ජුසේ වාස් පියතුමාත් මේ අයුරින් සමාජයේ ගෞරවාදරයට ලක් වුවෙක්. පාප් වහන්සේ ලංකාවට පැමිණීම නිමිතිකොටගෙන 90 දශකයේදී ITN නාළිකාව සදහා නිෂ්පාදනය කල ''ජුසේ වාස්'' වාර් තා චිත්‍රපටිය එතුමා ගැන මෙතෙක් නිපදවා ඇති එකම වාර් තා සිනමා පටයයි . එහි ඔහු ගැන බොහෝ තොරතුරු අඩංගුයි.
මහනුවරදී මියගිය එතුමාගේ දේහය මිහිදන් කල ස්ථානය අද වන තුරුත් සොයාගෙන නැහැ. නිල වශයෙන් සොයාගෙන නොමැති නමුත් ස්ථානය පිළිබධව පැහැදිලි අනුමානයක් කතෝලික සමාජය සතුයි. ඒ පුල්ලෙයියාර් කෝවිල, මල්ලිකා ස්ටුඩියෝව හා මහනුවර පොලිසිය අතර බුමි ප්‍රදේශයේයි. ඉහත වාර් තා චිත්‍රපටිය සදහා තොරතුරු ලබාගැනීමේදී පියතුමාගෙන් එය ගවේෂණය නොකරන්නේ මන්දැයි අසනවා. එයට ලැබෙන පිළිතුර නම් ''එක පැත්තකින් කෝවිල, අනිත් පැත්තෙන් පොලිසිය, තව ටිකක් ගියාම මාලිගාව. එහෙම තැනක හාරන්න ගියාම මොන තරම් ප්‍රශ්න එයිද? දැන් ජුසේ වාස් පියතුමා ජීවතුන් අතර නැහැ. ඉතින් මියගිය කෙනෙකුගේ ඇටකටු හොයන්න ජීවත් වන අයගේ සාමයට බාධා කරන්න අවශ්‍ය නැහැ'' යනුවෙනුයි.