මට හිතෙන හැටියට නිර්මාණය මතුකරන්න උත්සාහ කරන්නේ බන්ධනය රැකගෙන සිටීමට දරන් වෙර. එය දුර්වලකම නොවේ, එයයි ශක්තිය... හරබර අර්ථ කතනයක්. ඔබට සුබ පැතුම් සොයුරිය.
මගේ මතකයට ආවා අදාල කතා දෙකක්. ජීවිතය වටා නැමති පොතේ බලංගොඩ ආනන්ද මෛත්රීය හාමුදුරුවො මෙගැන තැබූ සටහන ඉතා අගේය. සරල කතා පාදක කරගෙන කුල-ගෙය ගැන ගෙනහැර දක්වමින් ඒ කෘතිය මෙවැනි අදහසක් ඉදිරිපත් කර තිබුනා ...හිතට එන යන අදහස්වලට දික්කසාදය ගැන හිතුවොත් ගල්කිස්ස පවුල් උසාවිය කෙතරම් පිරී ඉතිරෙන තැනක් වියයුතුද?
අනෙක, මා ඉංදියාවෙ වැඩමුලුවකට සහභාගී වූ අවස්ථාවක සුහද සාකච්චාවකදි යුරොපා ජාතිකයෙකු ඉංදීය අයෙකුගෙන් විමසුවා අපි වැඩ කරන කාර්ය බහුල (IT) ක්රමය අනුව පවුල් සංස්ථාව සමබරව ගෙනියන්නේ කොහොමද කිය. අපි පලමුව සුද්දන් කියන අයට අදහස් පල කරන්න ඉඩදුන්නා, ගැහැණු පාර්ෂවයේ තිදෙනා මෙන්ම එතැන සිටි නව දෙනෙකුගෙ අදහස වූයේ පවුල් ප්රශ්ණ ඇතිවූ විට ඔවුන් බොහොවිට දික්කසාදය පතන බවයි. මගේ ඉංදීය මිතුරෙකු හා ඉංදීය මහත්මියක් ලස්සනට ගෙනහැර දැක්වූවා ඔවුන් එම වචනය පාවා කතා නෙකරන තරම්, කරගත් දීගය රැකගන්න මොනතරම් ප්රයත්නයක් දරනවාද කිය. එය සමාජමය වශයෙන් වැදගත් බන්දනයක්, දුර්වල කම නෙවේ කියන එක.
එවන් හරයන් නොවෙන්න රුපියල්-සත රජකරන මෙවන් කාලක සමාජය තවත් බිඳ වැටෙන්න පුලුවනි.
විවාහ සංස්ථාව විශ්වාසය, සහයෝගීතාවය, ගරුත්වය සහ ලොකු ෂොක්-ඇබ්සෝබර් මත දුවන පෘථූල යානයක් මිස අවැසි විට මාරුකරන්න පුලුවන් සිම්-කාර්ඩ් එකක් නොව.