ඩොලර් එක 190-200ට තිබ්බ කාලේ මතක විදිහට ඉම්පෝර්ට් නැවතුනේ . අද ඩොලර් එක 300යි කියල ගත්තොත් . සහ ටැක්ස් සහ අනෙකුත් ගාස්තු % වෙනස් වෙලා නෑ කියල ගත්තත් .
එදා තිබ්බ ලෝකල් ප්‍රයිස් එක අද වෙනකොට වැඩි වටිනාකමක් දරනවනේ බන් .
මේ ගාන කවදාවත් කලින් තිබ්බ ගානට එන්නේ නැහැ බන් , ඩොලර් එක එදා තිබ්බ ගානට වඩා අඩු වුනේ නැත්තන් .
හැබැයි බන් , අද මාකට් එකේ ( සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ) විකිනෙන මිලත් , 2022 විකුනුන මිලත් අතර, අතරමැදි අගයකට අඩු වෙන්න පුළුවන් .
හේතුව , ඔතන තියෙන්නෙත් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් තියරිය . ඒ කියන්නේ , පිටින් සප්ලයි එකක් නෑ කියන්නේ , ඇතුලේ තියෙන ටිකම තමයි එහාට මෙහාට යන්නේ , demand එක වැඩි වෙන්න වෙන්න , ප්‍රයිස් එක වැඩි වෙනවා . ඒකයි දැන් කෘතිමව ඉහල නග්ගපු මාකට් එකක් හැදිලා තියෙන්නේ .
අනිත් පැත්තෙන් , demand එකට සාපේක්ෂව සප්ලයි එක එනකොට , ලෝකල් මාකට් එකේ දැනට තියෙන එව්වට තියෙන demand එක සාපේක්ෂව අඩු වෙනවා . එතකොට යම් දුරකට වෙළදපොල වටිනාකම අඩු වෙනවා .
හැබැයි බන් අයෙත් කියනවා , 2022 ගානට උබට කීයටවත් ගන්න ලැබෙන්නේ නැහැ .