්නේ මොනාද, ඒවගේ,
    ආස්වාදය
    ආදීනවය
    නිස්සරනය තතුසේ දැනගන්නේ කොහොමද?
    රූප වර්ග කරනවා කොටස් 5කට

    රූප රූප
    ශබ්ද රූප
    ගන්ධ රූප
    රස රූප
    ස්පර්ශ රූප

    ඔය උඩ ඒවා වල පැවතීම වෙනස්වීම හෝ නොපැවතීම වේදනා විදියට ගන්න පුලුවන්. තව සැප දුක් උපේක්ෂා කියලත් වේදනාව වෙන් කරනවා

    සංඥා කියන්නෙ රූප වල characteristics.

    සංස්කාර කියන්නෙ ඔය රූපයක වේදනා සංඥා කියන තුන එකතුකරගෙන ඉන්ද්‍රියයක් හෙවත් ඇසක්, කනක් නාසයක්, දිවක් හෝ හම තුලින් දත්ත සකස් කිරීමේ ක්‍රියාවලිය.

    විඥ්ඥාන කියන්නෙ ඒ ප්‍රොසෙස් කරපු සිත.

    රූපයේ අස්සාදය සරලව කිව්වොත් සිත යම් රූපයක ඇලීමෙන් උපදවන සුවය

    උදා...
    මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 2. සීහනාද වර්ගය

    17. මහණෙනි, රූපයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, පසළොස් හැවිදිරි වූ හෝ සොළොස් හැවිරිදි වූ හෝ ඉතා උස් නොවූ ඉතා මිටි නොවූ ඉතා කෘශ නො වූ ඉතා මහත් නොවූ ඉතා කළු නොවූ ඉතා සුදු නොවූ ක්‍ෂත්‍රියකන්‍යාවක් හෝ බ්‍රාහ්මණකන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ වේ ද, මහණෙනි, ඒ කාලයෙහි (ඇගේ) ඒ ශරීර වර්ණය යහපත් වේ ද? වහන්ස, එසේ ය. මහණෙනි, යහපත් පැහැය නිසා සැපයෙක් සොම්නසක් උපදී ද, මේ රූපයන්ගේ ආස්වාදය යි.

    රූපයේ ආදීනව කොටස් තුනකට කඩනවා
    1. අනිච්ච
    2. දුක්ඛ
    3. අනත්ත

    අනිච්ච විවිධාකාරයෙන් විග්‍රහ වෙනවා. මේකට තමයි කට්ටිය පිල් බෙදිලා මරා⁣ගන්නෙ. අනිත්‍ය කියන්නෙත් එක් අනිච්ච ලක්ෂණයක්. මීට අමතරව පෙළීම, ක්ෂය වීම, කැමැත්ත ඉටු නොවීම, ආදී ලක්ෂන රාශියක් මේ අනිච්ච ලක්ෂණයට අයිති වෙනවා

    දුක නම් ඉතින් දුකම තමයි....

    අනත්ත කියන එක සූත්‍ර වල අසාරකට්ඨේන ⁣හෙවත් අසාර බැවින් අනත්ථ කියා සදහන් වෙනවා. මීට අමතරව ආත්මයක් නැහැ කියලා එකක් කට්ටිය ගන්නවා. හැබැයි පන නැති දේකට ඕක ඇප්ලයි කරන්න මට තේරෙන්නෙ නැහැ

    නිස්සරණය කියන්නෙ රූපය අනිච්ච දුක්ඛ අසාර බැවින් ඒ පසුපස ආශ්වාද සොයාගෙන නිශ්පල ගමනක් යාම නැවැත්වීම. කෙට්යෙන් කීවොත් අසාර බැවින් මේ රාග ද්වේශ මෝහ කෙලෙස් වලින් සිත වැලැක්වීම.... ඒක තමයි නිවන....
     
    • Like
    Reactions: Fiona Dabare

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,694
    1
    6,538
    113
    රිලිජස් category එකේ බලන්න මගේ acc එක filter කරලා. ඊට අමතරව බන අහන්න, අන්ගන්ගොඩ පන්නාවංස හාමුදුරුවොන්ගේ. යූ ටියුබ් තියේ නම සර්ච් කරහම.

    ------ Post added on Aug 31, 2025 at 4:31 PM

    සැලකිය යුතු මට්ටමකට මම අංගන්ගොඩ හාමුදුරුවන්ගේ බණ ඇහුවා.
    යම් කාලයක ඉඳන් ඇහුවේ වට ගොඩ මග්ගවිහරි හාමුදුරුවන්ගේ බණ.

    මට අවබෝධ වෙන විදියට උන්වහන්සේලා දෙන්නම දේශනා කරන බණ එකයි. ථෙරවාදය ඉගැන්වීම.

    එකම වෙනස මග්ගවිහාරී න් හාමුදුරුවන්ගේ බණ විසිරිලා තියෙන්නේ ( scattered ) සහ ගොඩක් අභිධර්මය පැත්තට බරයි.

    අංගන්ගොඩ හාමුදුරුවන්ගේ නිවන් මාර්ගය පිළිවෙලට අනුගමනය කරන්න ඕන විදිය දේශනා කරලා තියෙනවා. ( Step By Step Roadmap to Nibbana )

    ගොඩක් ස්තුතියි ඒ ස්වාමීන් වහන්සේව Recommend කරාට. සමහර තැන් තියෙනවා ටිකක් පරස්පර විරෝධී.

    උදාහරණයක් විදිහට උන්වහන්සේ කියනවා එක තැනකදී, ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාවේ හතරවෙනි දේශනාවේ අපට සිදුවන වෙන්න තියෙන සියලු දේ පෙර සංස්කාර අනුව තීරණය වෙලා ඉවරයි කියල. ඒ කියන්නේ අපි හෙට මලක් දැක්කොත් ඒක පෙර සංස්කාර අනුව තීරණය වෙලා කියලා ( No Free Will )

    වටගොඩ මග්ග විහාරී හාමුදුරුවෝ කියන්නේ
    චේතනාව වීර්යය ප්‍රඥාව අනුව තමා අපි කරන්නේ මොනවද වෙන්නේ මොනවද කියලා තීරණය වෙන්නේ කියලා. අවස්ථානුකූලව සංස්කාර/කර්මය ට විපාක දෙන්න අවස්ථා හම්බෙනවා කියලා. ( Free Will 👍🏻)

    ඒ වගේ එක එක වෙනස්කම් තියනවා.

    ඒත් සමස්තයක් විදියට අංගන්ගොඩ හාමුදුරුවන්ගේ නිවන් මාර්ගය ලස්සනට පැහැදිලි කරනවා.

    Thank you for recommending that ven. again 🙏🏻
     
    • Like
    Reactions: Fiona Dabare

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,730
    1
    60,382
    113
    Mother Earth
    දැන් විද්‍යාව කියලා විෂයක් තියෙනවා. ඇයි අපිට බැරි අවිද්‍යාව කියලා subject එකක් දාලා උඹ කියන දේවල් ඉස්කෝල වල උගන්නන්න 🤷🏻‍♂️ අවිද්‍යාවට A එකක් තියෙනව කිව්වම සුපිරිනේ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හැබැයි පන නැති දේකට ඕක ඇප්ලයි කරන්න මට තේරෙන්නෙ නැහැ

    මේකම ආශ්වාදයට දාන්න,
    රූප කොහොමද පන ඇති/ නැති වෙන්නේ?
    රූපත් (පරමාර්ථ), රූප වෙන තැනම (ඔයාට), ඒක සම්මුතිය වෙලා ඉවරයි

    සියලු දේ පෙර සංස්කාර අනුව තීරණය වෙලා ඉවරයි කියල. ඒ කියන්නේ අපි හෙට මලක් දැක්කොත් ඒක පෙර සංස්කාර අනුව තීරණය වෙලා කියලා ( No Free Will )

    වටගොඩ මග්ග විහාරී හාමුදුරුවෝ කියන්නේ
    චේතනාව වීර්යය ප්‍රඥාව අනුව තමා අපි කරන්නේ මොනවද වෙන්නේ මොනවද කියලා තීරණය වෙන්නේ කියලා. අවස්ථානුකූලව සංස්කාර/කර්මය ට විපාක දෙන්න අවස්ථා හම්බෙනවා කියලා. ( Free Will 👍🏻)

    මල
    අකුරු ඉගෙනගෙන, වචන ඉගෙනගෙන, මල දැනගත්ත නිසා තමයි මල පේන්නේ, පෙර සංස්කාර තමයි. මලක් කියලා දෙයක් දැකලා නැති, දන්නැති කෙනෙක්ට මල ක් තියෙනවද?

    කවුරු හරි පිහියෙන් ඇන්නොත් මාරම සතුටක් ඇති වෙයිද?
    ගදගහන ගූ බෙට්ටක් දැක්කහම මාර ප්‍රිය බව ක් ඇති වෙනවද?
    කන්න ආසම කෑමක් දැක්කහම අප්‍රිය බව ක් ඇති වෙයිද?
    ------ Post added on Sep 1, 2025 at 2:53 AM

    ඒ වගේ එක එක වෙනස්කම් තියනවා.

    වෙනස් කම් අහුවෙන තැනම තමයි ප්‍රශ්නේ
    ශබ්ද වල වචන නැ, වචන හදාගත්ත ඒවා, ඒ වගේම තමයි අරයගේ බනයි, මේයාගේ බන යි, ඒ බන දෙකේ පරස්පර කමුයි
    ------ Post added on Sep 1, 2025 at 2:58 AM

    Free Will

    දන්නැති දෙයක් හිතන්න පුලුවන්ද?
    ------ Post added on Sep 1, 2025 at 3:02 AM

    දැන් විද්‍යාව කියලා විෂයක් තියෙනවා. ඇයි අපිට බැරි අවිද්‍යාව කියලා subject එකක් දාලා උඹ කියන දේවල් ඉස්කෝල වල උගන්නන්න 🤷🏻‍♂️ අවිද්‍යාවට A එකක් තියෙනව කිව්වම සුපිරිනේ.

    ඉගෙනගන්න එකත් අවිද්‍යාව නිසා
    ------ Post added on Sep 1, 2025 at 3:15 AM
     
    • Wow
    • Like
    Reactions: Yeezus and Candid-B

    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    සැලකිය යුතු මට්ටමකට මම අංගන්ගොඩ හාමුදුරුවන්ගේ බණ ඇහුවා.
    යම් කාලයක ඉඳන් ඇහුවේ වට ගොඩ මග්ගවිහරි හාමුදුරුවන්ගේ බණ.

    මට අවබෝධ වෙන විදියට උන්වහන්සේලා දෙන්නම දේශනා කරන බණ එකයි. ථෙරවාදය ඉගැන්වීම.

    එකම වෙනස මග්ගවිහාරී න් හාමුදුරුවන්ගේ බණ විසිරිලා තියෙන්නේ ( scattered ) සහ ගොඩක් අභිධර්මය පැත්තට බරයි.

    අංගන්ගොඩ හාමුදුරුවන්ගේ නිවන් මාර්ගය පිළිවෙලට අනුගමනය කරන්න ඕන විදිය දේශනා කරලා තියෙනවා. ( Step By Step Roadmap to Nibbana )

    ගොඩක් ස්තුතියි ඒ ස්වාමීන් වහන්සේව Recommend කරාට. සමහර තැන් තියෙනවා ටිකක් පරස්පර විරෝධී.

    උදාහරණයක් විදිහට උන්වහන්සේ කියනවා එක තැනකදී, ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාවේ හතරවෙනි දේශනාවේ අපට සිදුවන වෙන්න තියෙන සියලු දේ පෙර සංස්කාර අනුව තීරණය වෙලා ඉවරයි කියල. ඒ කියන්නේ අපි හෙට මලක් දැක්කොත් ඒක පෙර සංස්කාර අනුව තීරණය වෙලා කියලා ( No Free Will )

    වටගොඩ මග්ග විහාරී හාමුදුරුවෝ කියන්නේ
    චේතනාව වීර්යය ප්‍රඥාව අනුව තමා අපි කරන්නේ මොනවද වෙන්නේ මොනවද කියලා තීරණය වෙන්නේ කියලා. අවස්ථානුකූලව සංස්කාර/කර්මය ට විපාක දෙන්න අවස්ථා හම්බෙනවා කියලා. ( Free Will 👍🏻)

    ඒ වගේ එක එක වෙනස්කම් තියනවා.

    ඒත් සමස්තයක් විදියට අංගන්ගොඩ හාමුදුරුවන්ගේ නිවන් මාර්ගය ලස්සනට පැහැදිලි කරනවා.

    Thank you for recommending that ven. again 🙏🏻
    free will එක ගැන පොඩි දෙයක්
    . free will තියෙනවා කියන කොට "මගේ" කැමැත්තට දෙයක් කරන්න පුළුවන්.
    free will නෑ කියන කොට "මගේ" කැමැත්තට මුකුත් කරන්න බෑ .
    "මම" පිහිටුවලා තමා තියෙනවා , නෑ කියලා දෙකක් ගැන කතා කරන්නේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකම ආශ්වාදයට දාන්න,
    රූප කොහොමද පන ඇති/ නැති වෙන්නේ?
    රූපත් (පරමාර්ථ), රූප වෙන තැනම (ඔයාට), ඒක සම්මුතිය වෙලා ඉ...
    සරල ප්‍රශ්ණයක් අහන්නම්. සුත්‍රය කිව්වම ඇති...

    පරමාර්ථථ / සම්මුති විග්‍රහ වෙන ස්‍රත්‍රය මොකක්ද? පිටකයෙ කොහෙද තියෙන්නෙ?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    867
    688
    93
    අවිද්‍යාව අවිද්‍යාව බව දකින්න බැරි
    කොතනින් හරි අහල දැනගත් අවිද්‍යාවක් මනසින් මවාගන එය නැතිකරන්න උත්සාහ කිරීමයි

    බුදුන් වහන්සේ
    කිසිවක් නිත්‍යව
    ඇති හෝ නැති බව
    කීවෙ නෑ

    අවිද්‍යා ව

    සියළු ඇති හෝ නැති බව
    සකස් කරන බවයි කීවේ

    එහෙනම් පවතින
    දුක සැප සහිත 31 තලයක පැවතීමම (දැනගත් බව)
    අවිද්‍යාවයි

    අවිද්‍යා වක දැනගත් බවත් අවිද්‍යාව යි

    අවිද්‍යාව

    අරමුණ සමග ඒ මොහොතේ මැවෙන මනසයි
    එසේ මනස මැවෙන විදිය
    පටිච්ච සමුප්පාදය
    දැකීම යි
    එයින් පෙන්වන්නේ
    අරමුණු සමග සකස් වන මේ මොහොතේ පැවතීම
    මිරිඟුව ක් වැනි විඥානය(මනස) බවයි

    එය එසේ බව
    දැකීම
    අවිද්‍යා ව
    අවිද්‍යා ලෙස
    දැකීමයි

    එහෙම නැතුව අවිද්‍යාව නැති කරන්න යෑම
    මිරිඟුවෙ වතුර අයින් කරන්න යනවා වගේ වැඩක්

    ඒක දකින්න බැරි අය
    අහල කියවල දැනගත් සැප දුක් සහිත 31 තලයක්
    මනසින් මවාගන
    එය
    සත්‍යය ලෙස ම පවතින බවත්
    අනෙක් පිරිස
    එසේ නැති බවත් වාද කරනව

    පැවතීමම අවිද්‍යාව බව කීවත්
    එය විමසා දකින්න තරම්
    කූසළතාවයක්
    ඒ අයට නෑ
    දැනගත් දේ සත්‍ය හෝ අසත්‍ය ලෙස
    පිලි අරගෙන
    වාද කරනව

    අනුසෝථ ගාමි මග කීවේ එයයි
    බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ පටිසෝතගාමී මගයි
    එය අගසිට මුලට විමසාගන යෑමයි
    එනම්
    දැනගත් බව
    ආපස්සට විමසාගන යෑමයි
    එවිට
    දැනගත බවක දැනුමක් වන
    ඇත නැත දෙකම නොවන

    දැනීම පමණක් ඉතිරිවනව

    එහි දැනගත් බවක් වන ලෝකය සහ ලෝකය දැනගත් කෙනා
    දෙකම එකම ස්වභාවය ක් බව
    දකිනවා

    ඒ නිසා එය හේතුව වෙමින් නැවත නැවත දැනගත් බව සකස් වීම නවතිනව

    එවිට පෙර කර්ම විපාක ය ලෙස මේ මොහොතේ දැනගත් බව එයට හේතු සකස් වන තුරු
    සකස් වනවා පමණයි

    බව නිරෝධය එයයි

    එය ඇති බවක් නැති කිරීම වත් නැති බවක් ඇති කිරීමවත් නොවේ

    පවතින බව තුළ ම
    එහි නිරෝධය

    එනම් පවතින බව තුළ ම
    එහි නොහට ගත් බව දැකීමයි

    සමුදය තුලම
    සමුදය නිරෝධ ය දැකීමයි
    +++++++++++++++
    නිවන ගැන. දැනගන
    දැනගත් බවක් වූ නිවනක් දකින්න යෑමත් අවිද්‍යාව ම තමයි

    අවිද්‍යා ව අවිද්‍යාව බව
    දකින තැන. පවතින්නේ නිවනයි
    මේ article එකට අනුව, අවිද්‍යාව - සියළු ඇති හෝ නැති බව සකස් කරන දැනීම, දේවල් (වෙන් වෙන්ව) ඇත/නැත යන දැනීම

    සිත - දැන හඳුනා ගැනීමේ ක්‍රියාවලිය

    දැන් (අවිද්‍යාව + සිත) කියන කොට,
    1. දැන හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තුල දේවල් ඇත/නැත කියල හැඟෙන එක...
    2. හැඟෙන දේවල් වලට කැමැත්ත/මධ්‍යස්ත බව/අකමැත්ත

    මේ අව්ද්‍යා/තෘෂ්ණා ගැටේ ලිහා ගත්තොත් ගොඩ තමයි

    Greate article!

    උදාහරණයක් විදිහට උන්වහන්සේ කියනවා එක තැනකදී, ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාවේ හතරවෙනි දේශනාවේ අපට සිදුවන වෙන්න තියෙන සියලු දේ පෙර සංස්කාර අනුව තීරණය වෙලා ඉවරයි කියල. ඒ කියන්නේ අපි හෙට මලක් දැක්කොත් ඒක පෙර සංස්කාර අනුව තීරණය වෙලා කියලා ( No Free Will )

    වටගොඩ මග්ග විහාරී හාමුදුරුවෝ කියන්නේ
    චේතනාව වීර්යය ප්‍රඥාව අනුව තමා අපි කරන්නේ මොනවද වෙන්නේ මොනවද කියලා තීරණය වෙන්නේ කියලා. අවස්ථානුකූලව සංස්කාර/කර්මය ට විපාක දෙන්න අවස්ථා හම්බෙනවා කියලා. ( Free Will 👍🏻)
    @Yeezus මම දන්න හැටියට නම් කෙනෙක් පෙර, දැන්, පසු (අතීත, වර්තමාන, අනාගත) කතා කරනවා නම් ඒ බුදු දහම නෙමෙයි... දාර්ශනික වශයෙන් බුදු දහම අකාලිකයි කියන්නෙ මේ අර්ථයෙන්... කාලයෙන් පනවන්න බැහැ. සියල්ල (බුදු දහමේ සියල්ල - ලෝකය) කතා කරන්නෙ ප්‍රත්‍ය උපන් (පච්චුප්පන්න) මොහොතක - ඒ කිව්වේ හේතු ගැලපෙන මොහොතක. බුදු දහම අනුව සත්වයෙකුට තියෙන්නෙ මෙපමණයි, අතීතය, වර්තමානය, අනාගතය අවිද්‍යාවෙන් හිතේ ඇතිවෙන හැගීමක් විතරයි...

    ඇසට රූපයක් ගැටෙනව, එක හැදුන ගන්න සිතක් හැදෙනව, අවිද්‍යාව නිසා ඒ හිතට දේවල් වෙන් වෙල දැනෙනව, කාලයත් ඔය වෙන්වෙල දැනෙන තව එකක් විතරයි... නිර්වානයේදී කාලයෙන් සහ අවකාශයෙන් (ඇති/නැත බවෙන්) නිදහස්....
    ------ Post added on Sep 1, 2025 at 5:59 AM
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සරල ප්‍රශ්ණයක් අහන්නම්. සුත්‍රය කිව්වම ඇති...

    පරමාර්ථථ / සම්මුති විග්‍රහ වෙන ස්‍රත්‍රය මොකක්ද? පිටකයෙ කොහෙද තියෙන්නෙ?

    දන්නැහැ
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    867
    688
    93
    සරල ප්‍රශ්ණයක් අහන්නම්. සුත්‍රය කිව්වම ඇති...

    පරමාර්ථථ / සම්මුති විග්‍රහ වෙන ස්‍රත්‍රය මොකක්ද? පිටකයෙ කොහෙද තියෙන්නෙ?
    මම දන්න හැටියට මේක අභිධර්මයේ තියෙන්නේ සූත්‍ර පිටකයෙ නෙමෙයි... ඔය අයිය කෙනෙක්ගෙන් හරි ඔය @greenthunder වගෙ අංකල් කෙනෙක් ගෙන් ඇහුවනම් හරි...
     
    • Like
    Reactions: Yeezus

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    සදාකාලික ඇත්තෙත් නෑ
    සදාකාලික නැත්තෙත් නෑ

    උප්පාද ඨිති භංග

    තුනම වෙනවා
    paradox ekk ???

    අවිද්‍යාව අවිද්‍යාව බව දකින්න බැරි
    කොතනින් හරි අහල දැනගත් අවිද්‍යාවක් මනසින් මවාගන එය නැතිකරන්න උත්සාහ කිරීමයි

    බුදුන් වහන්සේ
    කිසිවක් නිත්‍යව
    ඇති හෝ නැති බව
    කීවෙ නෑ

    අවිද්‍යා ව

    සියළු ඇති හෝ නැති බව
    සකස් කරන බවයි කීවේ

    එහෙනම් පවතින
    දුක සැප සහිත 31 තලයක පැවතීමම (දැනගත් බව)
    අවිද්‍යාවයි

    අවිද්‍යා වක දැනගත් බවත් අවිද්‍යාව යි

    අවිද්‍යාව

    අරමුණ සමග ඒ මොහොතේ මැවෙන මනසයි
    එසේ මනස මැවෙන විදිය
    පටිච්ච සමුප්පාදය
    දැකීම යි
    එයින් පෙන්වන්නේ
    අරමුණු සමග සකස් වන මේ මොහොතේ පැවතීම
    මිරිඟුව ක් වැනි විඥානය(මනස) බවයි

    එය එසේ බව
    දැකීම
    අවිද්‍යා ව
    අවිද්‍යා ලෙස
    දැකීමයි

    එහෙම නැතුව අවිද්‍යාව නැති කරන්න යෑම
    මිරිඟුවෙ වතුර අයින් කරන්න යනවා වගේ වැඩක්

    ඒක දකින්න බැරි අය
    අහල කියවල දැනගත් සැප දුක් සහිත 31 තලයක්
    මනසින් මවාගන
    එය
    සත්‍යය ලෙස ම පවතින බවත්
    අනෙක් පිරිස
    එසේ නැති බවත් වාද කරනව

    පැවතීමම අවිද්‍යාව බව කීවත්
    එය විමසා දකින්න තරම්
    කූසළතාවයක්
    ඒ අයට නෑ
    දැනගත් දේ සත්‍ය හෝ අසත්‍ය ලෙස
    පිලි අරගෙන
    වාද කරනව

    අනුසෝථ ගාමි මග කීවේ එයයි
    බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ පටිසෝතගාමී මගයි
    එය අගසිට මුලට විමසාගන යෑමයි
    එනම්
    දැනගත් බව
    ආපස්සට විමසාගන යෑමයි
    එවිට
    දැනගත බවක දැනුමක් වන
    ඇත නැත දෙකම නොවන

    දැනීම පමණක් ඉතිරිවනව

    එහි දැනගත් බවක් වන ලෝකය සහ ලෝකය දැනගත් කෙනා
    දෙකම එකම ස්වභාවය ක් බව
    දකිනවා

    ඒ නිසා එය හේතුව වෙමින් නැවත නැවත දැනගත් බව සකස් වීම නවතිනව

    එවිට පෙර කර්ම විපාක ය ලෙස මේ මොහොතේ දැනගත් බව එයට හේතු සකස් වන තුරු
    සකස් වනවා පමණයි

    බව නිරෝධය එයයි

    එය ඇති බවක් නැති කිරීම වත් නැති බවක් ඇති කිරීමවත් නොවේ

    පවතින බව තුළ ම
    එහි නිරෝධය

    එනම් පවතින බව තුළ ම
    එහි නොහට ගත් බව දැකීමයි

    සමුදය තුලම
    සමුදය නිරෝධ ය දැකීමයි
    +++++++++++++++
    නිවන ගැන. දැනගන
    දැනගත් බවක් වූ නිවනක් දකින්න යෑමත් අවිද්‍යාව ම තමයි

    අවිද්‍යා ව අවිද්‍යාව බව
    දකින තැන. පවතින්නේ නිවනයි
    me abhidharmayada ?? passe kaleka hamuduruwo namakwat hmbela igenaganna ona
    ------ Post added on Sep 1, 2025 at 8:09 AM