මිසින් ලින්ක් එක තමා හේතුව අනික එහෙම උනා නම් අඩුම ගානේ පොඩි හරි වෙනසක් වෙන්න ඕන මේ අවු ගාන ඇතුලත උනත් අවු 500ක් කියමු ඒත් ඒ අවු 500ට අඩුම කිසිම වෙනසක් වෙන්නේ නැතුව ඉන්නව නේද ඒ සියලු කොට්ටාශ අනික පිරමිඩ් හදපු හේතුව මොකද්ද රජවරුන් ගේ සොහොන් කියන්න එපා මොකද සොහොන් ඔක්කොම හම්බෙන්නේ එලියෙන් අනික පිරමිඩ් වල කිසිම අඩුවක් නැතුව තරු රටාවකට සම්බන්ද කරලා හදලා තියනවා ලන්කාවේ උනත් සීගිරිය කාශයප රජතුමා කරා කියලා පිලි ගන්න බෑ ඕන නම් චිත්‍ර ටික අන්දවන්න ඇති පිරමිඩ් එහෙම හදපු මිස්ස්සුන්ට ඊට එහා ගිය නිර්මාන ශීලීත්වයක් තියෙන්න ඕන එහෙනම් එහෙම එකක් හදන්න වත් බෑ නේ අනික ඒවගේ ඇතුලේ හන්ගලා තියන ඉඩ එකම රජ කෙනෙක්ගේ වත් සොහොන් නැතුව ඒක සොහොනක් වෙන්න බෑ නේ ඔය වගේ දේවල් ගොඩක් තියනවා උත්තර නෑ සයනස් වලට හැම දේම ඔප්පු කරන්න බෑ කියන තැන මම ඉන්නවා එහෙම ඔප්පු කරගන්න බැරි දේවල් ඕන තරම් තියනවා --ඒ ඒ -- එක බලන්න ඕන නෑ පිරමිඩ් ගැන උත්තර නැති පරශ්න ඔක්කොම තියෙන්නේ
ලෝකේ මේ තිබ්බ විදිය නෙමේ කියලත් කියනව නේ තියෙන්න ඇත්තේ කොහොම ගත්තත් එක්කෝ බයිබල් එක හරි නැත්නම් මේ ක්ලේ ටැබ්ලට් වල බොරු තියෙන්නේ හැබයි නිබුරු වලට කට්ටියක් ගියා කියලත් තියනවා ඒ උනාට ඒවට තියන සාක්කි පිලිගන්න අමාරුයි එහෙම උනාට අගහරු වල තියන මූන හොයාගත්තොත් කතාව ඇත්ත වෙනවා මොකද කතාවේ එහෙම දේකුත් තියන නිසා
මැවුම්වාදය පිලිගන්නේ නෑ පරිනාමනය උනා නම් ඒක වෙන්න ඕන එතන නතරවීමක් වෙන්න බෑ නේ අනුනාකි කතාව තාර්කිකයි බොරු දේවල් ද ඇත්ත්ද කියල විශ්වාස කරන්න අමාරු නම් බයිබල් කතාවත් විශ්වාස කරන්න බෑ
ඔය කියලා තියන සේරම ඒව වගේ conspiracy theory නේ, missing link, alien, nibru
ඩොකියුමන්ටඩ් හිස්ට්‍රි එකක් නැති එක හරි, ඒ උනාට එහෙම මිසින් ලින්ක් එකකට කිසිම සයන්ටිෆික් එවිඩන්ස් නැහැ, අවුරුදු මිලියන ගානකට කලින් ඉඳපු ඩයිනසෝර් කාලෙ දේවල් පවා පොසිල වලින් හොයා ගනිද්දි එහෙම මිසින් ලින්න් එකක් කියලා එකක් තියෙන්න විදියක් නැහැ, එහෙම ඒව තියනවා නං හොයාගන්න පුලුවන්,
දැනට අපි පරණාමය උනේ කොහොමද කියලා සම්පූර්ණයෙන් වගේ හොයාගෙන තියෙන්නෙ, එහෙම මිසින් ලිනක් එකකට එවිඩන්ස් නැහැ. ඔය මිසින් ලින්ක් කතාව ආවෙ මොකක් හරි පොසිලයක් හොයාගනිපු කාලෙක, ඒව දැන් විසඳලා ඉවරයි
අවුරුදු 500ක් කියන්නෙ මිනිස්සුන්ගෙ ජෙනරේශන් කියද බන්, උපරිම 15ක් තියේවි. ජෙනරේශන් 15න් එහෙම බලාගන්න පුලුවන් තරමෙ වෙනසක් වෙන්නෙ නැහැ. දැනට මේ අපි ඉන්න තත්වෙට evolve වෙලා අවුරුදු ලක්ශ 2ක් වෙනවා එතකොට අවුරුදු 500කියන්නෙ මොකද්ද.
අනික මිනිස්සු ජීවත් වෙන පරිසරයට අනුව evolve වෙලා තියනවා, Africa පැත්තෙ ඉන්නෙ කලු උස මහත ශක්තිමත් එවුන්, සීතල රටවල් පැත්තට යද්දි සුදු එවුන් ඉන්නෙ, අපේ වගේ රටවල දුඹුරු හම තියන එවුන් ඉන්නෙ ඒව evolution තමයි, ඔය එක කොටසක් හරි ෆුල්ම isolate උනා නං ඔයිට වඩා වෙනස්කම් දකින්න තිබුනා. තව ඒ ඒ පරිසර වලට හිතා ගන්න බැරි තරම් දේවල් evolve වෙලා තියනවා.
andes වල එක පැත්තක වතුරෙ ලෝකෙ අනෙක් පැතිවලට වඩා වතුරෙ ආසනික් තියනවා, නමුත් ඒ පැති වල නේටිවු මිනිස්සු evolve වෙලා තියනවා ඒ ආසනික් වලින් බේරෙන විදියට, ඒව ගොඩක් මෑතක වුනු දේවල්, ඒව ජෙනටික් ඇනලයිසිස් වලින් ඔප්පු කරලා තියනවා වෙන පැති වල ජීවත් වෙන අයට ඒ ජාන එහෙම නැහැ කියලා.
මිනිස්සුන්ගෙ උනේ නැති උනාට extreme conditions වලදි evolution එක වේගෙන් වෙනවා, Rapid evolutoin කියලා කියන්නෙ ඒකට. බොහොම පොඩි කාලයකදි එක විශේශයයින් තවත් විශේශයක් ඇතිවෙන හැටි පවා observe කරලා තියනවා අවුරුදු 30-40වගේ පොඩි කාලෙකදි. ඒ කශූද්‍ර ජීවියො එහෙම නෙමෙයි කුරුල්ලො වගේ ලොකු සත්තුන්ගෙ.
පිරමීඩ තරු රටාවකට මැච් උනයි කියලා එතනින් ඇති වැදගත් කම මොකද්ද. අපිට එක රටාවකට පෙනුනට ඒ තරු එක ලඟ තියන ඒව නෙමෙයිනේ. ඒ තරු අතර දුර සමහර විට අපියි ඒක තරුවකුයි අතර තියන දුරටත් වඩා වැඩි වෙන්න පුලුවන්. අනික තරු සහ තරු රටා තියන තරමට ඕනම රැන්ඩම් බිල්ඩින් කීපයක් මොකක් හරි තරු රටාවකට ගලපන්නත් පුලුවන්.
දැනට ආකියොලොජිකලි පිලිගන්න මතය තමයි පිරමීඩ කියන්නෙ සොහොන් කියලා, ඒවට සාක්ශි තියනවා ඒවයෙ තියන රූප සටහන සමහර සංකේත වලින් ලියලා තියන ඒවයින් එහෙම
ගොඩක් පිරමීඩ ඇතුලෙ මමී හම්බ නොවෙන්න හේතුව තමයි ඒව ඕන කෙනෙක්ට පේන්න තියන ඒව නිසා නිධන් හොරු අවුරුදු දාස් ගානක් තිස්සෙ ඒවයෙ තිබ්බ ඒව මංකොල්ල කාපු නිසා. පොලවට යට වෙල තිබුනු පොඩි පොඩි සොහොන් තමයි ඉතිරිවෙලා තියෙන්නෙ. පිරමීඩ ගැන නොදන්න දේ ඕන තරම් ඇති, මම කිවුවෙ දැනට පිලිගන්න මතය
පිරමීඩ වල එහෙම සයන්ස් වලින් ඔප්පු කරනන බැරි දේවල් වගේ කතන්දර නැහැ, සේරටම වගේ දැනට පිලිගන්න පුලුවන් පැහැදිලි කිරීම් දීල තියනවා
අන්තිම ටිකේ කියල තියෙන්නෙ කිසිම ෆැක්ට් එකක් නැති ඒව ටිකක්, ලෝකෙ මෙහෙම නෙවෙයි තිබුනෙ එහෙම කතා නැහැ. ලෝකෙ වෙනස් වෙලා තියනවා ice ages ඇවිත් තියනවා, මහාද්වීප වෙනස් වෙලා තියනවා ඒව සේරම දැනට හොයාගෙන තියනවා. පැහැදිලි කිරීම් එක්කම.
බයිබල් ඉතිහාස ග්‍රන්ථ විදියට ගන්නෙ නැහැනේ, ඒව ආගමික පොත්පත්. ඒවයෙ තියන කරුනු වලින් මොනවත් ඔප්පු වෙන්නෙ නැහැ
නිබුරූ, අඟහරු වල මූනූ ඕව මොනවද බන් කිසි ෆැක්ට් එකක් නැතුව තියන conspiracy theory
ඉස්සර වගේ නෙමෙයි පරණාමය සම්බන්ද ගොඩක් දේවල් ජෙනටික් ඩේට වලින් එහෙම prove කරලා තියනවා, ඒක නිසා දැන් ඒදේවල් සැකයක් නැතුව පිලිගන්න පුලුවන් තත්වෙට පත්වෙලා තියනවා. උදාහරනයක් විදියට බල්ලගෙයි පූසගෙයි ජෙනටික් ඇනලයිසිස් එකක් කරලා ඒ දෙන්නටම කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් හිටියෙ මොන කාලෙද කියලා කියන්න පුලුවන් කිසිම පොසිලයක් හොයාගන්නෙ නැතිව උනත්.