පරාජිතයන් ගෙනා හේතුව
පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් ගෙනා හේතුව - මෛත්‍රී පහදයි
.රාවය. පුවත්පතට වසර 30ක් සපිරීම හේතුවෙන් පැවැති උත්සවය පැමිණි ජනපති මෛත්‍රිපාල සිරිසේන පරාජය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් නැවතත් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළ හේතුව මෙසේ පැහැදිලි කළේය.
ජාතික ලැයිස්තුවට මම පත්කරපු අය ගැන බරපතළ විවේචන තිබෙනවා. මට මොන විවේචන චෝදනා දෝශාරෝපණ ආවත් ජාතික ලැයිස්තුවට මම පත්කළේල අගෝස්තු 17ට කලින් තාවකාලික ආණ්ඩුව ගෙනියන්න මට ශක්තිය දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර ඇමතිවරුන්වයි.
මහ මැතිවරණයේදී සංවිධානාත්මකව ඔවුන්ව මහින්ද රාජපක්ෂ විසින් පරාජය කළා. උඹලා මෛත්‍රීපාලත් එක්ක ගියානම් උඹලා පාර්ලිමේන්තු යවන්නේ නෑ කියල වෙනම ප්‍රකාශන ගහලා පොටෝ දාලා නම් දාලා මේ අයට දෙන්න එපා මේ මිනිස්සු මෛත්රීපාලගේ මිනිස්සු කියලා කිව්වා. අගෝස්තු මාසයේ ප්‍රතිඵලයත් එක්ක මට 106 ආණ්ඩුවක් හදන්න ඕන වුණා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න 2/3 ගන්න ඕන. එතනදී මට විශ්වාස මිනිස්සු ටිකක් ඉන්න ඕනවුණා.