අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් ගන්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි කියල හිතෙන තොරතුරු ටිකක් මගේම අත්දැකීම් වලින් ලියන්න හිතුන.
මගේ පලවෙනි වාහනේ toyota corona AT150. මේක ගන්න කලින් lancer box එකක් තමයි හෙව්වෙ. ඔහොම හොයාගෙන යනකොට අහම්බෙන් corona එක හම්බ උනා. වාහනේ ලක්ශ5යි, ඒ වෙද්දි වාහනේට හොඳටම හිත ගිහින් තිබුනේ. පොඩි අවුල් තිබුනත් වාහනේකට හිත ගියාම ඒව ප්‍රශ්න නෙමේ කියල හිතෙනව.
වාහනේ බලල පොත ඉල්ලපුවම අයිති එකා කිව්ව පොතනං ඩුප්ලිකේ්ට් ඕපන් පේපර්ස් තියෙන්නෙ කියල. මම ඔය සීන් එක ගැන දන්නෙනෑ. මම එක්ක ගිය එකා කිව්ව 'උඹ විකුනන්නැත්තං ගනිං' කියල. මගෙත් එතකොට විකුනන්න අදහසක් තිබ්බෙනෑ. 4.5කට ගත්ත වාහනේ.
අරගෙන ටික දවසක් පදිනකොට යටින් දඩ දඩ ගාල සද්දයක් එනව (ගන්න කලින් ට්‍රයල් ගියේ කාපට් පාරක)
එතන ඉඳන් මට වාසනා සම්පත ඇදෙන්න ගත්තා. පිටිපස්ස shock absober, rear wheel racer, drive belt, t belt, both side cv joints, power pump leack repair, power rack leack repair, steering universal joint, radiator clean, water pump, cooling fan replacement, head light එළිය මදි හින්ද led දැම්ම. Electric වැඩයි සමහර mechanical වැඩයි මම කරපු හින්ද ලොකු අවුලක් නෑ. අවසාන වෂයෙන් ටයර් දෙකක්, head gasket දැම්ම.
තව සැනසිලි ත්‍යාග විදිහට සෑම green test එකකටම වරක් carburetor cleanup, plug replacement කරලත් fail වෙන හින්ද පගාවක්.
අන්තිමට අවුරුදු 2.5 පැදල වික්ක. Duplicate cr හින්ද හෙන කට්ටක් කෑව දීගන්න. දෙනකොටත් floor board, දොරවල් වල දිරුම්, mount ගිහින් සද්ද එනව. ලක්ෂ 4කට දුන්න. ගත්ත මනුස්සය අරන් විකුනන්න ගත්තෙ.
අඩු මිල පරණ වාහන හොයන අයට මේක වැදගත් වෙයි කියල හිතනවා. වාහනයක් ගන්න කලින් මොනතරං දේවල් බලන්න තියෙනවද කියල මේ ලිපියෙන් අදහසක් ගන්න.
බලන්නකො වාහනේ පිටින් බලපුවම කොහොමද කියල.