පද පේළී - EK LYRICS THREAD PART 2

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔබ පාන සිනාවට මත්වි මත්වි මා...

    ඔබ පාන සිනාවට මත්වි මත්වි මා
    පාන සිනාවට මත්
    ඔබ පාන සිනාවට මත්වි මත්වි මා
    පාන සිනාවට මත්...

    ඔබෙ රුව දුටුවා හොරැහින් මා
    දෑසේ ඡායා රැදිලා තිබුනා...
    ඔබ යාවී මා හද පාර පාර
    ඔය දෑසේ සිතුවම් යාව යාව
    ඇයි කෙල්ලේ...
    ඇයි කෙල්ලේ ආදරේ නැද්ද මා හට
    යාවිද ඔබ මා පාර පාර...

    ඔය සුදු මුහුණේ හසරැල් පෑහේ
    ඔබගේ තුරුලේ ඉන්නයි ඕනේ...
    ඔබ යාවී මා හද පාර පාර
    ඔය දෑසේ සිතුවම් යාව යාව
    ඇයි කෙල්ලේ...
    ඇයි කෙල්ලේ ආදරේ නැද්ද මා හට
    යාවිද ඔබ මා පාර පාර...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    තරහ වෙලා හිත හඬවාලා ඔයා...

    තරහ වෙලා හිත හඬවාලා ඔයා
    ඇයිදෝ යන්නේ විඳ වලා
    ලඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා
    වින්දේ ආත්මයෙන් මැරිලා
    මගේ පනටත් වඩා ආදරෙයි ප්‍රියේ
    හෙලන සුසුමන් පුරා ඔයාවමයි පැතුවේ...

    හිස් වුනු සිතුවිලී කලතවයි
    සිත මගේ දුක් වෙවී
    දෙනෙතේ අගින් රූරලා...
    ඔබ නොවේ මගෙ වුනේ
    සිහිනයකි මා ලඟින් තනිවුනේ
    අද නෑ ම⁣⁣ගේ ලඟ ඔයා...

    කොහොමදෝ කවදදෝ
    ආදරේ මදිවුනේ මේ හිතින්
    වෙන්වී යන්නට තරම්...
    රතු වුනු ඇස් මගේ
    දැක දැකත් වේදනා තව දිදී
    ඇයි හිනහුනේ ඒ තරම්...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රජ කරනා අයමයි ලෝක හොරු...

    රජ කරනා අයමයි ලෝක හොරු
    රජ කරනා අයමයි ලෝක හොරු
    මහ දවල් හොරු
    රෑ හිවල් හොරු
    මේ ලෝකේ ඉන්නා වූ...

    රජ වෙන්නට සක්විති විලසා
    අසරණයින් බිල්ලට රැගෙනා
    නීතියේ රැහැනින් ගැලවීලා
    ලොවම වනසලා පැනයන
    අසුවේනම් නීතිය සත්තයි...
    දුර්ජනයින් වැනසෙනු නියතයි
    බොරුවෙන් රැවටිමෙන් පැරදෙයි
    කර්මෙ පල දීලා බැසයන...
    ගුණ දම් නැති මිනිසුන් ලෝකේ
    සිටියත් රජවී සැමදා
    නැතිවි හැම සම්පත් උන්ගේ
    උන් දවසක යයි වැනසීලා...

    සිංහාසන මත රජ කරලා
    නිලතලයෙන් බලවත් වීලා
    ජනතා මුදලින් සැප විදලා
    රටම වනසාලා පැනයන
    ඇසුවේනම් නීතිය සත්තයි...

    මේ රට මගේ රට
    ආදරෙයි සදහට
    හිටියට පිට රට
    කරුමෙට ඉපදුන උන්
    උඩ පුටුවට යව යව
    යට ඉඳගෙන පිල් බෙදගෙන
    අපි ලෙව කව කව
    ඉන්නව ද තවත්
    හතක් හෙන පතමි
    තොපෙ පරම්පරා හතක් අටක්
    මකබැවිලා යන්න බුරුතුපිටින්
    ශ්‍රි ලංකාවෙ කේසර සිංහ හඩින්...

    රජ කරනා අයමයි ලෝක හොරු...
    කැලෑ හොරු වෙයි පගා හොරු
    රට ජාතිය වනසා කරයි බොරු...


     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ජයමර්ධනපුර වැනුම...

    බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන්
    එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන්
    මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන්
    වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම්

    පොඩි එකා වඩාගත්ත දැයේ පියා
    තව පොඩි එකෙකුට නැති කලා තම පියා
    ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා
    කදිරගාමර් ගිනි අවියකින් තියා...

    වටින ජීවිත , ලෙයක හිරිකඩ
    ප්‍රනාන්දු එක එල්ලේ කුඩු වුනා සීකඩ
    ජනතා වරමෙන් මුඩුවුනු දුපත
    රජාගේ අනෙන් මුඩු කුඩු වුනු දුපත

    අපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කම
    අපි දැනුවත්වම උන් උපයයි වත්කම

    මතකයි මට තාමත් ඒ සාම ගිවිසුම්
    ඕමන්ත ප්‍රදාන මාර්ගයේදී පිවිසුම්
    දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන්
    කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන්

    අසරණයි අපිට වඩා ක්‍රමය බලවත්
    දර්ශනේ විකුණන් කනවනේ භගවත්
    ඒ අන්තරේ!!! කුප්පියක් දාපන් බොල අදවත්
    සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත්

    රදලයොත්, ගොවිගම, පට්ටි, කුල බතලයොත්
    කරව , සලාගම , දුරව , හේන , මදනයොත්
    නවදන්න , වහම්පුර , වෙල්ලදුර භක්තිකයොත්
    කින්නර , හුලවාලි , රැඩිකලෙන් කවුරු ගියත්

    පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක්
    වටේ පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක්
    දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත්
    අධ්‍යපනේ අද කොලිනීසියයක්

    ඔය වැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ
    යැව්වා වගේ යවපන්කෝ රනිල් රස්තියාදුවේ
    රජා රස්තියාදුවේ , හිටං රස්තියාදුවේ
    උබල අපතයෝ නිසා චේගුවේරාත් මස්තබාල්දු වේ

    මොන ජුලි වුනත් පිලිගනින් ඒ ලේ කියා
    අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේඬියා
    මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා
    අජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ CLAY කියා

    නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න
    පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න
    රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න
    වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න

    මෙහෙම තියන් බැහැ රටක් හදන්න

    මෙහෙම තියන් බැහැ රටක් හදන්න
    මෙහෙම තියන් බැහැ රටක් හදන්න

    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න

    පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න

    මෙහෙම තියන් බැහැ රටක් හදන්න
    පැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න

    උඹල අවුලන ජාතිවාදී ගිනිවලින්
    තනලා ලිපක් උන්ගේ ගෙවල් කිරි උතුරන්
    ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩ
    පෙනේවි බට්ටෝ බෝම්බ ක්ලේමෝ ගිනි පතුරම්

    කෝ භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි
    අදික වියදමක් කරගන්න පිනක් හරි

    තියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසට
    සමුහ මිනී මන්නාරමේ යටින් සතොසට
    පිහියෙන් ඇන්න යන්න හිටි කෙල්ල අ.පො.ස.ට
    ඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට සතොසට

    උදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ ඩෝසරෙන්
    මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේ
    පෙළක් හෙලා දකිනවා වැහි රෝහනේ
    රට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන්

    ගෙදර බයේ හැඟෙන්නේ සද්දේ අකුණට
    තොපිල ගියවේද වෙඩිකන්න උතුරට
    ඉවසා වදාරන්න බැරි ගඳ මකුණට
    ගියවේද තොපි ගොඩගන්න මිනි දකුණට

    අපි පොඩි මිනිස්සු, නැහැ තොපී මෝඩයි
    අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි

    ඒක නිසා බැහැ රටක් හදන්න !
    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න

    නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න
    පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න
    රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න
    වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න

    මෙහෙම තියන් බැහැ රටක් හදන්න
    මෙහෙම තියන් බැහැ රටක් හදන්න
    මෙහෙම තියන් බැහැ රටක් හදන්න

    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න

    පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න

    මෙහෙම තියන් බැහැ රටක් හදන්න
    පැත්තක් තියන් බැහැ යකෝ ගැට්ටක් කඩන්න...


     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    උබට වැඳන් හිටපු අතකින්මයි හොදට හිතලා ගත්තේ පෑන
    උබට දීලා තිබ්බේ ලෝකේ දෙවියන්ටත් නොදුන් තැන
    කෝටි ගනන් එනවත් ඇති නේ ද රසිකයන්ගේ පැන
    කියවනවනම් නවතින්නේපා ලිව්වේ
    මගේ ආගම ගැන...

    උබට සෙල්ලමක් වුනාට මේක අපිට ආගමක්
    දුකේ ඉදන් සතුට වෙතට එගොඩ කරපු පාලමක්
    ජීවිතේ පැරදිච්ච අපිට උබලා දිනන තරඟයක්
    ලොතරැයියක් දින්නා වගේ නැතත් අතේ රුපියලක්
    සත රුපියල් සීය කරලා ගත්තේ මැච් එකේ ටිකට්
    ටීවී එකේ බලන්න හැකි සෙල්ලමක් නෙවෙයි ක්‍රිකට්
    මුණ දෙපැත්තේ අලවන් සිංහ කොඩිය ස්ටිකර්ස්
    ලං වුනා අපී වැඩීවත් ද කඩන්නේ අපේ හිත් විකට්..
    පුරේ ඉදන් බයිසකලේ හොයන් ආවේ දඹුල්ල
    පරාජයත් යෝකරේ වගේ අපේ සතුට කඩුල්ල
    එකක් දෙකක් ඉවසුවා සර් මේ කීවෙනී පාරද?
    හූ කියවුනේ ආවේගෙට අපිත් එක්ක තරහද?

    තණ නිල්ල ඵල දරපු කාලේ
    දෙවිවරුන් වැඩ සිටි විමානේ
    සිහ තේජසින් මුලු ලොව දිනා
    රට බැබලුවා...

    මුලු රටක් හැඬවූ නියාවේ
    සූදූවක් වී ඇත අගාධේ
    රුපියල් නිසා දේස පලුවන්
    කෙලසනා...

    සෙල්ලමක් නෙවෙයි ආගමක්...

    ගෙදර එවුන් හිනා වෙනවා උඹට ඇද්ද කියලා
    ඒත් එදා රෑත් පහන තිබ්බේ උඹට සෙතක් පතලා
    මේවා ගැනම හිතලා හිතලා හිතිච්ච තැන් ගෙවිලා
    නිදා ගන්න කොට්ටේ යටත් උබේ රූප නමලා
    ප්‍රවෘත්ති වල මැති ඇමතිලා උබට හොදට බනිද්දි
    ටීවී එකත් වහලා දැම්මා ගෙදර එවුන් බලද්දි
    අහස එපා කිව්ව අපිට පොළවත් දැන් රවද්දි
    යන එනමන් නෑ මහත්තයෝ උඹලා අහක බලද්දි..
    තෙරෙන්නෙත් නැතුව ඉන්ග්‍රීසි වචන දෙක තුනක්
    ටෝස් එකේ ඉදන් බලන්නේ උඹව බලන්නට මිසක්
    නොතෙරුනත් බලන් ඉදලා උඹ ගත්තම බින්දුවක්
    වචන කෝටියකින් කියනු බෑ හිතේ උපන් දුකක්
    අපේ කදුලු මිට මොලවන් බිත්තියකට තලන්නම්
    දිනුම වගේ පැරදිල්ලත් එකයි කියල හිතන්නම්
    ලිපට වැටුන කබලට අපි පිච්චි පිච්චි නගින්නම්
    එක තරගයක් දිනපු දාට දණ ගහලම වදින්නම්...


     
    • Love
    Reactions: Nimeshaya

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    හෙමින් සැරේ ඇවිත් ඔයා...

    හෙමින් සැරේ ඇවිත් ඔයා
    මගෙ කණට කොඳුරලා ගියා
    ඔයා මගෙයි වෙන කාගෙවත් නොවෙයි කියා
    සිතින් අනේ පතන්නෙ මා
    ඔයත් මගේම වෙන්න කියා
    ඔයා රකින්න මාගේ ජීවිතේ පුරා...

    කවුරුන් බලා හිටියත් ඔබේ ළඟට ඇවිත්
    දෙතොල් ඔබේ සිපගන්න හිතෙනවා
    කවුරුන් හිනා වුණත් අනේ රත්තරන්
    ඔයා දිහා බලා ඉන්න හිතෙනවා
    හිතේ හැගුම් ගොඩක් තියන්
    ඔයා දිහා බලාන ඉන්න ජීවිතේ කෙටියි සිතෙනවා
    හෙමින් සැරේ ඇවිත් ඔයා
    මගෙ කණට කොඳුරලා ගියා
    ඔයා මගෙයි වෙන කාගෙවත් නොවේ කියා...

    මේ අහස තරම් දුර සිත් අහසේ
    තනි වූවොත් දැනෙයි මගේ ආදරේ
    මේ සයුර තරම් රුදු හද ගැඹුරේ
    ගිලූනෝතින් දැනෙයි මගේ ආදරේ
    හදේ සිතුම් වැලක් කඩා ගීතෙකින් ලියා ගොතා
    ඔයා ළඟින් තියන්නම් ආදරෙන් රත්තරන්...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මතකයට මගේ ඔබ නැගෙන විට...

    මතකයට මගේ ඔබ නැගෙන විට
    දෙනෙත් පුරා ඇයි කදුලැල් නොසිතුව විලස
    සුසුම් වලට පවා ඔබේ පෙම් බැන්ද
    සිහිවෙන විට අදටත් හඬයි මගෙ සිත...

    දුරස් වූයේ ඇයි මාගෙන් හඬවා මෙලෙස
    උහුලන්නට බැහැ තවමත් දුන්නු ගින්දර
    උනු වරදට සමාවෙන්න තවදුරටත් මට
    වෛර කරන්නෑ මා නම් පෙම් කල ඔබට...

    කියා දුන්නේ ආදරය මට ඔබ නොවේද
    ඉතින් ඇයිද අද ඉන්නේ දුරකින් ඔබ
    මගේ සිහිනේ බොඳවීලා පෙර කල පවට
    වෙනසක් නෑ ආදරය ඇත තව ඔබට...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ හුස්ම තරම් ඔබ දැනෙනවා
    ඔබ වෙන්ව ගිය දා මගෙන්
    මට ඔබව තවත් හිත හොයනවා
    මට ඕන ඔබමයි යලිත්
    පෙම් කළේ මේ සිතින්
    මේ ලෝකෙ කාටත් වඩා
    ඔබ මට ම හිමිවෙයි සිතා

    පෙර එදා කී කථා
    මට මැවුනෙ මනසේ පුරා
    හිත හදාගනු කෙසේ
    මට ඔබ ව සිහිවෙයි සදා
    ඔබ මගේ ඉනු මැනේ
    හදවතේ පෙර වගේ
    ඔබ මගේ ජීවිතේ
    මට දැනෙයි ඒ වගේ

    මගේ හුස්ම තරම් ...‍..............

    ඉන්න බෑ මට තවත්
    ඔබ නොදැක දුරකට වෙලා
    දෛවයයි වෙන් කළේ
    කඳුළකට හිමිකම තියා
    ඔබ මගේ ඉනු මැනේ
    හදවතේ පෙර වගේ
    ඔබ මගේ ජීවිතේ
    මට දැනෙයි ඒ වගේ

    මගේ හුස්ම තරම් ...‍..............


    ගායනය :- නලින්ද රණසිංහ
     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    දඩුවැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා...

    දඩුවැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා
    පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
    සිල් රෙද්දේ ලේ ගෑවුනේ කොහොම සොයනා
    අවි ගත්තු පිංවත්තු දාගැබට විදලා

    උතුරින්ද දකුණින්ද නුඹ ආවේ කියලා
    කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කේ නුඹලා
    කෝවිලට ගිණිබින්ද වෙඩි උන්ඩ නසලා
    නිල් අහස පරවින්ට ඉඩ හරිමු සොයලා

    දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
    බැත කන්ද දියවෙද්දි මියැදෙන්න ඇරලා
    නිදිවැද්ද රජ ඔටුනු වැජ⁣බෙන්න හරිනා
    දෙවියන්ට පිං දෙන්ට පුලුවන්ද වැදලා
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    බිංදු බිංදු කඳුළු බිංදු කොපුල් මත ගලා....

    පින්න වැටුණු රෝස මලක් නෙතට ළං කළා...

    මන්ද සිතා ගත්තේ මා සමු ගනියි කියා..

    මන්ද සිතා ගත්තේ මා සමු ගනියි කියා..

    රතු වෙලා හැඬූ දෙනයන යට මේ තරම් සිතක්

    මා නිසා තිබුණු බව දැනුණේ ඒ වෙලෙයි මටත්

    මේ හිතත් එහෙමමයි මට වෙන කවුද ඔබ මිසක්

    මේ හිතත් එහෙමමයි මට වෙන කවුද ඔබ මිසක්

    ආදරේ විසුළ නිම්නය හැර දමා වෙන අතක්

    මා ඔබේ ලොවින් පියමැන්නේ නෑ නිමේෂයක්

    මේ අදත් එහෙමමයි දුන මැන සුවඳ මදහසක්

    මේ අදත් එහෙමමයි දුන මැන සුවඳ මදහසක්

    කිත්සිරි ජයසේකර.............
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී

    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී

    නුඹට සිත බැඳුනේ කිමැයිමා තවම නොදන්නෙමි

    නුඹට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමී

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද

    ඇතත් ලෝ දහමින්

    සොදුරු වැස්සට දැවෙන කතරත්

    ආදරෙයි පණමෙන්

    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස

    ඒ වගෙයි මනරම් කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්

    උදුල තරු කැටයම්

    හිරුටපෙම් බැදි එකම තරුවක්

    සිටිය නොහැකිද යම්

    නුඹට නොහැගෙන මගේ ප්රේුමය

    ඒ වගේ මනරම් පුදුමවෙයි නුඹ න


    කරුනාරත්න දිවුල්ගනේ......................
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    සුළඟ නුඹ වගෙයි සිත් මල වටා එතෙයි.

    මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි.

    වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද වැටෙයි.

    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි.

    සිත හැදිනුවෙත් නුඹයි.

    පසු පසම එලව එලවා විත්..

    සැනසුවෙත් නුඹයි.

    නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි.

    සිත තනිකලෙත් නුඹයි.

    මගෙ සිතේ සියුම් තැන් සොය සොයා....

    රිදෙව්වෙත් නුඹයි.

    ඒත් නුඹෙන් සිත නොබිදේ පුදුමයක් තමයි.

    කරුනාරත්න දිවුල්ගනේ....
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    අඳුර බිඳින්නට රැයක් දවාලු

    ලන්තෑරුම් නිවලා

    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර

    හිරු තව දවසක් ගෙනැවිල්ලා//

    මතකය නම් වූ මළපොත පෙරලා

    මළගිය ඊයේ සිහිපත් කළ මැන

    පැතූ පැතුම් අත් මිට මොලවාගත්

    දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන

    එහි මොනවද ඇත්තේ කිසිත් නැත

    හිස් බවෙකිය ඇත්තේ

    සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද

    යෞවන විය පියවර තබනා සඳ

    හිස්වන හදවිත සපුරා ලන්නට

    මියැසි විරාමය යළි පැමිණි ඇත

    අරුමෙකි පැවසෙන්නේ එපමණයි.

    පිළිසරණය වන්නේ..............


    වික්ටර් රත්නායක.................
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන//

    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා//

    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා

    සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන//

    ඔබ මගෙ ආදරය පතයි

    ඇය මගෙ ආදරය පතයි//

    දෙන්නාටම මාත් හිතයි

    ත්‍රිකෝණයේ පාද සමයි//

    සමච්ජේදනය කරලා

    දෙන්නට බැහැ පෙම බෙදලා//

    අපි තුන් මුල්ලටම වෙලා

    ඉමු මුහුණට මුහුණ බලා//


    දයාරත්න රනතුංග
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

    කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි //

    කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි

    ඕ... තිබුණත් නැතත් සල්ලි

    අපි කයිවාරු නෑ මල්ලි (ඒ වුණත්)

    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

    කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

    අපේ පාටිය පිරිමි පාටියයි

    අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි

    කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි

    අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි (ඒ වුණත්)

    නැති බැරි එකා තල්ලු වෙනවා

    පුළුවන් මිනිහා හිනහා වෙනවා

    වැටි වැටි වුණත් නැගිටිනවා

    මගේ බලෙත් මං පෙන්නනවා

    එච්.ආර්.ජෝතිපාල/මිල්ටන් පෙරේරා/බෙග්
     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මාරක මර සෙන් බල බිඳ ...

    මාරක මර සෙන් බල බිඳ
    සූරණ ගොර මහා වැසි මැද
    නැගිටිනු යක දේසෙන් නොපමාවම
    සීගිරි පුර ගල් අසුනට
    යක් අසු නා රක් සිව් හෙළයට
    වඩිනු මැනවි මහරජ නුබ රාවණ...

    සීගිරි පුරේ අපේ බෝ දේ සැගව ඇතේ
    බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ
    දඩු මොනරින් ගුවනේ වැඩ හෙළි කරනු මැනේ
    රැකදෙනු සිහලලේ සිව්වනක් සිව් හෙළේ...

    රා සූර වංශය අප සූර්ය බල සිංහයෝ අප
    සිව් හෙළය රජ කෙරුවෝවේ
    ඇතුන් කරේ යක්කම වදින රකුන් ගිරේ යක්කයෝ අපිද
    සිව්හෙළේ උරුමක්කරුවෝ...

    සොහේලි නමින් ඉපදුන දැරියෙක්
    ඇයගේ පියා තමයි රාවණ
    පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ
    ඒ නස්පැත්තියක් නිසා
    රාවණ දැක්කා හෙල කුල කාන්තාවක්
    ඈතින්ම භාරත පුරේදි ඒ
    ඇගේ නම සිතා වෙලා දැන්
    වැරදි කටකතා යව්වා උන්..

    එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න ගෙදරට ඇයව
    වැරදි වැටහීමකින් සටන් ඇති උනා අද වගේම එදාම
    මගේ රට විනශ වෙලා බේරගන්න එන්න රාවණ කොහෙද ඒ
    සිංහල මුස්ලිම් බේද නැති යක්කු ඒ අපේ දුවන්නේ රාවණ ලේ..
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සඳක් වෙන්න බැරිනම් නුඹ හට...

    සඳක් වෙන්න බැරිනම් නුඹ හට
    ඉරක් වෙන්න හැකිදෝ මා හට
    වෙහෙස දැනෙන මේ ජීවිතේ..
    වැවක් වෙන්න බැරි තැන නුඹහට
    ඇයිද කීවෙ වෙන්න නිල්දිය
    දුකක් ඉතිරි මේ ජීවිතේ...

    සීත සෘතුවකට වෙලා
    මිය යන්න නම් එපා
    පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
    සෘතුවක් ඇතත් නැතත්
    හුස්ම ලන මගේ සිතුම්
    පණ ගසයි ඔබේ දෙපා මුල වැටී...

    මා නොමැති හෙටක් ඇතත්
    පිපෙන මල් යළිත් පිපෙයි
    හිරු එළිය ඇවිත් තව දවසක් උදා වී
    හමනා ඒ සුළං රැළෙත්
    නෙත් කොනින් ළඟින් හමයි
    නෙතු අගින් වැටුණු ඒ කදුලැල සීතලයි...
     
    • Like
    Reactions: Malinga

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    විරාග රාගය අතරේ තනි වූ ආලය...

    විරාග රාගය අතරේ තනි වූ ආලය
    විරාම දෙයි එක් හදකට උදා පරාඡය
    විරාග රාගය අතරේ තනි වු ආලය
    දුරලයි තනිකම ලබමින් මගේ සරාග...

    ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
    ඇගේ පහන් ලොව ඈ මනසින් බිදහල දා
    ඈ මුකුලිත වූවා ..
    කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතූ
    ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම්කළ දා
    ඈ අසරණ වූවා...

    නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
    සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා
    ඈ ලොව අහිමි වුනා..
    ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
    පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
    ඈ මවෙතට ආවා...
     
    • Like
    Reactions: Sara531

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා...

    ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා
    කිමද මේ උමතු බව
    නෙතු අතර නෙත් ඔබව සොයනා
    කිමද මේ සසල සිත...

    ඔබේ රුව මැවි මැවී පෙනෙනවා
    අතරමං සිතුවිලි තුළ
    කිමද මේ සොදුරු බව
    නැගෙන හසරැලි මහද උමතුව...

    ආදරේ තරම නුඹ හට
    මහමෙරක් වන් ජීවිතයට
    එක්ව බැදී අප නුදුරින්
    දුරින් දුර යන්නට ඔබේ තුරුලට...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මහ කතරක ඉතිං ඉදහිට..

    මහා කතරක ඉතිං ඉදහිට
    වරුසා වහින්නට නොහැකි ද
    සිදි වියලුන මහා රුකකට
    දළු ලාලන්න නැවතත් නොහැකි ද...

    එහෙව් ලෝකේ ලියකට
    ඇගේ සිහිනේ අහිමිද..

    සිතින් දැවෙනා හැම මොහොතකම
    මුවගේ සිනහා මල් පිපුණ ද
    තටු සිඳුනු හැම වාරෙකම
    ඉගිලී යන්නට සිතුනද...

    එහෙව් ලෝකේ ලියකට
    ඇගේ සිහිනේ අහිමිද..