පන්සිය පනස් ජාතක කතා ( update)

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    18 වාත මිග ජාතකය

    18 වාත මිග ජාතකය


    තවද එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

    ශාස්තෘන් වහන්සේ වනාහි රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරණ කල්හි තිස්ස කුමාර නම් වූ මහා සම්පත් ඇති සිටු කුලයක පුත්‍රයෙක් ඇත්තේය. ඒ සිටු පුත්‍ර තෙම එක් දවසක් වේළුවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේගේ ධර්මදේශනාව අසා පැවිදිවනු කැමැතිව පැවිදීවීමට යාච්ඥාකොට දෙමාපියන් විසින් නො අනු දන්නා ලද හෙයින් ප්‍රතික්‍ෂ්ප කරණ ලද්දේ සත්දවසක් නිරාහාරව ඉඳ රට්ඨපාල ස්ථවිරයන් මෙන්ම දෙමව්පියන් දෙන්නා අනුදන්වා සර්වඥයන් වහන්සේ සමීපයෙහි පැවිදි වූ සේක. සර්වඥයන් වහන්සේ ඔහු පැවිදි කරවා අඩ මසක් කල් වේළුවනාරාමයෙහි වාසය කොට ජේතවනාරාමයට වැඩිසේකැ. එතැන්හිද මේ කුලපුත්‍රයන් වහන්සේ තෙලෙස් ධුතාංගයන් සමාදන්ව සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසීරෙමින් කල්යවන සේක. චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයන් වහන්සේ යයි කී කල්හි ආකාශයෙහි චන්ද්‍රයා මෙන් සර්වඥශාසනයෙහි ප්‍රකාශව ප්‍රසිද්ධ වූ සේක. එසමයෙහි රජගහනුවර නකත් කෙළි පවත්නා කල්හි ස්ථවිරයන් වහන්සේගේ මව්පිය දෙදෙන උන් වහන්සේ ගිහි කල්හි යම් ආභරණ භාණ්ඩයෙක් ඇද්ද ඒ ආභරණ බඩු රෙදි කරඬුවෙක්හි බහා අභිමුඛයෙහි තබා ගෙණ අනිකුත් නැකත් කෙළිවල අපගේ පුත්‍රයා මෙනම් මෙනම් අලංකාරයෙන් සැරහී නැකත් කෙළි කෙළි වන්නේය. අපගේ ඒ එක පුත්‍රයා ගෙණ ශ්‍රමණ භවත් ගෞතමයානන් වහන්සේ සැවැත් නුවරට වැඩිසේක. අපගේ පුත්‍රයා දැන් කොතැන්හී හුන් සේක්ද කොතැන්හි සිටිසේක් දැයි කියා හඬන්නා වූය. ඉක්බිත්තෙන් එක් වර්ණදාසියක් ඒ සිටුකුලයට ගොස් හඬන්නා වූ සිටුභාර්යාව දැක ආර්යාවෙනි කවරහෙයකින් අඬන්නී දැයි විචාළීය. සිටු භාර්යාවෝ ඒ කාරණාව දැන්වුවාහුය. ආර්යාවෙනි. ස්වාමිපුත්‍රයානෝ කවර දෙයකට කැමතිවන්නා දැයි කිවුය. අසවල් අසවල් දෙයයි කිවාය. ඉඳින් නුඹ වහන්සේ මේ ගෙයි සියළු ඓශාචර්යය මට දෙව් නම් මම තොපගේ පුත්‍රයා ගෙණ එන්නෙමි කීවාය. සිටු භාර්යාව ඒ වචනය යහපති යැයි පිළිගෙන වැටුප් දී පිරිවරින් ඒ වර්ණදාසිය යැව්වාය. යව තමාගේ බලයෙන් මාගේ පුත්‍රයා ගෙණවයි කීවුය. ඒ වෙශ්‍යංගනාව පිළිසන් යානාවෙක් හි ඉඳ සැවැත්නුවරට ගොස් තෙරුන් වහන්සේ භික්ෂාව පිණිස හැසිරෙන විථියෙහි නවාතැන්ගෙණ සිටුකුලයෙන් ආ මනුශ්‍යයන් තෙරුන්වහන්සේට නොදක්වා තමාගේ පිරිවරින්ම පිරිවරණ ලද්දී පිඬු පිණිස හැසිරෙන්නා වූ තෙරුන් වහන්සේට පළමුකොට බත් සැන්දක් පිළිගන්වා ක්‍රමයෙන් බත් මාළාවක් පිළිගන්වා තෘෂ්ණාවෙහි බැඳි අනුක්‍රමයෙන් ගෙයි වැඩ හිඳ සලස්වා ආහාරය දෙන්නී තමාගේ වසඟත්වයට පැමිණි බැව් දැන ගිලන් ආකාරය දක්වා ඇතුළු ගබඩාවෙහි ශයනය කළාය. තෙරුන් වහන්සේද භික්‍ෂාචාර වෙලෙහි ගෙපිළිවෙලින් හැසිරෙන සේක් ගෙයි, දොරට පැමිණි සේක. පිරිවර ජනයෝ තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙණ තෙරුන්වහන්සේ් ගෙයි වැඩ හිඳින්නට සැලැස්සුවාහුය. තෙරුන් වහන්සේ ඉඳගෙන මේ උපාසිකාව කොයිදැයි විචාළසේක. ස්වාමින් වහන්ස ගිලන් වූවාය. නුඹ වහන්සේ දක්නට කැමතියයි කිවුය. උන් වහන්සේ රස තෘෂ්ණාවෙහි බැඳුන සේක් තමාගේ ව්‍රතසමාදානය බිඳ වෙශ්‍යංගනාව හොත් තැනට වන්සේක. ඒ ස්ත්‍රී තමා ආ කාරණාව කියා උන් වහන්සේ පොලඹා රස තෘෂ්ණාවෙන් බැඳ සිවුරු හරවා තමාගේ වසඟයෙහි තබා යානාවේ හිඳිනට සලස්වා මහත්වූ පිරිවරින් රජගහනුවරටම ගියාය. ඒ ප්‍රවෘත්තිය හැම තැන්හිම ප්‍රකාශ වුයේය. භික්ෂුන් වහන්සේලා දම්සභා මණ්ඩපයෙහි වටින් රැස්ව හුන්නාහු ඇවැත්නි. චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ වනාහි එක් වර්ණ දාසියක් රසතෘෂ්ණාවෙන් බැඳගෙන ගියාය යි කියා කථාවක් පහළ කළාහුය. සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට එළඹ අලංකෘත වූ බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි මේ දම්සභා මණ්ඩපයෙහි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුත්තව උන්නාහුදැයි වදාළකල්හි ඒ භික්ෂූහු ඒ ප්‍රවෘත්තිය දැන්වුවාහුය. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි මේ චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථිවරයෝ රස තෘෂ්ණාවෙන් බැඳි මේ ස්ත්‍රිය වසඟවුවෝ දැන් මතු නොවෙති. පෙරත් මේ ස්ථවිරයෝ මේ ස්ත්‍රිය වසඟවූවාහුමය යි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.


    යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ගේ සඤජය නම් උද්‍යාන පාලයෙක් උයන රක්‍ෂා කරන්නේය. ඉක්බිත්තෙන් එක් වාත මෘගයෙක් ඒ උයනට අවුත් සඤජය නම් උධ්‍යාන පාලයා දැක දිවයන්නේය. සඤජය නම් උද්‍යාන පාලයා ද ඔහු තැතිගන්වා නොඑලවන්නේය. ඒ මෘගයා නැවත නැවත අවුත් උයනෙහිම හැසිරෙන්නේය. උද්‍යානපාල තෙම උයනේ නොයෙක් මල් ඵල ආදීය ගෙණ දවස්පතා රජහට දක්වන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් රජ්ජුරුවෝ කියනසේක් යහළු උද්‍යාන පාලය උයනේ කිසි ආශ්චර්යවත් දෙයක් දුටුවා ඇත්තෙහි නම් කියවයි කී සේක. මහරජ්ජුරුවන් වහන්ස. අනිකක් හු නොදුටුයෙමි එක් වාතමෘගයෙක් වනාහි අවුත් උයනෙහි හැසිරෙන්නේය. ඔහු දුටුමිය් කියේය. ඔහු අල්වාගන්නට හැකිවන්නෙහිදැයි විචාළේ සේක. මීපැණි මඳක් ලද්දේනම් මෘගයා රජු ගේ ඇතුළටම පමුණුවන්නට හැකිවන්නෙම්යි කිය. රජ්ජුරුවෝ ඕ හට මි දෙව් සේක. උධ්‍යානපාලයා මී ගෙණ උයනට ගොස් වාත මෘගයා ගොදුරු කා ඇවිදිනාතන්හි තණපත්වලට මීපැණි ගිල්වා සැඟවී සිටියේය. මෘගයා අවුත් මීයෙන් ගල්වන තණ අනුභව කොට රස තෘෂ්ණාවෙහි බැඳුනේය. අන්තැනකට නොගොස් උයනටම එන්නේය. උද්‍යානපාලතෙම ඔහු මී ගල්වන ලද තෘණයෙහි ඇළුනු බැව් දැන ක්‍රමයෙන් තමා පෙණුනේය. මෘගතෙම උද්‍යානපාලයා දැක කීපදවසක් දිවගොස් නැවත නැවත දක්නේ විශ්වාසබවට පැමිණ ක්‍රමයෙන් උද්‍යානපාලයාගේ හස්තයෙහි තිබෙන තණ අනුභව කරන්නේය. සඤ්ජයනම් උද්‍යානපාල තෙම මෘගයා විස්වාසබවට පැමිණියා දැන රාජවාසභවනට දක්වා විථිමාර්ගය හුණු පැදුරු වලින් වට කොට ඒ ඒ තන්හි කොල අතු කඩාහෙලා මී පුරණ ලද ලබු ඵලය ඇකයෙහි එල්වාගෙණ තණමිටිය කිසිල්ලේහි තබාගෙණ මී ගල්වන ලද තෘණයෙන් මෘගයාගේ අභිමුඛයෙහි විසුරුවමින් රජුගේ ඇතුලටම ගෙණ ගියේය. මෘගයා ඇතුළට වන්කල්හි දොර වැසුවාය. මෘගයා මනුෂ්‍යයින් දැක කම්පාවෙමින් මරණභයින් බියපත්වුයේ ඇතුළු රාජාංගණයෙහි ඔබිනොබ ධාවනය කරන්නේය. රජ්ජුරුවෝ මතුමහල් තලයෙන් බැස කම්පාවන්නා වූ මෘගයා දැක වාතමෘගයා නම් මනුෂ්‍යයන් දුටු තැනට සත් දවසක් නොඑන්නේය. තැතිගත් තැනට ජීවිතාන්නතය දක්වා නොඑන්නේය. ඒ වාතමෘගයා සංජය තෙමේ රසතෘෂ්ණාවෙන් බැඳ යටත් කොට ගත්තේය. මෙබඳු ගහණ නිශ්‍රිත වූ වාතමෘග තෙම රසතෘෂ්ණාවෙහි බැඳි දැන් මෙබඳු තැනට ආයේය. ඒකාන්තයෙන් පින්වත්නි මේ ලෝකයෙහි රසතෘෂ්ණාවට වැඩියෙන් ලාමක දෙයක් නැත්තේයයි කියා ධර්මදේශනාවට පටන් ගත් සේක. නිරන්තර වාසස්ථාන වූ ආවාසයෙහිද ඡන්දාරාග ලාමකය මිත්‍රසන්ථවයෙහිද ඡන්දරාග ලාමකය. මේ දෙතැන්හි ඇල්මට වඩා මධු රාම්ලදීවු ජීව්හා විඥෙය වූ රසයෙහි ඇලීම පවිටුවන්නේය. කුමක් හෙයින්ද යත්?. අරණ්‍යායෙහි ගහණ නිශ්‍රීත වූ වාතමෘගයා සංජය නම් උද්‍යාන පාලයා මධුර රසයෙන් තමාගේ වසඟයට පැමිණියේයයි කියා රස තෘෂ්ණාවෙහි ආදීනව වදාරා ඒ මෘගයා අරණ්‍යයටම යැව් සේක.

    ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණෙනි. ඒ වර්ණදාසිය මේ මහණ රස තෘෂ්ණාවෙන් බැඳ තමා වසඟ කෙළේ දැන් මතු නොවේ. පෙරත් වසඟ කළා යයි වදාරා මේ දම් දෙසුම ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ වාතමික ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි සංජය නම් උද්‍යාන පාලයා නම් මේ වර්ණදාසි වූවාය. වාතමෘගයා නම් චුල්ලපිණ්ඩපාතිකස්ථවිරයෝය. බරණැස් රජව උපන්නෙම් නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජුවූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    19 ඛරාදිය ජාතකය

    19 ඛරාදිය ජාතකය


    තවද එක් සමයෙක් හි සර්වඡයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා අකීකරු භික්‍ෂුකෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

    ඒ භික්ෂුන් වහන්සේ වනාහි අකීකරුය අවවාදය නොගන්නා සේක. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට වදාරණ සේක් මහණ තෙපි අකීකරුව අවවාද නොගන්නේ සැබෑද කිම්දැයි. වදාළ සේක. භාග්‍යවතුන් වහන්ස සැබැවයි දැන්වූසේක. සර්වඥයන් වහන්සේ මහණ තෝ පූර්වයෙහිත් අකීකරු බැවින් ප්‍රඥාවන්තයන්ගේ අවවාද නොගෙණ මලෙහි බැඳුනේම ජිවිතක්‍ෂයට පැමිණියෙහියයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

    යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝසතානන් වහන්සේ මෘග ජන්මයෙහි ඉපිද මෘගසමූහයා විසින් පිරිවරණ ලදුව අරණ්‍යයෙහි වසන සේක. ඉක්බිත්තෙන් බෝධිසත්වයන් වහන්සේට නැගණි වූ මෘගධෙනුවක් පුත්‍රයකු දක්වා බෑයන් වහන්ස මේ තෙම නුඹවහන්සේගේ බෑනා වන්නේය. මොහට මෘග මායම් උගන්වන සේක්වයි කියා භාරකළාය. බෝධිසත්වයන් වහන්සේ ඒ බෑණා වූ මෘග පෝතකයාට අසවල් වේලාවෙහි අවුත් උගනුවයි කී සේක. මෘග පෝතක තෙම කියන ලද වේලෙහි නොඑන්නේය. යම්සේ එක්දවසක් එසේම සත් දවසක් සත් අවවාද ඉක්මවා ඒ මෘග පෝතකයා මාගමායම් නොඉගෙණ හැසිරෙණුයේ මලෙහි බැඳූනේය. ඒ මෘග පෝතකයාගේ මෑණි තොමෝ භ්‍රාතෘවූ මෘගයා කරා එළඹ භ්‍රාතෲන් වහන්ස කිමෙක්ද බෑණා වූ මෘගයා මුව මායම් උගන්වන ලද්දේදැයි විචාළීය. බෝධිසත්වයන් වහන්සේද ඒ අනොවාදක මෘගපෝතකයාගේ කාරණය නොසිතව තොපගේ පුත්‍රයා විසින් මුවමායම් නොඋගන්නාලදැයි කියා දැනුදු ඕහට අවවද දෙන්නට නොකැමැතිව මෙසේ කී සේක. ඛරාදිය නම් තැනැත්තීය එකී එකී පාදයෙහි දෙකක් දෙකක් බැගින් අටකුරයක් ඇති මුලින් වක්ව අගින් ඉතා වක්වූ අං ඇති හෙයින් වංකාතිවංක නම් වූ සප්ත අවවාද කළායෙන් ඉක්මුණු ඒ මෘගයාට අවවාද කරන්ට උත්සහ සිතක් නැත්තේමි කීසේක. ඉක්බිත්තෙන් ඒ අකීකරු මෘගයා මලෙහි බැඳූනු කල්හි වැදි පුත්‍රතෙම මරා මාංස ගෙණ ගියේය. ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ වදාරණ සේක් මහණ තෝ අකීකරු වූයේ දැන්මතු නොවෙයි පූර්වයෙහිත් අකීකරු වූයෙහියයි වදාරා මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ ජාතකය සමාප්ත කොට වදාළ සේක. එසමයෙහි බෑනා වූ මෘගයා නම් දැන් මේ අකීකරු මහණ වූයේය. නැගණිවූ මෘගධෙනු තොම උපුල්වන් මහාස්ථවරි වුවාය. අවවාද දුන් මෘගව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම් ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    20 තිප්පල්ලත්ථිමිග ජාතකය

    20 තිප්පල්ලත්ථිමිග ජාතකය


    තවද තිලෝගුරු බුදු රජානන් වහන්සේ කොසඹෑ නුවර නිසා බදාරිකා රාමයෙහි වසන සේක් ශික්‍ෂාකාමී වු රාහුල ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

    එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ අලව් නුවර නිසා අග්ගාළව නම් දේවාලයෙහි වසන කල්හි බොහෝ උපාසිකාවරුද භික්ෂූනීහුද විහාරයට බණ අසනු පිණිස එලඹෙති, දාවල් දවස බණ අසති, කල්ගිය ගියසේ උපාසිකාවරුද භික්‍ෂූණීහුද බණ ඇසීමට නොගොස් උන්හ. භික්ෂූන් වහන්සේද උපාසිකාවරුද ඒ පර්ෂිද්හි ඇතිවූහ. එතැන්පටන් රාත්‍රියෙහි බණ ඇසීම සැළසුනේය. බණ අසා අන්තයෙහි වැඩිමහළු භික්ෂූන් වහන්සේ තමන් වහන්සේ වසන්නා වූ ස්ථානවලට ගොස් සැතපෙන සේක. බාල භික්ෂූන් වහන්සේ උපාසකවරුන් හා සමඟ භෝජන ශාලාවෙහි සැතපෙන සේක. ඒ උපාසිකාවරුන් හා බාල වහන්දැ නිද්‍රාවට පැමිණි කල්හි ඉන් සමහර කෙනෙක් ඝුරු ඝුරු යන අනුකරණ ඇතිව ප්‍රශ්වාස කරන්නාහුය. දත් කමින් හොනාහ. සමහර කෙණෙක් මද ඇසිල්ලක් නිදා නැගී සිටිනාහුය. මේ විප්‍රකාර දැක භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේට දැන්වූ සේක. බුදුහු යම් කිසි මහණෙක් අනුපසම්පන්නයක් හා එක සෙනස්නෙහි සහසෙය්‍යාව කෙළේ නම් පාචිත්තියාපත්ති වන්නේයයි ශීක්ෂා පද පණවා කොසඹෑ නුවරටම වැඩිසේක. ඒ විහාරයෙහි භික්ෂූන් වහන්සේ ආයුෂ්මත්වූ රාහුල ස්ථවිරයන් වහන්සේට ඇවැත්වූ රාහුල ස්ථවිරයෙනි. සර්වඥයන් වහන්සේ විසින් අනුප සම්පන්නයක් හා එකසෙනස්නේ දනුවයි කී සේක. පළමුත් ඒ භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේද කෙරෙහි ගෞරවයෙන්ද ඒ ආයුෂ්මතුන් වහන්සේගේ ශික්ෂාකාමී බව නිසාද තමන්වහන්සේලා වසන්නා වූ ස්ථානයට පැමිණියා වූ ඒ රාහුල ස්ථවිරයන් වහන්සේට අතිශයින් සංග්‍රහ කරණ සේක. මිටි ඇඳක් පනවා ඉස තබන්නට සිවුරක් දෙන සේක. එදවස් වනාහි ශික්‍ෂාපද භයින් වසන්නාවූ ස්ථානයක් නුදුන් සේක. රාහුලෝත්තමයානන් වහන්සේද මාගේ පියානන් වහන්සේ යයි සර්වඥයන් වහන්සේගේද මාගේ උපාධ්‍යායන් වහන්සේයයි සැරියුත් මහතෙරුන් වහන්සේද මාගේ ආචාරීන් වහන්සේ යයි මුගලන් තෙරුන් වහන්සේගේද මාගේ සුළුපියානන් යයි අනද මහතෙරුන් වහන්සේද සමීපයට නොගොස් සර්වඥයන් වහන්සේ චලංජනය කරන්නාවු වර්චස් කුටියට බ්‍රහ්මවිහරණයකට වදනක් වූ මෙන් වැද රාත්‍රීයෙහි වාසය කළසේක. සර්වඥයන් වහන්සේ චංඡනය කරන්නා වූ කුටියෙහි දොරඅගුළු මොනවට වසන ලද්දේ වෙයි. බිම සුවඳාන් පිරිබඩ ගන්නා ලද්දේය. ගන්ධ ධූම පුෂ්පදාමයෙන් එල්වන ලද්දේය. සකල රාත්‍රියෙහි පාන් ඇවිලෙන්නේය. රාහුලොත්තමයානන් විසින් ඒ කුටියෙහි මේ යථොක්ත වූ සමෘද්ධි නියාව ඒ රාත්‍රී වාසය කළ සේකුන් නොවෙයි භික්ෂූන් වහන්සේ විසින් තොප වසන්නාවූ ස්ථානයක් දනුවයි කියන හෙයින් අවවාදයෙහි ගෞරවයෙන්ද ශික්‍ෂාකාමී බැවින්ද ඒ වර්චස් කුටියෙහි රාත්‍රි වාසය කළසේක. අතරතුරයෙහි භික්ෂූන් වහන්සේද ඒ රාහුල ස්ථවිරයන් වහන්සේ දුරදීම එන්නා දැක ඔවුන් වහන්සේ වත්සම්පන්න බව පරීක්ෂා කරණ ිපිණිස මිටලු මුස්න හෝ කසල පෙට්ටිය හෝ පිටත දමා ඇවැත්නි, මේ කවුරුන් විසින් දමන ලද්දේදැයි කියන්නාහ. කිසිකෙණෙකුන් විසින් රාහුල ස්ථවිරයෝ මේ මගින් ගියෝ දැයි කී කල්හි ස්වාමීනි මේ මම නොදනිමි නොකියා ඒ නොතැන්පත්ව තිබූ මුස්න හා කසල පෙට්ටිය තැන්පත් කොට තබා මට ක්‍ෂමා කොට වදාළ මැනව ස්වාමීනියි භික්ෂූන් වහන්සේ තමන් වහන්සේගේ ශික්ෂාකාමී බව නිසා ඒ වර්චස් කුටියෙහි රාත්‍රිය වාසය කළසේක. ඉක්බිත්තෙන් බුදුරජානන් වහන්සේ අරුණු නැගෙන්නාට පෙරාතුව වර්චස් කුටි වාරයෙහි වැඩසිට කෑරූසේක. ඒ රාහුල ස්ථවිරයන් වහන්සේද ඇතුලේ ඉඳ කෑරූ සේක. මේ කවරෙක් දැයි බුදුහු විචාල සේක. මම රාහුල යයි ගෙන් මෑත්ව වැඩිසේක. රාහුලය කවර හෙයිකින් තෝ මෙතන වැදහොත්තේහිදැයි විචාළසේකි. ලගිනාතෙනක් නැතිහෙයින් නැයි කියා ස්වාමීනි. භික්ෂූන් වහන්සේ පළමු මා ආ කල්හි සංග්‍රහ කරණ සේක්. දැන් තමන්වහන්සේට ආපත්ති වෙයි යන භයින් වසන තැන් නොදෙන සේක. ඒ මම මේ ස්ථානය අනික් කෙනෙකුන් විසින් ඝට්ටනය නොකරන්නාවූ ස්ථානයක් වේදැයි මේ කාරණයෙන් මෙතැන සැතපීනිමි යි දැන්වූ සේක. ඉක්බිත්තෙන් භික්ෂූහු දැම්ම රාහුලයා හරණ වූ සෙසු කුලදරුවන් වහණ කරවා කුමක් කෙරෙත්දැයි කියා සර්වඥයන් වහන්සේට ධර්මසංවේග උපන්න්යි ඉක්බිත්තෙන් උදැසනක්සේම භික්ෂූන් වහන්සේ රැස් කරවා දම්සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේ අතින් ශාරිතපුත්‍ර ස්ථිවිරයයෙනි අද රාහුලයා කොතැනක ලැග්ගේද තෙපි දනුදැයි විචාරා වදාළසේක. ස්වාමීනි මම නොදනිමි දැන්වූසේක. ශාරිපුත්‍ර ස්ථවිරයෙනි අද රාහුලයා වර්චස් කුටියෙහි ලැග්ගේය.. මෙපරිද්දෙන් රාහුලයා හරණ වූ තෙපි හැම සෙසු කුලදරුවන් මහණ කරවා කුමක් කරව්ද මෙසේ කළ කල්හි මේ බුද්ධශාසනයෙහි ප්‍රවෘජිතයෝ පිහිටක් නොලබන්නාවු වේදැයි ධර්මසංවේගයට පැමිණ මෙතැන්පටන් කොට අනුපසමපන්නයක්වූ එක්ව දෙදවසක් තමා සමීපයෙහි වස්වා තුන්වැනි දවස් ඔවුන් වසන තෙනක් දැන පිටත වස්වයි කියා මේ අනුප්‍රඥ්ප්තිය වදාරා නැවත ශික්ෂාපද පැනවූසේකී. එකල්හි දම්සභා මණ්ඩපයෙහි වැඩහුන් රාහුල ස්ථවිරයන් වහන්සේගේ ගුණ කථා කියනසේක් ඇවැත්නි බලව රාහුල ස්ථවිරයෝ යම්තාක් ශික්‍ෂාකාමිහුය. ඒ භික්ෂූන් විසින් තොප වසන තෙනක් දනුවයි කියන ලද්දාහ. මම සර්වඥයෙමි තෙපි හැම මේ සස්නට කවුරු දැයි තෙපිම නික්මෙවයි කියා එකද සව්වක්හූ හාත් පිළිසඳරයක් නොකොට වර්චස් කුටියෙහි වාසය කළෝ දැයි කියා ඒ භික්ෂූන් වහන්සේ කථා කරණ කල්හි සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ සරහන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩ හිඳ මහණෙනි, දැන් මා එන්නට පූර්වභාගයෙහි කවර නම් කථාවකින් යුක්තව උනුදැයි විචාළසේක. ස්වාමීනි රාහුල ස්ථවිරයන්ගේ ශික්‍ෂාකාමී බව කතාකොට කොට උනුම්හයි. දැන්වූ කල්හි සර්වඥයන් වහන්සේ ද මහණෙනි රාහුල ස්ථවිරයෝ දැන් මතු ශික්ෂාකාමී නොවෙති. පූර්වයෙහිත් තිරශ්චින යෝනියෙහි උපන්නෝද ශික්ෂා කාමීව විසුවෝ වේදැයි වදාරා ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    යටගිය දවස රජහග නුවර එක් මගධ රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කෙරෙති. එකල්හි මහාබෝසතාණෝ මෘග යෝනියෙක්හි ඉපිද මෘග සමූහයා විසින් පිරිවරණ ලදුව වනයෙහි වාසය කරන්නාහ. ඉක්බිත්තෙන් ඒ බෝධි සත්වයන්ගේ නැගණියෝ තමන්ගේ පුතනුවන් එතනට කැඳවාගෙණ අවුත් බෑයන් වහන්ස නුඹවහන්සේගේ බෑණනුවන්ට මෘග මායම් ඉගැන්නුව මැන වැයි කිවුය. මහාබෝධිසත්වයෝ යහපතැයි නැගණියන්ට ප්‍රතිවචනාදී යවා දරුව අසවල් වේලේ ඇවිත් උගනුවයි කීහ. ඒ මෘග පෝකයාද මයිලනුවන් විසින් නියමකොට කී වෙලා නොයික්මවා බෝධිසත්වයන් කරා එලඹ මෘග මායම් උගන්නේය. මෘගපෝතකයාද එක් දවසක් වනයෙහි ඇවිදිනේ මලෙක් හී බැඳුනේ තමා බැඳුනු නියාව කියා ඇඬුයේය. මෘගසමූහයාද පලාගොස් තොපගේ පුතනුවෝ මලෙක බැදූනෝ යයි ඒ මුවපැටවාගේ මෑනියන්ට කීහ. ඒ මෘගධෙනුවද බෑයන් සමීපයට ගොස් බෑයන් වහන්ස නුඹ වහන්සේගේ බැනණුවෝ මෘග මායම් උගත්තුදැයි විචාළිය. මහ බෝසතාණෝද තොපගේ පුතනුවන්ට කිසි සැකයක් තොපි නොකරවයි ඔහු විසින් යහපත් කොට මෘගමායම් උගන්නාලදැයි කිසිත් පීඩාවක් නැත. තොප සතුටු කර මින් දැන් එති කියන්නාවූ බෝධිසත්වයෝ මෙසේ කීවාහුය. එම්බා පින්වත තෘණ භක්ෂණයකොට සෙය්‍යාව කරන්නාවු අටකුහරයකින් යුක්තවූ මධ්‍යම රාත්‍රි වෙලෙහි පැන් බොන සුලුවූ මට බෑණාවූ මෘගපෝතකයාණන් නොයෙක් මෘග මායම් ඉගැන්විමි. එසේ හෙයින් නාසාවතයකින් සුලං රඳවා භූමියෙහි වැදහෙව ආස්වාසය කෙරෙමින් කලා සයකින් යුක්තවූ මෘග මායමින් වැද්දහු වඤචාකොට තොපගේ පුත්‍රයානෝ තොප සතුටු කෙරෙමින් නොබෝ කලකින් එන්නාහයි ඒ බෝධිසත්වයෝ කිවාහුය. මෙසේ මහබෝධිසත්වයෝ තමන්ගේ බෑනණුවන්ට මෘගමායම් යහපත් කොට ඉගැන්වූ බව දක්වන්නාහු නැගනියන්ට ශෝක නොකරවයි අස්වැසූහ. ඒ මුව පැටවාද මල බැඳුනු තැනැත්තෝ නොසෙල්විම භූමියෙහි හෙව ඉල ඇට පෙණෙන නියායෙන් කකුල් දික්කොට එක ඇලයකින් වැදහොත් තෙනට ආසන්නයෙහි කුර අගින් ගසා පස්ද තණද උපුල්වා මලමුත්‍ර පිටත් කොට ඉස එල්ලා දිව දික්කොට සකල ශරීරය කෙළින් කිළිටුකොට සුලන් ගැන්වීමෙන් බඩ උදුම්වාගෙණ ඇස පෙරලාගෙණ යටවූ නාසාපුටයෙන් වාතය සංවරණය කෙරෙමින් මතු නාසාපුටයෙන් පිටත නික්මෙන්නාවූ වාතය රඳවා සියලු ශරීරයෙහි තදබව ගන්වා මළා වූ ආකාරය දැක්වුයේය. නිලමැස්සෝද ඔහු වටකොටගත්හ. ඒ ඒ ස්ථානයෙහි කපුටෝත් සැඟව් උන්හ. මේ නියායෙන් වැදහොත්තෙනට මල ලූ වැදි අවුත් මුවාගේ බඩ අත ගසා උදැසනම බැඳූනේ වන කුණුව ගියේ යයි ඌ බැඳූනු වරපට මුදා මෙතනදීම මොහු මස් කොට ගෙණ යෙමි සැකයක් නැතිව කොළ අතු කඩන්ට පටන් ගත, මුවපැටවාද වැදහොත් තැනින් නැගී සතරපයින් ශරීරයේ සිට කිළිපොළා කර දික්කොට මගවාතයෙන් සිඳුනාවූ වලාකඩක් මෙන් යුහුව දුවගෙණ ගොස් මෑණියන් සමීපයට ගියේය. සර්වඥයන් වහන්සේද මහණෙනි, රාහුලයා දැන් මතු ශික්ෂාකාමී නොවෙයි, පූර්වයෙහිත් ශික්ෂා කාමී යයි වදාරා මේ ජතක ධර්මදේශනාව ගෙණ හැර දක්වා සන්ධි ගළපා තිප්පල්ලත්ථිමිග ජාතකය නිමවා වාදළසේකි.

    එකල්හි බෑණාවු මුව පැටියානෝ නම් දැන් රාහුල ස්ථවිරයෝය, ඒ මුව පැටියානන්ගේ මැණියෝ නම් උපුල්වන් මහාස්ථිවරීය, මුවපැටියානන්ට මයිල්වූ මුවාණෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    21 මතක භක්ත ජාතකය

    21 මතක භක්ත ජාතකය


    තවද එක් සමයෙක්හි බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවනාරාමයෙහි වැඩවසනසේක් මතකභක්තයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

    එකල්හි මනුෂ්‍යයෝ එළුවන් ආදීවු බොහෝ සත්වයන් මරා කාලක්‍රියා කළාවූ තමන්ගේ නෑයන් උදෙසා මතකභක්ත නම් වූ පරිත්‍යාගයක් කෙරෙති. භික්‍ෂුහු ඒ මනුශ්‍යයන් මෙපරිද්දෙන් කරන්නාවුන් දැක සර්වඥයන් වහන්සේ අතින් ස්වාමීනි. දැන් මනුෂ්‍යයෝ බොහෝ ප්‍රාණින් ජිවිතක්ෂයට පමුණුවා මතකභක්ත නම් වූ දෙයක් දෙති, ස්වාමීනි මෙහි වැඩෙක් ඇද්දැයි විචාළසේකී. සර්වඥයන් වහන්සේ මහණෙනි. මතකභක්ත දෙම්හයි කියා කරණ ලද ප්‍රාණඝාතයෙහි කිසිත් වැඩෙක් නම් නැත. පෙරත් නුවනැත්තෝ ආකශයෙහි හිඳ ධර්මදේශනා කොට මේ මතකභක්තයෙහි ආදීනව කියා සියළු ජම්බුද්වීපවාසී සත්වයන් මේ ක්‍රියාවෙන් ඇරවූහ. දැන් වනාහී භවසං ක්ෂේපගත හෙයින් නැවත පහළවියයි වදාරා අතීත කථාව ගෙණහැර දැක්වූ සේකී.

    යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි වෙදත්‍රයයාගේ පාරප්‍රාප්ත වූ දිසා ප්‍රධානව එක් ආචාර්ය බ්‍රාහ්මණයෙක් මතකභක්තයක් දෙමැයි එක් එළුවකු අල්වා ගෙණ තමාගේ අතවැස්සන්ට සගයෙනි. මේ එළුවා ගහට ගෙණ ගොස් නාවා කර මල්වඩම් බැඳ පසඟුල්දී සරහා ගෙණ්වයි විධාන කෙළේය. ඒ මනුෂ්‍යයෝද යහපතැයි බමුණාට ප්‍රතිඥා දී එළුවා ඇරගෙණ ගඟට ගොස් නාවා කී සැටියේ සරහා ගංතෙර සිටවූහ. ඒ එළු තමා පූර්යෙහි කරණ ලද අකුශල කර්මය ජාතිස්මරණඥානයෙන් දැක මෙබඳූ වූ දුක්ඛයෙන් අද දවස් මිදෙයි සොම්නසට පැමිණෙියේ කළයක් බිඳින කලක් පරිද්දෙන් මහත්කොට සිනාසී නැවත මේ බමුණා මා මරා මා විසින් මෙතෙක් කල් මුලුල්ලෙහි විඳිදුක් ලබන්නේයයි බමුණා කෙරෙහි කරුණා උපදවා මහතුවූ ශබ්දයෙන් හැඬුයේය. ඉක්බිත්තෙන් ඒ තරුණ පුරුෂයෝ ඔහු අතින් සබඳ එළුවානෙනි. තොපි මහත්කොට සිනාසී ඇඬුවාහුය. කවර කාරණයකින් සිනා සුනද කවර කාරණයකින් ඇඬුවාහුදැයි විචාළාහුය. තෙපි ඇම මේ කාරණය තොපගේ ආචාරීන් සමීපයෙහි දී මා අතින් විචාරවයි කියේය. මනුෂ්‍යයෝ ඒ එළුවා ඇරගෙණ ගොස් මේ කාරණය ආචාර්යය බ්‍රාහ්මණයාහට කීහ. ඒ ආචාර්යයාද මනුෂ්‍යයන් කී බස් අසා එළුවා අතින් එළුවානෙනි. තෙපි කවර කාරණයකින් සිනාසුනු ද කවර කාරණයකින් හැඬුයේදැයි විචාළයි ඒ එළුවාද තමා පූර්වයෙහි කළ අකුශල කර්මය ජාතිස්මරණඥාණයෙන් සිහිකොට බමුණාට කීහ. බ්‍රාහ්මණයානෙනි. මම පුර්වයෙහි තොපසේම වෙදත්‍රය හදාළ වූ බමුණුව ඉපිද මතකභක්තයක් දෙමියි එළුවකු මරා දිනිමි හේ මම ඒ එළුවා මැරූ අකුශල කර්මයෙන් එකකින් උනු පන්සියයක් ජාතියෙහි ඉස්කැපිම, දුක්ඛයට පැමිණියෙමි. මේ තෙම මට කොටිප්‍රාප්තිය වූ පිරුණු ජන්සියයක් ජාති ඇති ආත්මභාවය හේ මට අද දවස් මෙබඳූ වූ දුක්ඛයෙන් මිදෙමියි සොම්නසට පැමිණියෙමි.මේ කාරණයයෙන් සිනාසෙමි. අඬන්නෙම් වනාහි මම එළුවකු මරා ජාති පන්සියයක් මුළුල්ලෙහි ඉස් කැපීම් දුක්ඛයට පැමිණ අද ඒ දුක්ණයෙන් මිදෙමි. මේ බමුණා ද මා මරා මා සේම පන්සියයක් ජාතියෙහි ඉසකැපීම දුක්ඛය ලබන්නේ යයි තොප කෙරෙහි කරුණාවෙන් ඇඬිමි. කීය. එළුවානෙනි. නොබව මම තොප නොමරමියි කිය. බමුණානෙනි කුමක් කියව්ද තොප නොමැරුවත් මා විසින් අද මරණින් මිදෙන්ට නොපිළිවනැයි කීය. එළුවානෙනි. තෙපි නොබව මම තොපට රැකවල් ගෙණ තොප හා සමග ඇවිදිමියි කිය. බමුණානෙනි තොපගේ ආරක්ෂාව ඉතා ස්වල්පය මා විසින් අද මරණින් මිදෙන්නට නොපිළිවනැයි කීය. එළුවානෙනි තෙපි නොබව මම තොපට රැකවල් ගෙණ තොප හා සමඟ ඇවිදිමියි කීය. බමුණානෙනි තොපගේ ආරක්ෂාව ඉතා ස්වල්පය මා විසින් කරණ ලද අකුශල කර්මය මහත බලවතැයි කීය. බමුණෝ එළුවානන් මුදා මේ එළුවා කවර කෙනෙකුන් විසිනුත් මැරිය නොදෙම්හයි කියා තමාගේ අතවැස්සන් ඇරගෙණ ගොස් බමුණානෝ එළුවානන් හා එක්වම ඇවිදිනාහ. එළුවා බැම්මෙන් හරණ ලද්දේ එක් ගලතලයක් පිට අටගත් තන කැලයෙක්හි කර ඔසවා කොල කන්ටයයි පටන්ගත්තේය. එකෙනෙහිම ගලතලපිට සෙනක් ගැසීය. ඉන් ගල්ලැල්ලෙක් ඉපිරගෙණ ගොස් එළුවා දික්කලා වූ ශ්‍රීවයෙහි හී හිස කැපුනේය. ඉක්බිත්තෙන් මහජනයාද එතනට රැස්විය. එකල්හි මහබෝධිසත්වයෝ ඒ ස්ථානයෙහි වෘක්‍ෂ දේවතාව උපන්හ. ඒ බෝධිසත්වයෝ ද මහා ජනවා බල බලා සිටියදීම දේවතානුභාවයෙන් නිරාලමුඛ වූ ආකාශයෙහි ඌරුබද්ධාසනයෙන් උපලක්ෂිතව හිඳ මේ සත්වයෝ මෙපරිද්දෙන් අකුශල යෙහි විපාක දැන ප්‍රාණඝාත නොකොළෝ නම් යෙහෙකැයි මියරුවූ කටහඬින් යුක්තව ධර්මදේශනා කරන්නාහු මෙසේ කියත්, ඒ ඒ භවයෙහි සත්වයාගේ උත්පත්තියත් ජරා ව්‍යාධි මරණ පැමිණිමත් දුක් වන්නේ යයි මෙසේ ලෝකයෙහි සත්වයෝ දන්නාහුවීනම් සත්වයෝ සත්වයකු නොමරන්නේය. ප්‍රාණඝාත කළා වූ පුද්ගලයා වනාහි අටමහනරකයෙහිත් සොළොස් ඔසුපත් නරකයෙහිත් අනෙකප්‍රකාර වූ තිරිසන් යෝනියෙහිත් ඉපිද මහදුක් අනුභව කෙරෙමින් බොහෝ කලක් සෝක කරන්නේය. මොහයෙන් මුඪ වූ සත්වයෝ අවිජ්ජාවෙන් අන්ධව මේ ආදීනව නොදැක ප්‍රාණඝාත කරන්නාහු යයි මෙසේ මහබෝසතානෝ නරක භයින් තැතිගන්වා ධර්මදේශනා කළෝය. මනුෂ්‍යයෝ ධර්මදේශනාව අසා නරක භයින් භයපත්ව ප්‍රාණඝාතයෙන් වැලැක්කාහුය. බෝධිසත්වයෝත් ධර්මදේශනා කොට මහජනයා ශිලයෙහි පිහිටුවා කම්වු පරිද්දෙන් මියපරලොව ගියෝය. මහජනයාත් බෝධිසත්වයන්ගේ අවවාදයෙහි පිහිටා දානාදී පින්කම් කොට දිව්‍යලෝකයෙහි උපන්නාහුය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ මතකභක්ත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි වෘක්‍ෂ දේවතාව ඉපිද ධර්මදේශනා කෙළෙමි තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    22 නලපාන ජාතකය

    22 නලපාන ජාතකය


    තවද එක්සමයෙක් හි දෙවිබඹුන් මුදුනෙහි කෙළනා පාපියුම් ඇති ලෝකස්වාමී වූ සර්වඥයන් වහන්සේ කොසොල්දනව්වෙහි සැරිසරා ඇවිදිනා සේක් නලපාන නම් ගමට පැමිණ නලපාන නම් පොකුණ සමීපයෙහි වූ වැටකේ වනයෙහි වසනසේක් බටදඬු අරභයා මේ ජාතකය වදාළසේක.

    එසමයෙහි භික්ෂූන් වහන්සේ නලපාන නම් පොකුණෙන් පැන් සනහා ඉදිකටු කුළා නිසා සාමණේරයන් වහන්සේ ලවා බටදඬු කප්පවා ගෙන්වා ගෙණ ඒ සියළු බටඬු ගැට නැතිව එකච්ජිද්‍රව දිගටම සිදුරු නියාව දැක බුදුන් කරා ගොස් ස්වාමීනි අපි ඉදිකටු කුළා නිසා බටදඬු ගෙන්වුම්හ. ඒ පිළිබඳ මුල පටන් අග දක්වා සිදුරුය. මේ කිමෙක්දැයි විචාළෝය. සර්වඥයන් වහන්සේ එබස් අසා මහණෙනි. මේ මාගේ පුරාතනයෙහි අධිෂ්ඨානයෙකැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.




    යටගිය දවස ඒ වනලැහැබ වල්වූයේය. ඒ පොකුණෙහිත් එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේය. එසමයෙහි බෝධිසත්වයෝත් තිත්මුවකු හා මහතැති වඳූරු රජව අසූදහසක් පමණ වඳුරන් විසින් පිරිවරණ ලදුව වඳුරුමුල පරිහරණය කෙරෙමින් ඒ වනයෙහි වසන්නාහුය. ඒ මහාබෝසතානෝ වානර සමූහයාට අවවාද දෙන්නාහු දරුවෙනි මේ වන යෙහි විෂවෘක්‍ෂයෝත් අමනුෂ්‍යාධීගෘහිතවු පුෂ්පකරණිහුත් වෙති. එසේ හෙයින් තොපි හැම නොකෑවිරු ඵලා ඵලයන් කතොත් වේවායි නුපූවිරු පැනක් බොතොත් වේවායි මා විචාරාම කව බොවයි විධානය කළෝය. ඒ වානරයොත් එබස් යහපතැයි පිළිගෙණ එක් දවසක් පෙර නොගියවිරූ තැනකට ගොස් එතැන්හි දහවල් දෙවරු ඇවිද පැන් සොයන්නාහු එක් පොකුණක් දැක පැන් නොබීම බෝධිසත්වයන්ගේ ඊම බල බලා උන්නාහුය. එකල්හි බෝධිසත්වයෝ අවුත් කිමෙක්ද දරුවෙනි. පැන් නොබෙව්වදැයි කිවුය. වානරයෝ කියන්නාහු නුඹ වහන්සේ එනතෙක් බලාඋනුම්හයි සිසාරා ඇවිද පියවර පරීක්ෂා කරන්නාහු දියටබට පියවර මදැක දියෙන් ගොඩ නැගී පියවර නොදැක ඒ කාන්තයෙන් මේ අමුනුෂ්‍යපරිගෘහිත වූ පොකුණක් වුවමැනවැයි දැන් පැන් නොබී උන්නාවූ තොප විසින් කෙළද ඉතා යහපත් වන්නේය. මේ අමුනුෂ්‍යධිගෘහිත පොකුණෙකැයි කිවුය. උදාකරාක්‍ෂසයාද ඒ වඳුරන් දියට නොබස්නවුන් දැක නිල්වූ බඩ හා ධවල වූ මුක ඇතිව රත්වු අතුල්පත් පතුල්තල ඇතිව භයංකර වේශයෙන් දිය දෙබැකොට නික්ම කුමක්නිසා උනුද පොකුණට බැස පැන් බොවයි කීය. එකල මහබෝසතානෝ ඕහට කියන්නෝ මේ පොකුණෙහි උපන් උදක රාක්‍ෂෂයා නම් තෝදැයි විචාලෝය. එසේය මම යයි කී කල්හි පොකුණට බටවුන් කන්නට ලැබෙන්නේදැයි කිවුය. එසේය ලබමි මම මීට බට යටත් පිරිසෙයින් පක්‍ෂීන් පටන් කිසිකෙණෙකුන් නොහරිමි. තොපි ඇමදෙනාත් කන්නෙමි වේදැයි දියරකුසු කීය. ඒ බස් ඇසූ බෝධිසත්වයෝ අපි තොප විසින් අප හැම දෙනා කෑනොදෙම්හයි කිවුය. එසේකළ පැනුත් බොන්නෙව්වේදැයි දියරකුසු කීය. එසේය පැනුත් බොම්හ තොප වසඟයටත් නොපැමිණෙම්හයි කීවුය. එසේකළ කෙසේ පැන් බොව්දැයි උදක රාක්ෂයා කීකල්හි කිමෙක්ද තෝ බැස පැන්බොතියි සිතන්නෙහිද බෝධිසත්වයෝ කියා අපි අම අසූදහසක් පමණ වඳුරෝ පොකුණට නොබැසම එකෙක් බටදණ්ඩක් ගෙණ ඇඹුල ඇඹුල දණ්ඩන් පැන්බොන්නවුන් මෙන් තාගේ පොකුණෙන් පැන් බොම්හ. එසේ කල්හි තොපි අප ඇමදෙනා කන්ට අසමර්ථ වන්නෙහි වේදැයි කිවුය. මෙසේ කියා මහබෝසතාණෝ එක් බට දණ්ඩක් ගෙන්වා හැරගෙණ පාරමි ධර්මයෙන් ආවර්ජිනා කෙරෙමින් සත්‍යක් ක්‍රියා කොට මුඛයෙන් පිඹපූහ. බටදණ්ඩ ඇතුළෙන් කිසිම ගැටයක් නැතිව මුල සිට අග දක්වා හැම තැනම සිදුරු විය. මෙම ක්‍රමයෙන් අනිකුත් අනිකුත් බට දඬු ගෙන්වා පිඹ දුන්නේය. තවද මෙසේ කල්හි පිඹ නිමවන්නට නොපිළිවන් යයි කියා බෝධිසත්වයෝ මේ පොකුණ වටකොට අටගත් සියලු බ ෙදඬු එකචජිද්‍රවේවායි කියා අධිෂ්ඨාන කළෝය. බෝධිසත්වවරයාගේ කුසල් මහත් බැවින් සිතූ දෙය සමෘද්ධ වන්නේය. එසේහෙයින් එතැන්පටන් ඒ පොකුණ වටකොට සිටි සියළුම බටදඬු ඒකච්ජිද්‍රවිය. එකරන්ධ්‍රවිය.. මේ කාලපයෙහි කල්පස්ථායික වූ ප්‍රාතිහාර්යය සතරෙක් වන්නේය. ඒ සතර කවරේද යත්. චන්ද්‍රයාගේ ශශලාඤජන මේ කල්පය මුලුල්ලෙහි සිටිනේය. වට්ටක ජාතකයෙහි ගිනි නිවි ගියතැන් මේ කප මුලුල්ලෙහි ගින්නෙන් නොදවන්නේය. ඝටිකාර නම් කුම්භාකාරයාගේ ගේ පිහිටි තැන් සියලු මේ කප නොතෙම තිබෙන්නේය. මේ පොකුණ පිරිවරා සිටි සියලු බටදඬු මේ කප මුලුල්ලෙහි එකරන්ධ්‍රව තිබෙන්නේයැයි මෙසේ කල්පස්ථායි වූ ප්‍රාතිහාර්ය සතරක් වන්නේය. බෝධි සත්වයෝ මෙසේ අධිෂ්ඨාන කොට එක බට දණ්ඩක් ගෙණ උන්නාහුය. ඒ අසුදහසක් පමණ වානරයෝත් එකි එකි බට දණ්ඩක් ගෙණ පොකුණ පිරි වරා උන්නාහුය. ඔහු ඇමදෙනෙක් බෝධිසත්වයන් බට දණ්ඩෙන් උරා පැන් බොන්ට ගත් කල්හි හැමදෙනාම ගොඩහිඳ බට දණ්ඩෙන් උරා පැන් පුවාහුය. මෙසේ ඔවුන් ඇම දෙනාම පැන් පු කල්හි උදක රාක්‍ෂසයා කිසිවක් නොලැබ නොසතුටුව සිත් ඇතිව තමා වසන්නාවූ ස්ථානයටම ගියේය. බෝධිසත්වයෝත් සහපිරිවරින් වලටම වන්නාහුය. ශාස්තෘන් වූ සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ මහනෙනි මේ බට දඬු සිදුරුවීම මාගේම පුරාතන අධිෂ්ඨානයෙකැයි මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ නළපාන ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි උදක රාක්‍ෂසයා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. අසූදහසක් වානරයෝ නම් දැන් මේ බුදු පිරිස්ය. උපායෙහි දක්ෂ වූ වානර රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    23 කුක්කුර ජාතකය

    23 කුක්කුර ජාතකය


    තවද එක් සමයෙක්හි නිවණට දොරහළුවවූ තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් නැයන්ට වැඩෙහි හැසීරිමක් අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ ඥාත්‍යර්ථචර්යාව ද්වාදසනිපාත යෙහි භද්‍රශාලා ජාතකයෙහි මතු පළවෙන්නේය. වර්ථමාන කථාව පිහිටුවා ඉකුත් වත් දක්වා වදාළසේක.

    යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යයකරණ කල්හි බෝධිසත්වයෝ එබඳු අකුශල කර්මයක් නිසා බලු යෝනියෙහි ඉපද නොයෙක් සියදහස්ගණන් බල්ලන් විසින් පිරිවරණලදුව මහ සොහොනෙහි වෙසෙති. ඉක්බිත්තෙන් එක්දවසක් රජ්ජුරුවෝ ඇළි අසුන් යෙදු සියලු රථාලංකාරයෙන් සරහන ලද රථයකට පැනනැගී උයනට ගොස් එහි දිවාභාගය මුලුල්ලෙහි කෙළ ඉරු අස්තයට ගියකල්හි නුවරට වන්නාහුය. රජ්ජුරුවන්ගේ රථය සැදුවනම රාජංගණයෙහි තිබුනේය. රාත්‍රියෙහි වැසියන්ට පටන්ගත්කල්හි ඒ රථයේ සෑදු සම් හා වරපට තෙමි මොලොක්ව ගියේය. ප්‍රාසාදයේ මතුමහලින් කිණබල්ලෝ බැස ඒ රථයේ සම් හා වර පට කෑවාහුය. දෙවැනි දවස් රජ්ජුරුවන්ට කියන්නෝ දේවයන්වහන්ස සොරොව්වෙන් බල්ලෝ ඇතුළට වැද රථයෙහි සම් හා වරපට කෑවාහුය යි කීවූය. එබස් ඇසු රජ්ජුරුවෝ බල්ලන්ට කිපී දුටු තැනදීම බල්ලන් මරවයි විධාන කළෝය. එතැන්පටන් බල්ලන්ට මහත්වූ ව්‍යසන උපන්නේය. ඔහු දුටු දුටු තැනම මරණහෙයින් භයින් සොහොනට ගොස් බෝධිසත්වයන් සමීපයට වන්නාහුය. බෝධිසත්වයෝ ඔවුන් දැක රැස්වු නියාව බෝහෝය. මීට කාරණ කිම්දැයි විචාලෝය. ඔහු කියන්නෝ අන්තඃපුරයෙහි රජ්ජුරුවන් වහන්සේගේ රථයේ සම් හා වර මදු බල්ලන් විසින් කනලදැයි කිපියාවූ රජ්ජුරුවන් වහන්සේ බල්ලන් මරන්නට විධාන කළසේක. බොහෝ බල්ලෝ නසිති මහත් වූ භය උපනැයි කිවුය. එබස් ඇසූ බෝධිසත්වයෝ සිතන්නෝ රැකවල් ඇතිව තිබෙන තැන හෙයින් පිටත බල්ලන්ට වදින්ට අවසර නැත්තේය. ඇතුළු රජුගේ කීනබල්ලන්ගේම මේ ක්‍රියාවක් වන්නේයයි දැන් වූකලී සෙරුන්ට කිසිභයෙක් නැත්තේය. නිසොරුව සිටියෝ මරණයට පැමිණෙති. මම රජ්ජුරුවන් වහන්සේට සොරුන් දක්වා ඥාතිසමූහයාට ජීවිතදානය දුන්නේ වී නම් යහපත් වන්නේය යි ඒ මහා බෝසතානෝ නෑයන් අස්වසා තෙපි හැම දෙන නොබව මම තොපට දිවි ඇරදෙමි යම්තාක් රජ්ජුරුවන් දකින්නෙම්ද ඒ තාක් තෙපි මෙහි වසවයි කියා පාරමීධර්මයන් ආවර්ජනා කොට සලකා මෛත්‍රී භාවනා පෙරදැරි කොට මා ඇඟට කැටයක්වත් මුගුරක්වත් ගසන්ට කිසිවෙකුත් උත්සාහ නොකෙරේවායි ඉටාගෙණ තනිවම ඇතුළුනුවරට වන්නාහුය. ඉක්බිත්තෙන් ඔවුන් දැක එක සත්වයෙකුත් කිපී බැළු එකෙක්නම් නැත්තේය. රජ්ජුරුවෝ සුනඛවධය නියෝගකොට තුමූ විනිශ්චමණ්ඩලයෙහි උන්නාහුය. බෝධිසත්වයෝ රජ්ජුරුවන් උන්නාවු ස්ථානයටම ගොස් වැඳ රජ්ජුරුවන්ගේ සිංහාසනය යටට වන්නාහුය. එකල්හි් බෝධිසත්වයන් රාජ පුරුෂයෝ සිංහාසනය යටින් ඇද එලියේ ලන්ට පටන්ගත්තාහු ඒ දැක රජ්ජුරුවෝ වැලකූහ. මහාබෝසතානෝ මදක් සැතපී සිංහාසනය යටින් මෑත්ව රජ්ජුරුවන් වැඳ නුඹ වහන්සේ බල්ලන් මරණසේකැයි විචාළෝය. එසේය මමයයි කී කල්හි බල්ලන්ගේ අපරාධය කවරේදැයි රජ්ජුරුවන් වහන්සේයැයි කීවුය. මාගේ රථයේ සෑදු සම් හා වරමදු කෑවාහුයයි කී කල්හි යම් කෙනෙක් කෑවුනම් ඔවුන් දන්නසේක්දැයි විචාළෝය. දිනාදැනුම්හයි සම් කෑ සොරු මොහුයයි තත්වූහෙයින් නොදැනම් දුටු දුටුතැන මේ මැරීම යහපත් ද රජ්ජුරුවන් වහන්සැයි කිවුය.

    රථයෙහි සම් බල්ලන් කෑ හෙයින් දුටු දුටු තැනදී හැම බල්ලන්ම මරවයි සුනඛවධය නියෝග කෙළෙමියි කිවුය. එබස් ඇසූ බෝධිසත්වයෝ කිමෙක්ද නුඹ වහන්සේගේ මනුෂ්‍යයෝ බල්ලන් ඇමම මරද්ද නොහොත් මරණු නොබලන්නෝත් ඇද්දැයි විචාළෝය. මරණු නොලබන්නෝත් ඇත. අපගේ ගෙයි කීණ බල්ලෝ මරණු නොලබති කිවුය. එබස් ඇසු මහබෝසතානෝ කියන්නෝ මහරජ්ජුරුවන් වහන්ස දැන්ම නුඹවහන්සේගේ රිය සම් බල්ලන් කෑ හෙයින් දුටු දුටුවන් ඇමම මරවයි සුනඛ වධය නියෝග කෙළෙමි කීසේක. නැවත දැන්ම අපගේ ගෙයි බල්ලෝ මරණු නොලබතියි කීසේක. එසේ කල්හි නුඹ වහන්සේ ඡන්දාදී වශයෙන් අගතියට යනසේක් වේදැයි කිවුය. මෙසේ කියා අගතිගමනය නම් සුදුසු නොවන්නේය. රාජධර්මයකුත් නොවෙයි. රජ්ජුරුවන් නම් කාරණා කාරණ පරීක්ෂා කොට තරාදියක් මෙන් මධ්‍යස්ථවන්ට වටනේය. දැන් වනාහි කීණ බල්ලෝ මරණු නොලබති. දුර්වල වූ සුනඛයෝ මරණු ලබයි. එසේ හෙයින් මේ සියලු බල්ලන්ගේ මැරීමක් නොවෙයි. දුර්වල සුනඛ ඝාතන යයි කිවුය. මෙසේ කියා මහාබෝසතානෝ මධුරස්වර විහිදුවා මහරජ්ජුරුවන් වහන්ස යමක් නුඹ වහන්සේ කරණසේක්වීනම් ධර්මයෙන් නොවෙයි. රජ්ජුරුවන්ට ධර්මදේශනා කළෝය. තවද රජ්ජුරුවන් විසින් සොරුන්ට නිග්‍රහ කටයුත්තේය. නිසොරුන්ට නිග්‍රහ නොකටයුත්තේය. කිසිවකුත් නැති නිසොරු මරණට පැමිණෙති. අනේ මේ ලෝකයෙහි අයුක්තියක් පවත්නේය. අනේ මේ ලෝකයෙහි අධර්මයක් පවත්නේය යි කිවුය. රජ්ජුරුවෝ බෝධිසත්වයන්ගේ බස් අසා කියන්නෝ විචාළේය. එසේය දනිමි කී කල්හි කවුරුන් විසින් කියන ලද්දේදැයි විචාළේය. නුඹවහන්සේ ගෙයි කීණ බල්ලෝයයි කී කල්හි කීණ බල්ලන් විසින් කෑ නියාව දැනගත්තේ කෙසේදැයි විචාළේය. මම ඔවුන් විසින් කෑ නියාව දක්වන්නේ නම් වේදැයි කී කල්හි දක්වව පණ්ඩිතයෙනි. කිවුය. එසේ වී නම් නුඹ වහන්සේගේ ගෙයි කීණ බල්ලන් ගෙන්වා පැන් මොරු සුඟකුත් ඊතන සුඟකුත් ගෙන්වුව මැනවයි කිවුය. රජ්ජුරුවොත් එපරිද්දෙන්ම කළෝය. ඉක්බිත්තෙන් මහාබෝධිසතානෝ මේ භීතණ මොරෙහි මඩනා බල්ලන්ට පෙව්ව මැනවයි කිවුය. රජ්ජුරුවොත් එසේම කොට පෙවුය. මෝරු පූ බල්ලෝ සම් හා වර සමග වමනය කළාහුය. ඒ දැක රජ්ජුරුවෝ සර්වඥකෙනෙකුන් වහන්සේගේ කීමක් මෙන් වන්නේයයි සතුටුව ධවලචඡත්‍රයෙන් හා රාජ්‍යයෙන් පූජා කළාහුය. මහාබෝසතානෝ මහරජ්ජුරුවෙනි දෙමව්පියන් කෙරේ ධර්මයෙන් හැසිරෙව යනාදීන් තෙසකුණ ජාතකයෙහි ආවාවූ දශරාජ ධර්මයෙන් රජ්ජුරුවන්ට ධර්මදේශනා කොට රජ්ජුරුවෙනි මෙතැන්පටන් ප්‍රමාදනොවවයි රජ්ජුරුවන් පංචශීලයෙහි පිහිටුවා තමන්ට දුන් ධවලඡත්‍රය හා රාජ්‍යය රජ්ජුරුවන් ටම පෙරලා දුන්නේය. රජ්ජුරුවෝ මහාබෝධිසත්වයන් ප්‍රධානය කොට බල්ලන් තමන් මේ නිමවන සැටියේම නිරන්තරයෙන්ම බත් ලන ලෙස සලස්වා බෝධිසත්වයන්ගේ අවවාදයෙහි සිට ආයු පමණින් දානාදී වූ පින්කම් කොට මරණින් මත්තෙහි ගොස් දිව්‍ය ලෝකයෙහි උපන්නාහුය.

    කුක්කුරෝවාදය දසවා දහසක් අවුරුදු මුළුල්ලෙහි පැවැත්තේය. බෝධිතත්වයෝත් ආයු පමණින් සිට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය.

    ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මහණෙනි සර්වඥයෝ නෑයන්ට දැන්මතු වැඩෙහි හැසිරෙන්නෝ නෙවෙති පෙරත් වැඩෙහි හැසිරෙන්නෝම වේදැයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ කුක්කුර ජාතකය නිමවා වදාළ සේක.

    එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරියෝය. අවශේෂයෝ දැන් බුදු පිරිසය, එසමයෙහි අවවාද දුන් කුක්කුර නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවු මම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    24 භොජා පානිය ජාතකය

    24 භොජා පානිය ජාතකය


    තවද එක්සමයෙක්හි ජේතවනාරාමයෙහි වැඩවසන සර්වඥයන් වහන්සේ පසුබට විර්ය ඇති එක් මහණෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.
    pc24.gif

    යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍ය කරණ සමයෙහි අප මහා බෝධිසත්වයෝ භොජාජානීය නම් සෛන්ධවයන්ට නායකව අස්රජව උපන්නහ. භෝජාජානීය නම් කුලයෙහි සෙසු අසුන්ට වැඩි තරම් උතුම්වූ ඒ අස්රජහු බරණැස්නුවර රජහට මගුලස්ව වෙසෙති ඔවුන් සිටිනා අශ්වශාලාව උඩුවියන් බැඳ භික්ති සිතුයම් කරවා බිම සුදු වැලි අතුරණ ලද්දේය. මහබෝසතාණෝ එහි හෙළ කුඩයක් යටසිට මධුරවූ භෝජනය අනුභව කොට හැම අසුන්ට උතුම් ව වාසය කෙරෙති. එසමයෙහි සත් රජ්ජුරු කෙණෙක් ඒ බරණැස් රජ්ජුරුවන් හා යුධ කොට රාජ්‍යය ගණුම්හයි සටනට අවුත් බොහෝ සේනාව පිරිවරා පඤායුධයෙන් සන්නද්ධව ඇත් අස් රථ ආදී මහත් කායබල සේනාව ගෙණ නුවර වටකොට සැරසී රැකසිටියාහුය. බරණැස්නුවර රජ්ජුරුවෝ තමන්ගේ අමාත්‍යයන් රැස්කොට එපවත් උන්ට කියා කළමනා කිම්දැයි කිවුය. එබස් අසා අමාත්‍යයෝ කියන්නාහු දේවයිනි. නුඹවහන්සේ පළමුකොට නොවැඩිය මැනව. නුඹ වහන්සේගේ මෙනම් රාවුතයාණ කෙණෙක් ඇත්තෝ වේද උන්ට පිරිස්පාවාදී ප්‍රසාදදී උන් යැව්ව මැනවයි කිවුය. රජ්ජුරුවෝ එපවත් අසා ඒ රාවුතයාණන් ගෙන්වාගෙණ කියන්නාහු දරුව අපගේ රාජ්‍යය ගණුම්හයි කියා අප හා සටන්කරන්නට රජ දරුවෝ සත්දෙනෙක් මහබලසෙනග ගෙණ රාජ්‍යය වටකොට රැකගත්හ. උන් සත්දෙනා හා කැටුව යුද්ධ කොට ගතහෙයි දැයි විචාළෝය. එපවත් අසා රාවුතයාණෝ ස්වාමීනි මට පිළිවනි නුඹ වහන්සේගේ මගුල් භොජාජානීය නම් අසු ලදිම් නම් යුද්ධකොට ජයගෙන දෙමියි කිවුය. රජ එපවත් අසා මාගේ රාජ්‍යය නැසීයාම සුදුසු නොවෙයි සිතා කැමති පිරිස් හා කැමති සෛන්ධවයකු ගෙණවයි සතුරනුත් සාධදෙවයි කිවුය. රාවුතයාණෝ සෛන්ධවයා හා සමග පිරිස් ගෙණ නික්ම සතුරන් සිටිතෙනට ආසන්නව සිට භෝජාජානීය නම් සෛන්ධවයානන් ඇළයට ගොස් සනහාලා ඇඟ අතගාලා තොපට ද මටද ස්වාමී වූ රජ්ජුරුවන්ට පක්ෂ පාතව සටන් කොට සතුරන් සාදාදෙවයි ඔවාතෙපුල් දී නොයෙක් රසයෙන් යුක්ත භෝජනය කවා මධුර පානය පොවා සුවඳ විලවුන් ගල්වා සන්නාහයක් ලා එහි රන්සැත්ලා වසා දැඩි කොට සාදාලා තෙමේ සැරහීගෙණ යන්නාහ. සන්නද්ධව මගුල්කඩුව ගෙණ අසුට නමස්කාර කොටලා පිටට පැන නැගී යුද්ධයට වන්නාහ. බෝධිසත්වයෝ සිතන්නාහු මේ සත් රජ්ජුරුකෙණෙකුන් තබා මුළු දඹදිව සෙනඟ අවුත් කම් කිම් ද උන් නොමරා ඇල්ලු කල වේද සුරකමෙයි සිතා සබඳ ආශ්චාවාරිය රජ දරුවන් නොමරා යුද්ධය මට බාරයයි කිවුය. ඒ අශ්වචාරි තෙමේ සාහසිකව සතුරු සෙනඟ මදධ්‍යයට වන් සඳ අශ්වයා පිනු පිනු තෙනට විදුලියක් මෙන් කඩුව හිස සිසාරා නොබාහිඳ පළමු බලකොටුව බිඳපියා එක් රජ්ජුරුකෙනෙකුන් නොමරා අල්වාගෙණවුත් නුවරට පාවාදී නැවතත් බිහිසුණු සතුරු සෙනඟ මැදට වැද සේනාව බිඳ පරාජය කොට ඒ රජුත් නොමරා ගෙණ සේනාවට පාවාදී මෙසේ ම සදෙනෙකු ගෙණ නැවත සත්වන රජහු අල්වන්ට බොහෝ සෙනඟ එක්ව සිටත් අසු මෙහෙයලා යුද්ධයට වන් සඳ අස්හු සතුරන් අතින් කඩු පහරක් ලදින් කඩු පහර කා ඇඟින් ලේධාරා ඉසින්නාහු අශ්චර්යයා බලා මහත් වූ භයශෝකයෙන් ආයේ ආපසු මෙහෙයලා රජගෙයි මිදුලට ගෙණ ගොස් සන්නාහය ලිහිල් කොට නැවත අනි අසකු සන්නාහය බඳින්නට වන. අස් තෙමේ කඩු පහර කෑ වේදනාවෙන් වැදහෙව සිතත්නේ මේ අශ්වාවාර්යය තෙමේ මාගේ ගුණ නොදන්නේය. සත්වෙනි බලකොටුව බිඳින්ට හා සත්වන රජු ගන්ට නික්මෙයි. අනික් අසකු සදයි. ආශ්චර්යයා සත්වන රජු ගන්ට නොපොහොසත. මේ තෙමේ ද මරණයට යයි. ආශ්වයාත් මරන්නේ රටත් නසන්නේය. රජුත් සතුරන්ට අසුවන්නේය. එසේවත් මා දෙවුනා රජහට කළ විර්ය නොපෙණෙයි. දියෙහි ඉරක් ඇන්දාසේ වෙයි. මා ඇර අන් අයෙක් මෙ සකල දඹදිව සත්වන රජු ගන්නද බලකොටුව බිඳින්නටද නොපොහොසතැයි සිතා කෙළෙහි ගුණ දන්නා වූ මහබෝසතානන් වහන්සේ මෙසේ සිතුසේක. මේ රජ මා තිරිසන් නැනැත්තවුට බොහෝ උපකාර තබා දී මගුලස්ඨනාන්තරයෙහි තමා මට නොයෙක් පොෂ්‍යකොට මා රක්ෂා කෙළේ නම් මෙසේ වූ යුද්ධයක් දුටුකලට වේද මා ඇඟින් වැගිරෙන ලේ රජු මට දුන් නොයෙක් රසයෙන් මධුරපානයෙන් අටගන්නතා වූ ලේ මුත් අනිත් ඇතිවූ ලෙයක් නොවෙයි, එබැවින් මාගේ ශරීරයෙහි රජු නිසා අටගත් මාංශයද ජිවිතයද රජුට දී පක්ෂපාතව ම මළෙමි නම් පරලොව සුවයෙක් ම ලැබෙයි. තමන් පිණිස මාගේ ජිවිතය සතුරන්ට දී පක්ෂපාතව මළ කල තිරිසන්ව සිට මට සතුරන් සාදා දී මා නිසා ජිවිතය දුන්හයි මාගේ රජු කී කල්හි මලාත් නොමළායයි සිතන සේක්, සබඳ අශ්චාචාර්යය සත්වන බලකොටුව හා එහි බිහිසිණු සතුරන් මැදට වදින්ට අනිත් අසෙක් මා මුත් මුළු දඹදිව නැතැයි භෝජාජානීය නම් වු සෛන්ධව කුලයෙහි උපන්නාවූ මා මුත් අනිත් අස් රජෙක් නැතැයි මා නගා සිටුවාගෙණ සන්නාහ බැඳ සත්වන රජු ගන්ට යවයි කී සේක.

    බෝධිසත්වයන්ගේ බස් අසා ආශ්චාචාර්යය තෙමෙ බෝධිසත්වයන් සමීපයට ගොස් නඟා සිටුවාගෙණ වණය වසා බෙහෙත් බැඳ පෙරසේම සන්නාහයලා අසුපිට පැනනැගී කඩුව ගෙණ මහත් බලකාය ගෙණ සතුරු සෙනඟ බිඳ සත්වන රජු අල්වාගෙණ මහත් බලකාය ගෙණ සතුරු සෙනඟ බිඳ සත්වන රජු අල්වාගෙන නොමරාම ගෙණත් පිරිසට පාවාදීලුයේය. සත්වන රජු හා සෙනඟ සාදා සතුරන් බිඳපියා පිරිස් ඇරගෙණ බෝධිසත්වයන් හා සමඟ රජගෙදෙරට අවුත් රජ්ජුරුවන් දුටුයේය. රජ්ජුරුවෝ බෝධිසත්වයන් කෙටුම් කෑ බව අසා මහත් වූ ශෝකයෙන් කම්පිතව සිටියාහ. බෝධිසත්වයෝ තමන්ගේ රජ්ජුරුවන්ට කියන්නාහු දේවයෙනි මේ රජ සත්දෙනා නොමරවයි දිවරවාපියා මිත්‍රව සිට උන් උන්ගේ රටට යවයි කීහ. මහරජ තොප මට කරණ උපකාර නම් තෙල අශ්චාචාර්යයට කළ මැනවැයි සත්කාර කරවා තොපිද නොපමාව දන්දෙව පෙහෙවස් රකුව බණ අසව ප්‍රාණවධ නොකරව දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරවයි. අවවාද කොට බෝධිසත්වයෝ තුමූ සන්නාහය මුදාපීකල පරලොව ගියහ. රජ්ජුරුවෝ මහත් ශෝකයෙන් හඬා කම්පිතව බෝධිසත්වයන් මහත් වූ පෙළහරින් පූජාකොට ආදාහණ කරවූහ. බෝධිසත්වයන් කී පරිද්දෙන් රජ්ජුරුවෝ සිත තබා ආශ්චාචාර්යයාහට බොහෝ වස්තු ද ගම්බිම් ද තනතුරුද දී මිත්‍රද්‍රෝහී නොවී රක්ෂාස්ථානයෙහි තුබූ සේක. නැවත බෝධිසත්වයන් කී අවවාද සිත තබා තමන්ට ද්‍රෝහී වූ රජසත්දෙනා ගෙන්වාගෙණ නොමරා නාවා ආහාර අනුභව කරවා සත්දෙනා දිව්රවා උන් උන්ගේ රටට යවා තුමුද බෝධිසත්වයන් කී පරිද්දෙන්ම තමන් කළ කුශලමූලයෙන් දෙව්ලොව උපන් නාහුය. ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා මහණෙනි. පෙර නුවනැත්තාවූ මහොත්තමයෝ විර්ය කරන්නට සුදුසුතන්හි වීර්ය කළාහුය. මෙබඳු ප්‍රහාර ලැබගෙණ ද විර්ය නොහැරියාහුය. තෙපි වනාහී මෙබඳු නෛර්යානිණික ශාසනයෙහි මහණව කවර කාරණයෙකින් විර්ය හැරියේහි දැයි වදාරා චතුස්සත්‍යය ප්‍රකාශකොට වදාළ සේක. චතුස්සත්‍යයාගේ අවසානයෙහි පසුබට විර්ය ඇති මහණතෙම අර්හත්ඵලයෙහි පිහිටිසේක. බුදුරජානන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ භෝජාජානීය ජාතකය නිමවා වදාළ සේක.

    එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිර වූ සේක. අශවාචාර්යය ශාරීපුත්තස්ථවිර වුයේය. භොජජානීය සෛනධවාශව ව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    25 තීත්‍ර්‍ථ ජාතකය

    25 තීත්‍ර්‍ථ ජාතකය


    තවද එක්සමයෙක්හි බැළු බැළුවන් ඇස් නොනිමවන මනහර රූ ඇති ලොකස්වාමී වූ බුදුරජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

    දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අජාසත් කුමාරයන් පහදවා ලාභසත්කාර ඉපිද වූ සේක. අජාසත් කුමාරයෝ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙක් කරවා නොහෙක් රස ඇති තුන් අවුරුදු ගිය සුවඳ ඇල්සාලෙ බත් දවසක් පාසා පන්සියයක් වසුන්වලින් එවති. ලාභසත්කාර නිසා දේවදත්ත ස්ථවිරයන් වහන්සේට පිරිවර මහත් විය. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පිරිවරා හා සමග විහාරයෙහි ම වසන සේක. එසමයෙහි රජගහනුවර වසන්නාවූ යහළුවෝ දෙදෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් එක්කෙනෙක් බුදුන් සමීපයෙහි මහණ වූය. එක් කෙනෙක් දේවදත්ත ස්ථවිරයන් ලඟ මහණ වූය. ඔහු දෙදෙන ඔවුනොවුන් ඒ ඒ තෙනදීත් දකිති. විහාරයට ගොසිනුත් දකිති. ඉක්බිත්තෙන් එක්දවසක් දෙවදත්ත නිශ්‍රීත මහණ අන් භික්ෂූහට කියන්නේ කිමෙක්ද තෝ දවසක් දවසක් පාසා ඩා පෙර පෙරා සිඟන්නෙහිය. දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙහිම හිඳ නොයෙක් අග්‍ර රසයෙන් යුක්තව භෝජනය වළඳන සේක. මෙබඳු උපායෙක් ඇත කුමක් පිණිස තෝ දුක් අනුභව කරන්නෙහිද. කිමෙක් ද තා විසින් උදෑසන ම ගයාහිස විහාරයට අවුත් අවුළු සහිත කැඳ වළඳා අටලොස්වැදැරූම් වූ ඛාiා අනුභවකොට නොයෙක් අග්‍ර රසයෙන් යුක්ත වූ භෝජනය වළඳන්නට නපුරු දැයි කීය. ඒ මහණ නැවත නැවත කියන බස් අසා යනු කැමති ව එතැන් පටන් ගයාහිසට ගොස් වළඳා වේලපස වෙළුවනයට එන්නේය. ඒ මහණ හැම කල සඟවාගත නොහුණුයේය. ගයාහිසට ගොස් දේවදත්ත ස්ථවිරයන්ට තබා දෙනලද බත වළඳන්නෙයයි නොබෝකලකින්ම ප්‍රසිද්ධ විය. ඉක්බිත්තෙන් ඕහට සහාය භික්ෂූන් කියන්නාහු සැබෑද මහණ තෝ දේවදත්ත ස්ථවිරයන්ගේ බත වලඳන්නෙහි දැයි කී කල්හි අසවල්ලුයයි කිවුය. සැබෑව ඇවැත්නි මම ගයාශිර්ෂයට ගොස් වළදිමි ම වූට කලී දේවදත්තයෝ බත් නොදෙති අන්මනුෂ්‍යයෝ දෙති කීය. ඇවැත්නි දේවදත්තයෝ සර්වඥයන්ට ප්‍රතිපක්ෂයෝය දුශ්ශීලයෝය. අජාසත් රජ්ජුරුවන් පහදවා අධර්මයෙන් තමන් ලාභසත්කාර ඉපදවූය. තෙපි මෙබඳූ නෛර්යාණික ශාසනයෙහි මහණව දෙවදත්තයන්ට අධර්මයෙන් උපන්නාවූ භෝජනය වළඳවා වරෝ යම්හ බුදුන් සමීපයට ගෙණයම්හයි කියා ඒ භික්ෂූව කැඳවාගෙණ දම්සභා මණ්ඩපයට ආවාහුය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් කැඳවා කිමෙක් ද මහාණෙනි තොපි මොහු නොකැමැති පිරිද්දෙන්ම කැඳවාගෙණ අවුදැයි වදාළ සේක. එසේය ස්වාමීනි මේ මහණ නුඹ වහන්සේ සමීපයෙහි මහණව දෙවදත්තයන්ගේ අධර්මයෙන් භෝජනය වළඳන්නේ යයි දැන් වූ සේක. එබස් අසා බුදුහු සැබෑද මහණ තෝ දේවදත්තයන්ගේ අධර්මයෙන් උපන් භොජනය වළඳවයි දැයි විචාළ සේක. එබස් ඇසූ මහණ දේවදත්තයෝ මට නොදෙති. මනුෂයෝ දෙති ඒ බත මම වළඳමියි දැන්වූසේක. එබස් ඇසු සර්වඥයන් වහන්සේ වදාරණ සේක්. මහණ තෝ මෙහි මහණව මාගේ ශාසනය භජනය කෙරෙමින් දේවදත්තයන්ගේ බත කෙසේ නම් අනුභව කෙළෙහිද හැමකලම දුටු දුටුවන් භජනය කරණ සුළුවූයෙහි වේදැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

    pc25.gif
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණසේක. එකල්හි අප මහා බෝසතානන් වහන්සේ ඒ රජහට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ අමාත්‍යයෙකු වූසේක. එකල්හි රජහුගේ මගුල් අශ්වයා නහනතොට එක්තරා ඛළුඪකාශ්වයකු නැහැවුවාහුය මගුල් අශ්වයා ඛළුඪකාශ්වයා නහවන ලද තොටට බස්වනු ලබන්නේ පිළි කුල් කොට බස්නට නොකැමැති වූයේය. අස්ගොව්වා ගොස් රජහට දැන් වූ යේය. මහරජ්ජුරුවන් වහන්ස මගුල් අශ්වයා තොටට බසින්ට නො කමැති වූයේ යයි කීය. රජ්ජුරුවෝ බෝධිසත්වයන් යවනසේක් යව පණ්ඩිතයෙනි දැනගණුව කවර කාරණයකින් අශ්වයා තොටට බස්වනු ලබන්නේ නොබස්නේදැයි විචාළ සේක. බෝධිසත්වයන් වහන්සේ යහපත මහරජයි කිය ගංතෙරට ගොස් අශ්වයා බලා ඔහු නිරොගී බැව් දැන කවර කාරණයකින් මේ අශ්වයා තොටට නොබස්නේදැයි පරීක්ෂා කරණ සේක් පළමුකොට මෙහි අශ්වයකු නහවන ලද්දේ වන. එහෙයින් පිළිකුල් කරන්නේය. තොටට නොබස්නේ යයි සිතා අස්ගොව්වාගෙන් විචාළ සේක. පින්වත්නි. මේ තොටෙහි කවරක්හු පළමුකොට නහවන ලද්දේදැයි විචාළසේක. ස්වාමීන් වහන්ස අන් ඛළුඪකාශ්වයෙකැයි කීයේය. බෝධිසත්වයන් වහන්සේ සිතන සේක් මේ අශ්වයා තමා සුචිකාම බැවින් පිළිකුල් කෙරෙමින් මෙහි නහවන්නට නොකැමැතිය. මොහු අන්තොයෙක්හි නහවන්නට වටනේ යයි ඔහුගේ අභිප්‍රාය දැන පින්වත් අශ්වාචාර්යය. ගිතෙල් මී සකිරායෙන් අභිසංස්කෘත ක්‍ෂිරපායාසයද වනාහී නැවත නැවත අනුභවකරන්නාහට තෘප්තිය වන්නේය. මේ අශ්වයා බොහෝ වර මේ තොටෙහි නහවන ලද්දේය. මොහු වනාහී වෙන තොටකට බස්වා නහවා ජලය පොවාලවයි කියා මෙසේ කීසේක. රථාචාර්යය අශ්වයා අන් තොටකින් නහවා පැන් පොවව. යම් පුරුෂයෙක් සර්පි මධු සකීරායෙන් අභිසංස්කෘත පායාසය අධීකකොට කෑමෙන් තෘප්තියට පැමිණේද එපරිද්දෙන් අනික් අශ්වයෙකුගේ නැහැමෙන් අපවිත්‍ර වූ තොටෙහි තමාගේ ශෘංගාරත්වය හේතුකොට ගෙණ ස්නානය නොකමැත්තේය. අන් තොටකින් නහවවයි කී සේක. අශ්වාචාර්යයා බෝධිසත්වයන් වහන්සේගේ වචනය අසා අශ්වයා වෙන තොටක බස්වා පැන්පෙවා නැහැවුයේය. බෝධිසත්වයන් වහන්සේ අශ්වයා නහවා පැන් පොවන කල්හි රජුහුගේ සමීපයට ගොස් සියලු ප්‍රවෘත්තිය දැන්වූ සේ. රජ්ජුරුවෝ මෙබඳු තීරශ්චීනයාගේ අභිප්‍රාය දැනගත්සේකැයි කියා අප මහබෝසතානන් වහන්සේට මහත් ඓශ්චර්‍යාදී ජිවිතයාගේ කෙළවර කම්වූ පරිද්දෙන් මිය පරලොව ගිය සේක. බෝධිසත්වයන් වහන්සේද කම්වූ පරිද්දෙන් මිය පරලොව වැඩිසේක. ශාස්තෘ වූ බුදුරජනානන් වහන්සේ වදාරණ සේක් මහණෙනි මම මොහුගේ අභිප්‍රාය දැනගත්තෙමි දැන්මතු නොවෙයි පෙරත් අභිප්‍රාය දැනගත්තෙම් වේ දැයි කියා මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ ජාතකය නිමවා වදාල සේක.

    එසමයෙහි මංගල්‍ය අශ්වයා නම් දැන් මේ භික්ෂූන් වහන්සේ වූ සේක. එකල්හි රජ්ජුරුවෝ නම් දැන් ආනන්දස්ථිවිර වූ සේක. පණ්ඩිත අමාත්‍යව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    26 මහිලා මුඛ ජාතකය

    26 මහිලා මුඛ ජාතකය


    තවද එක්සමයෙක්හි බැළු බැළුවන් ඇස් නොනිමවන මනහර රූ ඇති ලොකස්වාමී වූ බුදුරජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

    දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අජාසත් කුමාරයන් පහදවා ලාභසත්කාර ඉපිද වූ සේක. අජාසත් කුමාරයෝ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙක් කරවා නොහෙක් රස ඇති තුන් අවුරුදු ගිය සුවඳ ඇල්සාලෙ බත් දවසක් පාසා පන්සියයක් වසුන්වලින් එවති. ලාභසත්කාර නිසා දේවදත්ත ස්ථවිරයන් වහන්සේට පිරිවර මහත් විය. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පිරිවරා හා සමග විහාරයෙහි ම වසන සේක. එසමයෙහි රජගහනුවර වසන්නාවූ යහළුවෝ දෙදෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් එක්කෙනෙක් බුදුන් සමීපයෙහි මහණ වූය. එක් කෙනෙක් දේවදත්ත ස්ථවිරයන් ලඟ මහණ වූය. ඔහු දෙදෙන ඔවුනොවුන් ඒ ඒ තෙනදීත් දකිති. විහාරයට ගොසිනුත් දකිති. ඉක්බිත්තෙන් එක්දවසක් දෙවදත්ත නිශ්‍රීත මහණ අන් භික්ෂූහට කියන්නේ කිමෙක්ද තෝ දවසක් දවසක් පාසා ඩා පෙර පෙරා සිඟන්නෙහිය. දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙහිම හිඳ නොයෙක් අග්‍ර රසයෙන් යුක්තව භෝජනය වළඳන සේක. මෙබඳු උපායෙක් ඇත කුමක් පිණිස තෝ දුක් අනුභව කරන්නෙහිද. කිමෙක් ද තා විසින් උදෑසන ම ගයාහිස විහාරයට අවුත් අවුළු සහිත කැඳ වළඳා අටලොස්වැදැරූම් වූ ඛාiා අනුභවකොට නොයෙක් අග්‍ර රසයෙන් යුක්ත වූ භෝජනය වළඳන්නට නපුරු දැයි කීය. ඒ මහණ නැවත නැවත කියන බස් අසා යනු කැමති ව එතැන් පටන් ගයාහිසට ගොස් වළඳා වේලපස වෙළුවනයට එන්නේය. ඒ මහණ හැම කල සඟවාගත නොහුණුයේය. ගයාහිසට ගොස් දේවදත්ත ස්ථවිරයන්ට තබා දෙනලද බත වළඳන්නෙයයි නොබෝකලකින්ම ප්‍රසිද්ධ විය. ඉක්බිත්තෙන් ඕහට සහාය භික්ෂූන් කියන්නාහු සැබෑද මහණ තෝ දේවදත්ත ස්ථවිරයන්ගේ බත වලඳන්නෙහි දැයි කී කල්හි අසවල්ලුයයි කිවුය. සැබෑව ඇවැත්නි මම ගයාශිර්ෂයට ගොස් වළදිමි ම වූට කලී දේවදත්තයෝ බත් නොදෙති අන්මනුෂ්‍යයෝ දෙති කීය. ඇවැත්නි දේවදත්තයෝ සර්වඥයන්ට ප්‍රතිපක්ෂයෝය දුශ්ශීලයෝය. අජාසත් රජ්ජුරුවන් පහදවා අධර්මයෙන් තමන් ලාභසත්කාර ඉපදවූය. තෙපි මෙබඳූ නෛර්යාණික ශාසනයෙහි මහණව දෙවදත්තයන්ට අධර්මයෙන් උපන්නාවූ භෝජනය වළඳවා වරෝ යම්හ බුදුන් සමීපයට ගෙණයම්හයි කියා ඒ භික්ෂූව කැඳවාගෙණ දම්සභා මණ්ඩපයට ආවාහුය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් කැඳවා කිමෙක් ද මහාණෙනි තොපි මොහු නොකැමැති පිරිද්දෙන්ම කැඳවාගෙණ අවුදැයි වදාළ සේක. එසේය ස්වාමීනි මේ මහණ නුඹ වහන්සේ සමීපයෙහි මහණව දෙවදත්තයන්ගේ අධර්මයෙන් භෝජනය වළඳන්නේ යයි දැන් වූ සේක. එබස් අසා බුදුහු සැබෑද මහණ තෝ දේවදත්තයන්ගේ අධර්මයෙන් උපන් භොජනය වළඳවයි දැයි විචාළ සේක. එබස් ඇසූ මහණ දේවදත්තයෝ මට නොදෙති. මනුෂයෝ දෙති ඒ බත මම වළඳමියි දැන්වූසේක. එබස් ඇසු සර්වඥයන් වහන්සේ වදාරණ සේක්. මහණ තෝ මෙහි මහණව මාගේ ශාසනය භජනය කෙරෙමින් දේවදත්තයන්ගේ බත කෙසේ නම් අනුභව කෙළෙහිද හැමකලම දුටු දුටුවන් භජනය කරණ සුළුවූයෙහි වේදැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

    pc26.gif
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි මහබෝසතානෝ ඒ රජ්ජුරුවන්ට අමාත්‍ය වූහ. එකල රජ්ජුරුවන්ගේ මහිලාමුඛ නම් මගුලැතෙක් විය. ඒ තෙම සිල්වත ආචාර සම්පන්නය කිසිකෙනෙකුන්ට හිංසාවක් පීඩාවක් නොකරන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් ඒ ඇතු සිටිනා ඇත්හල සමීපයෙහි රාත්‍රීභාගයෙහි සොරු අවුත් ඕහට නුදුරු තැන හිඳ සොරකම් මන්ත්‍රණය කළාහුය. මෙසේ උමං බින්ද යුත්තේය. මෙසේ මං පැහැරිය යුත්තේය. උමං බිඳිම හා මංපැහැරීම මගක් තොටක් සේ නිරවුල්කොට ඉගෙණගෙණ බඩු සොරකම් කරන්ට වටනේය. සොරකම් කරන්නාහු විසින් වස්තු හිමියන් මරා සොරකම් කටයුත්තේය. එසේ කල්හි වස්තුව සොරකම් කරන්නාහු විසින් ශිලාචාර ගුණයෙන් යුක්ත නොවීය යුතුය. කර්කශපරුෂව සාහිසිකව පැවැත්ත යුත්තේයයි මෙසේ කථාකොට ඔවුනොවුන් උගන්වා ගෙණ ගියාහුය. මෙම ක්‍රමයෙන් දෙවැනි දවසය තුන්වෙනි දවසයයි කියා බොහෝ දවසක්හ එතනට අවුත් මන්ත්‍රණය කලාහුය. ඒ මහිලාමුඛ නම් හස්තියා ඒ සොරුන්ගේ බස් අසා මා උගන්වති යන සංඥායෙන් දැන් මා විසින් චණ්ඩපරුෂ රෞද්‍ර කියා ඇතිව පැවැත්ත යුත්තේ යයි සිතා එබඳු වූ චණ්ඩගුණ ඇතිවිය. ඉක්බිත්තෙන් උදෑසනම ආවාවූ ඇත්ගොව්වා සොඬින් බදා අල්වාගෙණ බිම ගසා මැරුයේය. එසේ ම අනිකකුත් අනිකකුත් මැරුයේය. මහිලාමුඛ නම් හස්තියාට මදනැංගේය. එසේ හෙයින් දුටු දුටුවන් මරන්නේයයි රජ්ජුරුවන්ට කිවුය. එබස් ඇසූ රජ්ජුරුවෝ බෝධිසත්වයන්ට කියන්නෝ පණ්ඩිතයෙනි යව කවර කාරණයකින් ඒ ඇතා දුෂ්ටවීදෝහයි දැනගෙණ එවයි කිවුය. බෝධිසත්වයෝ ගොස් ඔහුගේ ශරීරයෙහි රෝග නැති නියාව දැන කවර කාරණයකින් මේ තෙමේ දුෂ්ට වීදෝහෝයි පරීක්ෂා කරන්නාහු ඒකාන්තයෙන් නුදුරු තෙනක කිසිකෙනෙකුන්ගේ නපුරු වචනයක් අසා මොහුගේ ම බස් කර්ම උගන්වති යන සංඥා වෙන් දුෂ්ට වී යයි සනිටුහන් කොට ඇත්ගොව්වන් අතින් විචාරන්නාවූ ඇත්හල සමීපයේ රාත්‍රී භාගයෙහි කිසිකෙණෙකුන් විසින් කථාවක් කළ නියාවක් දනුදැයි විචාළෝය. ස්වාමීනි සොරු අවුත් කථාකළෝ යයි කිවුය. බෝධිසත්වයෝ ගොස් රජ්ජුරුවන්ට කියන්නෝ දේවයන් වහන්ස ඇතුට කිසි රෝගපීඩාවක් නැත. සොැරන්ගේ බස් අසා දුෂ්ට වී යයි කිවුය. දැන් කුමක් කළ යුතුදැයි කී කල්හි සිල්වත් මහණ බමුණන් ඇත්හල සමීපයෙහි හිඳුවා ශිලාචාර කථා කියන්නට සුදුසු වන්නේයයි කිවුය. රජ්ජුරුවන් විසින් එසේ කරවයි කී කල්හි බෝධිසත්වයෝ සිල්වත් වූ මහණ බමුණන් ඇත්හළ සමීපයෙහි හිඳුවා ස්වාමීනි. ශිලනිඃශ්‍රීත වූ කථා කිවමැනැවැයි කිවුය. එබස් අසා මහණ බමුණෝ ඇතුට නුදුරු තෙනක හිඳ කියන්නෝ කිසිවක් නොඇල්ලවිය යුත්තේය. කිසිවක් නොමැරිය යුත්තේය. ශිලාචරයෙන් ක්‍ෂාන්ති මෛත්‍රී කරුණාවෙන් යුක්ත විය යුතුයයි ශිල නිඃශ්‍රීත කථා කළාහුය. ඒ හස්තියා එබස් අසා මොහු මා බස්කම් උගන්වති. එසේ හෙයින් දැන් මේතැන් පටන් සිල්විය යුතුය සිතා සිල්වත්ව ක්‍ෂාන්ති කරුණාවෙන් යුක්ත විය. රජ්ජුරුවෝ බෝධිසත්වයන් අතින් විචාරන්නෝ කිමෙක්ද දරුව හස්තියා සිල්වත් වී දැයි විචාලෝය. බෝධිසත්වයයෝ එසේය. රජ්ජුරුවන් වහන්සැයි කීහ. එබස් ඇසූ රජ්ජුරුවෝ කියන්නෝ මෙබඳු දුෂ්ට වූ හස්තියා නුවණැත්තන් නියා පෞරාණික ධර්මයෙහි පිහිටියේ වේදැයි කියා බෝධිසත්වයන්ට ප්‍රශංසා කළෝය. තවද රජ්ජුරුවෝ තිරශ්චිත වූ හස්තියා ගේ පවා අභිප්‍රාය දැනගත්තෝ වේදැයි කියා බෝධිසත්වයන්ට මහත් වූ යශස් දුන්නාහුය. රජ්ජුරුවෝ ආයපමණින් සිට මහ බෝසතානන් හා සමග කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණ තෝ පෙරත් දුටු දුටුවන් භාජනය කළෝය. සොරුන්ගේ කථා අසා සොරුන් භජනය කෙළෙහිය. ධාර්මිකයන්ගේ බස් අසා ධාර්මික යන් භජනය කෙළෙහි යය් ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපරසන්ධි ගළපා මේ මහිලාමුඛ ජාතකය නිමවා වදාළ සේක.

    එසමයෙහි මහිලාමුඛ හස්තියා නම් දැන් මේ විපක්ෂසෙවි භික්ෂූය. රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. අමාත්‍යවූ යෙම් තිලොගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    27 අභිණ්හ ජාතකය

    27 අභිණ්හ ජාතකය


    තවද එක්සමයෙක්හි බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් එක් උපාසකයකු හා මහළු තෙරුණුකෙණකුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

    සැවැත්නුවර වාසයකරන්නා වූ යහළුයෝ දෙදෙනෙක් වූවාහුය. ඔවුන් අතුරෙහි එක් කෙණෙක් පැවිදිව දවසක් දවසක් පාසා උපාසකයාගේ ගෙට වඩනා සේක. උපාසක තෙමේ තෙරුන්වහන්සේට ආහාර පිළිගන්වා තෙමේද ආහාර අනුභවකොට උන්වහන්සේ හා සමග විහාරයට අවුත් සුර්යයා අස්තාංගවන තැන් දක්වා ඔබිනොබ කථා කිරීමෙන්ද හිඳ නුවරට යන්නේය. තෙරුණ් වහන්සේද නුවර වහසල් දොර දක්වා ඒ උපාසිකයා එක්ව ගොස් නවත්නාසේක. ඒ දෙදෙනා විශ්වාස බව භික්ෂූන් වහන්සේ අතුරෙහි ප්‍රකාශ වූයේය. ඉක්බිත්තෙන් එක් දවසක් භික්ෂූහු ඔවුන් දෙදෙනා ගේ විශ්වාස කථාව කියමින් දම්සභාමණ්ඩපයෙහි උන්නාහුය. සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි. මේ දම්සභා මණ්ඩපයෙහි උන්නාහුය. සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මේ දම්සභාවෙහි දැන් මා එන්නට පූර්ව භාගයෙහි කවර නම් කථාවකින් යුක්තව උන්නාහුදැයි විචාරා ස්වාමීන් වහන්ස මේ නම් කථාවකිනැයි දැනු වූ කල්හි සර්වඥයන් වහන්සේ වදාරණ සේක් මහණෙනි. මෙුහු දෙදෙන විශ්වාස වූවෝ දැන් මතු නොවෙයි පෙරත් විශ්වාස වූවාහුයයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.

    pc27.gif

    යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝසතානන් වහන්සේ ඒ රජහට අමාත්‍යයෙක් වූ සේක. එකල්හි එක් සුනඛයෙක් මගුල් ඇත්හලට ගොස් මගුල් ඇතා අනුභව කරණ තන්හි වැටුනා වූ බත්හුළු අනුභව කරන්නේය. ඒ සුනඛතෙම ඒ ආහාරයෙන්ම වැඩෙනු ලබන්නේ මගුලැතාට විශ්වාස වූයේය. සුනඛයා හස්තියාගේ සමීපයෙන්ම අනුභව කරන්නේය. දෙදෙනාම වෙන්ව වසන්නට නොහැකි වෙති. සුනඛතෙම හස්තියාගේ සොඬ ගෙණ ඔබිනොබ කෙරෙමින් කෙළනේය. එසේ කල්හි එක් දවසක් පිටිසර වැසි එක් ග්‍රාමික මනුශ්‍යයෙක් ඇත්ගොව්වාට මිලදී ඒ සුනඛයා ගෙණ තමාගේ ගමට ගියේය. එතැන් පටන් ඒ හස්තියා සුනඛයා නොදක්නේ ගොදුරු නොම අනුභව කරන්නේය. පැන් නොබොන්නේය. නොම නහන්නේය. ඒ කාරණය රජහට දැන්වූවාහුය. රජ්ජුරුවෝ බෝධිසත්වයන් වහන්සේට වදාරණ සේක් යව පණ්ඩිතයෙනි දැනගණුව කවර කාරණයකින් හස්තිරාජ තෙම මෙලෙස කරන්නේ දැයි කියා යැවු සේක. බෝධිසත්වයන් වහන්සේ හස්තිශාලාවට ගොස් හස්තියාගේ දොම්නස් බැව් දැන මොහුගේ ශරීරයෙහි රෝගයක් නොපෙණෙන්නේය. මොහුගේ වනාහී කිසිකෙණෙකුන් හා සමග මිත්‍රසන්තවයක් විය යුතුයයි ඔහු නොදක්නේ මේ තෙමෙ ශොකයෙන් මඩනාලද්දේවනැයි සිතා හස්ත්‍යාචාර්යයා අතින් විචාරණසේක් මොහුගේ කිසිකෙනෙක් හා සමග විශ්වාස බවක් ඇද්දෝහෝයි විචාළ සේක. ස්වාමීන් වහන්ස එසේය. එක් සුනඛයෙකු හා එක්ව බලවත් මිත්‍රකමක් ඇත්තේය යි කීය. දැන් ඒ සුනඛයා කොයිදැයි විචාළසේක. එක් මනුශෂයෙකු විසින් ගෙණ යන ලද්දේය. ඔහු වාසය කරණ තැන් දන්නේ දැයි කී සේක. ස්වාමීන් වහන්ස. නොදනිමි කීහ. බෝධිසත්වයන් වහන්සේ රජුගේ සමීපයට ගොස් මහරජ්ජුරුවන් වහන්ස හස්තියාට කිසි ආබාධයක් නැත්තේය. ඕහට වනාහී එක් සුනඛයෙකු හා සමග බලවත් විශ්වාසයක් වූයේය. ඒ සුනඛයා නොදක්නා වූ හස්තිරාජ තෙම භෝජනය අනුභව නොකෙරෙයි සිතමියි කියා මෙසේ කීසේක. මහරජ බතට පළමු කොට දෙන කටුක භෛෂජ්‍යයෙන් යුක්ත යුක්ත පිඬුගන්නට නොපොහොසත. පිඬු කොට දෙන භොජනය ගන්නට නොපොහොසත. කුශතෘණ ද අනුභව කරන්නට නෝද පොහොසත. නහන වේලෙහි ශරීරාවර්තනය කරන්නටද නොපොහසත, නිරන්තර දර්ශනය හේතු කොට ගෙණ හස්තිරාජ තෙම සුනඛයා කෙරහි සෙනහකෙළේයයි සිතමියි කී සේක. මෙසේ යමක් යමක් ඒ හස්තිරාජයාකරන්නට නොහැකිද ඒ සියල්ලම රජහට දැන්වු සේක. රජ්ජුරුවෝ බෝධිසත්වයන් වහන්සේගේ වචනය අසා පණ්ඩිතයන් වහන්ස දැන් කවරක් කටයුතු දැයි විචාළසේක. අපගේ මගුලැතාගේ යහළු සුනඛ තෙම එක් ගම්වැසි මනුශ්‍යයෙක් ගෙණ ගියේය. යමක්හුගේ ගෙයි ඒ සුනඛයා දුටුවොත් ඕහට මේ බඳු දඩයක් කියා බෙර ලව මහරජයි කිසේක. රජතෙම එලෙස කරවූයේය. ඒ ප්‍රවෘත්තිය අසා ඒ පුරුෂතෙම සුනඛයා හැරියේය. සුනඛතෙම සීඝ්‍රයෙන් ගොස් හස්තියාගේ සමීපයටම ගියේය. හස්ති තෙමෙ සුනඛයා සොඬින් ගෙණ කුම්භස්ථලයෙහි තබා හඬා වැලප පියා කුම්භස්ථලයෙන් බස්වා ඔහු විසින් ආහාරය අනුභව කළ කල්හි පසුව තෙමේ අනුභව කෙළේය. තිරශ්චිනයාගේ අභිප්‍රාය දත්තේයයි කියා රජ්ජුරුවෝ බෝධිසත්වයන් වහන්සේට මහත් ඓශ්චර්ය දුන්සේක. ශාස්තෘන් වහන්සේ වදාරණ සේක් මහානෙනි. මොහු දෙදෙන විස්වාසවූවෝ දැන් මතු නොවෙයි පෙරත් විස්වාසවූවාහුයයි කියා මේ ධර්මදේශනාව ගෙණ හැර දක්වා චතුස්සත්‍ය දේශනාව වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ අභිණ්හ ජාතකය නිමවා වදාළ සේක. මේ චතුස්සත්‍ය දේශනාව කිම සියලු ජාතකවල ම ඇත්තේය. අපි වනාහි චතුස්සත්‍යය යහ් තැනෙක්හි ආනිසංස පෙණේද එතැන්හි දක්වමු. එසමයෙහි සුනඛතෙමෙ දැන් මේ උපාසක වූයේය. හස්ති තෙම දැන් මේ මහල්ලක ස්ථවිර වූයේය. පණ්ඩිත අමාත්‍යව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    28 නන්දිවිසාල ජාතකය

    28 නන්දිවිසාල ජාතකය

    තවද එක්සමයෙක්හි අසම ධුර වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසන සේක් ෂඩ්වර්ගික භික්ෂූන්ගේ පරුෂතෙපල්ලක් අරභයා මේ ජාතකය වදාළ සේක.

    එසමයෙහි වනාහි ෂඩ්වර්ගික භික්ෂූහු ඩබරකරන්නාහු ප්‍රියශීලි භික්ෂූන්ට ගර්භා කෙරෙති. අතිවවනශරප්‍රහාර දෙති. දශවිධ ආක්‍රොශ වස්තුවෙන් ආක්‍රෝශ කෙරෙති. භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට දැන්වුවාහුය. භාග්‍යවතුන් වහන්සේ ෂඩ්වර්ගික භික්ෂූන් කැඳවා ගෙන්වා මහාණෙනි ඩබරකරන්නේ සැබෑවදැයි විචාරා වදාරා භාග්‍යවතුන් වහන්සේ සැබැවයි දැන්වූ කල්හි ගර්භාකොට මහණෙනි පරුෂවචනය නම් තිරශ්චිනගතයන්ට ද අමනෝඥවන්නේය. පූර්වයෙහි ද එක් තිරශ්චීනගත සත්වයෙක් තමාට පරුෂ වචනයෙන් කියන්නාහු දස දහසකින් පරාජය කෙළේයයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.

    pc28.gif



    යටගිය දවස ගන්ධාර රට තක්සලා නුවර ගන්ධාර නම් රජෙක් රාජ්‍යය කෙරෙයි, එකල්හි අප මහාබෝධිසත්වයන් වහන්සේ ගව ජන්මයෙහි උපන් සේක. ඉක්බිත්තෙන් බෝධිසත්වයන් වහන්සේ ලදරු වසුපැටව් කාලයෙහිම එක් බ්‍රාහ්මණයෙක් ගවයන් දෙන්නාවූ දායකයන්ගේ සමීපයට ගොස් ගවයෙක් ලැබගෙන නන්දිවිශාල යයි කියා නමක්කොට පුත්‍රස්ථානන්තරයෙහි තබා බොහෝ ඕහට ප්‍රියවෙමින් කැඳ බත් ආදියද පොෂ්‍ය කරන්නේය. අප මහ බෝධිසත්වයන් වහන්සේ වැඩි වයසට පැමිණි සේක් මම මේ බ්‍රහ්මණයා විසින් දුකසේ රක්ෂාකරණ ලද්දේමි. මා හා සමග සියලු ජම්බුද්වීපයෙහි මා සදාසවීම උසුලන අනික් ගවයෙක් නම් නැත්තේය. එහෙයින් මම තමාගේ බලය දක්වා බ්‍රාහ්මණයාහට මා රක්ෂා කළාට මිළ දුන්නෙමි වීනම් ඉතා යෙහෙකැයි සිතූ සේක. මෙසේ සිතා බෝධිසත්වයන් වහන්සේ එක් දවසක් බ්‍රහ්මණයාට වගකියන සේක් බ්‍රහ්මණය යව ගවයන් ධනකොට ඇති එක් සිටාන කෙණෙකුන් කරා එළඹ මාගේ ගව තෙම එකට බැඳනාලද ගැල් සියයක් අදනේයයි කියා දහසකින් පරදු තබවයි කියේය. ඒ බ්‍රහ්මණ තෙම සිටානන්ගේ සමීපයට ගොස් කථාවක් පහළ කොළෝය. මේ නුවර කවරක්හුගේ ගවයෝ කාය ශක්තියෙන් යුක්ක දැයි කියේය. ඉක්බිත්තෙන් ඕහට සිටුපුත්‍ර කියනුයේ අසවල්හුගේය අසවල්හුගේය. යි කියා සියලු නුවරෙහි අපගේ ගොන් හා සදශ ගවයෝ නැත්තෝය. බ්‍රහ්මණ තෙම කියනුයේ මාගේ ඒකාබද්ධ කොට බඳනා ගැල් සිසයක් අදනට සමර්ථ එක් ගොණෙක් කොයින්දැයි කීහ. බ්‍රාහ්මණතෙම මාගේ ගෙයි ඇත්තේයයි කීයේය. එසේ වී නම් පරදුව තමවයි කීම. යහපත කරන්නේම් කියා දහසින් පරදු කළේය. බ්‍රාහ්මණ තෙමෙ ගැල් සියක් වැලි කැටකැබලි ගළින්ම පුරවා පිළිවෙලින් තබා සියල්ල අකර බඳිනා යොතින් එකට බැඳ නන්දිවිශාල නම් ගවයා නහවා සුවඳින් පසඟුල් දී ශ්‍රීවායෙහි මල් පළඳවා පළමු ගැල් ධුරයෙහි හුදකළාවම යොදා තෙමේ ගැල්හි හිඳ කැවිට ඔසවාගෙණ අදුව කුළ උසුලව කුළයි කීයේය. බෝධිසත්වයන් වහන්සේ මේ තෙමේ අකුළුවු මට කුළුවචනයෙන් කියන්නේ යයි කිසා සතරපය ටැඹක් මෙන් නිශ්චල කොට සිටිසේක. සිටානෝ එකෙණෙහිම බ්‍රාහ්මණයාගෙන් වස්තු දහස ගෙන්වාගත්තෝය. බ්‍රහ්මණ තෙමේ දහසෙකින් පැරදුනේය. ගවයා මුදාහැර ගෙට ගොස් ශෝකයෙන් මඩනාලදුව හොත්තේය. නන්දිවිශාල නම් ගොණා තණ කා ආයේ ශෝකයෙන් මඩනා ලද බ්‍රාහ්මණයා දැක සමීපයට එළඹ බ්‍රාහ්මණය කවර හෙයකින් නිද්‍රාව කරන්නෙහි දැයි කීයේය. දහසකින් පැරදුනා වූ මට නිදි කොයින් දැයි කීය බ්‍රාහ්මණය මෙපමණ කලක් තොපගේ ගෙයි වසන්නවූ මා විසින් කිසි භාජනයක් බිඳපීමක් හෝ කිසිවක් මැඩ මීරිකීමක් හෝ නුසුදුසු තැනෙක්හි මලමුත්‍ර බැහීමක් හෝ කළවිරී දැයි කීයේය. පුත්‍රය එවැනි දෙයක් නැත්තේයයි කීය. එසේ කල්හි මට කවර කාරණයකින් කුළුවාදයෙන් කීයෙහිද?. මේ තෙම තොපගේ දෝෂ වන්නේය. මාගේ දෝෂයෙක් නැත්තේය. යව ඒ සිටානන් හා සමග වස්තු දෙදහසකින් පරදු කොට තබව. හුදෙක් අකුළු වූ මට කුළවාදයෙන් කථා නොකරවයි කීයේය. බ්‍රහ්මණ තෙම මහබෝධිසත්වයන් වහන්සේගේ වචනය අසා ගොස් වස්තු දෙදහසකින් ඇපකොට තබා යට කියන ලද ක්‍රමයෙන්ම ගැල් සියය ඒකාබද්ධ කොට බැඳ නන්දිවිශාල නම් වෘෂභයා සරහා පළමු ගැල්වියෙහි යෙදුයේය. කෙසේ යෙදුයේද යත් විය ගැලෙහි නිශ්චල කොට බැඳ එක් කෙළවරක නන්දිවිශාල නම් වෘෂභයා යොදා එක් කෙළවරක් ගැල්යොතින් වෙළා විය කෙළවර අකුරක ඇණමුල නිසා මුඩුරුක් දණ්ඩක්දී ඒ යොතින් නිශ්චලකොට බැඳ තැබූයේය. එසේ කළ කල්හි විය එයට හෝ මෙයට හෝ නොවන්නේය. එක ගොණෙකු විසින් ඇදගන්නට හැකි වන්නේය. ඉක්බිත්තෙන් ඒ බ්‍රාහ්මණ තෙම ගැලහෙි හිඳ නන්දිවිශාල නම් වෘෂභයාගේ පිට පිරිමැද මාගේ පුත්‍ර වූ යහපත් වෘෂභය මේ ගැල් යෙහෙන් අදුව උසුලුව යහපතැයි කීය. බෝධිසත්වයන් වහන්සේ ඒකාබද්ධව බඳනාලද ගැල් සියය එකවේගයෙන්ම ඇද පසුව සිටි ගැල අභිමුඛයෙහි ගැල පිහිටි තැන තිබූය. ගව ධනය කොට ඇති සිටානෝ පැරද බ්‍රහ්මණයා හට වස්තු දෙදහසක් දුන්නෝය. අනිකුත් මනුශෂයෝද බෝධිසත්වයන් වහන්සේට බොහෝ වස්තු දුන්නාහුය. ඒ සියලු වස්තුව බ්‍රාහ්මණයාහටම වූයේය. මෙසේ බෝධිසත්වයන් වහන්සේ නිසා බොහෝ වස්තුව ලද්දේය. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි පරුෂ වචනය නම් කිසිවක් හටත් මනාප නො වන්නේ යයි ෂඩ්වර්ගික භික්ෂූන්ට ගර්භාකොට ශික්ෂා පද පණවා මෙසේ වදාළසේක. අන්‍යයා හා සමග කථා කරන්නේ චතුර්දෝෂ විරහිත වූ මිහිරිවූ මටසිළුටු වූ මොළොක් වූ ප්‍රියවචනයෙන් ම බිණිය යුත්තේය. කිසිකලෙක්හිත් අමනෝඥ වචනය නො බිණිය යුත්තේය. කුමක් හෙයින්ද? යත් නන්දිවිශාල නම් වෘෂභ තෙම අමනාප වචන කියන්නහුගේ බර නො ඇද පසුව මනාප වූ ප්‍රිය වචනය කියන්නාවූ බ්‍රාහමණයාගේ ගරු භාරය ඇද්දේ යයි මෙසේ සර්වඥයන් වහන්සේ මනෝඥ වචනය බිණිය යුතුයයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා මේ නන්දිවිශාල ජාතකය නිමවා වදාළ සේක.

    එසමයෙහි බ්‍රාහ්මණතෙම දැන් මේ කාලයෙහි ආනන්ද ස්ථවිරයන් වූයේය. නන්දිවිශාල නම් වෘශභව උපන්නෙම් වනාහි තිලෝගුර සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    29 කණ්හ ජාතකය

    29 කණ්හ ජාතකය


    තවද එක් සමයෙක්හි තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් යමක ප්‍රාතිහාර්යය අරභයා මේ ජාතකය වදාළ සේක.

    සර්වඥයන් යමක ප්‍රාතිහාර්යය කොට දිව්‍යලෝකයෙහි වැස මහපවුරුණු දිනයෙහි සකස්පුර දොරට බැස මහත් වූ පිරිවරින් ජේතවනායට වන් කල්හි භික්ෂූන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි රැස්ව හිඳ ඇවැත්නි තථාගත නම් වූ සර්වඥයන් වහන්සේ නම් අසමධුරසේක. සර්වඥයන් වහන්සේ විසින් උසුලන ලද්දා වූ ධූරය උසුලන්නට සමර්ථ වූ අන් කිසි සත්වයෙක් නම් නැත්තේය. මක්ඛලිගෝසාලාදී වූ ශාස්තෘහු සදෙන අපි යමක ප්‍රාතිහාර්ය කරම්හ. අපි යමක ප්‍රාතිහාර්යය කරම්හයි කියා එක ප්‍රාතිහාර්යකුත් නොකළෝය. සර්වඥයන් වහන්සේ වූකලි ඉතා ආශචර්යයවත්සේකැයි බුදුන්ගේ ගුණ කිය කියා උන් සේක. එකල්හි සර්වඥයන් වහන්සේ අවුත් මහණෙනි දැන් කවර නම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළසේක. ස්වාමීනි අන් කථාවකින් යුක්තව උනුමෝ නොවම්හ. නුඹවහන්සේගේ මෙබදු ගුණ කථාව කිය කියා උනුම්හයි කී කල්හි, මහණෙනි දැන් ඉසුළු ධුරයක් කවරෙක් උසුලා ද පෙර තිරිසන් යොනියෙහි උපන්නාවූ මම මා හා සම ධුරය ඇති කිසිවක්හූ නොලද්දේම් වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

    pc29.gif

    යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍ය කරණ කල්හි අප මහා බෝසතාණෝ ගවයෝනිහියෙහි උපන්නාහුය. ඉක්බිත්තෙන් ඔහු බාල්‍ය අවස්ථාවෙහිම ඔහුගේ ස්වාමිදරුවෝ එක් වෘද්ධ වූ ස්ත්‍රියකගේ ගෙයි වැස නවාතැන් කුලියට පිරිසිඳ දුන්නාහුය. ඒ වෘද්ධ ස්ත්‍රී මහබෝසතානන් කැඳ බත් ආදීන් පෝෂ්‍යකරන්නී පුත් තනතුරෙහි තබා වැඩුය. ඒ තෙමේ ආර්යකාකාලයෙහි මේ නමින් ප්‍රසිද්ධව වැඩිවිය පැමිණියේය. අඤජනවර්ණව ගම ගොන් හා කැටිව ඇවිදින්නේය. ශිලාචාරයෙන් යුක්තය. ගම් දරුවෝ ඇඟත් කරත් එල්ලීගෙණ ඇවිදිති. වාලඩියත් අල්වාගෙණ ඇවිදිති. පිටට නැගීත් ඇවිදිති. ඒ වෘෂභයා එක් දවසක් මෙසේ සිතුයේය. මාගේ මෑණියෝ දුක්ඛිතයෝය. මා පුත් තනතුරෙහි තබා වඩා දුකසේ පොෂ්‍ය කළෝය. එසේ හෙයින් මම බැලමෙහෙකොට මුන් දුප්පත් කමින් මිදුයේ වී නම් යහපත් වන්නේ් යයි සිතා එතැන් පටන් බැලමෙහෙයක් සොයමින් ඇවිදින්නේයව. ඉක්බිත්තෙතන් එක් දවසක් සාත්තුනායක පුත්‍රයෙක් පන්සියයක් ගැල් හා සමග විසම වූ ගැඹුරු තොටකට බටයේය. ඔහුගේ ගොන් ගැල් ගොඩගන්න අසමර්ථයෝය. පන්සියයක් ගැල් ගොන් වියඬු පරම්පරායෙන් යොදන ලද්දාහු එකගැලකුත් ගොඩනගාගත නුහුනුවිය. බෝධිසත්වයෝ ද ගොන් හා සමග ඒ ඒ තැන්හි ඇවිදිති. සාත්තුනායක පුත්‍රයාද ගෙන් ලකුණු දත්තේය. එතෙම මේ ගෙරින් අතුරෙහි මේ ගැල් ගොඩගන්න සමර්ථ වූ වෘෂභජාතියෙක් ඇද්දෝහෝයි පරීක්ෂා කරන්නේ බෝධිසත්වයන් දැක මේ අජානීයයා මාගේ ගැල් ගොඩගන්නට සමර්ථවන්නේය. මොහුගේ ස්වාමීදරුවෝ කවුරුදැයි ගොප්ලලන් අතින් විචාලෝය. තවද පින්වත්නි මොහුගේ ස්වාමීදරුවෝ කවුරුන්ද මම මොහු ගැළයොදා ගැල් ගොඩනැගු කල්හි මිළ දෙමි කිය එකල්හි ගොපල්ලා කියනනේ අල්වාගෙණ යොදාගත මැන. මෙතන මොහුගේ ස්වාමීදරුකෙණෙක් නැතැයි කිය. ඒ සාත්තුනායකයා එබස් අසා ඔහු ලඟට නැහැලනුවක් බැඳ අදනේ සිටිතෙනින් සොළවන්නට අසමර්ථ විය. බෝධිසත්වයෝ වනාහි ගැල් ඇදී කුලී කීකල්හි යෙහි සිතා නොගියාහුය. සාත්තුනායක පුත්‍ර ඔහුගේ අභිප්‍රාය දැන යාච්ඥාකරන්නේ පන්සියයක් ගැල් තොප විසින් ගොඩනැගූ කල්හි එකි එකි ගැලකට කහවණු දෙකක් කුළි කොට දහසක් දෙමි කීය.එකල්හි බෝධිසත්වයෝ තුමුම ගියාහුය. ගැල් සමීපයට ගිය බෝධිසත්වයන් දැක වෘෂභය ගැල්හි යෙදුයේය. එකල්හි බෝධිසත්වයෝ එක වේගයෙන්ම ඔසවා ගොඩනැගූවාහුය. මෙම ක්‍රමයෙන් සියලු පන්සියයක් ගැල්ම ගොඩ නැඟුය. සාත්තනායක පුත්‍රතෙම එකී එකී ගැලකට එකි එකී කහවණුවක් බැගින් පන්සියයක් කහවණු පොදිබැඳ ඒ මහාබෝසතානන් කර බැන්දේය. ඒ බලා බෝධිසත්වයෝ මේ තෙම මට දෙමි පළමු නියමකළ කුලී නොදෙන්නේය. එසේ හෙයින් දැන් මොහු යානොදෙම්හයි ගොස් ඇමට පෙරතුම ඉදිරියේ ගැල අසුරාගෙණ සිටියෝය. ඉවත්කරන්නට උත්සහ කරන්නාහු ඉවත්කොට නුහුණුවාහුය. එවෙලෙහි සාත්තුනායක පුත්‍ර සිතන්නේ මේ තෙම තමාට කුලී මදි නියාව දතවනැයි සිතා එකවස්ත්‍රයක දහසින් පොදියක් බැඳ මේ තෙම තොප ගැලනැගූ කුලියයි කියා කරබැඳ එල්වුයේ. මහබෝසතානෝ දහසින් බැඳි පියල්ලගෙණ මෑනියන් සමීපයට ගියාහ. ගම් දරුවෝ ඒ දැක ආර්යකාකාළයන්ගේ කර කිමෙක්දැයි බෝධිසත්වයන් සමීපයට එන්නාහුය. බෝධිසත්වයෝ ඒ කුඩා කොල්ලන් පසුපස්සෙහි දිව ලුහුබඳවා යවා මෑනියන් සමීපයට ගියෝය. පන්සියයක් ගැල් ගොඩනැගූ බැවින් ඇස් රතුව මිරිකී ගියාවූ ස්වරූප ඇතිවූය. වෘද්ධ උපාසිකාවෝ මහබෝසතානන් කරදහසින් බැඳි පියල්ල දැක මුන් විසින් කොයිදී ලබනලදැයි ගොපලු දරුවන් අතින් විචාරා එපවත් අසා දරුව කිමෙක්ද මම තොප ලත් කුළියෙන් ජීවත්වනු කැමැත්තෙම්ද. කුමක් සිතා තොපි මෙබඳූ වූ දුක් අනුභව කළාහුදැයි කියා මහබෝසතානන් උනුපැනින් නාවා සියලඟ තෙල් ගල්වා පැන් පොවා සප්පාය භෝජනය අනුභව කරවා සන්තර්පණය කොට ජීවිත පර්යාවසානයෙහි බෝධිසත්වයන් හා සමඟ කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. බුදුරජානන් වහන්සේ මහණෙනි සර්වඥයන් වහන්සේ අසමධුරවූසේක් දැන් මතු නොවෙයි පෙරත් අසමධුරවෝවෝම වේදැයි වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ කණහ ජාතකය නිමවා වදාල සේක.

    එසමයෙහි වෘද්ධ ස්ත්‍රී නම් මේ උත්පලවර්ණ මහාස්ථවිරාය. ආර්යකාකාල වෘෂභයා නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසෙක.