පරණ වාහන ගනිද්දි වරදින තැන්.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පරණ වාහනයක් ගන්නවා කියන්නෙයි, කසාද බඳිනවා කියන්නෙයි එකවගේ සීන් එකක් තියන්නේ,,, වියදම් කරනවා කරනවා ඉවරයක් නෑ..
    පරණ වාහනයක් ගන්නවා නම් බලන්න ගොඩක් දේවල් තියෙනවා...

    1. ඔයාගේ ආර්ථික තත්වය..
    ගොඩක් අය හිතනවා මට සල්ලි ලොකුවට නැති නිසා නැත්තම් ආසාවට පරණ වාහනයක් අරං හදාගන්නවා කියල.. පරන වාහනයක් අඩුවට ගත්තත් එක හදාගන්න යන වියදම බැලුවම සෑහෙන වැඩි, සමහර කෑලි හොයාගන්න පට්ට අමාරුයි. ගොඩක් වෙලාවට ලංකාවෙ වාහන පාර්ට්ස් විකුණන මයිනො සමහර පාට්ස් ගිණි ගනන් වලට විකුණන්නේ.. නිතර නිතර රෙපෙයර් එන එකත් පරණ වාහනයකට ආවේනික ලක්ෂණයක්. ඒක නිසා අතේ සල්ලි ටිකක් තියාගෙනම වාහනේ ගත්තා නම් ඇගට ගුණයි.. (ගදර වියදම් වලට මුල් තැන දීල කරන මඟුලක් කරාම ඉවරයි නැත්තං කන් දෙකේ ඇබ ගහං ඉන්න් වෙන්නේ ඇබ)

    2. වාහනේ ගන්නකොට් දන්න කියන බාස් කෙනෙක් එක්කන් ගිහින් ගන්න..
    FB එකේ පරන වහනයක් හදල තියනව දැක්කම ඕන ගිරවෙකුට ආස හිතෙනව.. අන්තිමට හොයල හොයල එකක් හම්බ උනා කියමුකො.. ගියා ගත්තා ආවා, අරං ඔයාට ඕන විදිහට හදා ගන්නවා කියන ගෙනාවොත් හින්ගියේ ජලක් වගේ තමා වෙන්නේ.. කොච්චර ටෙස් රන් ගියත් බොනට් එක ඇරල බැලුවත් ඔක්කොම ලෙඩ අදුන ගන්න ඔයාට බෑ.. බාස් ගියාම පොඩ්ඩක් යට රිංගල පැදල බලලා, එන්ජින් එකෙ ලෙඩ ඔක්කොම අල්ලගෙන ගාන පොඩ්ඩක් එහා මෙහා කරගන්න හරි පුලුවන්..

    3. ගන්න කලින් ටින්කර් බාස් කෙනෙක්, පේන්ට් බාස් කෙනෙක්, රෙපෙයර් බාස් කෙනෙක් හොයා ගන්න
    පරණ වාහන පිටින් ලස්සනට තිබ්බට ගැලෙව්වට පස්සේ සල්ලඩේ වගේ.. සල්ලි තියෙනවා නම්, ගෙනාපු ගමන් ගැලෙව්වා ටින්කර් කලා පේන්ට් කරා, රෙපෙයර් කලා පැද්දා..

    4. ගන්න කලින් බලන්න ඕන දෙවල්
    ඉස්සෙල්ලම බලන්න ඕනේ පොත, එන්ජින් නම්බර් ගැලපෙනවද බලන්න, ප්‍රධානම දේ චැසි නම්බර් එක පොතේ තියන එකමද කියල ගොඩක් වෙලාවට පරණ වාහන වල පොත් වල ගොඩක් කේස් තියෙනවා...

    5. කොච්චර කළත් ගානට ඔයිල් කරල, ග්‍රීස් කරල, සෝදල කරල තියා ගන්නවා නම් හිතනවාට වඩා කාලයක් පාවිච්චි කරන්න පුලුවන්..

    ඔව් මම ගාවත් 1980 ජීප් එකක් තියෙනවා, අරං අවුරුදු දෙකයි.. පදිනවා අවුලක් නැතිව ඒ වුනාට තාම එක එක දේවල් හදනවා..
    4dr5 එකක්ද මචෝ.. මාත් ගන්න හෙවුව ඕව ගත්ත වගේම, සල්ලි වලට අමතරව වාහනේ වෙනුවෙන් යොදවන්න කාලයත් තියෙන්න ඕනෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    4dr5 එකක්ද මචෝ.. මාත් ගන්න හෙවුව ඕව ගත්ත වගේම, සල්ලි වලට අමතරව වාහනේ වෙනුවෙන් යොදවන්න කාලයත් තියෙන්න ඕනෙ.

    around 18 car ekak ganna kenekuta mokakda recommend karanna puluwan?
    AE110 (301~ wage ekak)
    Alto K10 2011
    Geely MX-7 (2012-2014)

    me 3n kohomada?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    around 18 car ekak ganna kenekuta mokakda recommend karanna puluwan?
    AE110 (301~ wage ekak)
    Alto K10 2011
    Geely MX-7 (2012-2014)

    me 3n kohomada?
    ඔය තුනෙන් මටනං සෙට්වෙන්නෙ 110 එක. හැබැයි මම හොයන කාලෙ කීපයක්ම බලන්න ගියා. මාකට් වැඩි නිසා ලදරං වාහන තමයි ගිනි ගානට දෙන්න හදන්නෙ.

    ඔය ගානට bj5p එකකට ට්‍රයි කරන්න. ඒකත් දැන් 20 කිට්ටු කරල ඇති.

    සොලූන එකත් හොඳයි. 110 එකේ එන්ජිමමයි තියෙන්නෙ.
    බොඩි කන්ඩිශන් හොඳට බලන්න ඕනෙ.

    ඇල්ටො එකත් ලොකු අවුලක් නෑ ඉතිං. අපේ ගෙදර තිබිල තියෙනව. ලොකු රෙපෙයාර් නෑ. පාට්ස් ගානත් අඩුයි. අවුල තියෙන්නෙ පොඩි ඇකිසිඩන්ට් එකක් වුනත් ටිංකර් කරල ගොඩදාන්න අමාරුයි බොනට්, ෆෙන්ඩර්, දොරවල් ගෙඩි පිටින් තියන්න වෙනව. කිසි සේෆ්ටියක් නෑ. විසිවෙයි කියල පාගල යන්නත් බයයි.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒකත් හොඳ ක්‍රමයක් නේද? සාර්ථකයිද මචෝ...
    අපි බලන්නෙ බොඩියට තට්ටුකරලනෙ.
    smahara un nam thattu karana wadeta kemathi na. godak welawata hadapu then penawa body eke reflection ekath ekka. corner thamai ithin godakma cataloi danne. samahara brand walin pirewwoth hoyanna amarui. paint bassla ewa use karanawa adu hinda awlak na
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Brandnew ganna hakiyawan attema nattan, aduma koi kaalen uda waahanayakda ganna balanna oni
    වාහන වර්ගෙ අනුව වෙනස් වෙනව.

    ජපං වාහන නං 95 විතර වාහනත් හොඳම තත්වෙ ඒව තියෙනව.

    සාමාන්‍යයෙන් 2000න් උඩ ලෝ මයිලේජ් වාහනේකටවත් යන්න පුලුවන්නං හොඳයි.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Brandnew ganna hakiyawan attema nattan, aduma koi kaalen uda waahanayakda ganna balanna oni
    Ekata ithin brand ekai model ekai anuwa wenas wenawa. Parts thiyenawada balanna mulinma. Samahara 1990 wahana thiyenawa maintenance cost adu hinda wahane ganan wadi. Samahara 2000+ ewa thiyenawa wahane ganan adui a unata parts na. Ewage model walata wena wahanawala parts match wenneth na. Anith eka thamai athe thiyena okkoma salli dala second hand ewa ganna yannepa. Kalin eka service record dunnath sure nane. Aniwaryenma podi podi repair set wenawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අඩේ ඔරිජිනල් තත්වෙන් තිබිල තියෙනව :love: ඕක මාර සැප කාර් එකක් :love:
    අනිවා ශීට් එහෙම පරණ වුණාට හෙන සැපයි.....

    ඔර්ජිනල් කූල් බොක්ස් එකක් එහෙමත් එනව.

    මේකෙ තිබුණ ලොකුම අවුල දිරුම්, එක සිලින්ඩරේකට විතරක් ප්ලග් ඇඩැප්ටර් දාල තිබුණ හින්ද එන්ජින් එකේ අන්බැලන්ස් එකකුත් තිබුණ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    @PHBhagya ෆුල් ඔප්ෂන් ද? ඇතුලෙ වෙන ෆොටෝ නෑ?

    අනිවා ශීට් එහෙම පරණ වුණාට හෙන සැපයි.....

    ඔර්ජිනල් කූල් බොක්ස් එකක් එහෙමත් එනව.

    මේකෙ තිබුණ ලොකුම අවුල දිරුම්, එක සිලින්ඩරේකට විතරක් ප්ලග් ඇඩැප්ටර් දාල තිබුණ හින්ද එන්ජින් එකේ අන්බැලන්ස් එකකුත් තිබුණ.
    ඕවා දිරන්නෙ මචං නිකං පස් පොළොවෙ නවත්තල තිබ්බම. කොන්ක්‍රීට් එකක් උඩ නවත්තල තිබ්බොත් උඩින් කොච්චර තෙමුනත් දිරන්නෙ නෑ. ෆ්ලෝබෝඩ් ඇරුණම වෙන කොහෙද දිරුම් තිබ්බේ? ඇත්තටම හදල තියාගත්තත් පාඩු නැති වාහනයක්. ඔය සැප දැන් තියෙන සමහර පොඩි ජපන් කාර් වලවත් නැහැ..
    ------ Post added on May 23, 2022 at 8:53 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් ගන්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි කියල හිතෙන තොරතුරු ටිකක් මගේම අත්දැකීම් වලින් ලියන්න හිතුන.
    මගේ පලවෙනි වාහනේ toyota corona AT150. මේක ගන්න කලින් lancer box එකක් තමයි හෙව්වෙ. ඔහොම හොයාගෙන යනකොට අහම්බෙන් corona එක හම්බ උනා. වාහනේ ලක්ශ5යි, ඒ වෙද්දි වාහනේට හොඳටම හිත ගිහින් තිබුනේ. පොඩි අවුල් තිබුනත් වාහනේකට හිත ගියාම ඒව ප්‍රශ්න නෙමේ කියල හිතෙනව.
    වාහනේ බලල පොත ඉල්ලපුවම අයිති එකා කිව්ව පොතනං ඩුප්ලිකේ්ට් ඕපන් පේපර්ස් තියෙන්නෙ කියල. මම ඔය සීන් එක ගැන දන්නෙනෑ. මම එක්ක ගිය එකා කිව්ව 'උඹ විකුනන්නැත්තං ගනිං' කියල. මගෙත් එතකොට විකුනන්න අදහසක් තිබ්බෙනෑ. 4.5කට ගත්ත වාහනේ.
    අරගෙන ටික දවසක් පදිනකොට යටින් දඩ දඩ ගාල සද්දයක් එනව (ගන්න කලින් ට්‍රයල් ගියේ කාපට් පාරක)
    එතන ඉඳන් මට වාසනා සම්පත ඇදෙන්න ගත්තා. පිටිපස්ස shock absober, rear wheel racer, drive belt, t belt, both side cv joints, power pump leack repair, power rack leack repair, steering universal joint, radiator clean, water pump, cooling fan replacement, head light එළිය මදි හින්ද led දැම්ම. Electric වැඩයි සමහර mechanical වැඩයි මම කරපු හින්ද ලොකු අවුලක් නෑ. අවසාන වෂයෙන් ටයර් දෙකක්, head gasket දැම්ම.
    තව සැනසිලි ත්‍යාග විදිහට සෑම green test එකකටම වරක් carburetor cleanup, plug replacement කරලත් fail වෙන හින්ද පගාවක්.
    අන්තිමට අවුරුදු 2.5 පැදල වික්ක. Duplicate cr හින්ද හෙන කට්ටක් කෑව දීගන්න. දෙනකොටත් floor board, දොරවල් වල දිරුම්, mount ගිහින් සද්ද එනව. ලක්ෂ 4කට දුන්න. ගත්ත මනුස්සය අරන් විකුනන්න ගත්තෙ.
    අඩු මිල පරණ වාහන හොයන අයට මේක වැදගත් වෙයි කියල හිතනවා. වාහනයක් ගන්න කලින් මොනතරං දේවල් බලන්න තියෙනවද කියල මේ ලිපියෙන් අදහසක් ගන්න.
    බලන්නකො වාහනේ පිටින් බලපුවම කොහොමද කියල.
    View attachment 85422View attachment 85424View attachment 85425
    මේක දැන් තිබබා නම් ලක්ෂ 12 කට දෙන්න තිබ්බා නිකම්ම 🤣🤣
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya ෆුල් ඔප්ෂන් ද? ඇතුලෙ වෙන ෆොටෝ නෑ?
    නෑ මචං ෆුල් ඔප්ශන් නෙමෙයි.

    පවර් ස්ටීරියන්, A/C විතරයි, වාහනේ මැනුවල් 4 ෆෝවර්ඩ්...

    ෆොටෝස් ඇති, ලැප පීරල හොයන්න ඕනෙ... බලල තිබුණොත් මේකට දාන්නම්...

    මේක දැන් තිබබා නම් ලක්ෂ 12 කට දෙන්න තිබ්බා නිකම්ම 🤣🤣
    දීල ගන්න එකක් නෑනෙ... අනිත් එක,
    දැන් තිබුණනං, ඉතුරු ලෙඩ ටික හදන්න අද කාලෙ බඩු වල ගාණත් එක්ක තවත් ලක්ශ 5ක් 6ක් වියදම් කරන්න වෙලා...

    ඕක විකුණල දැන් තියෙන වාහනේ ගන්න තව ලක්ශ 18ක් විතර අමතරව හොයන්නත් වෙනව...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    නෑ මචං ෆුල් ඔප්ශන් නෙමෙයි.

    පවර් ස්ටීරියන්, A/C විතරයි, වාහනේ මැනුවල් 4 ෆෝවර්ඩ්...

    ෆොටෝස් ඇති, ලැප පීරල හොයන්න ඕනෙ... බලල තිබුණොත් මේකට දාන්නම්...
    1.3 එන්ජින් DX එකක් වෙන්න ඇති. ඕකෙ ආවා ඩිජිටල් මීටර් ටච් ඒසී ආව මොඩ්ල් එකක් පවා.. වාහන වල මරුම කාලෙ බන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya ෆුල් ඔප්ෂන් ද? ඇතුලෙ වෙන ෆොටෝ නෑ?

    ඕවා දිරන්නෙ මචං නිකං පස් පොළොවෙ නවත්තල තිබ්බම. කොන්ක්‍රීට් එකක් උඩ නවත්තල තිබ්බොත් උඩින් කොච්චර තෙමුනත් දිරන්නෙ නෑ. ෆ්ලෝබෝඩ් ඇරුණම වෙන කොහෙද දිරුම් තිබ්බේ? ඇත්තටම හදල තියාගත්තත් පාඩු නැති වාහනයක්. ඔය සැප දැන් තියෙන සමහර පොඩි ජපන් කාර් වලවත් නැහැ..
    ------ Post added on May 23, 2022 at 8:53 PM
    සයිඩ් ස්කර්ට් දෙක දිරල, ඒකනං තහඩු නමල අලුතින්ම හදල තිබුණ,

    උඩ පීළි, ඩෑශ්බෝඩ් එක ඉස්සරහ වයිපර් යට කොටස්, ඉස්සරහ ෆෙන්ඩර් වලට ඇතුල් පැත්ත, දොරවල් හතරෙම යට ඉඳන් අඟල් 8ක් විතර උඩට වෙනකල් දිරුම්, මේව සේරම කැඩ්ලොයි කරල වහල උඩින් පේන්ට් කරල තිබුණෙ.

    එන්ජින් බේ එකේ ක්ලච්, බ්‍රේක් පැඩ්ල් හයිවෙන තැනත් දිරුම් තිබුණ.
    රේඩියේටරේ යට බාර් එක දිරුම් තිබිල මම හැදුව, ලෝවර් ආම් එක චැසියට හයිවෙන තැන කැඩෙන්න ඔන්න මෙන්න තිබුණෙ. එක පැත්තක් හැදුව, අනෙක් පැත්ත දිරාගෙන එනව...

    1.3 එන්ජින් DX එකක් වෙන්න ඇති. ඕකෙ ආවා ඩිජිටල් මීටර් ටච් ඒසී ආව මොඩ්ල් එකක් පවා.. වාහන වල මරුම කාලෙ බන්

    1.5 3a lu එන්ජිම. මතක විදිහට dx තමයි.
    මේක Rpm මීටර් නැති මොඩ්ල් එක...

    "ආවා ඩිජිටල් මීටර් ටච් ඒසී ආව මොඩ්ල් එකක් පවා.. වාහන වල මරුම කාලෙ බන්"

    හම්ම මරුනෙ... මම මේ මොඩ්ල් එකේ ඔය ඔප්ශන් තියෙන එකක් දැකලම නෑ....

    මේකෙ එන්ජිමත් කාබ් වුණාට, හෙන සංකීර්ණයි. පවර් වෑල් ඔටෝ චෝක් ගැජමැටික් ගොඩක් තියෙනව... වැකියුම් ලයින් හොයන්න ගියාම එන්ජින් බේ එකේ අතරමං වෙනව...
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    සයිඩ් ස්කර්ට් දෙක දිරල, ඒකනං තහඩු නමල අලුතින්ම හදල තිබුණ,

    උඩ පීළි, ඩෑශ්බෝඩ් එක ඉස්සරහ වයිපර් යට කොටස්, ඉස්සරහ ෆෙන්ඩර් වලට ඇතුල් පැත්ත, දොරවල් හතරෙම යට ඉඳන් අඟල් 8ක් විතර උඩට වෙනකල් දිරුම්, මේව සේරම කැඩ්ලොයි කරල වහල උඩින් පේන්ට් කරල තිබුණෙ.

    එන්ජින් බේ එකේ ක්ලච්, බ්‍රේක් පැඩ්ල් හයිවෙන තැනත් දිරුම් තිබුණ.
    රේඩියේටරේ යට බාර් එක දිරුම් තිබිල මම හැදුව, ලෝවර් ආම් එක චැසියට හයිවෙන තැන කැඩෙන්න ඔන්න මෙන්න තිබුණෙ. එක පැත්තක් හැදුව, අනෙක් පැත්ත දිරාගෙන එනව...

    1.5 3a lu එන්ජිම. මතක විදිහට dx තමයි.
    මේක Rpm මීටර් නැති මොඩ්ල් එක...

    "ආවා ඩිජිටල් මීටර් ටච් ඒසී ආව මොඩ්ල් එකක් පවා.. වාහන වල මරුම කාලෙ බන්"

    හම්ම මරුනෙ... මම මේ මොඩ්ල් එකේ ඔය ඔප්ශන් තියෙන එකක් දැකලම නෑ....

    මේකෙ එන්ජිමත් කාබ් වුණාට, හෙන සංකීර්ණයි. පවර් වෑල් ඔටෝ චෝක් ගැජමැටික් ගොඩක් තියෙනව... වැකියුම් ලයින් හොයන්න ගියාම එන්ජින් බේ එකේ අතරමං වෙනව...
    අප්පටසිරි එහෙනම් සෑහෙන දිරලා. ඒ කාලෙ හැටියට නම් හදල වැඩක් නෑ. දැන් නම් මිල එක්ක හදන එක පාඩු නෑ. මමනම් පරණ වාහන බලද්දි අලුතෙන් පේන්ට් කරපුවා කෙලින්ම රිජෙක්ට් කරනවා බං. සවුත්තු උනත් කමක් නෑ පරණ පේන්ට් එකක් නම් සාපේක්ෂව බඩු ෂුවර්

    ෆුල් ඔප්ෂන් ඒවනම් තියෙනවා. ඩිජිටල් මීටර් එන එව්ව නම් මාත් ලංකාවෙ දැකල නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අප්පටසිරි එහෙනම් සෑහෙන දිරලා. ඒ කාලෙ හැටියට නම් හදල වැඩක් නෑ. දැන් නම් මිල එක්ක හදන එක පාඩු නෑ. මමනම් පරණ වාහන බලද්දි අලුතෙන් පේන්ට් කරපුවා කෙලින්ම රිජෙක්ට් කරනවා බං. සවුත්තු උනත් කමක් නෑ පරණ පේන්ට් එකක් නම් සාපේක්ෂව බඩු ෂුවර්

    ෆුල් ඔප්ෂන් ඒවනම් තියෙනවා. ඩිජිටල් මීටර් එන එව්ව නම් මාත් ලංකාවෙ දැකල නෑ.
    ඕක ඉගෙනගන්න මේක ගන්නම උණා...😂
     
    • Like
    Reactions: NRTG