පද පේළී - EK LYRICS THREAD PART 2

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක්
    ඔබ දමා මා ආ දා පටන් ජීවිතේ මහා නින්දක්
    හීනෙන් ඇවිත් තාමත් හිඳී
    ලඟින් ඉඳන් නින්දත් බිඳී
    හීනෙන් ඇවිත් තාමත් හිඳී
    නුඹම පමණි මගේ ජීවිතේ

    දවසක නුඹ ආයෙත්
    හසරැලි ගෙන ආවොත්
    කඳුලැලි පිස දෑසින්
    හිනැහෙන්නට ආයෙත්
    මා මගේ ගින්නෙන් මිදී
    ලගට ඇවිත් ඉස්සර වගේ...//

    දවසක නුඹ ආයෙත්
    හසරැලි ගෙන නාවොත්
    කඳුලැලි පිරි දෑසින්
    වැලපෙන්නට ආයෙත්
    මා මගේ ගින්නෙන් දැවී
    ගිනි උහුලමි හැමදා ඉතින්
    මා මගේ නින්දේම හිඳී
    අවදි නොවෙමි කිසිදා ඉතින්

    මා දමා ඔබ ගිය දා........


     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඬන අහසට වෙලා...

    අඬන අහසට වෙලා ජීවිතේ හොයනවා
    ඇවිත් නවතින තුරා මඟ බලන් ඉන්නවා
    හිතේ හැම තැන පුරා නුඹම ඇයි අහනවා
    වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා...


    අමතක වෙන්නැති හීනය අද්දර
    නුඹ ඇවිත් ඉන්නවා
    ආදරේ කියනවා..
    අඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ
    කඳුලු ඇයි අහනවා
    නුඹ මගෙයි දන්නවා..
    සසරේ යනෙනා ආදරයයි මුමුනනවා...
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    කල්පනා ලොව මල් වනේ
    සිහින රජදහනේ...
    ආදරේ... ආදරේ...

    නීල අහසේ තාරකාසේ
    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බදවා තබන්නී

    කල්පනා ලොව...

    මා වටා සහසක් යුගත් පා
    ඈ රුවින් පිළිරු මැවිලා
    පාවයයි මුළු ජීවිතේ සුදු
    මීදුමින් දැවටී එතීලා

    කල්පනා ලොව...


     
    • Like
    Reactions: DAMER

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි..

    සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා..
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි ..

    මල් කැකුලක්සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා ..
    සිතගිණි අවුලා පියවර අහුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි ..

    සිනාපොදක් වී......


     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ළඟදී දිනයක ඔබ යන බව දැනුනා
    තනිකර යන්නට සවිය ඔබට තිබුනා
    දුක දොම්නස මා සිත තුල නිති පිරුණා
    සොහොනක පාළුව මුලු නිවසේ රැඳුනා

    නිදියහනේ මා දෙපසේ සිටි පුතුනි දුවනි ඔබ කෝ
    ඔබෙ උනුසුම ඇයි අද නොදැනෙන්නේ
    සියුමැලි සෙනෙහස කෝ
    අප දෙදෙනාගේ ආදර ගීතය මුළු නිවසේ ඇසුනා
    සිනහව නෑසී පාළුව රජවී එහි දොරඟුලු වැසුනා

    එක ලඟ ඇසුරින් අප වෙන්වුනු පසු
    පොඩි උන් තනිවේදෝ
    හරිහැටි කිසිවක් තේරුම් ගන්නට
    ඔවුනට හැකිවේදෝ
    ගම අතහැර ආ මේ නව ලෝකය
    දෙදෙනා වෙන් කෙරුවා
    කවදාවත් අප එක් නොමවන්නට
    අද දින වෙන්වනවා


    ගායනය -මිල්ටන් මල්ලවාඅරච්චි
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මේ අයුරින් අපි
    සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති..
    මේ අයුරින් අපි
    දවසක් දා සසර මගදි වෙන් වෙන්න ඇති...

    සාලිය මාලා පෙම් බැඳි දා මං
    සිටු කුමරෙකු වී ඉන්න ඇති..
    ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
    මේ ලෙස මට රිදවන්න ඇති..
    මේ අයුරින් අපි
    සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති..
    මේ අයුරින් අපි
    දවසක් දා සසර මගදි වෙන් වෙන්න ඇති...


     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔබගේ සෙවණේ රැඳෙන සහනේ
    වේවා සදා වාසනාවන්
    ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ
    සසර සරණ තුරුම වාසනා.... :love::yes::love:
     
    • Like
    Reactions: DAMER

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    දෑස වසා සිටියා ඔබේ රුව
    ඇයිදෝ මට පෙනුණේ
    සවන වසා සිටියා ඔබේ හඬ
    ඇයිදෝ මට ඇසුණේ

    දිවියට සැනසුම සෙනෙහස ගෙන දුන්
    ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ
    යුගයෙන් යුගයට භවයෙන් භවයට
    ඔබ වෙනුවෙන් ජීවත් වූයේ

    දෑස වසා සිටියා ..

    බැඳි සෙනෙහස අමතක වීලා
    නිබඳව ඔබ මට පිටු පෑවේ
    හදවත රැඳි ආදරය නිසාමයි
    කිසිදින මා තරහ නොවූයේ

    දෑස වසා සිටියා ..


     
    • Like
    Reactions: D@sun

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //

    තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමුනොවන බව දනිමි
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම්......

    දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
    ඉකිබිඳිමි වියරු වී පාළුවෙන්
    පියදසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්

    සුපෙම් හැඟුම්......


     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    avatar377497_41.gif
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඔබ සොයලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
    හද හඩලා වැලපෙනා දිනේ ඔබ යළිත් දැනුනා
    ආයේ නොඑන්න මා ගියත් පාළුවේ දමා
    මාගේ සිනා පාවුණා ඈත ගිය දා එදා
    මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
    ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා

    හෙම්හිට මාගේ නෙතුළග කදුළැලි රූරාලා
    ‍හැමතැන වාගේ ඔබේ රුව මැවි මැවි පායාලා
    වෙන්වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
    ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා
    මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
    ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා

    ඉදහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා
    ඉමු පෙර වාගේ සැනසිලා මදකට ළං වීලා
    කවුරුවත් නෑ මේ තරම් නං ආදරේ දීලා
    යන්නේ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා
    මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා
    ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා

    ඔබ සොයලා කකියනා නෙතේ........

    :love::love::love::love:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ලීෂා හිම කැට අතුරා වීදි සරසලා ඔබ මා නිසා
    ලීෂා...ලෙනින් ග්‍රාඩයේ හිමි කැටි අතරේ මා හා වෙලී
    පා සලකුණු නෑ දිගු මාවතෙහි
    රූබලයට නෑ අප පෙම පැරදී

    නෙත් මානේ නෑ රැදුනේ
    මිහිරාවී ඉන්නේ හදේ
    ප්‍රේමෙහි සුවදේවී
    නුබ මාගේ හදෙහි රැදී
    පා සලකුණු නෑ දිගු මාවතෙහි
    රූබලයට නෑ අප පෙම පැරදී

    හිමයායේ පිණි අතරේ
    ඔබ මාගේ තුරුලේ වෙලී
    සිහිවීලා බොද වේවී
    නෙතු මාගේ කදුලක් නැගී
    පා සලකුණු නෑ දිගු මාවතෙහි
    රූබලයට නෑ අප පෙම පැරදී


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හමුවීම වෙන්වීම ලෝකේ හැටී
    හැම භවයෙ අපි මෙහෙම සමුගන්නැතී
    අපෙ වැරදි නොම ඒ මේ සසරේ හැටී
    හැම සතුට කෙලවර ම දුකකුත් ඇතී
    හදේ උතුරනා විරහ වේදනා
    දරාගන්න දෝ මා කෙසේ
    මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
    සිතින් සෑමදා මා ඔබේ

    ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
    මුණ නොගැහෙනා සේ යලී
    අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා
    මියැදෙන්න තිබුනෝත් ඇතී
    ඔබෙ නාමෙන් මැරිලා නිඟා දෙන්නෑ කිසිදා
    එක්වෙන්න මතු යුගයෙදී පෙරුමන් පුරා මා ඉමී

    අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
    මා කෙරුව පින් මදි ඇතී
    ඔබ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා
    සැනසෙන්න මට ඒ ඇතී
    ඔබෙ නාමෙන් මැරිලා නිඟා දෙන්නෑ කිසිදා
    එක්වෙන්න මතු යුගයෙදී පෙරුමන් පුරා මා ඉමී

    හමුවීම වෙන්වීම ‍‍‍‍‍‍................


    ගායනය :- මංජුල පුෂ්පකුමාර
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Tumhi Dekho Na Yeh Kya Ho Gaya:love:
    Tumhara Hoon Main Aur Tum Meri

    Main Hairaan Hoon Tumhen Kya Kahu
    Ke Din Mein Hui Kaisi Chaandani

    Jaagi Jaagi Si Hai Phir Bhi Khwaabon Mein Hai.. Khoyi Khoyi Zindagi



    tumblr_lt2vzwYvj21qihg4co1_500.jpg