පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෛවය අපේ ඉරණම වෙලා අප වෙන් කළා

දෛවය අපේ ඉරණම වෙලා අප වෙන් කළා
ඔබ දුන් සෙනේ මා ළඟ තිබේ ඇස් දෙක වෙලා
මට ඔබ තරම්
වෙනෙකෙකු නැතේ ආදරේ කලේ සදා
මගේ ජීවිතේ පුරා...
දෛවය අපේ ඉරණම වෙලා අප වෙන් කළා...


දැන දැනත් විඳවනා තරම් දුක මටම දුන්නා
තව තවත් දුක තියා ඔයා නොඑන බව කිවා
නික්මුනේ ඔබ කොහේ අවසානයක් නොතියා
මගේ ආදරේ තවත් ඔබටම තමා...

දෛවය අපේ ඉරණම වෙලා අප වෙන් කළා...

දුර ඇතත් වෙන් වෙලා ඔයා ලඟ වගේ දැනුනා
හිත හදන් ඉන්නට තව බෑ ඔබෙ අඩුව දැනුනා
නික්මුනේ ඔබ කොහ අවසානයක් නොතියා
මගේ ආදරේ තවත් ඔබටම තමා...

දෛවය අපේ ඉරණම වෙලා අප වෙන් කළා...

-ශිහාන්-

 
  • Like
Reactions: hmhm95

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සැදී රන් අබරණින් රිදී සළු පිලි දරා..
    නැගී රිය පෙරහරින් පැතු පෙම් ලොව දවා...
    මනාලිය වී ලදේ ගියත් ඔබ ඔහු කරා...
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා...

    ..

    අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම් ...
    යළිඳු අප දිවි තුරා නොයෙන බව යලි දනිම් ...
    නොයෙන බව යලි දනිම්.....



    ඔබෙන් ලද සෙනෙහසේ සුවය නීති විදින්නම් ..
    සසර මතු බවෙක හෝ සුරත ඔබේ පතන්නම් ..
    සුරත ඔබේ පතන්නම්.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සීත පිණි බිඳු කඳුලු සලනා...

    සීත පිණි බිඳු කඳුළු සලනා
    මලානික තරු වැලපෙනා
    පාලු මාවත තනි වෙලා
    නැගණියේ නුඹ කා පතා දෝ
    මඟ බලා ඉන්නේ...

    සොයුරියන් ලොව වෙසෙන නුඹ වන්
    සැතපෙනා මේ මැදියමේ...
    නුඹට ඒ සුව අහිමි වී ඇත
    අඳුරු මහමඟ උරුම වී ඇත...

    සොයුරියන් ඇති අයම නුඹ වන්
    නිසා මහමඟ උරුම වූ
    නුඹට ගරහන රුදු ලොවක් මිස
    හඳුන ගන්නා හදවතක් වෙද...

    -ගුණදාස කපුගේ-
     
    • Like
    Reactions: DAMER

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ ජීවිතයේ මග කීවද
    ඒ එලියෙන් පහද පහන් දල්වනු කෙලෙසින්

    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
    විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

    සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්

    මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට
    සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්.
    විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මල් පැන් පොදක්... කිනිත්තක් අගින් ඉසින්නා වගේ මට ඔබේ ආදරේ ...

    ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්.. ඉතින් ආදරේනම් බොහොමයි හැගුම්....

    large.jpg


    :love::love::love:
     
    • Like
    Reactions: C h o p p e

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අයිති නිසා සසර පුරා...

    අයිති නිසා සසර පුරා
    කොහොම ඔයා දුරක තියා
    නෙතඟ තියා ඔබ රැකලා දිවිය පවා රස කෙරුවා
    අඩු දැනිලා වෙනත බලා නෑ කිසිදා ඔබ නොතකා...

    කවදාකවත්ම නෑ මගෙන් වෙනස්කමක් වෙලා
    වෙන කාටවත් වඩා ඔබෙන් ආදරේ ලැබුනා
    වැඩි කිසිවක් පෙමට වඩා නොමැති උනත් ඔබෙන් පතා
    අඩු දැනිලා වෙනත බලා නැහැ කිසිදා ඔබ නොතකා...

    දෙවියන් පවා තිගැස්සුවත් අප අපෙන් මිදිලා
    මැණිකක් හොයන්න බෑ තවත් ඔයා තරම් වටිනා
    ආයු මගෙන් රැගෙන දරා ඉන්න ලඟින් හුස්ම වෙලා
    අඩු දැනිලා වෙනත බලා නැහැ කිසිදා ඔබ නොතකා


    -නිමේශ් චාමික-
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Deck-of-cards5.jpeg



    සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
    කල්ලි නෑ මචන් මෙතන ආස්කින්ග් හිටින්
    පුල්ලි කොල වලින් සෙල්ලම් බෑනේ වැඩ කෙලින්
    මල්ලි ඉඳ ගනින් ජෙමා කූට්ටම ගනින්
    ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
    52 කොළ කුට්ටම ජෙමාගේ වත්තේ....
    :rofl::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිත ගාව නවතින්න පැතුමක් තියා...

    හිත ගාව නවතින්න පැතුමක් තියා
    හිතුවාද වෙන්වෙන්න මාගෙන් ඔයා
    බැඳි චේතනා දිවියේ පුරා
    ඔබගෙන්ම හමුවූ නිසා
    ඒ කල්පනා දුන් වේදනා
    රහසේම මැකිලා ගියා...

    ජිවිතේ පිටුවක් පුරාවට
    ආදරේ ලියලා තියා
    රෝස තොල් පෙති කී කතාවට
    හිත මගේ තව ලංවුනා
    ඒ කී කතා ඔබගෙන් සදා
    නොලැබුණු නිසා අද මෙසේ තනිවුනා...

    සඳ නැතිව හිනැහෙන්න කොහොමද
    රැය පුරා මං තනිවෙලා
    ඔබ නැතිව ගෙවනා හැම මොහොතෙම
    කඳුලු කැට විත් නෙත් තෙමා
    ඒ දුක දරා ඉන්නද සදා
    ඔබ දුර ගියා මතකයන් මට තියා...

    -නිමේශ් චාමික-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nelu & Kapila.............


    ~සයුරේ රළ සේ අහසේ තරු සේ~

    ..මිතුදම් පවතී ලොව සැමදා..
    ~සත්සර නැඟෙනා නාදය කොතැනා~
    ..එතනයි සැමදා අපි සැවොමා..

    images

    :D මේ ත්‍රේඩ් එකේ සෙට් එක :D
     
    • Like
    Reactions: ^Buddhika^

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සොඳුර නුඹ ලිහිණියක - රැයේ අඳුරට හඬන
    මමද ලිහිණියකු වෙමි - කැඩුනු තටු පිරිමදින

    අහිංසක අප දෙදෙන - තටු කඩා මේ ලෙසින
    සිඳී ගිය ගඟ දෑල - හැර දැමුවේ කවුද
    සඳට දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද
    බාල වයසින් මැරුණ - ප්‍රේමයකි තරු එළිය

    කටුක දුක් විරහ මැද - අතරමංවී ගියද
    අපි තවම පෙම් කරමු - අපේ ජීවිත වලට
    කියාදෙමු පියඹන්ට - අපි අපේ පැටවුන්ට
    නිදහසේ තටු ලැබුන - කුරුල්ලන් වී දිනෙක

    ගුණදාස කපුගේ
     
    • Like
    Reactions: ^Buddhika^

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඔබෙන් තොර ලෝකයක්
    කොයින්දෝ...
    ඔබෙන් තොර හීනයක්
    ඔබෙන් තොර මාවතක්
    ඔබෙන් තොර ගීතයක්
    කොයින් දෝ...

    දකින හැම රූපය ම ඔබේ රුව සේ පෙනේ
    අසන හැම ගීතයක ම ඔබේ කටහඬ ඇසේ
    ඔබේ කටහඬ ඇසේ...

    පියවරෙන් පියවරට ඔබයි සැරි සරන්නේ
    ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ
    ඔබ පමණි සිටින්නේ...

    ~අබේවර්ධන බාලසූරිය~
     
    • Like
    Reactions: Good Heart

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඔබ ආයෙමත් ඇවිදින්
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
    නුඹ නොදැක සිටි දිගුකාලයේ
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    දෑස අග මල් පිපි සැලුනත් කොයිතරම්
    එක මලක්වත් සුවද නැතිවිය ඔබ තරම්
    ඔබ නොදැක සිටි දිගු කාලයේ
    නෙතු කඳුළු මැකුනා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...


    ~අමරසිරි පීරිස්~
    :(:(:(:(
     
    • Like
    Reactions: DAMER

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කල්පනා ලොව මල් වනේ
    සිහින රජදහනේ...
    ආදරේ... //

    නීල අහසේ තාරකාසේ
    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බදවා තබන්නී

    මා වටා සහසක් යුගත් පා
    ඈ රුවින් පිළිරු මැවිලා
    පාවයයි මුළු ජීවිතේ සුදු
    මීදුමින් දැවටී එතීලා

    ~අබේවර්ධන බාලසූරිය~
     
    • Like
    Reactions: C h o p p e

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ...

    තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ
    ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ලඟින් මගේ
    තුරුළු වෙන්න ආසයි නුඹගේ සුවඳ දැනෙන හද පතුලේ
    අකුරු තුනක සැඟවු නුඹගේ අපරිමිත සෙනේ...

    අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ
    අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ...

    වැටෙන කදුළු මුතු කරවා මාගේ ලොව සදා
    අඳුර වැටුන බියද දැනෙන මාවතෙන් මුදා
    යන්න පුතුනි මග මෙයමයි ආදරෙන් කියා
    ලොවම දිනුව දෙස බලලා නුඹ සිතින් රජ වුනා...

    අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ
    අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ...

    දැවෙන සසරේ යලි කිසිදා හමුවන්න එපා
    යලිත් දිනෙක හමුව මෙලෙස යන්න යන නිසා
    සිතට දැනෙන මේ දුක නම් නැවත මට එපා
    අම්මේ නුඹ සෙනෙහස නැති දා දුකට නෑ නිමා...

    අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ
    අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ...


    -තීක්ෂණ අනුරාධ-

     
    • Like
    Reactions: ^Buddhika^

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ~සයුරේ රළ සේ අහසේ තරු සේ~

    ..මිතුදම් පවතී ලොව සැමදා..
    ~සත්සර නැඟෙනා නාදය කොතැනා~
    ..එතනයි සැමදා අපි සැවොමා..

    images

    :D මේ ත්‍රේඩ් එකේ සෙට් එක :D
    :D
     
    • Like
    Reactions: Good Heart

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කරවටේ අත දමා හිනැහුනු
    කෝ නුඹේ පොඩි යාළුවන්
    දයාවක් නැති ලෝකයක් දැක
    උන් ගිහින් පැන මායිමෙන්
    තාත්තා හීනෙන් ඇවිත් අත වනන
    තුරු කඳවුරු දොරින්
    කාටවත් නැති දුවේ කවුරුන්
    නුඹ රකීවිද සෙනෙහසින්...

    මා තොටින් එන උතුරු හුළඟේ
    ගිණි සිඹින මඩු පල්ලියේ
    දෑස් අග මුතු කඳුලු හංගන
    සරෝජා මගෙ දෝණියේ
    වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
    මක් කරන්නනද පැංචියේ
    ගුරුතුමී මා සිසුවියයි නුඹ
    ඒත් අපි එක පංතියේ...

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පාර දෙපැත්තේ
    සොදුරු සල් පිල් මැද -දෙව්ලොව නැති සැප විකුනන්නේ
    නුවරු රිසිරිසි දේ ගෙන
    මසුරන් තඹයට දෙන්නේ
    නිඹද සිත ලතවෙන්නේ

    ජේත්තුකාර ලියන් ගත විලවුන්
    මුහුණ සිඹින්නා
    සාටක දුහුල ඉරන්
    නාරිලතා මල් පූදින්නා

    දෑසින් අමතන බස් – වැසුණු දොරක් විවර කරන්නේ
    එලි පිට ඇති අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

    සැණකෙලි පුරා හදේ
    නිකිනි අවන්හල් පීබිදෙන්නා
    ඇසුවන් දුක් සින්දන
    ගී සින්දු සවන පිනන්නා

    සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
    සවුදිය පුරන ළදක් රකුසු නෙතක් පාළු මකන්නේ

    සෝභාව දේ
    මෙපුර සිරි විසිතුරු බලනු මිතුර
    මග පියකරුවු
    සුසුදු වලා කැරලි පලසකි
    මේ මග දිග ඇතුරු
    අහස සූරන මැදුරු


    Strip-Club-in-Patong-Beach-Thailand.jpg


     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    රෝස කුසුමක් පිපී
    නොවිඳි සුවඳක් දැනේ
    නොලද සුවයක් සදා පුබුදුවා
    සුවහසක් පැතුමන්
    රෝස කුසුමක් පිපී

    මා අවදි කර යහනින්
    ඔබ එබී හිනැහී කවුළුවෙන්
    කියා රහසක් සැලෙන දෙතොලින්
    නොනැඟෙනා වදනින්
    නොහැ‍ඟෙනා අරුතින්

    ඔබේ සුවඳ ලද මොහොතින්
    සිත වෙලා සිටි ඒ ආදරෙන්
    මගේ තනිකම හඬයි ඉකිබිඳ
    දෙපා මුල හැපෙමින්
    වසා මුව දෝතින්