මේවනම් ගොන් වැඩ..රටක් තරහ කරගෙන තවත් රටකට හුරේ දාන එක...මේවා ජාතියන්තරේට ගිහාම ලංකාව ගැන හැදෙන ඉමේජ් එක හොඳ නෑ...

️

️ ඊශ්‍රායලයට වැඩිපුර හුරේ දාන්නත් එපා මේවා කලෙත් එයාලම තමා....

යුද්ධෙ කාලෙ ඊශ්‍රායලය අපේ හමුදාවට හමුදා පුහුණුව දුන්නා. ඒ පුහුණු කඳවුරේම අනික් පැත්තෙ LTTE එකටත් පුහුණුව දුන්නා.

ඊශ්‍රායලය අපේ NAVY එකට Dvora ප්‍රහාරක යාත්‍රා විකුණුවා. ඒවාට ගහන හැටි LTTE එකට පුහුණු කළා.

ඊශ්‍රායලය අපිට Kfir ජෙට් යානා විකුණුවා. ඒවට ගහන්න SAM මිසයිල LTTE එකට වික්කා.

යුද්ධෙ අවසානයක් කරගෙන යනකොට Kfir යානා වලට Spare Parts සැපයීම නතර කළා.

ජිනීවා වල ලංකාවට

එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල වෙනකොට, අපිට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා.
කිසිම දෙයක් කළුත් නෑ සුදුත් නෑ....
ප.ලි -
සදා සැමරිය යුතු සදාතණික විරුවෙක්..
ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් ඊශ්‍රායලයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා රටට..
එතුමා එම අවිය විතරක් නෙමේ අවි වර්ග, යුධ රථ බොහොමයක්ම ලංකාවෙදි අලුත් වැඩියා කරනවා. කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා.
එතුමා තමා ලංකාව ආයුධ මිලට ගන්නකොට තාක්ෂණික පරීක්ෂාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්. නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා.
මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකරණයක් ගැන පරීක්ෂණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ.
මෙතුමාගේ දක්ෂකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.
උපුටා ගැනීමකි