පතිවත රැකීමේ ආනිසංස

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පතිවත රැකීමේ ආනිසංස



    බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි්රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්රතා ධර්මය ආරක්ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය’ කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය’

    සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්රයෝජන ගැනීමට තරම් සුපරීක්ෂාකාරී වූවා ය’ රත්නත්‍රය කෙරෙහි ශ්රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි නිරත වූවා ය’ ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්යවාදී බවය. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා ය’

    ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්ෂා කළ පතිව්රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්ය විමානයක උපන්නාය’විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවා ය’
    මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය’මිනිස් ලොව දී ඇය ආරක්ෂා කළ පතිව්රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත් ඇගේ මුවින්ම එය කියවීම පතිව්රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ’

    ‘පින්වත් දේව දියණියෙනි ඔබගේ දිව්ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්ය ස්ත්රීන්, විසිතුරු දිව්ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය’ ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ ය’ ඔබගේ විධානය පක්ෂි නාදයෙන් ගීතවත් ය’ මෙසේ මහානුභාව සම්පන්න දිව්ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්යකර්මයක් නිසාද?

    ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්ෂා කළ පතිව්රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත් පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි’‘ස්වාමිනි මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්රතාව ආරක්ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය’

    එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහ’ ඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක’ඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේ ය’
    පතිව්රතා දර්මය යනු මෙලොව විවාහක ස්ත්රියකට ඇති ඉහලම ගණයේ ආභරණයකි’මෙලොව කෙතරම් ආභරණ පලඳා ගත් ස්ත්රීන් සිටියද ඔවුන්ගේ ආභරණ වල ව්ටිනා කම මෙලොවට පමණි නමුත් මෙම උතුම් ගුණ දරාගත් ස්ත්රියකගේ වටිනාකම රන් ආභරණ කෝටියකට වඩා උසස්ය.මෙවන් උතුම් ගුණ ඇති ස්ත්රිය මෙලොව පරලොව දෙකෙහිදීම සැපයෙන් සැපයටම පත්වන බව අවිවාදිතය’


    රුහුණ විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යනාංශ ප්රධාන ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උණුවතුරබුබුලේ මහින්ද හිමි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;18071430 said:
    එල...... කාලෙකින් දැක්කේ..

    ඔව් සහෝ වැඩ එක්ක බිසී ගොඩක්. හැමදාම රැට ඇවිත් ඔලුව දල යනවා විතරයි. කොහොමද ඔයාට
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    එල

    හොඳ ත්‍රෙඩ් එකක්..:yes: ස්තූතියි මචන්...:D

    ස්තුතියි මචන්..

    වටිනා ලිපියක් සහෝ....
    කාලින වශයෙන් වටිනවා ගොඩක් ..... (+7) :)

    +++++

    කාලෙකට පස්සේ දැක්කේ :D

    ඔව් මචන් හේනට බිසී.. අදින් පස්සේ තවත් බිසී..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වටිනා ලිපියක් සහෝ....
    කාලින වශයෙන් වටිනවා ගොඩක් ..... (+7) :)

    +++++

    කාලෙකට පස්සේ දැක්කේ :D

    :lol: උබට මොන පතිවත්ද බන්:lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හොඳ ලිපියක් සහෝ ලංකාවේ බහුතරයක් ගැනු ඕක තේරුම් ගන්නේ නැති එකනේ පරශ්නය උන් හිතන්නේ තමන්ගේ සුවාමියා කරන කියන හැම දේටම විරුද්ද වේලා ගන්න සල්ලිත් වැඩකට නැති දේවල් වලට නාස්ති කරලා සන්ඩු කරලා හරි වීර කමක් කරා කියලා හිතනවා පති වත කියන්නේ උන්ට තවත් වචනයක් විතරයි .:(:(

    +7 Rep
     
    Last edited: