පරාල නිලමේත් ප්‍රේමදාස යුගයට එක්වෙයි
ප්‍රේමදාස යුගය පිහිටුවීමට පරාළ ඇණත් රැගෙන පුංචිනිලමේත් එයි !
25 September 2019 05:45 pm
775
Shares
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා යළි එක්සත් ජාතික පක්ෂය එක්ව සජිත් පාර්ශ්වයට සහාය දැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
සුසන්ත පුංචිනිලමේ යනු 1988 - 89 රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ කුප්‍රකට මනුෂ්‍ය ඝාතකයකු වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ පත්මසිරි ත්‍රීමාවිතානව හිසට පරාළ ඇණ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ ඔහුටය.
1988 ඔක්තෝබර් 22 වන දින පැහැරගෙන යනු ලැබූ ත්‍රීමාවිතානව ම්ලේච්ඡ ලෙස මරා දමා තිබුණේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් ය.
එසේම 1997 පෙබරවාරි 11 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූයේ මේ පුංචිනිලමේටමය.
කෙසේවෙතත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම නිසා නඩු දෙකෙන්ම ඔහු නිදහස් වුණේය.
සජිත් ප්‍රේමදාස වේදිකා ගණනේ පොරොන්දු දුන් ආකාරයටම සිය පියාණන්ගේ අඩිපාරේ යමින් "ප්‍රේමදාස යුගය" යළි නිර්මාණය කිරීමට සූදානම් වන ආකාරයක් පළපුරුදු "සහායකයකු" පළමු වටයේදීම තම දෑත් ශක්තිමත් කිරීම සඳහා කැඳවා ගැනීමෙන් පෙන්නුම් කෙරේ.

සජිත් සර් අවුරුදු 21දි හොඳ තරුණ කාලෙ සදාදරණිය පියානෝ එක්ක ඕව බලන් ඉන්ඩ ඇති