පද පේළී - EK LYRICS THREAD PART 2

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    පුදසුනක නිසල බව ලද පෙමට තිබුනි නම්
    හදවතට නොවේ මේ තරම් සුසුම්
    මට කියනවාද... මට කියනවාද...
    බැදි ආදරයට ඇයි... දුන්නේ රිදුම්//

    මල් විලක එලා තිබු මුදු සුවද නෙලාගෙන
    සැනසිල්ල ලගින් හිනහෙන්න ගිහින්
    දුක හඩන හැඩුම්... ආ......
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

    පුදසුනක නිසල බව....

    සිල් සදක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්... ආ......
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්.....

    පුදසුනක නිසල බව.....


    :love::love::love::love:

     
    Last edited:
    • Like
    Reactions: Malinga

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මගෙන් වෙන් වී යන්න පළමුව
    වරද මට පවරන්න සොඳුරිය
    ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන්
    වැරදිකරු වෙමි මං
    ඔබ යන්න සැනසිල්ලෙන්

    ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි
    රැගෙන කඩු තුඩු සේ...
    මතකයෙන් සිඳලන්න විඳගත්
    හැඟුම් අප සමසේ ...

    මගෙන් වෙන් වී......

    ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
    උරණ වන දවසේ ...
    එන්න පියබඳ පුරුදු ඉඳිකඩ
    ළඟම ඇති පෙර සේ...

    මගෙන් වෙන් වී......


    :love::love::love::love:

     
    Last edited:

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්... //

    ඉවුරු දෑලේ හිද බැලූ විට
    ගඟ හැඩයි කදිමයි...
    දියට වන් කල එවන් ගඟුලම
    බිහිසුණුයි චණ්ඬයි...

    වියෝ වූ පසුවයි......

    හඳක් නැති දා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්...
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්...

    වියෝ වූ පසුවයි......


    :love::love::love::love:

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ...

    අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
    අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ...

    රාග ගිනි ජාලාවේ
    ප්‍රේමයේ උණුසුම් සුසුමේ
    වෙනස ඔබෙනි දැනුනේ
    අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ...

    ආදරය යන වදනේ
    මනු‍ලොවේ මිනිසත් භවයේ
    මහිම ඔබෙනි හැඟුනේ
    අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ...

    -ගුණදාස කපුගේ-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තව මහළු නෑ ඉසුරුමුණියේ...

    තව මහළු නෑ ඉසුරුමුණියේ
    පෙම් යුවළ තරුණයි
    පිට ගම් ගියත් නුඹ
    බැන්ද ආලය හිතේ තව එහෙමයි...

    තිසා වැව් තුරු සෙවණේ අවසන්
    මොහොත මට සිහිවෙයි
    මුලාකර මා අතැර ගිය හැටි
    අදත් මට මතකයි
    මෙමා දුටු දහසක් සිහින
    වැව් දියේ දිය වූවයි...

    සදා තනිකඩ වුවත් අද මම
    එය අමිල සැපතයි
    එදා මන්දිර නැතැයි මා හට
    නුඹ එයම පැතුවයි
    මෙදා දැසි දස් මැදුරු ඇත මට
    ඒත් නුඹ දිළිඳුයි...

    -Bachi Susan-


     
    • Like
    Reactions: DAMER

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Memories consume
    Like opening the wound
    I'm picking me apart again
    You all assume
    I'm safe here in my room
    Unless I try to start again ..

    I don't want to be the one
    The battles always choose
    'Cause inside I realize
    That I'm the one confused ...

    I don’t know what’s worth fighting for
    Or why I have to scream
    I don’t know why I instigate
    And say what I don’t mean
    I don’t know how I got this way
    I know it’s not alright
    So I’m
    Breaking the habit
    I’m Breaking the habit .. Tonight! :frown:

    giphy-facebook_s.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව හිනාවෙන්න දුන් සතුට අරන්
    මට හදාගන්න දුන් හිත උදුරන්
    මුකුත් නොදන්නා සුළඟ වගේ නුඹ
    නුඹවත් දන්නැති දුරක ගිහින්

    අත්වැල් පටලා හෙමිහිට කොඳුරා
    ඉස්සර මුමුණපු රහස් කථා
    මතකයෙවත් නැති තරමට ඔය හිත
    ඇයි මේ තරමට වෙනස් වෙලා

    තව හිනාවෙන්න ...........

    යලිත් හැබෑවට ඇවිත් යන්න හරි
    බැලුවට එනතුරු හුඟක් වෙලා
    දින සති අරගෙන කාලය යන දුර
    ගියේ ඔයා හිත රවට්ටලා

    තව හිනාවෙන්න ...........


    ගායනය :- ශාන් හසීම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබත් ගියා මට පිටුපා
    සදාතනයි කී පෙම බිඳදා
    මතක් වෙලා දුක හිතුනා
    හද ළඟින් නැති නිසා

    දෙනෙත නිදි නෑ හදාගනු බෑ
    ඔයා මට හිමි නෑ කියලා
    දරාගනු බෑ හදේ ඉඩ නෑ
    හිනාවෙන්නට ඉඩ තියලා
    නිකැලැල් පිරී තරහා නොවී
    ‍මැරෙන්න මොහොතක් කලින්
    ඔබ ‍එන්න පෙරදා ලෙසින්

    ඔබත් ගියා ............

    කඳුළු පොඩි නෑ උහුල ගනු බෑ
    නෙතේ දොරගුලු බිඳ වැටිලා
    ඔබට මම නෑ මට ද ඔබ නෑ
    අදින් පසු අපි දෙදෙනෙක් වෙලා
    නිකැලැල් පිරී තරහා නොවී
    ‍මැරෙන්න මොහොතක් කලින්
    ඔබ ‍එන්න පෙරදා ලෙසින්

    ඔබත් ගියා ............


    ගායනය :- ජූඩ් රෝගන්ස්
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මට සිහිනයක් වගේ
    ඒ ඔබගේ ආදරේ
    ඔබ දන්නවාද ඔබට මගේ
    තියෙන ආදරේ...

    හමුවන්න ආයේ නම්
    හැකිවන්නේ නෑ ඉතින්..
    අපි දෙන්නා උන්නේ අපි දෙන්නට
    හරිම ආදරෙන්...

    අපි අපෙන් වෙන්වෙලා
    නෙත කඳුළු වෙන්වෙලා..
    ඒ නෙතග කඳුළු සතුට විදමු
    දිනක එක්වෙලා...

    ~ෂර්ලි වෛජයන්ත~
     
    • Like
    Reactions: Malinga and DAMER

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඉකි ගසා හඩන අතීතයක
    කදුළු එක්ක ගණුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා...

    හීනෙන් හිනැහී තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා

    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා…

    රිදුමක් වගේ කිසිදා සුව නොවනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා

    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා…
    මගේම ආදරයක් තිබුණා…


    ~අමරසිරි පීරිස්~
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Shalitha Abeywickrama....................



    පිපුණු මලක හැඩ දෑස සලා~
    සිතුම් විහඟ කැල වසඟ කලා..
    මඟතොට රැඳි නෙත් දහක් වසා~
    මතකද අප නෙත් කතාකලා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබ ළඟ නැති මේ සසරේ...

    ඔබ ළඟ නැති මේ සසරේ
    තනිකම දැනුනා අඳුරේ
    පැතුවා ඔබේ සිසිල උනුසුම් කතරේ
    ඔබ මා ලඟ නැති අතරේ...


    රන් දේදුනු පෑවූ දා
    ඔබ හා මා එක්වූ දා
    මතකයි ඔබේ සුදු අත ගෙන පිය මැන්නා
    පොද වැස්සක අපි තෙමුනා...


    විළඳ පොරි ඉහලා අපට සුභ පැතුවා
    අසිරි හඬ දීලා මංගලම් කීවා
    සුවඳින් පිරී හසරැල් ඔබේ මගේ මුවගට ළංවුවා
    ඔය රුව මගෙ නෙතු දුටුවා...


    සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
    පිනි දහඩිය වැටිලා ඔබේ මුහුණ දිලිළා
    ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි හිතුනා
    රැය පහන් කලා දෙදෙනා...

    -ග්‍රේෂන් ජයමහ-
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
    කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
    ඔබේ ලමැදේ සෙනෙහේ මැදුරේ
    සුසුම් නැගිලා

    මේ නුරා සැදෑ කලේ සෝ සුසුම් වෙලා
    ඈත තාරුකා දිහා නිල් නුවන් යොමා
    ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා
    නෑ පලේ තැවී හඬා වේදනා දරා

    මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටියි
    කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
    මේ කුලුත් පියා සලා කුලින් කුලේ රැඳෙයි
    ආදරේ අමා හැඟුම් මා සිතේ නැගෙයි

     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව්විමන් අතරේ
    පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ

    රන් විමන් දුටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ
    නන් සැපෙන් පිරවීද නිදිදුව ඒ සිහින විමනේ
    මපුතු සිහිනේ අඳින දෙවිඳේ මුලා නොකරන් මාපුතුන්
    නොමැත සුව නිදියහන් පුතු හට නොම මවනු මැන ඒ දසුන්
    තරු වැල් ගොතා සඳකැන් මතින් සතපන්න පුතු හැකිනම්.......

    දෙව්ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේ
    මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන්
    ඇගේ දෙ අතේ නිදන් පුතුනේ නොම සොයනු අවදිව මවුන්
    සුව නොමැත මා පහස ඇගෙ මෙන් රළු වුනේ උරතල බරින්
    මා ලොවපහන් කල රන් පුතුන් ඔබ රකිමි දිවි හිමියෙන්....................


    ගායනය-සංගීත් විජේසූරිය
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රන් දේදුනු පෑවූ දා
    ඔබ හා මා එක්වූ දා
    මතකයි ඔබේ සුදු අත ගෙන පිය මැන්නා
    පොද වැස්සක අපි තෙමුනා...

    සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව්විමන් අතරේ
    පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ


    11.gif
     
    • Like
    Reactions: shaminda peiris

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඔබ ආයෙමත් ඇවිදින්...

    ඔබ ආයෙමත් ඇවිදින්...
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
    නුඹ නොදැක සිටි දිගුකාලයේ
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    දෑස අග මල් පිපි සැලුනත් කොයිතරම්
    එක මලක්වත් සුවද නැතිවිය ඔබ තරම්
    ඔබ නොදැක සිටි දිගු කාලයේ
    නෙතු කඳුළු මැකුනා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    ඔබ ආයෙමත්......


     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන ස්ව‍රයේ සප්ත වර්ණ
    සිත ලඟ ගයනව ද ඔයා...
    තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා
    සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැගුම
    සිත ලඟ රඟනවද ඔයා...

    නෙතගට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා
    දුක්බර ප්‍රේම රැගුම සුන්දර පියවි ලොවක
    රගන්න කියන්නට එපා...
    තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා
    දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක
    ගයන්න කියන්නට එපා...

    තුන් සිත දැහැන් ගත වෙනා...

    පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා
    සිනමා ලොවක මිසක දිවියක සබෑ ලොවක
    දුක්බර චරිතයක් එපා...
    සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා
    සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක
    දුක්බර ගැයුම නම් එපා.

    තුන් සිත දැහැන් ගත වෙනා...