පලතුරු ලොවේ රන් ගස පැපොල්
පැපොල්
පලතුරු ලොවේ රන් ගස පැපොල් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
පලතුරු ලොවේ රන් ගස පැපොල්
පුංචි දුවලා පුතාලා ඇතුළු සැමගේ ජනප්‍රියම පලතුරක් මෙන්ම ඖෂධීය ගුණයෙන් සපිරි පෝෂ්‍ය ගුණයෙන් පිරි “ජීවයේ රත්තරන් ගස” ලෙස වස්කෝදගාමා විසින් හඳුනා දෙන ලද පැපොල් ගස අතීතයේ සිට මිනිසාට සමීපව වේගයෙන් වර්ධනය වී ඉහළ පලදාවක් ලබාදෙයි.‘කරිකාසියේ’ශාක කුලයට අයත් පැපොල් ගසේ උද්භිද විද්‍යා නාමය කරිකා පැපාය ශ්‍රී ලංකාවේ ප්‍රථම පැපොල් ගස කි‍්‍ර.ව. 1880 දී හග්ගල උද්භිද උද්‍යානයේ රෝපනය කරන ලදී. අප රටේ විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන භෝගයක් ලෙස වියලි කළාපයේ හිරියාල දොඩන්ගස්ලන්ද ගලේවෙල දඹුල්ල යනාදී ප්‍රදේශවල අක්කර දහස් ගණනක වගා කරනුු ලබයි. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල වානිජයම වගාවක් ලෙස ව්‍යාප්ත කරගෙන යයි. දේශ ගවේශකයෝ වන මාර්කෝපෝලෝ වස්කෝදගාමා යන අයගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී පැපොල්වල ගුණාගුණ දහතුන් වන සියවසේදී සොයාගත් ආකාරය පැහැදිලි වේ. මෙම සංචාරවලදී ආමාශගතව හැදෙන අසනීප සඳහා දිව ඔසුවක් වූ බවත් එමනිසා පැපොල් ‘රත්තරන්’ ගස යන අනවර්ථ නාමයද යොදා ඇත.
මෙම ශාකයේ ව්‍යාප්තිය බීජ මගින් සිදුවන අතර එක් ගෙඩියකද බීජ සිය ගණනක් ඇත. බීජ පැළ වීමේ ශක්තිය කෙටි බැවින් සති දෙකක් වැනි කාලයකදී තවාන් කළයුතුය. කෘෂිකාර්මික භෝගයක් වශයෙන් ඉතා ඉක්මනින් ගස හැදී වැඩී ඵලදාව ලබාදෙයි. පැපොල් ගසක මල් හට ගැනීම විවිධාකාර අයුරින් සිදුවේ. එකම ගෙඩියක බීජවලින් ස්තී‍්‍ර ලිංගික, පුරුෂ ලිංගික, ද්වි ලිංගික වශයෙන් තුන් වර්ගයකට අයත් ශාක හටගනී.පැපොල් අමු ගෙඩියේ වටිනාකම පවතින්නේ අමු ගෙඩියේ පොත්තෙන් ලබාගන්නා පැපේන් නම් වූ එන්සයිම නිසාය. ගෙඩිය ගසේ තිබියදී කුඩා පිහියකින් පොත්ත සීරීමෙන් ගලන සුදුපාට කිරි කොළ පොත්තකින් සකස් කර ගන්නා ගොට්ටකට ගෙන අව්වේ වේලා ගනු ලැබේ.එමගින් විවිධ කර්මාන්ත සඳහා රසායනික සංයෝග වශයෙන් පැපේන් උපයෝගී කර ගනී. යුරෝලීය රටවල මස් සඳහා සතුන් මැරිමට දින කිහිපයකට ප්‍රථම පැපේන් එන්සයිම එන්නත් කරනු ලබයි. එමගින් සතුන්ගේ මස් බුරුල් වීම බලාපොරොත්තු වේ. අප රටේ මස් පිළියෙල කරන විට අමු පැපොල් කැබලි හෝ කොළ ස්වල්පයක් එකතු කිරීම සිදු කරනු ලබයි.
තවද ආම රෝග නසා මළ බුරුල් කිරීමේ හැකියාවද ඇති පැපොල් කුඩා දරුවන්ට ඉතා යෝග්‍ය පලතුරකි. වණ දද කුෂ්ඨ වැනි චර්ම රෝග සඳහා පැපොල් ඖෂධයක් බව ශ්‍රී ලංකාවේ වෛද වරයෙකු වූ දොස්තර ඇන්.ජේ. විමලවංශ මහතා කරන ලද පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.පැපොල්මල පෝෂ්‍ය පදාර්ථ වලින් ගහන වූ අතර කාබොහයිඩ්රේට්, සීනි, මේද, පේරීටීන් හා සිට්රික් ටාටරික් අම්ලය විටමින් ඒ, සී හා කැල්සියම් ද අඩංගු වී ඇති බව කරන ලද විශ්ලේෂණවල සඳහන්ව ඇති අතර අච්චාරු සඳහා අමු පැපොල් ගන්නා අතර මැල්ලුම් මාළුව සාදන අතර පළතුරු වශයෙන් හා ජෑෑම් සෑදීමට ගනු ලබයි. මෙවැනි ගුණ සමුදායකින් යුත් පැපොල් නැමැති පලතුර දුවලා පුතාලාගේ නිවසේ පුංචි ඉඩ කඩක් තුළ ගසක්් දෙකක් සිටවා තමන්ගේ නිවසට අවශ්‍ය පලතුරු නිෂ්පාදනය කරගැනීමට අප උත්සාහ කරමු.
ජයසේන දෙදිවලගේ
repost නම් sorry වෙන්න ඕනෙ
. දැක්ක නිසා දැම්ම

http://www.danuma.lk/sinhala/index....-16&catid=57:fruit-farming&Itemid=107&lang=si

ඒවා කිසිම රසක් නැහැ.. වතුර රසයි..