පද පේළී - EK LYRICS THREAD PART 2

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මිහිරාව ආවා...

    කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා.
    සුලගට සලිත ලිය වැලක් ලාදළු පෑවා.
    විලකට නෙලුබු මලතුරේ පිණිබිදු දෝවා
    මලකට සුවද පොද වගේ මුවරඳ නාවා...

    මිහිරාව ආවා.. මදුරාස කීවා
    හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
    ඔය තුරුලෙමයි ප්‍රිය බදේ…
    හිරු පායන්නෙ මේ ජීවිතේ…

    සංසාරන්යෙයේ බෝම විස කටු තියේ
    මේ ආරන්යයේ ඉන්න මට පින තියේ
    මිහිරාව ආවා... මදුරාස කීවා...
    හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
    ඔය තුරුලෙමයි ප්‍රිය බදේ...
    හිරු පායන්නෙ මේ ජීවිතේ...

    හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ
    මෙන්න මගෙ ජීවිතේ පුදමි පඬුරක් ලෙසේ
    මිහිරාව ආවා..මදුරාස කීවා...
    හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
    ඔය තුරුලෙමයි ප්‍රිය බදේ…
    හිරු පායන්නෙ මේ ජීවිතේ…
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අහස පොලොව උහුලනවලු...

    අහස පොලොව උහුලනවලු
    ඉරත් හඳත් මුහුවෙනවලු
    පටං ගත්තු දාට ආදරේ
    සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
    නෙතට පිරිත් පැන් ඉහිනා
    සුතුර ආදරේ
    කඳුළු වඳුලෙ සිනා පොට්ටු
    නටන ආදරේ
    සිතට තට්ටු කරන සිහින
    කෙවිට ආදරේ
    ආදරේ...ආදරේ...

    අවේලාවෙ හීන මවන
    හීනමානෙ දෙපළු කරන
    මුරන්ඩුකම දුන්නු ආදරේ
    රෑ තුන් යම..රෑ තුන් යම පාළු මකන
    තනියම හිනැහෙන මුමුනන
    තුරුණු සිරිත සොඳුරු ආදරේ
    ආදරේ...ආදරේ...

    සාගරේට කඳුළු හදන
    මහ සුළඟට සුසුම් බෙදන
    විනයක් නැති දැහැන ආදරේ
    හිතෙන් හිතට...හිතෙන් හිතට හිතට ඉව අල්ලන
    නෙතින් නෙතට මාරු කරන
    දාර්ශනික දහම ආදරේ...

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    "හදවතේ හුස්ම ඇතිතෙක් ඉන්නවා ඔබ වෙනුවෙන් ......
    ආදරෙන් මගබලා රත්තරනේ නුබ එනකල් .."
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    "සිත් ආකහේ පායා සඳ පාන සේ
    නිරතුරු ඔය රූ මැවේ..
    ඇස් මායිමේ මා හා තුන් යාමයේ
    නැතුවත් මතකේ හිදී..
    මොහොතක් මොහොතක් පුරා
    හිතෙනා දැනෙනා කෙනා ඔබ
    මාගේ හැම දේ නිසා.."
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදරයේ සුළි සුළඟේ~💛💛~
    මා පැටලෙන්නේ ඔබේ රුව සොයා ~💛💛~
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    හෙට නාඩගමේ මං රජාට අඳිනවා...

    හෙට නාඩගමේ මං රජාට අඳිනවා
    අජාසත්ත නාමෙන්
    මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා
    බලාපල්ලා බොරුනම්...

    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි
    කඩුව කරකවා සබයට එනහැටි
    බලා හිඳින අඟනුන් සත්තයි
    ආලේ බඳී රහසින්...

    පවර අජාසත් නිරිඳුන් මම වෙමි
    පිය නසා රජකම අරගන්නෙමි
    කියා එද්දී අද මං සත්තයි
    ආලේ බඳී අඟනුන්...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    පන්දම රැගෙන යන්න එන්න මා හදවතට...

    පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
    නෙතු දැහැන් බිඳිනා රන් සළුව ඇද
    ලියතඹර ලෙලවා හදමඬල යට
    දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර...

    මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී
    රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
    හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානේනෙ නා
    අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ
    තම්දෙන තානේනෙ තානේනෙ තනානේ...

    ඉන වට බැන්දා වු මුතු පොට සැලෙන කොට
    පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන
    වැහි කලුව එනවා නුඹ නැති දාට
    සිත් අහසම පුරවා අන්ධකාරෙක...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Tell all the children to lock those doors
    I've seen the smoke in the sky before
    Gotta be up on my feet when the morning comes
    'Cause this fight we can't ignore
    I feel a chill building up inside
    Seeing the sweat filling up my eyes
    Tell every friend, enemy, flesh and blood
    To send out the battle cry


    Fingers stretching out from nowhere
    Reaching for my throat
    They're hungry for my skin
    Teeth wide smiling that they found me
    Circling around me
    Slowly closing in while you sing


    Everything is gonna be fine
    Everything is gonna be fine, fine, fine


    Fingers stretching out from nowhere
    Reaching for my throat
    They're hungry for my skin, my skin
    Teeth wide smiling that they found me
    Circling around me
    Slowly closing in, you sing


    -Mike Shinoda-



     
    • Like
    Reactions: Arthur Curry

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිත තනි කලෙත් නුඹයි
    මගෙ හිතේ සියුම් තැන් සොය සොය
    රිදෙව්වෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි
    පුදුමයක් තමයි
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    To mage wife Pana
    ඔය කෝමල රූබර නාරී සිත ගත්තා නුබ කටකාරි
    කලතා රස මාගේ බැදුනා නෙතු මානේ
    සැමදා මගේ ලෝකේ සුව ගේන රස රාජිනී

    රණ හන්සිනී සුවද හිමි//
    හසරැන්දු මාගේ පෙම් ලාලනී
    මගේ සිහින ලෝකේ මන බන්දනී
    මට නිදි නොමැති රැය ගේනෙන මගේ දේහිනී:yes::love:Eli wenakan ammo merei mawa
    මූණේ පෙම් පාට අඩු නොවන පෙම්වන්තිනී

    ඔය කෝමල රූබර

    නයනේ වෙලී හිදිනු බැරි//
    නිල් ගුවන සරසවන සදරාජිනී
    ඉගි කරන මනමාල මනමෝහනී
    මගේ සිරියහන හැඩකරන රසකාමිනී:love:ammo Mata Panat ne:P
    ජීවේ සනසවන සතපවන පෙම්වන්තිනි//

    https:https://youtu.be/rtVJLCBpUMM

    Eyage eka kesgahaka eka milimitarayakata taram me loke kisima kellek lassanat watinnet adaret ne man:rofl:edat adapt hemadamat eyage adare muhuda wage eke eka wathura binduwak taramwat anitunta MN adare karalat ne mage hite idalat ne:lol:paw
     
    Last edited:

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    seetha_raye_paya.png
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    අනුරාගී නුවන් හිමිකාරී
    උන්මාදී හැඟුම් මට දේවී
    සිපගන්නටදෝ ලංවී

    විසේකාරී

    ශෘංගාරී දෙතොල් නලියාවී ammo
    හැඩකාරී සැනින් මත්වේවී
    සුරලෝකේ ඉඳන් ආවාදෝ

    විසේකාරී

    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි ammo
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී mawa merei

    Watch me now
    Slim body girl
    Slim body girl
    Telling all rude boys me and Bachi again again
    Someone love you honey
    Pretty girls them love your bunny
    I wanna share my love every minute and secondary
    My heart is beat just like a gold
    Hard to get to hold her
    For all the girls hmmmm... hmmmm...
    There is no hesitation.
    Your body my destination
    It's me you looking for
    Girl you my number one now

    කවිකාරී තෙපුල් මුමුණාවී
    සඳයාවී උකුල් සුවදේවි ammo
    අදහන්නට බෑ පුදුමය

    විසේකාරි

    මනලෝලි දසුන් ඉගිලේවි anee
    ඳගකාරි සිතුම් උතුරාවි
    ඔබ කාගේ කවුරුන්දෝ
    විසේකාරි

    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී

    දේදුන්නයි ඇ මා මුවැත්ති
    ඔව් ඈ හරි රුවැත්ති
    ඔබ මා මුදු හිතැත්ති විසේකාරි
    ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
    පෙම් හැඟුම් ගලායයි අනන්තේ
    හිත මගේ අරන් හැංගෙන්නද

    විසේකාරි

    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී

    Good body yeah
    Fun all the time when you do the bogle
    Do the butterfly gyal lift me easy
    Redfox Bachi alongside Rude Bwoy
    Right across da world



    Ridila den minihatat lamayatat gahala hullagena pupuragena idi,man mukut kale ne mage wifeta sinduwak demma witarai
     
    Last edited:
    • Like
    Reactions: Arthur Curry

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබටයි මේ ආරාධනා - ඔබටයී මේ ආයාචනා
    ඔබටයි මේ ආරාධනා - ඔබටයී මේ ආයාචනා
    හිරු සදු ඇතිතුරා - සසර සරනා තුරා
    ඉන්නට බැ තරහාවෙලා
    :no::no::no::no::no::no:

    පෑව සෙනේ අමනාපේ නිසා - මෝදු වෙලා තිබුනාට වඩා
    පෑව සෙනේ අමනාපේ නිසා - මෝදු වෙලා තිබුනාට වඩා

    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා
    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා

    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:

    ඔබටයි මේ ආරාධනා ...

    තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ
    තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ

    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා
    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා

    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:
    ඔබටයි මේ ආරාධනා...
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැමදාම ඔය දෑස හමුනොවන විට..
    නොසන්සුන් හිත තාම වාරු නෑ මට..

    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..

    තරු දෑස මගෙ නේද අතරමං වුන..
    හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද..
    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද....................

    අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී..
    හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී..
    මටත් නොකියා ඔහොම ඉතිං දඟකාර වී..
    හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී..

    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද..

    අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී..
    රැක ගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී..
    මලක් වී ගසක් යට සුවඳ දී වැටි වැටී..
    ඔබ හිනහී ඉන්න හඬා කදුළක් නොවී

    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද..

    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද..
     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ...

    මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
    සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ..
    ඔබ කොයි කාලේ කාටවත්
    බෑ දෙන්නට මොහොතකටවත්..
    ඔය අල්ලාගත් අත පපුවට තියාන
    ඉන්නම් ඔයා ළඟින්...

    ගැහෙන මගෙ පපුව පුරා
    වැටෙන මගෙ හුස්ම ඔයා..
    මගෙ හුස්ම නුඹයි මගෙ සිනහ නුඹයි
    මගෙ ජීවිතයම නුඹමයි..
    ගැහෙන මගෙ පපුව පුරා
    වැටෙන මගෙ හුස්ම ඔයා..

    ආදරයට හුස්මන් තැවරූ ඔබමයි මාගේ
    ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ
    ඔබ කොයි කාලේ කාටවත්
    බෑ දෙන්නට මොහොතකටවත්...
    ඔය අල්ලාගත් අත පපුවට තියාන
    ඉන්නම් ඔයා ළඟින්...
     
    • Like
    Reactions: Sara531

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    අත්සන ❤️

    ඇසිල්ලක්වත් දුරින් නොයිදන්
    හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්
    හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්
    අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්

    මඟුල්බෙර තාලයක කෙලවර
    නික්ම යෑමය නැවත් ඒමය
    මුදු සිනාවක අර්ථ විවරණ
    සදා නොමැකෙන සෙනෙහෙ පෑමය
    අන්තරාදායකම තනුවක
    අන්තරා කොටසක් ය ප්‍රේමය

    අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
    උරුම දේ නම් සිනහවන් මවාපෑමය
    හදවතින් ශුභපතන ගිවිසුමේ අබියස
    අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය
    අන්තරාදායකම තනුවක
    අන්තරා කොටසක් ය ප්‍රේමය

     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    දෑස හරි කාන්සියෙන්

    දෑස හරි කාන්සියෙන් ඉන්නේ
    කවදාද ආයේ නුඹ එන්නේ
    හිනාවක මාව නලවන්නේ රාත්‍රියේ
    ආදරෙන් ළඟ
    පටලවා ඉඟ
    පියමනින දවස කවදා⁣දෝ තාම නෑ දන්නේ

    වරළස ලිහාගමි පින්නේ
    මේ රහස කවුද දන්නේ
    අක්බඹරු දෙවුර සිපගන්නේ සීතලේ
    කලබලෙන් නුඹ
    මතකයට එන
    ලස්සන ම රහස මම නම් තාම නෑ දන්නේ

    මල් සර හීයකීන් පෙම් රස හීනෙකින්
    නෙත් සර රැහැනකින් පැටලිලා
    ඉඟිමරන නෙත් ඔබේ සිසිලයි
    නිදිවරන තත්පරෙත් සුවදයි

     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මතක දිනපොත

    මතක දිනපොත එකිනෙක පෙරලා
    බලන රෑ මටනම් නිදි නැතුවා
    තුරුලෙහි දැවටෙමින්
    ඔය හැටි මනමාලකම්
    සිහිවන විටදි දැන්
    ඉවසුම් නෑ මටත්
    දවසක ඔය ඇස් මගෙ වෙන හින්දා

    නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම්
    පාට පාට ගා ඇඳපු සිත්තම්
    පින්න වැටෙන රෑ සීත ඇත්නම්
    සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
    කුමරාණෙනී උරතලයෙහි ඉමී
    කවදක හරි හවසක යලි
    දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා

    මගෙ හිතට නුඹ දුන්නු මන්දහාසකම්
    දෑස හිත අස්සෙ නටපු නාඩගම්
    මාව අවුලුවන හීය නුඹමනම්
    සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
    කුමරාණෙනී උරතලයෙහි ඉමී
    කවදක හරි හවසක යලි
    දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා



     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රූ තෝරනා නෙතේ ඈදිලා...

    රූ තෝරනා නෙතේ ඈදිලා
    උන්මාද නිල් තාරුකා
    පෙම් යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා..

    මන්දාර සුවදේ හමා
    සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා...

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..

    කොපුලේ පුරා සිතු සේ සරා
    කෙහෙරැල්ලේ සුලැගිල්ලේ
    සෙල්ලම් කලා
    ළමැදේ පවා සුවසේ නිදා
    නල රැල්ල ඔච්චම් කලා..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    වසන්තයේ එක දවසක අඳුර ගලනා හැන්දෑවේ
    සීතල පැතුම් දෙතොලින් අරන්
    පිරූ පෙම් නම් තාම මතකයි
    ආදරේ නම් සිහිනයකි..
    සිහින හිරිපොද වැහැලා ඔබේ ආදර උණුසමේ
    පාට මල්පෙති සේදුනා
    අතර ගිය ඒ මතකයේ
    කොතන හෝ මඟ නැවතිලා
    තාම මං ඉන්නවා..