මා මේ ප්රශ්නය අසන්නේ කිසිදු අගතියකින් නොවේ. හුදෙක් දැනගැනීම සදහාය......
19 වන ආණ්ඩුක්රම සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරයේ බලය අඩු වූ බව අප දනිමු. කොටින්ම කියනවා නම් දැන් මරා ගේ කෙලි කරන්නට බැරිය. බලය දැන් වැඩිමනත් පවතින්නේ කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා අතය. එබදු වාතාවරණයකදී රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති වීමෙන් පසුව, ඔහුට හෝ ඔහුගේ පක්ෂයට ඔහුට සහය දෙන බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක්, කැබිනට් මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත්කර ගැනීමට ඇති සම්භාවිතාවය කොතෙක් ද? එවන් තත්ත්වයක් යටතේ මෙතුමා ජනාධිපති වීම මෙරටේ දැවෙන ප්රශ්න විසදීමට පිළිතුරක් වේද? ඔහු නය ගෙවීම වැනි රටට බලපාන ක්රියාවකදී පසුව පත්වන කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා එයට සහයෝදය නොදක්ව සිට එය ප්රතිෂේප කළහොත් ඇතිවන තත්ත්වය රට අරාජික කිරීමක් නොවේද?
ඒ නයින් බලන විට කලයුතු වන්නේ ජනාධිපති වරයා පමණක් පත් කර ගැනීම නොව ජනාධිපතිවටය සහ පාලක පක්ෂයම නියම මිනිසුන් පත්කර ගැනීම නොවේද?
පවතින වාතාවරණය යටතේ ජනාධිපති වරයා පමණක් පත්කර ගැනීමෙන් වැඩේ ගොඩ දම ගත හැකි යයි ඔබල සිතනවාද?
උපුටා ගැනීමකි.



