පද පේළී - EK LYRICS THREAD PART 2

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කිමද සුමිහිරියේ මේ අරුමේ
    මහද පිබිදෙන්නේ
    ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ
    රහස නැත දන්නේ....
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    We were staying in Paris
    To get away from your parents
    And I thought, "Wow
    If I could take this in a shot right now
    I don't think that we could work this out”
    Out on the terrace
    I don't know if it's fair but I thought "How
    Could I let you fall by yourself
    While I'm wasted with someone else”

    If we go down then we go down together
    They'll say you could do anything
    They'll say that I was clever
    If we go down then we go down together
    We'll get away with everything
    Let's show them we are better

    We were staying in Paris
    To get away from your parents
    You look so proud
    Standing there with a frown and a cigarette
    Posting pictures of yourself on the internet
    Out on the terrace
    We breathe in the air of this small town
    On our own cuttin' class for the thrill of it
    Getting drunk on the past we were livin' in

    If we go down then we go down together
    They'll say you could do anything
    They'll say that I was clever
    If we go down then we go down together
    We'll get away with everything
    Let's show them we are better
    We were staying in Paris
    Let's show them we are better


    Paris \ 'pa-res \ n 1 : a sentimental yearning for a reality that
    isn't genuine 2: an irrecoverable condition for fantasy that
    evokes nostalgia or day dreams
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    රෑ දවල් මල් රැගුම් සිරි පානා
    මනරම් සිහිනෙකී මට පේනා...

    හිනෙහෙන විට මුතු දිලිසෙනවා
    නලලේ අඩ සද බැබලෙනවා...
    පැතුමට බැරි වු කාටදෝ
    සිතනා විලසට සිදුවේදෝ

    ගී දෙක රස ඉතිරේ මුවගින්
    නා දළු ලෙලදෙනවා තොලගින්...
    අප සිඔ සිඔ හමනා සුලගේ
    යලි හමුවන්නේ කොතනදෝ

    රෑ දවල් මල් රැගුම් සිරි පානා
    මනරම් සිහිනෙකී මට පේනා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොවුලෙක් මොට ද මට මිහිරිව ගී ගයනා
    උළලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා

    රුවළක් මොට ද සුළඟක් එනතුරු සිටිනා
    හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගේනා

    කොවුලෙක් ...................

    නටුවක් මොට ද මට ලා සුළඟට සැලෙනා
    කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා

    කොවුලෙක් ...................


    ගායනය :- සමනලී ෆොන්සේකා
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මේ සින්දුව මීට කලින් දාල තියනවනම් සමාවෙයන්,හිතට දැනිච්ච ලස්සන අරුත්බර සින්දුවක් හින්ද දැම්මෙ.:yes:
    අපිට පුළුවන් කාව හරි තුවාල කරන්න පිහියකින්, පිස්තෝලයකින් එහෙමත් නැත්නම් අල්පෙනෙත්තකින්. ඒත් හදවත තුවාල කරනවානම් කරන්න පුළුවන් වචන වලින් තමයි. වචන වලින් පුළුවන් හදවත කුඩු වෙන්න වෙඩි තියන්න. වචන වලින් පුළුවන් හදවතේ ගැඹුරුම තැන හූරන්න. "පොඩ්ඩියේ" අන්න එහෙම වචන හරඹයක්, ඒ වචන වලට ජීවය දෙන කටහඬ අන්න එහෙම වෙඩි බෙහෙත් තැවරිච්ච උණ්ඩ ප්‍රවාහයක්.

    මේ අවුරුද්දේ මැයි මාසෙදි "පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරුණා ඇළකට" . අන්න ඒ turn එකේදී දිය රැළක වැදිච්ච් හැඟීම් අහුරක් තමයි "අපේ අම්මා හැර සේරම බුදු වේවා...!" . ටිමා - ටිම්රාන් කීර්ති ඔයා දන්නවද දන්නේ නෑ ඔයා වීරයෙක් කියලා. එහෙමටය කියලා කව්රුත්ම කතා නොකරන අපි මේ ජීවත් වෙන පොළොවෙම නිහඬවම විඳවන, අපහාස උපාහස ලබන කොටසකගේ වීරයා ඔයා..., සාදර බණ්ඩාර දැන් ඔයත්!

    ලංකාව ඇතුළේ විරෝධාකල්ප ගී කියන ඒවා හරි අඩුයි. මොකද විරෝධාකල්ප ධාරාවේ ගීත හදන්න පද පෙළකුයි, සංගීතයයි, ඉතිරි අඩුම කුඩුම ටිකයි තිබ්බට බෑ. හරිම නහරේ අල්ලලා අදින්න කොන්දක් නම් තියෙන්නම ඕනේ. මිනිස්සු ශ්‍යාමි කුමාර් ට බැන්නේ ඒ ගෑනි තමන් "ගණිකාවක් " කියලා කියපු නිසා නෙමේ, එහෙම කෙළින් කතා කරන්න ඒ ගෑනිට කොන්දක් තිබ්බ එක ගැන කුහකකමට.

    නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව!

    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
    බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම

    අමුවෙන්ම ගත්තොත් මේ පපුවටම ඉලක්ක කරලා වෙඩි තියන ගීතයේ නිමිත්ත වෙන්නේ ගණිකාවක් වුනු තමන්ගේ අම්මාට සිංහල අවුරුදු දවසේ වඳින්න බෑ කියන නංගිට, අයියගේ තරවටුව. "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම". ඇඟ විකුනන්නෙත් දරුවෝ රකින්න නම් ඒ අම්මත්, අම්මෙක්ම මිස වෙන කව්රුත් නෙමෙයි.

    "බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක" මේක ප්‍රබල යටිපෙලක් තියෙන යෙදුමක්. වචන අස්සේ කොච්චරක් නම් රහස් හංගන්න පුළුවන්ද? කොවුල බිත්තර දාන්නේ කපුටු කූඩු වල ... එහෙන් මෙහෙන් අහුලන් කාලා,ජරා සතා කියලා අපහාස උපහාස විඳගෙනත් අම්මෙක්ගේ උණුසුම දීල අර බිත්තර ඔක්කොම රකින්නේ ඔය සමාජයෙන් ගැරහුම් ලබන කපුටා. බිත්තර බක් මාසෙදි පුපුරල කොවුල් පැටවු එළියට ඇවිත් ටික කලක් යනකොට තමයි උන් උන්ට වෙනස දැනෙන්න ගන්නේ. එතෙක් අර කපුටු අම්මගෙන්ම යැපිලා උන්ටම අරියාදු කරන මේ නංගිත් බොහෝවිට අන්න එහෙම එකම තාත්තගේ නොවෙන අනුන්ගේ කොවුල් පැටියෙක්. ඊළඟ පදය විප්ලවයක්!

    "නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම"

    කවියකට ගැළපෙන සෞම්‍ය පද දිගට ගලන් ඇවිත් මේ හතරවෙනි පදේදී අයියගේ ආවේගේ වත්තේ භාෂාවෙන්ම දඩස් ගාල අත්හරින එකයි අන්න ඒ විප්ලවේ! ජය වේවා සම්මත කවි හෝ ගී පද රචනා භාෂාව කුඩු කරපු මේ විප්ලවේට!

    ----------------------------------------------

    තනෙ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතෙ අපි මැරිලා එහෙනම්
    වණේ පාරන්නෙ වන පල විස වී නම්
    නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්

    ඔය පත්තිනි කතාවේ, පත්තිනි එහෙමත් නැත්නම් කන්නගී තමන්ගේ ස්වාමියා කෝවලන්ව නිරපරාදේ මරා දාන මදුරාවේ රජාට සාප කරලා වම් තනේ කඩලා පොලවේ ගැහුවහම ඒ සාපයෙන් මදුරාපුරයම ගිනිගෙන අලුවෙලා යනවා. හැබැයි මිනිස්සු කොච්චර ගාණක් මැරුණත් තමන්ගේ පතිවත රැකීමේ අනුහසින් කන්නගී දේවත්වයට පත් වෙනවා පත්තිනි විදිහට.

    අම්මට ගරහන නංගිට අයිය කියනව; අපේ අම්මටත් තිබ්බ තනේ කඩල බිම ගහල පත්තිනි වගෙ හැම දේම අත හැරල , සමාජෙට සාප කර කර , පතිවත රැකන් දේවත්වයට යන්න.. ඒත් එහෙම වුණා නම් උඹයි, මායි මැරෙන්නේ හාමතේ. හැබැයි ඒ දේව කතා ෆැන්ටසියෙන් මිදිලා අම්මා පොළොවේ පය ගැහුවේ උඹෙයි, මගෙයි බඩ පුරවන්න. එහෙම බලද්දි , වේසියක් උනු අපේ අම්ම පත්තිනිට වඩා කොච්චර උතුම්ද කියලා.

    වෙස්සන්තර බවුන් වඩලා ලෝකේ දුක නිවන්න මාර්ගේ හොයද්දි , වනේ ගිහින් අමාරුවෙන් පලවැල නෙලන් දරුවොන්ගේ දුක නිව්වේ "අම්මා", මන්ද්‍රි දේවි. මේත් අන්න එහෙම අම්මෙක්! අයිය අහනව උඹ ඔය තුවාල පාරන්නේ එහෙම නැත්නම් අම්මගේ චරිතෙ ගැන හාරන්නේ ඇයි උඹට අම්ම ඇඟ විකුණලා අමරුවෙන් හොයන් ඇවිත් කන්න දුන්නු දේ විස වෙලද? "නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්!" එහෙනම් වරෙන් යන්න.... අම්මට නෙමෙයි , අම්මව මේ තත්වෙට පත් කරපු සමාජෙට ගිනි තියන්න කියලා.

    දං කඳ නැති දාට රංකඳ වී පෙනිලා
    හාමුදුරුවො අණකර බණ පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
    අම්මා බණ කතාවක් බුදු මැඳුරෙත් ලිව්වා

    පන්සල කියන නිල නොලත් පාලන අධිකාරියේ බලයට අභියෝග කරන්න බයට අපි හිතමතාම මගහරින ඛේදවාචක, තියෙනවා. දැක්කත් නොදැක්කා වගේ ඉදන් එහෙයි කියලා සාදුකාර දෙනවා.

    ගණිකාවක් වුනත් තමන්ගේ ආගම දහමට හිස නමන මේ උපාසිකාව පන්සලේ ඇරියස් පිට ඉන්න හාමුදුරුවන්ට පේන්නෙ තමන්ගේ කාමාශාවන් සපුරගන්න මෙවලමක් විදිහට. පන්සලට කව්රුවත් නොඑන දානයක් නැති දවසක, අන්න ඒ තමන්ට සමාජය නම්මගන්න තියෙන ආගමික පාලන බලය පෙන්නල, පණිවිඩයක් යවල පන්සලට ගෙන්න ගෙන උන්දැත් බුදුගේ ඇතුලේදිම අම්මව දුෂණය කළා කියලා අයියා නංගිට කියල දෙනකොට ඒ කටහඬේ ගැබ්වෙන වේදනාව සාදර අපේ සියුම් රෝම කූප වලටත් දනවනවා.

    "මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා" මේක ප්‍රබල යෙදුමක්, ගායනය වඩාත් තීව්‍රව දනවන තැනක්. මේකට ද්විත්ව අර්ථයක් තියෙන්න පුළුවන්. එකක් "මුචලින්ද" කියලා අපි කට වහරේ හදුන්වන බොරුකාර මිනිස්සු වුණු දේ ගැන දක්වන බොරු අනුකම්පාව. දෙවෙනි එක, දවස් හතක් පුරා බුදුන්ට වැස්සෙන් ආරක්ෂාව දෙමින් ධර්මය රැකගන්න පිහිට වුණු හැබෑ මුචලින්ද නාගරාජයා, බුදුගේ ඇතුලෙදිම බුද්ධ පුත්‍රයෙක්ය කියලා කියාගන්න කෙනෙක් විසින් කරපු මේ අපරාදේ දැකලා ඇති කරගන්න වේදනාව. වචන ඇතුළේ රහස් හංගන්න පුළුවන් කියලා මං කියන්නේ ඒකයි.
    ------------------------------------------

    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

    ලෝකුරු ගෑනු කියන්නේ උප්පත්තියේ ඉඳන් රත්තරං අත ගගා රත්තරං ගොඩේ හැදෙන හෙට්ටි වීදියේ ගෑනුන්ට. ඒත් ගිනියම් උනාට පස්සෙ යකඩ වලයි, රත්තරන් වලයි වෙනස පේන්නේ නැති තරම්. ඉතිං වැරදිලා රත්තරං කියලා යකඩත් තැලෙනවා. පිරිමියෙක් රස කියන්නේ මොකක්ද කියලා කොච්චර දැනගෙන හිටියත් රාගය ඉස්මුදුනට ගැහුවම ඒ ගෑනි පත්තිනිද නැත්නම් වේසි ද කියලා හොයා හොයා ඉන්නේ නෑ. "පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා". පතිවත කියන්නේ වචනයක්! පත්තිනි සළුවෙන් හෙළුව වහන් ගණිකාවන්ට ගරහන ගොඩක් ගෑනුන්ගේ කිල්ලෝට වලත් පොඩ්ඩ, පොඩ්ඩ හුණු තියෙනවා. "ඇත් තුත්තිරි" ප්‍රබල යෙදුමක්, ආක්‍රමණික පැලෑටියක්, ආක්‍රමණිකයෙක් ඉස්සරහා නැවෙන, රත්වෙන, පොඩිවෙන ගෑනුන්ගේ රහස් හංගගත්ත ලෝකෙට උඩින් පේන පත්තිනි සළු!

    "ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා" ලෝකුරු වීදියේම වැඩකරන ගෑනු රත්තරං කියල රත්වෙච්ච යකඩ තලනවනම්.... හොඳටම මල් ගැන දන්න බඹරු ඉටිමල් වල වහනවනම්... එච්චර expert ලට වැරදෙන ලෝකෙක නංගියේ මේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු උඹ මොන මඟුලක්ද දන්නේ අම්මව විත්තිකාරි කරන්න!
    _________________
    'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා! වැඳපන් අම්මාට..

    සාදර බණ්ඩාර ඔයා බෝම්බේ පුපුරවන්නේ මෙතැනදී. මුළු ගී පද රචනය පුරාම ප්‍රබලවම දැනෙන අමුම අමු පදපේළිය මේක. මට නම් ඔයාව ගායකයා විදිහට ප්‍රබලව ඉස්මතු වෙන තැන මේක. හිස්මුදුනෙන් පටන් අරන් පපුවට විදුලියක් ගලාගෙන යන වේලාව මේක. ගී පද රචනයේ නැති තැනකට ආයෙමත් මේ පද ටික ගේන්න ගායකයා විදිහට ඔයාට තිබ්බ ඉව මරු. අන්න ඒ ඉව ඔස්සේ ගිහිල්ලා සාදර බණ්ඩාර ඔයා මේ ගීතයට උච්ඡතම සුරාන්ත නිමාවක් දෙනවා.

    ඉතිං මං දන්නේ එක දෙයයි මේ ගීතය ෆැන්ටසියයි, සෙමිෆැන්ටසියයි අතරේ තියෙන සුභාවිත සංගීතය අතික්‍රමණය කරලා මිනිස්සුන්ගේ හිත් පතුළට මුල් අදිනවා. ජය!

    (මෙහි ඇතැම් අරුත් පිළිබද තිබූ අපැහැදිලි තැන් ලිහා දුන් මා මිත්‍ර Thilina Nuwan Kurukulasooriya හට විශේෂ
    ස්තූතිය!)
     
    • Like
    Reactions: Nimeshaya

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙතු දෑලක සමවැදි තපසෙකු මෙන් මා
    සුමියුරු රැඟුමෙහි නැවතී උන්නා
    රාගය වෙනුවට ආලය බැන්ඳා
    හිනාවකින් සිත මා මුලා වූ
    ඔය නෙතු බැල්මෙන් මා

    සමවැදි දැහැනේ සිල් බිඳිනා මුත්
    මන්මත් බිඟුකැල රඟදෙන්නා වූ
    රාගය වෙනුවට ආලය බැන්ඳා
    විරාමයක සිත මා තනිකර
    රඟනා ඔබ මීනා


    ගායනය :- පසන් මහේල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ අමනාපකම් මනසින් විඳවන්නෙ මන්
    දුර යන්න කාරණා කීවෙත් නැතී
    ඔබ හොඳින්නම් ඉතින් ඒ මට ඇතී
    සිහිවුණොත් පෙරදිනේ ඔබට දුන් ආදරේ
    හැකි සැනින් යලි ඔයා එනු මැනේ මා කෙරේ

    තාම හිතයට ඉන්නෙ ඔබමයි මතකයේ
    හිත හයිය කරගන්න මට හැකිවේ ද මේ ආත්මයේ
    දඬුවම ද මේ ඔබෙ ආදරේ
    විඳවන්න බෑ මුලු ජීවිතේ

    සිහිවුණොත් .....................

    නෑනෙ ඔබ තව දන්නෙ මේ මගෙ ආදරේ
    මගෙ කඳුළු නවතින්නෙ නෑ ඔබ නැතිව මේ ජීවිතේ
    දඬුවම ද මේ ඔබෙ ආදරේ
    විඳවන්න බෑ මුලු ජීවිතේ

    නෑ අමනාපකම් ...................


    ගායනය :- ශාහිල් හිමංස
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හේයි මගෙ නම සොනලී
    මගෙ මව සුරලී
    කොලු එනු පෙරලී
    ටේක් මී ටේක් මී

    හේයි ආවොත් අද වෙලී
    දෙන්නෙ අල හෙරළී
    යන්නෙපා මඟහැරී
    ටෝක් මී ටෝක් මී

    මේ වඩිය මචා
    ඒව බොරු සමයාම්
    නැහැ බොරු කැටයම්
    මේ මං ළඟනම්

    මේ මගෙ කුමරී
    අපි කමු කුමරී
    ආවොතින් හැරී
    කරගමි භාරී

    බෑ ඔය බොරු චාටුව
    හොඳ නෑ දෙන්නෙ නෑ හාදුව
    රැවටුන කාලේ මගෙනම්
    ඉවරයි බේබි

    හේයි මගෙ හිත ම හොයන කෙල්ල
    මේ මට ම කැපෙන
    දෙන්නම් සුරසැප ඔයාට
    එනව ද බේබි

    හොයන් නෑ කොල්ලෝ ඕනෙ නෑ
    මගෙ ටයිප් එකට සෙට්වෙන අය
    ලොවෙත් නෑ

    ඒත් කමක් නෑ මමනම් සැලෙන්‍ නෑ
    ඔයා වගේ කෙනෙක්
    වෙනනම් ‍මගෙ ලෝකෙ නෑ

    ඉන්නම් කිවුවේ කිට්ටු වෙලා
    මංනම් ඉන්නේ මට්ටුවෙලා

    පැණි සුකිරි කැටේ
    මගෙ බොරුව නැතේ
    ගිය හතර වටේ
    කෙල්ලන් ඕන නැතේ

    හොඳ තැනක් අතේ
    මගෙ හිතත් තිබේ
    කැරකෙයි ඔයා වටේ
    මං එන්න ද බේබි

    හේයි කටු කාපු හැටී
    හිත ගත්ත පැටී
    ඔය ඇස් කිවුවේ
    ටේක් මී ටේක් මී

    හේයි ඔය හිත ම මගේ
    ආදරෙයි පණේ
    තව ළංවෙල දැන්
    ටෝක් මී ටෝක් මී

    ඔය හිතට බැඳී
    මට වචන මදී
    රතු පැණි බූන්දි
    රහ මමත් දනී

    ගිනි ගින්දර වගේ
    අපි ඉමු ඇවිලී
    ගියත් ඔයා මගේ
    එන්නම් බේබි

    හා නැහැ බොරු චාටුව
    එන්නම් දෙන්නම් හාදුව
    කෝ තව ළංවෙන්නකො
    එනව ද බේබි

    හා මගෙ හිත ම හොයන කෙල්ල
    මේ මට ම කැපෙන
    දෙන්නම් සුරසැප ඔයාට
    එන්නම් බේබි


    ගායනය :- මැංගුස් සහ මාෂා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ මත්තෙ හිත නැහීලා
    දුක් වින්ඳ හැටි හිතීලා
    පුසුතැවී ම ගියේ නැද්ද හොයනවා
    දුර දැක්කෙ නෑ දැනීලා
    වෙන් වී නොයයි කියලා
    අඩුවක් නෑ මා කළේ ආදරේ සදා
    අවසාන තිත තියාලා
    ලිවුවා ද රැයෙ කථා මා
    වෙන්වීම මත ඔයා
    සම්බන්ධකම් නවත්වා
    මෙතුවක් ජීවත් වූ ඒ ආදරය එපා
    නුඹනම් ආයෙ මගේ මොහොතකට එපා

    දුක හඳුනන්නෙ නැතී
    ආදරෙ දන්නෙ නැතී
    ඔබ මැවුවේ ම හීන මාළිඟා තමා
    වරදක් වෙච්ච ‍නැතී
    බොරු පැටලෙවුව ඇතී
    පැහැදිලි යන්න මඟක්
    හොයපු බව ඔයා

    අවසාන ...................

    මට වැඩියෙන් හිතැතී
    කුමරෙක් එන්න ඇතී
    එසැනින් දාල ගියේ ආදරේ පවා
    මඟ වරදින්න ඇතී
    මා සිහිවෙන්න ඇතී
    නැවතත් එන්න වුණේ මා කෙරේ සොයා

    අවසාන ...................


    ගායනය :- අංජන කල්හාර
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කන්දේ ලන්දේ. ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...
    මනබැන්දේ වින්දේ සුවපහසේ වාසේ ගම්මානේ...

    වෙල් යායේ දොල පාරේ නිල්වන් ජලාශේ
    ගං තීරේ ගුරු පාරෙ සිරි දෙව් සිනාවේ.

    ඒ මව් තුරුල්ලේ සුරූපී.යොවුන් ලාලනී.
    සංකේත වූ ප්රාර්ථනාවේ ගම්මානේ...
    කන්දේ ලන්දේ...
    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැළේ විහාරේ පූජාවෙ බෙර නාදේ ගැමි ගීත රාවේ.

    මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දර්ත්වේ
    යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ...
    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පෙනෙනා...

    ගායනය : රෝහණ බැද්දගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජෝන්සීන බැටිස්ටාට ගීත ලියපු කාලේ
    රපට ටපට නලා ගහල බයිල නටන තාලේ
    නැතිවුණදා ගීත අපට හද නලවන ලෝකේ
    ඔහොම ගියොත් ජාතික ගීයටත් නටයි රාළේ

    වෙහෙර විහාරයි මල් ගැන ලියවෙන විට ගීතේ
    මල් පරවී බිමට වැටෙයි ඇසෙන විටදි තාලේ
    තණමල්විල මල්වලටත් ගී ලියවුණු ලෝකේ
    ලියන්නටත් දෙයක් නැතුව ඕව ගැනයි ලීවේ

    ජෝන්සීන ..............

    එළිසමයට පද බැඳ අපි ලීවෝතින් ගීතේ
    ගෙදර තියන් ඉන්ට වෙයි කොලටික අපරාදේ
    තාලය ඇති තේරුම නැති මේ නව සංගීතේ
    රැගෙන ගියොත් අනාගතේ සරුවෙයි ලක්දීපේ

    ජෝන්සීන ..............


    ගායනය :- රකිත ‍භාදිය වෙලන්ගොඩ හා සචින් ගුණවර්ධන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ නිහඬ භවයේ වරදකාරියේ
    ආයෙත් කිම ද රහසේ
    මේ හිතෙන් අදින්නේ
    ආත්මේ පාවලා ගිය දිනේ සිට ඔයා
    සිය දහස් වාරයක් මැරි මැරි ඉපදුනා
    මරණ මංචකේ දී හා මේ මා මතක් වෙලා
    විඳවන්නටනම් සිදුවෙයි හැම ආත්මයේ පවා

    ආත්මය පවා සාක්කි දෙයි
    දෛවෙන් ගැලවෙන්නට බැරිවෙයි
    කඳුළු උපද්දා තරු නෙතේ
    විඩාබරවු හද කම්පාවෙයි
    කිඳාබැස්ස සෙනෙහස වැලපෙයි
    ඔබට පමණි ආදරේ කළේ

    ආත්මේ පාවලා ...................

    හුදකලා මගේ තනිවීමයි
    පණ වගේ ඔබේ වෙන්වීමයි
    පතාල එන්නැති හැම භවේ
    හිතුන විටදි මා වෙත ඒමයි
    හිතුන සැනින් මා හැරයාමයි
    මිරිඟුවකි ඔබගේ ඔය සෙනේ

    ආත්මේ පාවලා ...................

    මේ නිහඬ .................


    ගායනය :- අශාන් ‍ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම්
    වැටහුණේ ඔබ වෙන්වී ගිය දා
    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් ‍බෑ කොහෙ තිබුණා දෝ
    මේ තරම් ආදරේ මේ තරම් ආදරේ

    රැය පුරා ඉකිගසා රතට හැරී දෙනුවන් පුරා
    මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරනා
    ආයෙත් ඔබ මට හිමිවීනම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම්
    සුභපතලා ඈතට වෙන්නම්

    තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
    දිවි තුරා විඳවමී අහිමි කරන් ‍මගෙ ආදරේ
    ආයෙත් ඔබ මට හිමිවීනම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම්
    සුභපතලා ඈතට වෙන්නම්

    ඔබ තරම් ..........


    ගායනය :- තීක්ෂණ අනුරාධ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    හෝ හෝ..............හේයි....!

    හෝ හෝ හෝ හෝ හෝ හොහෝ..[තදෙන තනා]
    හෝ හෝ හෝ හෝ හෝ හොහෝ..[තෙයිතන තනා]

    සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල
    - දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි]
    සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොල
    - දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි]

    වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..]
    මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල [තම්දෙන තනා]
    මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල

    සකිය සගව්වට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..
    සකිය සගව්වට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..

    සසඳ සසඳ සඳ පානේ අපි යනවා
    - සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි]
    මක්කොලි බඳට ගොම්බානක් බැදයනවා
    - ගොම්බානක් බැදයනවා [ ගලෙලි හඥයි ]

    සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..]
    දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා]
    දත් කැකුලට නාරම්මල ලත වෙනවා

    සකිය සගව්වට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..
    සකිය සගව්වට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..

    සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
    - සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි]
    මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට
    - දුටු විගසට ගිරවුන්ට [ ගලෙලි හඥයි]

    පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..]
    වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා]
    වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

    සකිය සගව්වටට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..
    සකිය සගව්වට රෝදය කැරකෙනවා..
    සසඳ සසඳ අපි මහපාරේ යනවා..////

    මේ ගීතය 1994 වසරේ දී රෝහණ බැද්දගේ මහතා විසින් නිර්මාණය කල ගීතයක්. එවකට එතුමා කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. එතුමා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සමග මේ ගීතය මුල්වරට ගායනා කලේ. ඉතින්, මේ ගීයට පදනම් කරගෙන තියෙන්නේ, ගමන් සී පද නම් කරත්තකරුවන් කියන කවි සහ සසඳ කවි ඇසුරින්. සසද කවි කියන්නේ "ස" අක්ෂරය මුලීකව නිර්මාණය කර තිබෙන කවි වලට.

    මෙහි සැබෑවටම තියෙන්නේ වෙනත් අර්ථයක්. සංසාර ගමන සහ බුදු දහම ගැන පාඩමක් අපිට මේකෙන් කියලා දෙනවා. ෂෙල්ටන් පෙරේරා මහතා ගැයූ එගොඩහ යන්නෝ ගීතයත් මේ වගේම යටි අරුතක් දෙන අපූරු ගීතයක්.

    මේ ගීතයේ තේරුම බැලුවොත්, සසඳ කියලා කියන්නේ, සංසන්දනය කරනවා කියන එකයි, අපිට කියනවා සංසන්දනය කරලා බලන්න කියලා. එහෙනම් අපි ඔක්කෝටම ඉස්සෙල්ලා එකින් එක සංසන්දනය කරලා බලමු.

    දියපල්ලේ තිබෙයි අල - සංසාරය නම් වූ ජලාශයේ පෙර කරන ලද පින් (නෙළුම් අලය)

    දියමතුපිට තිබෙයි කොල - සංසාරය නම් වූ දිය සමග තිබෙන නිවන් මග අවුරණ පංච නීවරණ ධර්ම (නෙළුම් කොලය)

    වැස්සට පිණි බබා මෝරන කැකුළු මල - සංසාරය නම් වූ ජලාශයෙන් එතෙර වන්නට සූදානම් වන බෝසතාණන්වහන්සේ (නෙළුම් පොහොට්ටුව)

    මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල - සියළු සත්ත්වයන්ට (මාළුන්ට) බුදුරජාණන්වහන්සේගේ සරණ හිමිවෙලා තිබෙනවා (මුතුකුඩය)

    සගව්වට රෝදය කැරකෙනවා - අපි මහපාරේ යනවා - සංසාරේ වරින් වර විවිධ ආත්මවල අපි ඉපදෙනවා (සගව්ව = ගව් 6න් 6ට ඇති නවාතැන්) එසේ විවිධ ආත්මවලින් මේ සංසාරය නම් වූ මහපාරේ අපි ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. මේක හරියට චක්‍රයක් වගේ (රෝදය)

    මක්කොලි බඳට ගොම්බානක් බැදයනවා - මක්කොලි කියන්නේ කරත්තයේ ගොනුන් බඳින වියගහ යි. එතකොට කරත්තයේ බැඳි ගොනා පස්සේ, කරත්ත රෝදය එනවා වගේ අපි කරපු පව් අපේ පස්සෙන් එනවා.

    දත් කැකුලට නාරම්මල ලත වෙනවා - දත් කැකුල කියන්නේ කරත්ත කරුවන් නවාතැන් ගන්නා ස්ථාන වල සිනහ වෙවී සංග්‍රහ කරන කාන්තාවන්ට. නාරම්මල කියන්නේ, සාමාන්‍යයෙන් ගමක නමක්. ඒ කියන්නේ එක නවාතැන් පොළක්. බොහෝ කරත්ත කරුවන් නවාතැන් පොල වලදී එහි සිටිනා තරුණියන් හා පෙමින් බැඳෙනවා. ඒ කියන්නේ, බැඳීම් ගොඩක් අපි මේ සංසාරේ ඇති කරගන්නවා කියන එකයි. තව විධියකට කියනවා නම් අපි එක් එක් ආත්ම වලදී විවාහ වෙන සැමියා හෝ බිරිඳ කියන එකයි මේ කියන්නේ.

    සාවුන්, ගිරවුන්, බඹරුන් - මේ කියන්නේ සංසාරයේ අපිට හමුවෙන විවිධ මිනිස්සුන්ගේ ස්වාභාවයන්. සමහරු අහිංසකයි (සාවුන්), තව සමහරු තමන්ගේ වාසියට කතාකරන අය (ගිරවුන්), තවත් සමහරු රාගාධිකයි (බඹරු)

    වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට - ටිකිරා කියන්නේ කුඩා දරුවෙකුට යොදන නමක්. සත් සමුදුර පීනන්ට කියන්නේ සංසාර සාගරයෙන් එතෙර වන්නට එන්න කියලයි. එතකොට කුඩා වයසේ සිටම අප්‍රමාද ව කුසල් කර මේ සංසාර සාගරයෙන් එතෙර වන්නට එන්න කියන එකයි මේ කියන්නේ.

    හරි දැන් එහෙනම් අපි ගීතය සාරාංශ කරලා බලමු.

    මේ සංසාරයේ අපි විවිධ ආත්මවල ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. ඒ අතරේ අපිට විවිධාකාර පුද්ගලයින් මුණ ගැහෙනවා. අපි එක් එක් ආත්මවල විවිධ අය එක්ක බැඳීම් ඇති කරගෙන ඇති. මේ ආත්මයේ අපේ බිරිඳ, සැමියා අපි ආශ්‍රය කරන අය සමහර විට ඊළඟ ආත්මවල දී මුණගැහෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

    අපි මෙහෙම සංසාරේ ගමන් කරන අතරේ බෝසතාණන්වහන්සේ ආත්ම ගණන් පාරමිතා සම්පූර්ණ කරමින් නිවන් දකින්නට බාධා කරන නීවරණ ධර්ම බිඳහෙළමින් ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය ලබාගෙන අපිට සරණක් වෙලා ඉන්නවා. නමුත් අපිට ඒ බවක් දැනෙන්නේවත් නෑ. ඒ නිසා අපි තාමත් සංසාරේ දුක් විඳිනවා. ඒ නිසා අප්‍රමාද ව කුසල් කරලා සංසාරෙන් එතෙර වන්න.

    ඉතින් මේ ගීතය කොහොම හරි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ගිහින් තිබෙනවා. අවසාන‍යේ ලෝකයේ හොඳම ගීත 20 අතරට ඇතුළත් වෙලා තිබෙනවා. ඉන් පසු ලෝකයේ රටවල් 240ක විතර මේ ගීතය වාදනය වෙනවා. ඒ අතරේ රෝහණ බැද්දගේ ශූරීන් 2012 නොවැම්බර් 22 දා ලොස් ඇන්ජලීස් නුවර දී ම මේ ගීතය ගායක ගායිකාවන් 80ක් ඉදිරියේ සජීවී ව ගායනා කරනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ පැදුරෙන් මිදී කෙල්ලට
    වාසලට යන්නට වුණා
    අනේ ඒකිගෙ කැකුලු ඇඟ කඳ
    හැම වෙලාවෙම සිහි වුණා
    මාලිගාවෙන් අපේ ගෙපැලට
    තෑගි බෝගත් හිමි වුණා
    සිහිල් ජල කෙලි-දුහුල් සළු පිළි
    දුවට හිමි බව සැලවුණා

    මහා සීගිරි ගලේ මුදුනක
    උඹේ රුව සිත්තම් වුණා
    එය බලන්නට හොරෙන් හවසක
    මාත් එතැනට ගොඩවුණා
    කරඬුවක් වගේ උඹේ උඩු කය
    අනෙක් උන් මැද දිලිසුණා
    මගේ හුස්මක් ගැටී වෙන්නැති
    දුවේ කළු ගල හෙලවුණා

    පපුව ටිකටික මෙලෙක් වෙනකොට
    එන්න වෙයි මං දන්නවා
    උඹේ දූවිලි සුවඳ තැවරුණු
    පැදුර තාමත් තියෙනවා
    දැනුත් සීගිරි සිංහයා
    කට ඇරන් ඉන්නව පේනවා
    ඒ ඉසව්වෙන් යද්දි මං
    පොඩි කෙලී හංගාගන්නවා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීත හිම මත වතාවක්
    නිමවුණා පෙම් කථාවක්
    අරුත සඟවා ඔහේ ලියැවුණු
    අකීකරු පෙම් කථාවක්

    නින්ද නැති මැදියම පුරා
    හැඬූවත් දෙ‍තැනට වෙලා
    නොදැන සිටියා නොවේ නුඹ මා
    දිනක් එන බව වෙන්වනා

    අතීතය මා ළඟ තියා
    හිතේ තරහක් නෑ කියා
    ළඟින් ළඟ එන වසන්තය වෙත
    යන්න හිම කවුළුව වසා

    සීත හිම ..............


    ගායනය :- කාංචනා අරුන්දතී ප්‍රනාන්දු
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සිහිනෙන් වුවත්…නෑ මා දුටුවේ…
    මාගේ දිවියේ… අන්දකාරේ…
    ඔබගෙන් පෙර නෑ… මා කිසිදා හිරු අග බැලුවේ…
    නෑ මා කිසිදා..හිරු අග බැලුවේ..
    පැතුමන් අදුරේ…සිර වූයේ…
    ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ….
    කදුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ…මා තනි වී…
    සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ…

    චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
    වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
    වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
    ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…

    වසන්තයයි මාගේ දෙතොලේ…
    සිහිවන්නේ ඔබෙ මුව හමුවේ…
    කැළබීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ…
    අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ…
    හැගේ සිතේ නිසන්සලේ…
    රගදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී…

    චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
    වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
    වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
    ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…