පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
[FONT=&quot]දුම්වැටි මත්පැන් මත්පැණි මත්ද්‍රව්‍ය මත්පෙති[/FONT]
[FONT=&quot]මත්තෙම නැහෙනා ගෙවෙනා මත්වුන ජීවිත[/FONT]

Pattaa Lyrics
11.gif
11.gif
11.gif

රෙප් බෑලු මචෝ
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
බිදුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආදා...
අඳුර රජයන හුදකලා හිත
නුඹට පෙම් බැන්දා...

සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආද‍රේ...//
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා...
දැවී ගිණිගත් - පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා...

බිදුනු පෙම් හද...//

ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ මංසලේ...//
දිනෙක ඇය මා අමුත්තන්‍ සේ
යලිත් හමු වේවී...
කදුල නුඹ නාඩන්

දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්...
 
  • Like
Reactions: DAMER

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිනහ වුණත් සිතක් පුරා
    වැරදි හංගලා
    මොනව කළත් සමාවෙලා
    රැවටුවේ ඔයා
    සතුටු වෙන්න ඇයි මෙසේ
    මාව රිදවලා
    හෑමදා ම මා කළේ
    හැඬුව එක තමා

    පණ කියලා පෙම පුදලා
    නෑ කළේ අඩුවක් කිසිදා
    මම විඳිනා දුක දැකලා
    නැති ද අනුකම්පා දැනිලා

    සතුටු වෙන්නෙ .................

    සසර පුරා ඇසුරු කළා
    හැම භවේ පෙම්‍වතුන් වෙලා
    දිවිය පවා දෙවෙනි කළා
    ඔබ මගේ වේවා පතලා

    සතුටු වෙන්නෙ .................


    ගායනය :- කවීෂා සාරංගි
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    මගේ ජීවිතේ..
    සතුට රැදී තිබුණේ තව කෙනෙකුන්ගේ
    නෙත් සගලේ යැයි හසරැල්ලේ යැයි
    සිතුවේ නැ දැනුනේ නැ ඔබ දකින තුරා

    සුන්දරයි සිතූ සියළුම දෙයට වඩා
    සුන්දරයි ඔබ
    අහිංසකයි කී හැමදේකටම වඩා
    අහිංසකයි ඔබ
    මටම හිමි වෙලා මා ළග ඉන්න සදා

    අස්තිරයි සිතූ සියළු දෙයම බොරු වී
    ස්ථිරයි ඔබ
    කවි සිතකැයි කී මගේ සිත පාළු මැකී
    හිනහෙනවා ඔබ
    මටම හිමි වෙලා මා ළග ඉන්න සදා
    :love::love::love:

    -Dayan Witharana-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිමිනොවුණ නෙතු ඇඳුණු සිතුවම් අරන්
    සුසුමක් පුරා හෙවුවෙ ඔය නිල් නුවන්
    කඳුළකට අත වනන හදවත කොනින්
    මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
    බෑ මෙහෙම විඳගන්න තනියෙන් ම දුක හිරිකරන්
    මට හරි ම පාලුයි මගේ රත්තරන්

    හුරතල් වෙවී කණට කෙඳිරූ වදන්
    මගෙ හිත ම පිරවූ එදා
    එක වචනයක්වත් කියන්නට තරම්
    හිත දෙන්නෙ නැතිව ද මෙදා
    ආදරෙන් දෑත අල්ලන්‍
    අපි එදා උන්නු ස්නෙහේ නමින්
    සිනහ වී ඉන්න දැන්වත්
    ඇයි ඔයා ඉන්නෙ නෙතුකැන් පියන්

    සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා
    අදනම් ඔයා ලස්සනයි
    ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා
    මගෙ හිතට දැන් හරි බයයි
    පාලුවේ මාව තියලා
    ‍යන්නෙපා යන්නෙපා යන්නෙපා
    මේ තරම් හීන අතරේ
    වැලපිලා ඉන්න බෑ තනිවෙලා

    හිමිනොවුණ නෙතු .............


    ගායනය :- බාචි සුසෑන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ආරාධනාවක් කළා දෝ
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතුසිතුවම් ලෙසින් ජීවිතේ හී
    ආදරෙයි ආදරෙයි සැමදා මා

    මල්යාය පීදේ මට වාසනාවන්ත
    සුවඳින් නැවුම් ගී ලියා දී වගේ
    පෙර අත්භවේ දී බැදුණා වගේ
    ඔබ ආවාද මගේ රැයට අරුණෝ ද වී

    මට ආරාධනාවක් .............

    දිවිනිම්නයේ අතරමංවී සිතින් හඬන
    මට පාර පෙන්වූ තරුනෙත් ඔබෙ
    රැකගන්නෙමි ඔබව නිකැලැල් මලේ
    ඔබ පේ‍්‍රමාදරෙයි මියෙන තුරු ස්නේහයේ

    මට ආරාධනාවක් .............


    ගායනය :- වරදත්ත අරවින්ද
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වරද මගේ මා පිළිගන්නම්
    ඔබ නිවැරදි හින්දා..
    මට ද ඔබේ සිත සාප නො කළ මැන
    මා වැරදි ද මන්දා...



    බැදුනු දිනේ සිට බිදුණු දිනේ තෙක්
    සෙනෙහස රස වින්දා..
    ඔබට නිගා කර සතුටු නො වන්නේ
    ඔබ මගෙ පණ හින්දා..



    වරද මගේ..


    හමන සුළං රැළි සුරත මගේ ගෙන
    ඇයගේ හිස අතගා..
    වරද සමා කර නැවත මගේ සිත
    ගෙන එනු මැන කැන්දා...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
    රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට
    ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
    ඒ ගං ඉවුරට

    බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට
    ඇයි දැයි දොස් පවරන සඳ සිත
    නුඹෙ වරද ද මගෙ වරද ද
    එය මා දන්නේ නැත

    නුඹ මා ලොව කළුවර කර පැන ගිය පලියට
    කෙළෙසක දොස් පවරමි නුඹ හට
    කිසි කෙනෙකු නොදුන් ආදරයක්
    නුඹ මට දුන් කොට
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    හද පානක් සේ ඇවිදින්

    හද පානන් සේ ඇවිදින්
    ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිහිලස
    පිදුවයි නුබ මා හට

    නෙත් දාහක් පසු කර විත්
    මට හිමි දෙනුවන දුටු විට
    හද පානක් වුයේ නුබ
    නොවෙදෝ මා සිත් අහසට

    දුවිලි සුළගින් පිරැනත් ඉපදුන නගරේ
    මට නුපුරැදු ගමට එන්න බෑ
    මේ නගරය අත්හරින්න බෑ
    මගෙ උරැමය ලදුවත් මා ලද ගම් පියසේ
    මේ නගරේ කුඩු වෙන්න බෑ
    ගම්මානය අත්හරින්න බෑ

    අප දෙන්නා මුණ ගැස්වු මේ මහ නගරේ
    අතැර නුබට ගමට යන්න බෑ
    මේ නගරය අත්හරින්න බෑ
    මගේ සිතෙන් නුබ සිතනා මතු යම් දවසේ
    මේ නගරේ පාලු වෙන්නෙ නෑ
    මං තනියෙන් ගමට යන්නෙ නෑ


    ගායනය : අතුල & සමිතා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    M S Fernando...............


    මිණිමුතු රුවන් රිදී නැතේ සොයන්නේ~
    සුසිනිඳු සළුපිලි ඵලේ නොවන්නේ..
    ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ~
    මා එතනයි ජීවත්වී ඉන්නේ..
     
    • Like
    Reactions: C h o p p e

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මට ආරාධනාවක් කළා දෝ
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතුසිතුවම් ලෙසින් ජීවිතේ හී
    ආදරෙයි ආදරෙයි සැමදා මා


    ගායනය :- වරදත්ත අරවින්ද

    මේක කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ..පට්ට සිංදුව..
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුපෙම් සුවඳක් අරන්‍
    ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැඳෙනූ සිතේ
    ඔබයි මගෙ ජීවිතේ

    හිනා අහුරක් අරන්
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැඳෙනූ සිතේ
    ඔබයි මගෙ ජීවිතේ

    පහන් තරුවක් වෙලා
    ඔබේ ලෝකය පුරා
    හිඳින්නම් සෑමදා
    ළඟින් මියෙනා තුරා

    ඔබේ සෙවනට වෙලා
    දෙපා මුල දැවටිලා
    රැඳී ඉන්නම් සදා
    හදින් සෙනෙහස පුදා

    සුපෙම් සුවඳක් ..........

    ඔබේ සුරතල් සිනා
    නිවයි දුක් වේදනා
    පිරී සිත සැනසුනා
    හදේ සෙනෙහස නිසා

    බැතින් පෙරුමන් පුරා
    ඇවිත් සසරේ සරා
    හිතේ නැවතුනු නිසා
    මමත් ඔබගෙයි සදා

    සුපෙම් සුවඳක් ..........


    ගායනය :- රොෂාන් පෙරේරා හා තිලිණි පෙරේරා
















    මේක කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ..පට්ට සිංදුව..
    11.gif

    ඔව් ඒ සිංදුව ලස්සනයි ගොඩක්. :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවියක් වී මගෙ පාලුව දුරලන්න
    යන එන මඟ හෙවනැල්ලක් වී ඉන්න
    නිදි යහනට ඔබ සුරඟනියක් වන්න
    ආදරයේ සෙනෙහස සුව විඳගන්න

    කැලෑමලක් ලෙස කවුරුත් සිතුවාට
    මගෙ හදවිල සුවඳ කෙරුව පෙම් කුසුම
    හඬවන් නෑ හැරයන් නෑ කිසිදාක
    ඉන්නෙ මමයි ආදරයෙන් හැමදා ම

    කවියක් වී .............

    බාධක ආවත් මා හැර නොයන බව
    මට ස්තීරයි ඔබ ගැන දන්නෙ මම
    ඔබ කැන්ඳන් යන දින දුර ඈත නොව
    ඉන්න ළඟින් සිත නොරිදා හැමදා ම

    කවියක් වී .............


    ගායනය රෝහණ ප්‍රියමන්ත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඳුරු අහසක රෑ කැටයම්
    සඳකි තනිකම් කළ සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමි සඳවත අද මා නම්
    නොනිමි කඳුළක පටලා හද
    අඳුර කිම සැඟවී දුර තෙර
    කිබඳ මහද ද ඔබ වූ සඳ
    කිමද ඉකිබිඳ හද වැද අද

    නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
    මා පැතු සෙනේ
    මඟ නොදැන ඔබ යන මඟ දැක
    මිය යනු කෙසේ
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ

    අඳුරු අහසක ........

    මුකුලිතව සිත වත නෙත වැඩි
    කඳුළයි නෙතේ
    සිතක දුක දැක දැක ඔබ මෙන්
    වෙන්වී ගියේ
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ

    අඳුරු අහසක ........


    ගායනය :- රකිත වෙළන්ගොඩ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකසිත හද රවටා
    සොඳුරු මතක මැවෙනා
    ඔබගේ නෙතු දැහැනේ
    ජීවිතය තනිව ගෙවුණා
    දෙ‍කොපුල් මත රන්ඳා
    මා උණුහුම වින්ඳා
    දෙතොලේ මෘදු පහසින්
    හද ආඩම්බර පෑවා

    සිත පෙමින් බැඳී
    නෙතු පියන් වැසී
    සුසුම ළඟින් පාන හීනය
    තාරුකා දනී
    ඔබගේ පෙම් සේයා මැවී
    තනිවී මනමාලකම් මැකී

    දෑස මඟ රැඳී
    හීන තනිවු‍ණී
    අහංකාර ඇස්දෙක මගහැර
    යන්නට ම බැරී
    හිමි නැති ඔබ හීනයක්ම වී
    රහසින් කටකාර වී හිඳී

    විකසිත හද ...............


    ගායනය :- රකිත වෙලංගොඩ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාත්කවුරුවත් ළඟ නැති
    පාලු සොහොන් පිටියක් ළඟ
    මාත් මගෙ සිතත් දවසක මළගම් යාවී
    ඒත් ඒ ‍වගේ දවසක
    පාත් වී මගේ ධෙන ළඟ
    අනේවත් කියන්නට ඔබ
    ළඟ නොසිටී වී

    ඔබට පෙම් බැන්ඳ හදවත
    ඔබෙන් රිදුම් ලද තරමට
    මෙසේ සිරවෙලා ධෙන තුළ
    ගිනි ඇවි‍ලේ වී
    අනේ ඔබ ඇවිත් ඇවිලෙන
    මගේ ධෙන දිහා බලමින්
    සුසුම් පොදක්වත් හෙලුවොත්
    පිං සිදු වේවී

    කාත්කවුරුවත් .....

    යලිත් උපදිනා භවයක
    මතුත් ඔබ සොයා එන්නට
    පතා ගෙන ඉතින් මා ලොව
    අතහැර යාවී
    අනේ ඒ වගේ දවසක
    මෙසේ රිදවලා මා සිත
    තලා පෙලා නොදැමුවොතින්
    පිං සිදු වේවී

    ගායනය :- අජිත් පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
    ළංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    දුක සෝකය මා හටනම් පුරුදුයි හැමදා ම
    ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙලෙස
    සමුගන්නටනම් අහිමිවු ආදරයෙන් මෙලෙස
    ඉවසම් ද මා කෙසේ සොඳුරියෙ මේ දුක කෙලෙස

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදා ම
    ආදරයක ඇති වේදනාව ‍දැනෙනවු දාක
    සිහිවෙයි ද මගේ සොඳුරියෙ බිඳුවක් යලි මතක


    ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි