පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Ruwan & Umaria...........

පහන් ගැබ වෙලා දිවි ගමනේ~
නවාතැන් සොයා..
රැඳෙන්නට හිතයි සෙවණේ~
සුසුම් හැර දමා.. :love:

ඔබෙන් ලැබුන ආදරේ නම්~
අනන්තෙට එහා..
පුරුද්දක්ද මේ දිවියේ~
මටත් නොහැඟුනා.. :love:

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    I can't believe how much I hate
    Pressures of a new place roll my way
    Jumpsuit, jumpsuit, cover me
    Jumpsuit, jumpsuit, cover me
    I crumble underneath the weight
    Pressures of a new place roll my way
    Jumpsuit, jumpsuit, cover me
    Jumpsuit, jumpsuit, cover me

    Spirits in my room, friend or foe?
    Felt it in my youth, feel it when I'm old
    Jumpsuit, jumpsuit
    Dusting off my, jumpsuit, cover me

    I can't believe how much I hate
    Pressures of a new place roll my way
    Jumpsuit, jumpsuit, cover me
    Jumpsuit, jumpsuit, cover me

    I'll be right there
    But you'll have to grab my throat and lift me in the air
    If you need anyone, I'll stop my plans
    But you'll have to tie me down and then break both my hands
    If you need anyone, I'll be right there
    But you'll have to grab my throat and lift me in the air

    If you need anyone
    If you need anyone
    If you need anyone

    I can't believe how much I hate
    Pressures of a new place roll my way
    Jumpsuit, jumpsuit, cover me
    Oh, jumpsuit, jumpsuit, cover me, ohh!

    Jumpsuit, jumpsuit, cover me!
    Jumpsuit, jumpsuit, cover me!
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
    හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
    ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
    පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

    සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
    ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම වෙමි
    සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
    තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

    විසල් තුරු මුදුන් පල නැත නොපිපුණ කැකුළු
    දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
    ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
    මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Another turning point, a fork stuck in the road
    Time grabs you by the wrist, directs you where to go
    So make the best of this test, and don't ask why
    It's not a question, but a lesson learned in time

    So take the photographs, and still frames in your mind
    Hang it on a shelf in good health and good time
    Tattoos of memories and dead skin on trial
    For what it's worth it was worth all the while

    It's something unpredictable, but in the end is right,
    I hope you had the time of your life.
     
    • Like
    Reactions: DAMER

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිත ඔබට මුවාවී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසි සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
    සිත ඉකිගසමින් හඩනා හැටි
    සිත පෙමට මුවාවු දා ඉදලා

    සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
    දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
    ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුවාවු දා ඉදලා

    සිත ඔබට මුවාවී....

    සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
    දුක අඩුවක් නෑ ඔබ හමුවුවත්

    ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත්
    ඔබ ඇයට ලගා වු දා ඉදලා
     
    • Like
    Reactions: JuZe_BaNda

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිත්තම් කරමින් මනසේ... ඔබෙ රුව
    කවදා හෝ.. යලි දකින තුරා..
    රැව් පිළි රැව් දී.. ඇසෙන ඔබේ හඩ
    යළි මගෙ සවනත වැකෙන තුරා....
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......

    දෙලොවක් අතරේ.. සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇතී...
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී..
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......

    භවයෙන් භවයේ.. අහිමිව හිමි වන
    නොපිරූ පරමිතාව පුරා..
    සමු ගනිමුද අපි අපේම වූ මතු
    භවයක යලි හමුවෙමුයි පතා...
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෙප් දුන්න කෙනාට...
    මම එයා නෙමෙයි...මම මැරි කරලාත් නැ.සොරි මෙහෙම ඔපන් ලි රිප්ලයි කරනවාට.නමක් දාලා තිබ්බෙ නැති නිසයි මෙහෙම ලියන්නෙ....පොඩ්ඩක් අවුල් මේ ටිකෙ...එකයි මේ වගෙ සිංදුවක් දැම්මෙ...:sorry:
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මීවිත පිරුණා මැදියම් රෑ
    ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ

    නෙතු ලඟ සීතල මැවුනා
    කඳුලක් තාලෙට හැලුනා
    මා හද හැඬුවා ඔබ දන්නෑ

    සියොලඟ තෙමුනා තුරුලට වී
    සඳ ගිනි ගත්තා උණුසුම් වී
    මතකට පමණයි ඈ මියැදී
    මේ තනි යහනේ මා තනි වී

    වාවනු බෑ හිත නිනි ගද්දී
    මට උණුසුම විතරයි ඔබ ඉද්දී
    සුදු පාටින් ඇයි ඔබ සැරසී
    ඔය නිල්නෙතු නිහඬයි අද දියවී
     
    • Like
    Reactions: shaminda peiris

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නැ...
    එදා සෙනෙහෙන් නොබැදුනානම්
    මෙදා වියොවක් නැ...

    තැනූ මන්දිර බිදී වැටුනත්
    නෙතේ කදුලක් නැ...
    සිනහවෙන්නට වරම් නොලදත්
    හිතේ කිළුටක් නැ...

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නැ...
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නැ...
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පායා නැගී ඒවි රන් තාරාකා..
    මා හා සිනාවෙන්නේ නෑ ආදරෙන්..
    දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා..
    නාඩා ඉතින් ඉන්න සේපාලිකා...
    සේපාලිකා...සේපාලිකා...

    දෙනුවන් වැසී ඈත තරු නෙත් මැකී
    තනිව හඬනා ‍රැයේ...
    හදට දී වේදනා...
    එක් වී ළඟින් ඉන්න...
    ලංවී සිනාසෙන්න...
    දුර ඈත සිට එන්න..
    සේපාලිකා...සේපාලිකා...

    රෑ මීදුමේ ගිලුණු තරුමල් ලෙසේ..
    ඔබේ නෙත් පහන් දැල්වුනේ..
    හදට දී වේදනා...

    කඳුල පිසලන්න..සතුට තවරන්න...
    සුළඟක් ලෙසින් එන්න සේපාලිකා..
    සේපාලිකා..සේපාලිකා..
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    I am invincible, unbreakable
    Unstoppable, unshakeable
    They knock me down, I get up again
    I am the champion, you’re gon’ know my name
    You can’t hurt me now, I can’t feel the pain
    I was made for this, yeah, I was born to win
    I am the champion..
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සිත්තම් කරමින් මනසේ... ඔබෙ රුව
    කවදා හෝ.. යලි දකින තුරා..
    රැව් පිළි රැව් දී.. ඇසෙන ඔබේ හඩ
    යළි මගෙ සවනත වැකෙන තුරා....
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......

    දෙලොවක් අතරේ.. සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇතී...
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී..
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......

    භවයෙන් භවයේ.. අහිමිව හිමි වන
    නොපිරූ පරමිතාව පුරා..
    සමු ගනිමුද අපි අපේම වූ මතු
    භවයක යලි හමුවෙමුයි පතා...
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......

    Nice :love::love:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Jude Rogans...........

    දුක හිතුනද පැංචියේ~
    ලඟ නැහැ කියලා..
    දුර රටකට මං ගියේ~
    අපි ගැන හිතලා.. :love:

    ඔබේ රුව ඇත මා ලයේ~
    ගැඹුරට ඇදිලා..
    නැත හිත කොහෙවත් ගියේ~
    ඔබේ ලඟ ඉඳලා.. :love:
     
    • Like
    Reactions: shaminda peiris

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ ලඟින් ඉන්න බැහැනේ
    ඇය ඔබ ලඟම නිසා..
    ඔබ දුරින් ඉන්න හැම මොහොතක
    දුක උරුම වෙලා..
    මගෙ ආදරේ ඔයානේ - එය දන්නවනේ ඔයා
    ඔබ ලඟින්ම ඉන්නට මට වරම් නැතිවෙලා...

    ඔබ නොදැක ඉන්න බැහැනේ..
    තනිකමෙන් මා වෙලෙන්නේ..
    ඔබ නොදැක ඉන්න හැම මොහොතක
    කදුළු පිරෙනවා...//
    සිත ඔබට දීලා මාගේ - තුරුලේ රැදෙන්න ඕනේ
    හැමදාම එහෙම ඉන්නට මම පෙරුම් පුරනවා...

    ඔබ ලඟින් ඉන්න බැහැනේ...

    මට කවුරුවත්ම නැහැනේ..
    ඔබ විතරමයිනෙ ඉන්නේ..
    ඔබ නොලැබෙන බව දැනගෙන
    ආදරේ කරනවා...//
    මගෙ ලොවම මාගේ ඔබනේ
    මම නෙමෙයි ඔබගෙ ලෝකෙ
    මගෙ හුස්ම යනතුරා ඔබ හට ආදරේනෙ මා..

    ඔබ ලඟින් ඉන්න බැහැනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුළු රැයක් පුරා ඔබ ඔහු ළඟ
    ජිවිතය පුරා ඔහු ඔබ ළඟ
    ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ

    මුළු රැයක් පුරා ඔහු මා ළඟ
    සිරුර පමණයි හිතයි ප්‍රේමයයි
    ඔබ ළඟයි //

    ඔහුගේ උණුසුම් ආදරයේ
    වාසනා හිමිකාරී ඔබ
    මට හිමි හීතල සෙනෙහස පමණයි

    මා සිත පවසන ඊරිසියා හැඟුම් ඉතින් අසන්
    මා බිරිඳ වන්න පෙම්වතිය වන්න
    ඔබ මා තුරුළට මට දෙන්න දෙන්න ඔහු

    ඔහුගේ මංගල මුදු පැලඳූ
    පාදපරිචාරිකාවී ඔබ
    මා ඔහුගේ ගත සුසුමක් පමණයි

    මට නැතිවනුයේ හිමි සඳු සමඟින් දූ දරුවෝ
    මුළු ජිවිතයෙම අත්වැල් බැඳ ආ
    මා සෙවණට මට දෙන්න දෙන්න ඔහු

    ජිවිත පුරා මා ඔහු ළඟ
    මා සිත සපුරා ඔහු මා ළඟ
    ඔබද මා ද ඒ ප්‍රියම්බිකා ඔහු ගේ
    අප කඳුළු සිනා ඔහු වෙනුවෙනී
    අපි සිනාසෙමූ
    ඔහුගේ නාමයෙන් වැලපෙමූ
    අපි සිනාසෙමූ
    ඔහුගේ නාමයෙන් වැලපෙමූ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නොකී රහසක්‌ මතකයේ හිඳ තැවෙනවා
    ඔබෙ සුවඳ මට දැනෙනවා. දැනෙනවා
    රැයේ ඝනඳුර නැගෙන තනියට
    සඳක්‌ සේ ඔබ පිපෙනවා... පිපෙනවා...
    මං ආදරෙයි... මං ආදරෙයි...
    උමතුවෙන්...
    ඔබේ සිත මා සොයනවා... සොයනවා

    පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා
    නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා...
    නිදන නින්ද ද මුදා හරිමින්
    අවදි කොට මා තබනවා... තබනවා...
    මං ආදරෙයි... මං ආදරෙයි...
    උමතුවෙන්...
    ඔබේ සිත මා සොයනවා... සොයනවා...

    දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
    නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා
    දකිනු රිසි ඔබෙ තාරකා ඇස්‌
    මසිත මිහිරක්‌ මවනවා... මවනවා...
    මං ආදරෙයි... මං ආදරෙයි...
    උමතුවෙන්...
    ඔබේ සිත මා සොයනවා... සොයනවා

    අපි ලෙංගතුව සිටි අය කී දෙනෙක්‌ අද අපෙන් ඈත්ව ගිහින්ද... පාසල් කාලයේ අපි ළඟින්ම හිටි අපේ යාළුවෝ.. අද කොහේ ඇත්ද... මඟතොටදී මුණගැහුණත් හඳුනා ගන්නත් බැරි තරමයි... ඒ තරම් කාලයක්‌ අපි එකිනෙකාගෙන් වෙන්වෙලා... ඒත් ඔවුන් කෙරෙහි එදා තිබුණු ලෙංගතුකම අදත් එහෙමමයි... ආයෙත් ඔවුන් දකින්න ලැබෙනවා නම්...

    ඒ වගේම තමයි කලක්‌ ආදරයෙන් සිටි අයත් මේ විදිහටම එකිනෙකාගෙන් ඈත්වෙලා යනවා. ඒත් හිතේ තියෙන ආදරය... වෙනසක්‌ නැහැ. පාළුව තනිකම දැනෙද්දි ඒ රුව සොයන්න අපි කොතරම් වෙහෙසෙනවද...

    නොකී රහසක්‌ මතකයේ හිඳ තැවෙනවා
    ඔබෙ සුවඳ මට දැනෙනවා... දැනෙනවා
    රැයේ ඝනඳුර නැගෙන තනියට
    සඳක්‌ සේ ඔබ පිපෙනවා... පිපෙනවා..
    මං ආදරෙයි... මං ආදරෙයි
    උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා...

    කාලයක්‌ ආදරයෙන් සිටි දෙදෙනෙක්‌ වෙන්වෙලා... ඒ වුණාට මේ දෙන්නා එකිනෙකාට ආදරය ප්‍රකාශ කරලා නැහැ... දෙන්නගෙම හිතේ ආදරය තිබිලා තියෙනවා... ඒත් අද ඔහුට ඇය හොයාගන්නවත් නෑ... හැමතැනම හොයනවා... එදා මම ඔයාට ආදරය කළේ ඔයාටත් හොරෙන්. රහසේ... කළ ඒ ආදරය අද මගේ මතකයට එනවා. හදවත රිදුම් දෙනවා. මට ඔයාගේ සුවඳ එදා වගේම අදත් දැනෙනවා. තනිකම පාළුව මගේ ජීවිතය වෙළාගෙන. ඒ පාළුව හරියට ඝන අන්ධකාරය වගේ. ඒ වෙලාවට ඔයා මගේ මතකයට නැගෙන්නේ හරියට සඳ මල පිපී හිනහෙනවා වගේ. මම ඔයාට ආදරෙයි. තවමත් ආදරෙයි. ඒ නිසාමයි මගේ හිත උමතුවෙන් වගේ. ඔයාව හොයන්නේ...

    එඩ්වඩ් ජයකොඩිගේ ආදරණීය හඬට මේ පදපෙළ කොතරම් ගැලපෙනවද පුංචි කාලේ ඉඳලාම එඩ්වඩ්ගේ හඬට ප්‍රියකළ විපුල් ධර්මප්‍රිය ජයසේකරගේ හීනයක්‌ සැබෑවීමක්‌ තමයි මේ. ඔහුගේ පදපෙළක්‌ එඩ්වඩ් ගැයීම.

    ආදරය කියන්නේ කොතරම් කලක්‌ ගියත් මහලු නොවෙන සිතිවිල්ලක්‌. කලකට පෙර ආදරය කළ අය අදත් හැමතැනම සොයන මිත්‍රයන් මට හමුවෙලා තියෙනවා. අනේ එයා දැන් කොහෙද දන්නෙ නැහැ. ආයෙත් දකින්න තියෙනවා නම්... කියලා මගේ යාලුවෝ නිතර මට කියා තිබෙනවා. වෙලාවකට මටත් හිතෙනවා මගේ පංතියේ යාලුවෝ අද කොහේ ඇත්ද කියලා... ඉතින් මෙන්න මේ සිතුවිල්ල තමයි ගී පද පෙළකට පෙරළුනේ... විපුල් ධර්මප්‍රිය ගීයේ රචකයා අදහස පළ කළා.

    පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා
    නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා
    නිදන නින්දද මුදා හරිමින්
    අවදි කොට මා තබනවා... තබනවා
    මං ආදරෙයි... මං ආදරෙයි..
    උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා

    ඔයා ගැන මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් හරියට වෙරළක්‌ වගේ. ඒ වෙරළේ හැපී බිඳෙන රළ පෙළ ඔබ ගැන උපදින සිතිවිලියි. මගේ දෑස්‌ කැළඹිලා නිදන්න ගියත් දෑස්‌ පියවෙන්නේ නැහැ. දෙනෙත් මා අවදිකරලා... මං ඔයාට ආදරෙයි. මගේ හිත උමතුවෙලා.. මම ඔයාගේ හිත හොයනවා...

    මම මේ සිංදුව කළේ මගේ සඟවන්නෙපා හසරැල් සීඩී එකට මම පොඩි කාලේ ඉඳලම එඩ්වඩ් ජයකොඩි ශිල්පියාගේ හඬට ආසයි. ඒ කාලේ එඩ්වඩ් ජයකොඩි කියන්නේ තරුණ තරුණියන් වශී වුණ ගායකයෙක්‌. චරිතා ප්‍රියදර්ශනී පීරිස්‌ට "අහස්‌ ගැබේ තරුකැට ගානේ..." සිංදුව ලියුවාටත් පස්‌සේ තමයි එඩ්වඩ්ට මේ සිංදුව දුන්නේ. මේ සිංදුවේ "උමතුවෙන්..." කියන කොටස තමයි උච්චතම අවස්‌ථාව... ඉතිං මම එඩ්වඩ් ජයකොඩිට කිව්වා... උමතුවෙන්... කියන කොටස මට හොඳටම ඕනේ කියලා හරි මල්ලි මම ඒක උමතුවෙන් වගේම කියන්නම් කෝ... මං උඹව නග්ගලා ගන්නම්කෝ මේ සිංදුවෙන්.... කියා එඩ්වඩ් කිව්වා..

    දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
    නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා
    දකිනු රිසි ඔබෙ තාරකා ඇස්‌
    මසිත මිහිරක්‌ මවනවා... මවනවා..
    මං ආදරෙයි... මං ආදරෙයි
    උමතුවෙන්...
    ඔබේ සිත මා සොයනවා... සොයනවා...

    තාරුකා බබලන්නේ ළඟක ඉඳන් නොවේ. ඒවා ඈත දුරක ඉඳන් ලෙලදෙන අයුරු නෙතගින් මට පෙනෙනවා. තාරකා වගේ දීප්තියෙන් බබලන ඔයාගේ ඇස්‌දෙක දකින්න මම මොනතරම් ආසයිද ඒ දීප්තිමත් නුවන් යුග මගේ හිතේ මවන්නේ මිහිරක්‌ මිස අන් කවරක්‌ද මං ඔයාට ආදරෙයි. ආදරෙයි. ඒ නිසාම මම පිස්‌සුවෙන් වගේ ඔයාගේ හිත හොයනවා... ඔයා කොහේ ඇත්ද...

    ආදරයෙන් උමතු වූ මේ පෙම්වතාගේ හිත විපුල් ධර්මප්‍රියගේ පද පෙළින් කදිමට විවරණය වෙනවා. ඒ පද පෙළේ අරුතටම ගැලපෙන සංගීතය යොදා ගයන එඩ්වඩ්ගේ හඬට උමතු වූ රසික රසිකාවියන් මේ ගීයට ද එදත් අදත් හෙටත් පෙම් බඳින බවට නම් සැකයක්‌ නැහැ.

    උපුටාගැනීමකි.

    http://geethayakatawediyamak.blogspot.com/2013/04/nokee-rahasak-mathakaye-hida-thewenawa.html
     
    Rep +