පතිනියකගේ ශෝකාලාපය . . . !

Oct 25, 2009
228
19
0
පතිනියකගේ ශෝකාලාපය . . . !

පතිනියකගේ ශෝකාලාපය . . . !

ලිව්වේ දුකා on Tuesday, January 26, 2010 Labels: දුකට ලියූ කවි / Comments: (2)

තුන්කාලේ කලිසම් - අත්,කර නැති ටී ෂර්ට්
නිල් කලු ඩෙනිම් ජීන්ස් - මල් මල් ගවුම් පොඩි
කිචි බිචි ගා සිනා සෙන - මිතුරු මිතුරියන් කැලම
පාඩමට බාදා දෙන - නිබඳ තුරුලේ නිදන
චූටි මල්ලී යි නම් ලැබූ - හුරතල් පූස් පැටියාද
අත්හලෙමි සියළු දේ - තුටින් නොව පුංචි දුකකින්
ආදරේ නාමයෙන් - මේවා නම් මොනවාද . . .?

කුස රජු මුසපත් කල - රන් රුවක් මෙන් දිදුල
පබාවතී සේ සොඳුරු - නාරි දේහී රූ සපුව
ඉඟටියෙන් පහලට දිවූ - දිගැටි ඝන නීල වරලස
හිසේ සිට දෙපතුලට - වොයිල් සාරියෙන් පොරවා
රන් රූ වසා ගතිමි - කිසිවෙකුට නොපෙනෙන්ට
ප්‍රේමයේ නාමයෙන් - කැප කිරීම් කම් නැතේ

අම්ම අප්ප කෙසේ වත් - මා ගතම කොටස් වූ
නංගියයි මල්ලියයි - කෙසේ අතහැර යම්ද . .

සුදීරා නම පුදා - ෆරීනා නම ලදිමි
බුදු දහම අතැර විත් - ඉස්ලාම් භක්තික වීමි
ප්‍රේමයේ නාමයෙන් - ජීවිතය වුව පුදමි
ප්‍රේමයෙන් මන - රංජිත වේ නංදිත වේ

අහෝ එවන් විසල් ප්‍රේමය - දියව ගිය ඉක්මන
මිරිඟුවක්ද මා මේ - සොයා ආ පෙම් නදිය

නෑදෑ හිතවතුන්ට - පල්ලියට උජාරුවට
පිරිමිකම පෙන්නන්න - දරු රොත්ත ලබනු වස්
දරු වදන යන්ත්‍රයක් - වුනා පමනක් ද මා . . . !!

උදේ ඉඳන් රෑ වන තුරු - දරු නලවන, කෑම පිසින
ගේ අමදින, හති නාරින - වහලියක්ද පතිනියක්ද
අල්ලා දෙවියනේ අනේ - වටහා දෙනු මැන මේ මට . . . !!

දස මසක් කුස දරා - විලිරුදා ලද වැදූ
ඇඟේ ලේ කිරිකර - පොවා සනහා ලැබූ
හිමිගෙන් කිසිදා නොලත් - සෙනේ වදනින් තැවූ
දරු කැලට හිමිකමක් - අහිමි කල ශාරියා නීතිය
කොතරම් මානුශිකද - අනේ මට කියා දෙන්න
නබි නායක තුමානනේ - ආ . . මේන් . . . !
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නියමයි ....... අපූරු නිර්මාණයක්
ඕක තමා බොහෝ තැන් වල යතාර්ථය
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මැද පෙරදිග වැලි කතරේ එක් අඳුරු පැත්තක යථාර්තය අපූරුවට අප මනස ඉදිරියේ සිත්තම් කරලා..

යදමින් බැඳි දැඩි නීති...මානුෂිකත්වයට හිමි තැන වලලා දමා ඊට ඉහලින් එසවෙන ආගමික සම්ප්‍රදායන් හා වැටකඩොළු 21 වන සියවසේ සදාචාර සම්පන්න මිනිස් සමාජයකට කෙතරම් ගැලපේද කියන එක ගැන දෙපාරක් හිතන්න හිතට බල කල පද පෙලක්...

ඔබේ කුසලතාවය ඉහලයි..

තවත් සමාජ අසාධාරණයන් තුලින් අප දැනුවත් කරන්න.. එය අද දවසේ අපේ කාලයේ යතාර්තවාදී නිර්මානකරුවාගේ වගකීමයි..

මල්ලියට ජය....
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
දැඩි ඉස්ලාම් බක්තික කාන්තාවකගෙ විලාපයක්
සැබෑ යථාර්තය
අපූරු නිර්මාණයක්
 
Oct 25, 2009
228
19
0
නියමයි ....... අපූරු නිර්මාණයක්
ඕක තමා බොහෝ තැන් වල යතාර්ථය

නමුත් වාසනාවකට වර්ථමානයේ බොහෝ ඉස්ලාම් භක්තිකයෝ ඉන්නවා නිවරදිව ආගම ගැන ඉගෙන අයට අනුකූලව සාමයෙන් ආදරයෙන් සතුටින් ජීවත් වන අය . . ඒක සතුටට කරුනක් . .
 
Oct 25, 2009
228
19
0
හ්ම්ම්... තවත් එක පැත්තක්... හොඳ නිර්මානයක් යාළුවා... :)

ස්තූතියි යාළුවා . . .ඔව් මේ තවත් එක පැත්තක් . . . නමුත් මේ කාන්තාව හිතලුවක් නෙමෙයි . . . මේ 100%ක්ම යතාර්ථයක් . . .
 
Oct 25, 2009
228
19
0
මැද පෙරදිග වැලි කතරේ එක් අඳුරු පැත්තක යථාර්තය අපූරුවට අප මනස ඉදිරියේ සිත්තම් කරලා..

යදමින් බැඳි දැඩි නීති...මානුෂිකත්වයට හිමි තැන වලලා දමා ඊට ඉහලින් එසවෙන ආගමික සම්ප්‍රදායන් හා වැටකඩොළු 21 වන සියවසේ සදාචාර සම්පන්න මිනිස් සමාජයකට කෙතරම් ගැලපේද කියන එක ගැන දෙපාරක් හිතන්න හිතට බල කල පද පෙලක්...

ඔබේ කුසලතාවය ඉහලයි..

තවත් සමාජ අසාධාරණයන් තුලින් අප දැනුවත් කරන්න.. එය අද දවසේ අපේ කාලයේ යතාර්තවාදී නිර්මානකරුවාගේ වගකීමයි..

මල්ලියට ජය....

ඇත්තෙන්ම අයියා මේ මැදපෙරදිග වැලි කතරේ සිදුවීමක් නෙමෙයි . . මේ අපේ රටේ එක් සත්‍ය සිදුවීමක් . . . මා මේ කාන්තාව පුද්ගලිකවම දන්නවා . . . ඈ ගැන මගේ හිත රිදෝන තරම මෙතෙකයි කියන්න බෑ . . . පසු කාලයක . . හිතුනොත් ඒ ගැන වැඩි විස්තරක් මට බ්ලොග් සටහනකින් ලිය්න්නත් හිතේවී . . .
 
Oct 25, 2009
228
19
0
දැඩි ඉස්ලාම් බක්තික කාන්තාවකගෙ විලාපයක්
සැබෑ යථාර්තය
අපූරු නිර්මාණයක්

ඈ ඇත්තෙන්ම දැඩි ඉස්ලාම් භක්තික කාන්තාවක් නෙමෙයි සහෝදරී . . . ආදරේ නිසා ආගම වෙනස් කල . . . සංස්කෘතීන් දෙකක වෙනස් කම් වලට මුහුන දෙමින් කඳුලින් ජීවිතය ගෙවන ගැහැනියකගේ කතාවක් . . .
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඇයි සමිදේ ආදරයට අනාදරය කලේ...
හිත් විවරකරන සේ ලියාපු දුක්ඛිත කතාවක්.

විවර වී එසමිදු සිත ද මුදු හිරු රැසින් නැහැවී ආදරයේ බිජුව ප්‍රකෘතිමත්වි දළුලා වැඩේවා!
 
Oct 25, 2009
228
19
0
ඇයි සමිදේ ආදරයට අනාදරය කලේ...
හිත් විවරකරන සේ ලියාපු දුක්ඛිත කතාවක්.

විවර වී එසමිදු සිත ද මුදු හිරු රැසින් නැහැවී ආදරයේ බිජුව ප්‍රකෘතිමත්වි දළුලා වැඩේවා!

දනිමි මා ඔබ සිතන බව
නැති බව අදහසක් මට
ගැරහීමට කිසිම ආගමකට
ආදරයට සංවේදී නොවූ
ආදර අනාදර කතාවකට
හේතුව ලෙස ආගමට මුවාවෙන
කෙනෙකුට පහර ගසනු මිස . .
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මුස්ලිම් කොල්ලන්ගෙ පොත්තේ පාටට රැවටිලා අපේ සිංහල කෙල්ලොත් උන්ගේ දපනේ වැටෙනවා. මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා පානදුර පැත්තේ.

    මේ වගේ දේවල් නොදැනුවත් කමටම වෙනවා කියලා කියන්නත් බැහැ.. මොනවා වුනත් මේ වගේ වෙලාවක ඒ ළමයි හරිම අසරණ වෙනවා.

    මුස්ලිම් ගැහැණු ළමයින්ට මේක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අයගෙ අම්මල පොඩි කාලේ ඉදලම ඔය මානසික මට්ටම හදනවා. ඒත් සිංහල ලමයෙක් ඔය දේට ලක් උනොත් එයාට පොඩි කාලේ ඉදලා අදහපු ආගමත් නැහැ.. විදපු නිදහසත් නැහැ...

    වෙනස්ම අකාරයක "දුකා" නිර්මාණයක් මචන්...
     
    පොත්තේ පාටට රැවටෙන එක මුස්ලිම් දෙමල සිංහල කියලා නෑ මචං . . . ඔය ආදරේ කියන දේදි ඉස්සෙල්ලාම බලනෙන පිට පෙනීම . . එහෙම නේද . . ???

    පස්සේ තමයි ගතිගුන ගැන හිතන්නේ . . .

    බොහෝවිට බෞද්ධ සංස්කෘතික වටපිටාවක හැදුනු කෙනෙක් සමානාත්මතාවය වගේ දේවල් උඩ ඕක වැරදියට නොහොතනවා වෙන්න පුලුවන් . . .

    නමුත් විවාහයෙන් පසු කාලීනව ඒ සංස්කෘති දෙක මිශ්‍ර වීමේදී බොහෝ අහිතකරව බලපානවා කියන එකයි මගේ හැඟීම
     
    Last edited:
    • Like
    Reactions: Mindada hee sara..
    Oct 25, 2009
    228
    19
    0
    හැම දෙනාටම . . .
    මේක ඇත්තෙන්ම සත්‍ය චරිතයක් මුල් කරගෙන ඒ කාන්තාවගේ ශෝකය වෙනුවෙන් මගේ හදින් නැගුනු කඳුලට අකුරු එකතු කිරීමක් . . .නමුත් අපට ශෝක වෙනවා හැර වෙන කල හැකි වෙන කිසිවක් නෑ . .
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඉස්ලාම් ආගම ගැන දැනුමක් තියෙනවා වගේ.
    අපේ ආගමත් සමග බලද්දි ගොදක් වෙනස්. එත් ගැහැණියව හිර කරලා තියෙන් එකට එකග වෙන්න බැහැ.
    ඒ හැමදේම ලස්සනට සිතුවිල්ලකට නගලා තියෙනවා
     
    Oct 25, 2009
    228
    19
    0
    ඉස්ලාම් ආගම ගැන දැනුමක් තියෙනවා වගේ.
    අපේ ආගමත් සමග බලද්දි ගොදක් වෙනස්. එත් ගැහැණියව හිර කරලා තියෙන් එකට එකග වෙන්න බැහැ.
    ඒ හැමදේම ලස්සනට සිතුවිල්ලකට නගලා තියෙනවා

    ඉස්ලාම් දහම ගැන බොහෝම ටිකක් දන්නවා . . .

    වෙනත් ආගම් අදහන අයත් බොහෝවිට ඉන්නවා ගැහැනියට ඇයට හිමි තැන ලබා නොදෙන . . .. එය ඉස්ලාම් ආගමේ පමනක් සිදුවෙන දෙයක් නොවෙයි . . සොයුරිය . .

    ස්තූතියි ඔබට