පද පේළී - EK LYRICS THREAD PART 2

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    වස්සානේ එල්ලී ආ
    මමද ඒ පෙම් හොරා……
    මමයි ඔයාගේ දැන් හිමිකාරයා…

    දැන් දැන් ඇස් කතා කරනවා…
    යටි හිත මොනවදෝ කියනවා…
    ජීවිතේ විදිනවා…නුහුරූ….
    පෙම් හෝඩියේ…ඉදන්…

    ඉරණම් ගමනේ පවා…
    මා වෙනුවෙන් මැව් කෙනා…
    මේ භවයේ ආයේ මට හමුවෙලා…

    හෝ…ගැවසෙනා හුස්මන් පවා…
    සිහිකලේ ඔබමයි සදා…
    මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා…

    හෝ…ලංවෙලා මියෙනා තුරා…
    ඉමු හිතින් තුරුලට වෙලා…
    සසරේම මං ඔයා වෙනුවෙන් තමා…

    ඉරණම් ගමනේ පවා…
    මා වෙනුවෙන් මැව් කෙනා……
    මේ භවයේ ආයේ මට හමුවෙලා…

    දැන් දැන් ඇස් කතා කරනවා…
    යටි හිත මොනවදෝ කියනවා…
    ජීවිතේ විදිනවා…නුහුරූ….
    පෙම් හෝඩියේ…ඉදන්…
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
    දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
    යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
    ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

    සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
    වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
    සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී
    මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

    ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
    සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
    සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
    ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

    හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
    ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
    පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
    මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

    පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
    දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
    යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
    ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

    යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
    ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

    ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා //


    ගායනය, සංගීතය, ගී පද - හෙන්රි කල්දේරා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
    දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
    යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
    ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා



    ගායනය, සංගීතය, ගී පද - හෙන්රි කල්දේරා


    හද රැඳි ගී
    11.gif
    11.gif
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
    රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ
    චාරු දේහේ නුරා

    පිහින පීනා රසෝඝේ
    සාරාගී විලේ රාත්‍රී යාමයේ
    ඈගේ දෑසේ ප්‍ර‍බෝධේ
    නුරා ගී නැගේ
    ජීවිතේ යෞවනේ
    ප්‍රේමයේ මීවනේ

    සීත මිහිදුම් වළාවෝ
    වෙලීලා සදේ තාරකාවේ
    මිහිතලාවේ තුසීතේ
    මැවේ මා හදේ
    ජීවිතේ යෞවනේ
    ප්‍රේමයේ මී වනේ

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මායාවී ඔබ ගියදෝ මං මුලාවී…
    අඳුරේ කඳුලින් මා සිත ගිලීලා…
    වියැකී මියැදී ගිය ජීවිතෙන්…
    යලි මා ජීවය ලැබූවා…

    ඔබ නොදැක මොහොතක් නැති වූ කාලේ…
    මගෙ හුස්ම ඔබ යැයි සිතු ඒ කාලේ…
    ජීවිතයෙන් ආදරේ මොහොතේ…
    මා හැරදා යාවී…

    මායාවී යාවී මා හැරදා යාවී…
    දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…
    යාවී යාවී මා හැරදා යාවී…
    ආදරේ නොහඳුනන ඔබ යාවී…

    රන් මුතු මට… නෑ පට සලු මට නෑ…
    මගෙ ලෝකේ ඔබ ඔබ පැතු දේවල් නෑ…
    එනමුදු ආලේ හදවත උතුරා…
    ගලනා තරමට පෙම් කෙරුවා මං…
    ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙලලා…
    දැන දැන මට මාවද නැති කෙරුවේ…

    මායාවී යාවී මා හැරදා යාවී…
    දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…

    මායාවී යාවී මා හැරදා යාවී…
    දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…

    මට දුක නෑ මං තරහත් නෑ…
    මගෙ ලෝකේ ඔබෙ සුවඳත් අද නෑ…
    නිදහසෙ පියඹා මා දැන් යනවා…
    ඔබෙ ලෝකෙන් මා යන්නම යනවා…
    ආයෙත් ආවත් මගෙ සිත කොහෙදෝ සෙවුවත්…
    ඒ මියදුන සිත යලි එන්නේ නෑ…


    මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
    මා රැවටූ ඔබ හැරදා යාවී…
    මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
    මායාවී හැරදා මා යාවී…

    මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
    මා රැවටූ ඔබ හැරදා යාවී…
    මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
    මායාවී හැරදා මා යාවී…
     
    • Like
    Reactions: DAMER and Rex921

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sandeep Jayalath.........



    කොපුලේ පුරා..සිතු සේ සරා~
    කෙහෙරැල්ල සුළැඟිල්ලේ සෙල්ලම් කලා..
    ළමැදේ පවා..සුවසේ නිදා~
    නලරැල්ල ඔච්චම් කලා..
    මන්දාර සුවඳේ හමා ආ~
    සංසාර සිහිනේ ඔයා.. :love:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ රූ කාගේදෝ
    සුරගන දෑසක්දෝ
    හීනෙන් ආවදෝ හැබහින්මදෝ
    හුස්මට සමවීදෝ
    දෙතොලේ පිරුනාදෝ
    මාගේ හද ගැස්ම නුබ මාගේමදෝ

    හිනැහෙන ලන්වෙන අත්අල්ල ගෙන ඉන්න ආදරේ මගේනේ...

    ජීවිතේ පාර කී තාරුකා ඇස් දෙකේන්
    වෑයේනා ආදරේ මගේනේ...

    සිහිනිග නැලවෙද්දි සීතල මල් වැස්සෙ
    සිතුවිලි රැලි සයුරෙ සැසලෙන්නෙමි
    සියුමැලි කන් පෙත්තෙ සතපා තොල් පෙත්ත
    සියොලග හැමරෑම කවි අතුරමි

    හිනැහෙන ලන්වෙන අත් අල්ල ගෙන ඉන්න ආදරේ මගේනේ...

    ජීවිතේ පාර කී තාරුකා ඇස් දෙකේන්
    වෑයේනා ආදරේ මගේනේ...

    ඔය නුබේ සිනා කැන් කාගෙදෝ...
    පෙම් හැගුම් තැන්... කාටදෝ...
    මේ වසන්තයේ.. කාගේදෝ....
    මගේනේ...
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීතල වැස්සේ තෙමෙන්න ආසයි ඔයාව තුරුලුකරන්
    උණුසුම ඔබගේ විඳින්න ඇත්නම් පපුවට මුහුණ තියන්
    සුරතල් තාලෙට කථා කියන ඔය මුව මත දෙතොල තියන්
    හාදුවකින් මුව තෙමන්න ලෝබයි ඔය නෙත් දිහා බලන්

    ලෙන්ගතු තාලෙට සිනහ නඟන විට
    අන් නෙත් ඔබ ළඟ බැඳෙයි කියා
    ඉරිසියාවකුත් හිතට නැගෙනවා
    සත්තයි ඒ ඔබ මගේ නිසා
    සත්තයි ඒ ඔබ මගේ නිසා

    සීතල වැස්සේ ................

    ඔයත් එක්ක තනිවී ඉන්නා විට
    මට වෙන මොනවත් ඕනෑ නෑ
    අතැඟිලි අතරේ පොඩිවෙන කම්පෙති
    රතුවෙන විට ඉවසන්නත් බෑ
    මේ සිත මටනම් කීකරු නෑ

    සීතල වැස්සේ ................


    ගායනය  :- රොෂාන් ෆනෑන්ඩු
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මතකයන් හිත පාරවයි
    වසන්තේ කොහෙදෝ ගිහින්
    ජීවිතේ තැනක නැවතිලා
    මැකී යයි පිය සටහන්
    පාසැලින්...

    සෙනෙහසත් නෑවිදින් ඇවිදින් ගියා
    මුදු වදන් මතකයෙන් ගිලිහී ගියා
    හසරැල්ල සුළඟේ දැවටී ගියාවේ
    බිදුනු සිත පෑරුණා රහසේ
    ආයෙමත්...

    වසන්තය හොරැහින් අසලින් ගියා
    රාත්රිය දිගු වී බොද වී ගියා
    මටම මා අතහැරී නොහැරී ගියාවේ
    පලුවේ තනි උනා මතකේ
    ආයෙමත්...

    මතකයන් හිත පාරවයි
    වසන්තේ කොහෙදෝ ගිහින්
    ජීවිතේ තැනක නැවතිලා
    මැකී පිය සටහන්
    පාසැලින්...
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත මගේ හදාගන්න ඔබ වගේ ඉන්න
    කොහොමවත් දන්නෙ නෑ
    දුක මගේ කියාදෙන්න අපි අපේ වෙන්න
    මා ළඟින් ඉන්නෙ නෑ
    ඉක්මන් නොවී ආදරෙන් අපි ළඟින් උන්නනම්
    තේරුම් යයි මේ හිතින් ආදරේ කළ තරම්

    වරදක් කළෙ නෑනෙ කිසා දා
    ඔබට තුන් හිතකින්
    මෙතුවක් දුර ගෙනවිත් මෙමා
    හැරුනෙ ඔබ මඟකින්
    ඉක්මන් නොවී ආදරෙන් අපි ළඟින් උන්නනම්
    තේරුම් යයි මේ හිතින් ආදරේ කළ තරම්

    පවකින් අපි වෙන්ව ගිය දා
    දෛවයේ විසඳුමෙන්
    නැවතත් අපි අපේ ම වෙනවා
    ආදරේ නාමයෙන්
    ඉක්මන් නොවී ආදරෙන් අපි ළඟින් උන්නනම්
    තේරුම් යයි මේ හිතින් ආදරේ කළ තරම්

    හිත මගේ .....................


    ගායනය :- රසික රාජපක්ෂ
     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රිය මිතුරු මිතුරුයනි,

    ඔබ විසින් පළ කරනු ලබන ගීත වල පද රචනය,තනු නිර්මාණය සහ ගායනය කවුරුන්ද යන වග සඳහන් කල හැකි නම් එය ඉතා හොඳ ක්‍රියාවක් ලෙස මා දකිමි.

    ස්තූතියි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් පොඩි රතු වුණා ද
    චුට්ටක් සැර කළාට
    හිත හදාගන්න බැරි ද පැංචියේ
    ඔය හුරතල් හිනාව
    ඩිංගක් හැංඟුනාට
    මං ආදරෙයිනෙ පුංචි නංගියේ

    පෙම්බර කතා බහට
    නිතරම ඔබ හුරු වුණාට
    ආදරේට කෝඩුකාරියේ
    මං පොඩ්ඩක් සැර කළාට හදිසියේ
    තරහ වෙන්න එපා ඔහොම චූටි නංගියේ

    ඇස් පොඩි රතු වුණා ද ............

    හෙමිහිට යාලු වෙන්න
    කෝ චුට්ටක් හිනාවෙන්න
    හරි ලස්සන දෙව්ලියක් වගේ
    සුදු කම්මුල් තෙත් වුණාම නංගියේ
    මටත් ඉතින් වාවගන්න බැරිවෙලා වගේ

    ඇස් පොඩි රතු වුණා ද ............


    ගායනය :- සුජිත් වඩනම්බි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රිය මිතුරු මිතුරුයනි,

    ඔබ විසින් පළ කරනු ලබන ගීත වල පද රචනය,තනු නිර්මාණය සහ ගායනය කවුරුන්ද යන වග සඳහන් කල හැකි නම් එය ඉතා හොඳ ක්‍රියාවක් ලෙස මා දකිමි.

    ස්තූතියි.

    අදහස හොඳයි. හැබැයි සමහර ගීතවලනම් හොයාගන්න අපහසුයි මං හිතන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුන්දරයි එදා අප හදවතේ පැතුම්
    අමතක නොවෙයි ඒ සොඳුරු හැඟුම්
    ජීවිතේ පුරා ඔබ මා ළඟින් සිටීනම්
    ඔබ සනසන්නම් මා ඔබ හා සැනසෙන්නම්

    සොඳුරියෙ නුඹයි මගෙ සිහිලස සතුට සදා
    මා හද දිනූ මිහිරියෙ ඔබ මගෙයි සදා
    කිසිදා නෑ මා ඔබ හදවතෙන් මිදෙන්නේ
    නෑ වෙන්වන්නේ මා ඔබ හැරදා යන්නේ

    ජීවිතේ මගේ ඔබමයි මා සොඳුරියේ
    ඔබමයි මා හා සැමදා දිවා රෑ
    මා හද සිපගනිමින් මා සනසා මා හා සිටියේ
    නෑ වෙන්වන්නේ මා ඔබ හැරදා යන්නේ

    සොඳුරියෙ නුඹයි මගෙ සිනහව කඳුළ සදා
    ඔබෙ සුසුම් තුළයි මා ජීවය රැඳෙනු සදා
    කඳුළැල් පිසදා මට සිනහව දුන් ඔබ කිසිදා
    රිදවන්නේ නෑ මා ඔබ හඬවන්නේ නෑ

    කඳුළැල් පිසදා ....................

    සඳ කිඳුරියේ මා ආදර ලෝකය ඔබයි
    ජීවන ගමනේ මට සෙවනක් වන්නෙ ඔබයි
    සුරතේ තබා මා සැනසූ ඔබගෙන් කිසිදා
    වෙන්වන්නේ නෑ මා ඔබ හැරදා යන්නේ නෑ

    ජීවිතේ මගේ .....................


    ගායනය :- රයන් මාලන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිස්සාර සංසාර හීනේ අතීතේ
    ඔබ ඉන්නවා දැනෙනවා
    කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ
    තුන්යාමේ මං අහනවා

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා...

    උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස
    තාම අපෙ හිතේ...
    දකිනා වාරයට පවා
    මගෙ මුළු හිතම ගිනිගනී....

    මන්දාරම් පවන් පොදේ
    තාමත් ඔබෙ සුසුම් තැවේ....
    හිත ගැහෙනා හීතලේ
    සැගවෙන් ඔබගේ පපුතුරේ.....


    -Abhisheka Wimalaweera-



     
    • Like
    Reactions: DAMER

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විට දී ලොව ම දැකුම්කලූ

    මල් වැල් වන විල් පිරී ගියේ සෙවණ දෙවන්න ලූ
    බිඟු නද විහඟුන් ඉගිල්ලූනේ මිහිරෙ රැඳෙන්න ලූ

    පුන්සඳ නැඟුනෙත් අහස් තලේ අපට බලන්න ලූ
    දෙනෙතට කඳුළැලි තුරුල් කළේ පෙමට අඬන්න ලූ

    මි්වද මි් පැණි පිරි් ගියේ දෙතොලෙ රදන්න ලූ
    දේදුනු ඔවිලි මැවි් ගියේ ලොවම පිනන්න ලූ

    මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ ඔබව ලබන්න ලු
    ඒ හැර ලැබුනත් පලක් නැතේ ඉසුරු මැණික් මළු
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    හිම දියවී හිමාලයේ
    යමුනා ගඟ නගයි තරංගා..
    සුදු පෙණ කැටි බලන්න රාධා..
    සුළඟ හමයි සීතල සාදා..
    සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

    සිනා රැලි නගා උතුරණ
    ඔය හදවත් නීල ජලාසේ..
    පීණන මේ ස්වර්ණ හංසයෝ..
    අකීකරුද මෙතරම් රාධා..

    ඉඩ දී දෙන්නට දඩුවම්
    දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

    මල් පෙති පොඩිවී ඉකිලන
    මේ හෝපලු යහන් තලාවේ..
    සඳ දිය මිණිමෙවුලට වැටිලා..
    දෑස නිලංකාරයි රාධා..

    ගිලිහී ගියදෙන් මිණි කැට
    දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා...