පතිනියකගේ ශෝකාලාපය . . . !
පතිනියකගේ ශෝකාලාපය . . . !
ලිව්වේ දුකා on Tuesday, January 26, 2010 Labels: දුකට ලියූ කවි / Comments: (2)
තුන්කාලේ කලිසම් - අත්,කර නැති ටී ෂර්ට්
නිල් කලු ඩෙනිම් ජීන්ස් - මල් මල් ගවුම් පොඩි
කිචි බිචි ගා සිනා සෙන - මිතුරු මිතුරියන් කැලම
පාඩමට බාදා දෙන - නිබඳ තුරුලේ නිදන
චූටි මල්ලී යි නම් ලැබූ - හුරතල් පූස් පැටියාද
අත්හලෙමි සියළු දේ - තුටින් නොව පුංචි දුකකින්
ආදරේ නාමයෙන් - මේවා නම් මොනවාද . . .?
කුස රජු මුසපත් කල - රන් රුවක් මෙන් දිදුල
පබාවතී සේ සොඳුරු - නාරි දේහී රූ සපුව
ඉඟටියෙන් පහලට දිවූ - දිගැටි ඝන නීල වරලස
හිසේ සිට දෙපතුලට - වොයිල් සාරියෙන් පොරවා
රන් රූ වසා ගතිමි - කිසිවෙකුට නොපෙනෙන්ට
ප්‍රේමයේ නාමයෙන් - කැප කිරීම් කම් නැතේ
අම්ම අප්ප කෙසේ වත් - මා ගතම කොටස් වූ
නංගියයි මල්ලියයි - කෙසේ අතහැර යම්ද . .
සුදීරා නම පුදා - ෆරීනා නම ලදිමි
බුදු දහම අතැර විත් - ඉස්ලාම් භක්තික වීමි
ප්‍රේමයේ නාමයෙන් - ජීවිතය වුව පුදමි
ප්‍රේමයෙන් මන - රංජිත වේ නංදිත වේ
අහෝ එවන් විසල් ප්‍රේමය - දියව ගිය ඉක්මන
මිරිඟුවක්ද මා මේ - සොයා ආ පෙම් නදිය
නෑදෑ හිතවතුන්ට - පල්ලියට උජාරුවට
පිරිමිකම පෙන්නන්න - දරු රොත්ත ලබනු වස්
දරු වදන යන්ත්‍රයක් - වුනා පමනක් ද මා . . . !!
උදේ ඉඳන් රෑ වන තුරු - දරු නලවන, කෑම පිසින
ගේ අමදින, හති නාරින - වහලියක්ද පතිනියක්ද
අල්ලා දෙවියනේ අනේ - වටහා දෙනු මැන මේ මට . . . !!
දස මසක් කුස දරා - විලිරුදා ලද වැදූ
ඇඟේ ලේ කිරිකර - පොවා සනහා ලැබූ
හිමිගෙන් කිසිදා නොලත් - සෙනේ වදනින් තැවූ
දරු කැලට හිමිකමක් - අහිමි කල ශාරියා නීතිය
කොතරම් මානුශිකද - අනේ මට කියා දෙන්න
නබි නායක තුමානනේ - ආ . . මේන් . . . !