අමරදේව "හෙළයේ මහා ගාන්ධර්වයා" කියන විරුදයෙන් හැඳින්වෙන්නේ ඇයි?
ඇත්තටම අනික් ගායකයින්ට වඩා විශේෂත්වයක් ඔහුට තිබුණද?
ඔහුගේ සංගීත ඥානය අනික් අයට වඩා පුළුල් එකක් නිසා එහෙම හැඳින්වුණාද?
නැතිනම් ඔහු සිංහල සංගීතයේ යුග කීපයක් නියෝජනය කරපු නිසා එහෙම හැඳින්වුණාද?
ඒත් නැතිනම් ඔහු ඒ නමට සුදුසු වෙන්න වෙන හේතුවක් තිබුණද?

හොද පැනයක්.
ගොඩක් මැත යුගයේ අය අමරදේව ව දන්නේ ගායකයෙක් ලෙස පමණයි. ගොඩක් අය සින්දු ටිකවත් හරියට අහලා නැ. වරදක් නැ මොකද ඒවා දැන් වැඩිය යන්නැ. අමරදේවගේ දැන් නොහැහෙන පට්ටම සින්දු තොගයක් ඉස්සර ගුවන්විදුලියේ ගියා. ඒවා mp3 වත් නැතුව ඇති.
එනිවේ අමරදේව කියන්නේ සබ්ජෙක්ට් එක හරියටම දන්න කෙනෙක්. ගායකයෙක් පමණක් නෙවෙයි, ඉතාම පට්ට වාදකයෙක්. ඒක වැඩිය එලියට ආපු නැති එක අපේ අවාසනාව. ශකිර් හුසෙන්ගේ නංගිව බදින්න කියලා යෝජනාව එන්නේ වාදනය නිසා.
ඔව් අමරදේවගේ සංගිත ඥාණයත් ඉතා පුලුල්.උත්තර ඉන්දිය වගේම කර්නාටක සංගිතය ගැන ඉතාම දැනුමක් තිබුනා. එතෙක් ලංකාවේ හිටියේ අවිධිමත් අධ්‍යාපනයක් තිබ්බ ගායකයන්. අමරදේව ඕනා උනා ඒක හදන්න.
වාදනය එතරම් ප්‍රදරශණය නොකිරිම අමරදේව අතපසු කලේ නැ. රජයේ කලා පාසලේ අමරදේව ලෙසටම ඉගැන්නුවා. ඉන්දියාවට යන්න වරම් නැතිවුන වික්ටර්ලා සුනිල්ලා අමරසිරිලා වගේ අය හැදුනේ එතනින්. පැත්තකට කරලා තිබුනු නන්දා මාලනිව ඉස්සරහට ගත්තේ අමරදේව.
කවදාවත් මුස්ටි තියාගත්තේ නැ.
ගායකයකුටත් වඩා හොදම දේ ඒක. කවුරුවත් හැදෙනවට කවදාවත් අමරදේව කැරිකම් කලේ නැ. මටත් වඩා හැදියන් කියලා සර් කිව්වා. පුළුවන්කම හොදටම තිබ්බත් අඩුම තමන්ගේ පුතා රන්ජන්ව වත් ලොකු තැන් දිලා ගුවන්විදුලයට රිංගුවේ නැ. හොදට කාලා බිලා හැමෝම එකක් හොදට හිටියා. හැබැයි අමරදේවගේ ගෝලයන්ට ඒක නැ. පට්ට කැරිකම ඔය නඩයේම.
අද ඉන්න ප්‍රවිණයෝ නටන්නේ ඒ අමරදේව හදපු ස්ටේජ් එකේ. අමරදේවට හරිනම් ගාන්ධර්වයා කියලා මදි. නුතන ලංකා සංගිතයේ පියා වගේ කින්න ඕනා.