පද පේළී - EK LYRICS THREAD PART 2

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පැහැසර සිනහවට වසඟ වෙලා
සිත නොකියම මට දුරක ගියා
ගිය දුර අද මට දුකක් වෙලා
සිත හඬනවා දැන් ගිලන් වෙලා

හිනැහෙනු නෑ ආයේ
කඳුලුයි මගේ උරුමේ....

හෙමිහිට හෙමිහිට ලඟට වෙලා
තනිකඩ මගෙ හිත දෙකඩ කලා
කවදාවත් වෙන් නොවෙමි කියා
මට නොකියම දුර ඉගිල ගියා
මටම ම මා අද නෑ...
හිනැහෙන්නට ඔබ ඕනේ
කඳුලුයි මගෙ උරුමේ....

සඳ තරු හිනැහෙන රෑ අහසේ
ඔබ පමනයි මට පෙනුනේ
වැලපෙන මාගේ හිත වාගේ
ඔබ වැලපෙන්නේ නැහැනේ
මටම ම මා අද නෑ...
හිනැහෙන්නට ඔබ ඕනේ
කඳුලුයි මගේ උරුමේ....

පැහැසර සිනහවට වසඟ වෙලා
සිත නොකියම මට දුරක ගියා
ගිය දුර අද මට දුකක් වෙලා
සිත හඬනවා දැන් ගිලන් වෙලා

තිසර
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිල් තරුවී ඔබ තරම්...

නිල් තරුවී ඔබ තරම්
නෙත් කිරනින් මා දවා
දෑත පැතු ළමැදේ හොවා
හුයකින් වෙලා මා වෙලා
නව අරුණෝදේ මට මැවුවා වු
ඔබ ආදරයේ දෙව් දු තමා...

යොවුන් උද්‍යානයෙදී
ඇසෙන ප්‍රමාදයෙදී
කදුලැලී නැගී පෙගී
ඔබම සොයයි සිතැගී
මල් වරුසවේ සිරි මැවුවා වු
ඔබ ආදර්යෙ දෙව් දු නිසා...

නිල් තරුවී ඔබ තරම්...


 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හදාගන්න නුඹ අතින්ම බිදුණු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා,
කියාගන්න බැරිවුණාට පෙරදිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා,,,

නුඹේ සුවඳ මා ලඟින් තියා
යලිත් එන්නෙ නැතිවුනත් ඔයා,
හිතාගන්න බෑ තාම බෑ තාම බෑ
මේතරම් නුඹ දුරයි මට කියා.......

හිතාගන්න බෑ තවම ඔයා
දුකක් දෙයිද මේතරම් ඔයා,
හිතාගන්න බෑ තාම බෑ තාම බෑ
මේතරම් නුඹ දුරයි මට කියා....


සංක දිනෙත්
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Shihan Mihiranga...............

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ~
ඔබ ඉන්න මාගේ ලඟින්..
හද පිරුණු වේදනා පිසදා සිනා සලා~
මට දෙන්න ආදරේ ඔබගේ හදින්..
 

kandegama91

Member
May 28, 2013
61
10
0
සුදු රෝස මල් වැටිලා තිබුනා
ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුනා//
මතකයි අද වාගේ..
රැදවූ මතකයන් ඒ වාගේ...

වෙන කාගෙවත් වෙන්නේ නැ ඔබ කිව්වා ආදරෙන්..
මට ඔබ නැතුව සැනසෙන්න බෑ තුරුළුව උණුහුමට ආදරෙන්..
වස්සානේ සිත සැනසී ඒ වගේ...
සමණළ් පියාපත් හිනහුනා ඒ රැයේ...

සුසුමකට ළං වෙන්නම් සිපගන්නේ නම් මා..
ඔබ තුරුලේ නැළවෙන්නම් මගේම වෙනවානම්....
සුපුරුදු සිහිනෙක දැවටී ඒ වගේ........
මල් මත තුරුලිය වඩින්න ආදරෙන්....
 
  • Like
Reactions: DAMER and rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සංසාරේ සරණතුරු මා සංතාප ගින්න නිවලා...

සංසාරේ සරණතුරු මා සංතාප ගින්න නිවලා
ඉරපාන නුඹයි අම්මා වඳිම් වඳිම් සදා

අනේක ගැහැට වින්දා පුතුගේම සුවය හින්දා
න්‍රේතාද නොසැල උන්නා උනු කඳුළු මට නොපෙන්නා
භවයේ උපන සැමදා අම්මා මටම ඕනා
මිණි පහන නුඹය මාගේ සදා සදා මා ප්‍රාණේ අම්මා

ලොව ජයගෙන එනවිට මා තුටු කඳුළු නෙතඟ උනනා
හඬාන වැටුන දින මා මගේම ළඟම උන්නා
සයුරේ ගැඹුර විලසා අම්මාගේ හැඟුම් නොනිම්මා
මිණි පහන නුඹය මාගේ සදා සදා මා ප්‍රාණේ අම්මා

-Noel Raj-
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ
    හිතන්න මට කඳුළැල් පමණයි
    අහන්න මිහිරියේ හද හඬනා හඬ
    මගේ සිතුවිලි ඔබ ළඟ සසලයි.... :(:(:(
     
    • Like
    Reactions: rcccc

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබ ආයෙමත් ඇවිදින්
    ඔබ ආයෙමත් ඇවිදින්
    සිත හදා ගත්තා විතරමයි
    නුඹ ආයෙමත් ඇවිදින්

    උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
    නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
    නුඹ ආයෙමත් ඇවිදින්

    දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
    එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
    නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්

    ගායනය - අමරසිරි පීරිස්
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙර භවේ අපි පෙමින් ළංවෙලා ඉන්නැතී
    සමුඅරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නැතී
    මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැතී

    කඳුළු සලලා දුක ම විඳලා
    මගෙ ම ළඟ ඔබ ඉන්නැතී
    නමුදු පෙරදා ඔබව හැරදා
    නොසලකා මම යන්නැතී
    අහස තරමට සෙනෙහෙ තිබුණත්
    සඟවගෙන ඔබ ඉන්නැතී

    පෙර භවේ .............

    පුංචි දේටත් රන්ඩු කරගෙන
    ඔබ ව මම හඬවන්නැතී
    ඉවසගනු බැරි තැන ම ඔබ වෙන
    කෙනෙක් අසලට යන්නැතී
    මතු සසරෙ ඔබ ඔහුගෙ වෙන බව
    දිවුරලා පවසන්නැතී

    පෙර භවේ .............


    ගායනය :- රදීෂ් වැන්ඩෙබොන්
     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප හමුවූවත්.....නොවුනත්
    කාල‍ය ගතවී ‍යනවා......
    අප තනි වූවත්......නොවුනත්
    ලොව එකසේ......පවතිනවා.....

    ලොව මල් පිබිදෙන්නේ
    ‍යලි පරවෙන්නට නම්......
    අප හදවත් එක්වන්නේ
    වෙන්වන්නට නම්.....‍
    යලි වෙන්වන්නට නම්......

    පෙරුම් පුරා හමුවන්නෙත්
    දිගු කලෙකින් නම්......
    හමු වූවත් ‍යලි සැණෙකින්
    වෙන්වී ‍ය‍යි නම්......
    අප ‍යලි තනිවේ නම්......

    -T.M. Jayarathna-
     
    • Like
    Reactions: rcccc and DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙවනැල්ල වාගෙමයි උණුහුම වෙලා
    ළඟ උන්නු කාලෙමයි මතකේ පු‍රා
    තනිවෙන්න දැන් ළඟයි සිහිනෙන් එහා
    වැලපෙන්න බෑ දුකයි නුඹ නැති නිසා

    මගෙ හීනේ වෙලා නුඹ හිටියා එදා
    දුර වැඩි දෝ ගියා මා අඳුරේ දමා
    හිනහෙන්නම් හිතා මගෙ දුක හංඟලා
    සතුටින් නම් ඔයා ඇති මියෙනා තුරා

    ‍මගෙ ජීවිතේ පුරා මේ වෙදනා
    තිබුණා ඔහේ හිතකින් මං විඳවලා
    නෙතගින් ගැලු කඳුළත් දැන් වියැකිලා
    තාමත් මගේ හීනේ කුමරිය ඔයා

    හෙවනැල්ල වාගෙමයි ................


    ගායනය :- සඳරුවන් ලක්ෂාන් ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ මගේ හිත තව රවටලා වෙන්ව ගිය දා මා කෙරෙන්
    ආදරය යන අකුරු හතරට පණ දුන්නෙ ඔබමයි ඉතින්
    ඔබට කවුරුත් නෑ කියූ නිසයි පෙම් කළේ මහමෙර තරම්
    මැරි මැරී ඉපදෙනව තවමත් ආදරෙන් පැරදිලා මං

    දෙනෙත පෙඟිලා මතක අමතක වන තුරුම හැඬුවා
    නැගිට ගන්නට බැරි තැනට ජීවිතය මගෙ වැටිලා
    ආයේ නොයෙන බව මාව හොයනා දහස් වර හිතුනා
    පෙම් කරපු හැටි මතකනම් යලි
    අනේ සත්තයි ඔයා මගෙ වෙනවා මයි

    හඬන්නටවත් පුරුදු නැති මගෙ ඇස් දෙකම හැඬුවා
    ඔබට විතරයි පෙම් කළේ මං මුලු හදින් සැමදා
    මාගේ නොවන බව ඔයා නැති දා මගේ හිත කිවුවා
    පෙම් කරපු හැටි මතකනම් යලි
    අනේ සත්තයි ඔයා මගෙ වෙනවා මයි

    ඔබ මගේ හිත තව රවටලා ............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ඇස් දෙක තනිකරලා
    ඔබ යනවා වෙන් වීලා
    රැවටුණු සිත ඔබ හින්දා
    හැමදා මං ඉකිබින්ඳා

    වෙන හිතක් ළංවෙලා ගියත් ඔබ සැගවීලා
    ආයෙමත් ගන්න බෑ ආදරේ උදුරලා
    පෙනි පෙනිත් හඬන ඇස් දිහා ඔබ බල බලා
    හිනහුනේ මට ඔයා ‍වෙන හිතක පැටලිලා

    මේ ඇස් දෙක ...........

    නිදිවරා පෙර එදා ආදරේ ගැන කතා
    මිමිණුවේ ළංවෙලා යනවදෝ මා දමා
    මුළු හිතම පෑරිලා ජීවිතෙත් නැතිවෙලා
    සුභපැතුම් පතනවා ඔබ ඉන්න හිනැහිලා

    මේ ඇස් දෙක ...........


    ගායනය :- ශාහිල් හිමංස
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිරූ පෙරුමන් සැබෑවී ඔබේ සිත හිමිවුණා
    මගේ තුරුළේ නොසැල්වී රැඳී ඉනු සෑමදා
    සදා ඔබමයි පතන්නේ මගේ මතු භවයේ පවා

    ඔබය මා දෑස නිති සෙවූ පහස
    මහදෙ ගැස්මත් ඔයා
    නොයමි කිසිදාක රැඳෙමි හැමදාම
    ඉඳිමි දිවියේ පුරා
    හිරු සඳු පවා මට දිවුරුවා
    ඔබ සදහට ම මාගේ කියා

    දෛවෙ ලියවීලා තිබුණු අයුරින් ම
    මෙලෙස අපි හමුවුණා
    සසර පුරුදක් ව පැමිණි පෙමකින් ම
    හදට හද යාවුණා
    හිරු සඳු පවා මට දිවුරුවා
    ඔබ සදහට ම මාගේ කියා

    පිරූ පෙරුමන් ..........


    ගායනය :- හේමන්ත ලියනගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදාගන්න නුඹ අතින් ම බිඳුණු හිත මගේ
    කියාදෙන්න කෙලෙස දැයි කියා
    කියාගන්න බැරි වුණාට පෙර දිනක වගේ
    සෑමදාම නුඹ මගේ කියා

    නුඹේ සුවඳ මා ළඟින් තියා
    යලිත් එන්නෙ නැති වුණත් ඔයා
    හිතා ගන්න බෑ තවම බෑ තාම බෑ
    මේ තරම් උඹ දුරයි මට කියා
    මේ තරම් උඹ දුරයි මට කියා

    හදාගන්න නුඹ අතින් ම ..........

    හිතා ගන්න බෑ තවම ඔයා
    දුකක් දෙයි ද මේ තරම් ඔයා
    හිතා ගන්න බෑ තවම බෑ තාම බෑ
    මේ තරම් උඹ දුරයි මට කියා
    මේ තරම් උඹ දුරයි මට කියා

    හදාගන්න නුඹ අතින් ම ..........


    ගායනය :- සංඛ දිනෙත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුරුන් ද කවුළුව වැහුවේ
    මට දුන්නු ආදරේ
    මං කොහොම තනිමඟ යන්නේ
    මේ නුහුරු මාවතේ
    හුරු හිතට නුහුරක් දැණුනා
    අපි කෙරූ ආදරේ
    නවතින්න අවසරයි ප්‍රේමයෙන්

    නාඬන්න මගෙ පණ කියලා
    නුඹ ගියා මා දමා
    හැරයන්න හේතුත් කියලා
    මට කෙ‍රූ චෝදනා
    දුර නොයෙන ප්‍රේමෙන් නික්මෙනා
    මට දුන්නූ ඒ හුස්මත් හිරවෙලා
    මතකය ද මේ දුක් දෙන්නේ
    අපි කෙරූ ආදරේ
    අමතක ද මා ළඟ උන්නා
    තනිකමින් උන් දිනේ
    ඇස් වැහෙන මොහොතක් පාසා
    නුඹ ඉන්නවා හිතේ
    යලි එන්න හැකිනම් ඉක්මනින්

    නුඹෙ සුවඳ විලවුන් තවරා
    සයනයේ ගුලිවෙලා
    පැරණි මතකය මා වින්ඳා
    යලි එන්නෙ නැති නිසා
    යලි එන්නෙ නැතිදෝ මා සොයා
    හැකි මට ඉන්න පෙ‍ර සේ ඉවසලා

    කවුරුන් ද කවුළුව වැහුවේ .............


    ගායනය :- චාමර වීරසිංහ හා ශෂිකා නිසංසලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදරේ සිතුම් දිලුනා මතකයි...

    ආදරේ සිතුම් දිලුනා මතකයි
    පැහැසරින් නුඹේ හද දැවුණා
    ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ළඳේ
    බොඳ වෙනා සිහිනයක දැවටෙනා...

    පවස මගේ ඔබ නිසා නොනිමේ ළඳුනේ
    ආදර වදන් කියූ කාලේ යළි එන්නේ නෑ
    ආදරේ සුවඳ දැන් මගේ හදින් යන්නෙ නෑ
    මගේ හදින් යන්නේ නෑ...

    මා සිතින් දැල්වූ හැම පහන්සිල ඔබමයි
    දැවී දැවී එළිය දෙන් ජීවිතේ
    ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ළඳේ
    බොඳ වෙනා සිහිනයක දැවටෙනා...

    පවස මගේ ඔබ නිසා...

    -කසුන් කල්හාර-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආරාධනා දෑසින් කියනා...

    ආරාධනා දෑසින් කියනා
    නොපෙනෙන දුර ඈතක මා තනිවම උන්නා
    සංවේදනා ගීයක තවරා
    කාටත් නෑසෙන ලෙස මා තනිවම වින්දා
    දැන් රන් පැහැ ගැන්වූ තොල්
    ප්‍රේමාදරයෙන් මත් වී දැවුණා...

    නෑසී ඇසෙනා ඒ
    ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
    සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
    මේ ආදරේ...
    වෑහී දිලෙනා ඒ
    තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
    පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
    මේ ජීවිතේ...

    සන්තාපයේ ගිගුරුම් හැලෙනා
    සන්සුන් නොවනා සිත මගෙ ආදරෙ හෙව්වා
    සංග්‍රාමයෙන් අවසන් නොවනා
    ආදර ගීයක් කියනා ලෙස මට කිව්වා
    දැන් විසඳුම් නොවෙනා පෙම් දහසක් තිබුණා
    මේ ජීවිතයේ...

    හැලෙනා හඬනා වැස්සේ
    තෙමිලා මා...
    දැනිලා රිදිලා රිසිසේ තැවුණා මා
    තැවුණා මා...

    -Daddy-
     
    • Like
    Reactions: Rex921