පවතින අයහපත් කාලගුණ තත්ත්වය ලබන ඉරිදා තෙ&#3482

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)



    කැලණි ගඟේ ඉහළ ජලධාරා ප‍්‍රදේශයන්ට තවමත් වැසි ලැබෙමින් පවතින නිසා ජල මට්ටම ඉහළ යාමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද (20) පැවති හමුවක දී පැවසීය.
    ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමටත් පවතින තත්ත්වයට මුහුණදීම සඳහා රජය සම්පූර්ණ යාන්ත‍්‍රණය යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
    ආපදා අවස්ථාවට මුහුණදීම සඳහා රජය මුළු යාන්ත‍්‍රණය නොයෙදවූ බවට ඇතැමුන් චෝදනා කළත් විපතට පත් ජනතාව මුදාගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය ආහාර හා අනෙකුත් පහසුකම් සැලසීමට සියලූ ක‍්‍රියාමාර්ග රජය විසින් ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    [FONT=&quot]අයහපත් කාලගුණ තත්වයෙන් අවතැන් වී සිටින කොළොඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙකෙහි අවතැන්වූ ජනතාවට එක වේලක් සදහා ආහාර පැකට් ලක්ෂ 3 කට අධික ප්‍රමාණයක් අවශ්‍ය බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි .
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙමෙ අවශ්‍යතාව සහනාධාර වැඩසටහන් , පුද්ගලික උපකාර හා රජයේ වෙන්කිරීම් වලින් සපුරා ගන්නා බව ඔවුන් දන්වා සිටි . ඒවා පිළියෙළ කිරීම පහසු උවත් බෙදාහැරීම දුෂ්කර කාර්යක් වී ඇති බවද ඔවුන් පවසනවා , ඇතැම් ප්‍රදේශ වල ජනතාවට ආහාර සහනාධාර ලබාදීම සදහා ලගාවිමේ අපහසුතා තවමත් පවතින බවද ඔවුන් දන්වා සිටි .
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අවතැන්වී සිටින පුද්ගලයන් වෙනුවෙන් දින ගණනාවක සිට සිමා පනවිමකින් තොරව රජය මුදල් නිකුත් කරමින් ඇති නිසා මේ වනතුරු හිගයක් ඇතිවී නැති බවද ඔවුන් පෙන්වා දෙනවා .
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඊයේ වනවිට අවතැන් වුවන් සදහා රජය දරන වියදම එක දිනකට රුපියල් කොටි 9කට ආසන්න විය [/FONT]
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන් ආධ

    පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන් ආධාර රැගත් නෞකා 2ක් මෙරටට



    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම මත පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය ආධාර රැගත් නෞකා 2ක් ශ්‍රී ලංකාවට එවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පියවර ගෙන තිබේ.

    ඒ අනුව දැනටමත් ආධාර රැගත් එක් නෞකාවක් ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ බලා යාත්‍රා කරමින් ඇතැයි ‘ද හින්දු පුවත්පත’ මීට ටික වේලාවකට පෙර වාර්තා කළේ ය.


    එහි දැක්වෙන්නේ, ආධාර රැගත් දෙවන නෞකාව නොබෝ වේලාවකින් කොළඹ වරාය බලා පිටත් වීමට නියමිත බව ය.
    මෙලෙස ආධාර රැගෙන පැමිණෙන්නේ, ඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස්. සුටෙලීච් සහ අයි.එන්.එස්. සුනායන යන නෞකා ය.


    Donet-Sri-Lanka-from-India.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    වාන් දමමින් පැවති ජලාශ්‍රවල ජල මට්ටම ක්‍&#3515

    වාන් දමමින් පැවති ජලාශ්‍රවල ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එහි ජලාපවහන හා ගංවතුර පද්ධති අංශයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ, ජලාශ්‍රවල විවෘත කර තිබූ වාන් දොරටු රැසක් මේ වන විට වසා දමා ඇති බව ය.


    ඒ අනුව මේ වන විට ජලාශ්‍ර 12ක් පමණක් වාන් දමමින් ඇති බව ද ඇය කියා සිටියා ය.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    විපතට පත්වූ පිරිසට ආධාර බෙදීම සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ ආධාර එකතු කිරීමක් සිදු කළේය. වෙසක් උත්සවය සඳහා විහාරයට ලැබුණු දන්සල් සඳහා වන භාණ්ඩ ආදියද ගංවතුරෙන් අවතැන්වූවන්ට බෙදා දීමට කටයුතු යොදා ඇත. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද අද එහි ගොස් ආධාර ලබාදීමේ කටයුතුවලට එකතු විය.

    කැළණි ගඟ පිටාර ගැලීම නිසා විපතට පත්වී සිටින වැල්ලම්පිටිය, කොලොන්නාව, කොටිකාවත්ත යන පෙදෙස් වල ජනතාවට ආධාර ලබාදීමක් අද (20) සිදු විය.
    ඔවුහු විද්‍යාවර්ධන විද්‍යාලයේ සහ කොලොන්නාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ තාවකාලිකව ලැඟුම් ගෙන සිටිති.



    මීට අමතරව සිවිල් සංවිධාන හා මාධ්‍ය ආයතන එකතුවෙන් මගීන්ගේ සහය ඇතිව ගංවතුරින් විපතට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය , පානීය ජලය ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරිමක් කොළඹ කොටුව දුම්රියපළේ දී සිදු විය.



    GLA_3883.png
    GLA_3887.png
    GLA_4023.png
    kotuwa_2016520.jpg
    kotuwa_20165202.jpg
    kotuwa_20165203.jpg
    kotuwa_20165204.jpg
    gangarama_2016520.jpg
    gangarama_20165202.jpg
    gangarama_20165203.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අඹතලේ ජල පොම්පාගාරය වසා දමා ඇතැයි පැතිරෙන කටකතාවල සත්‍යයක් නැතැයි නගර සංවර්ධන හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.



    ජල පොම්පාගාරය වසා දැමීමට නම් අඩි 23 දක්වා ජල මට්ටම ඉහළ යා යුතු බවද අද පෙරවරුව වන විට තිබූ ජල මට්ටම 19.3ක් බවද ඇමැතිවරයා කීවේය.



    ලොකු ආපදා තත්ත්වයකට අප මුහුණ දී ඇති බවත් ඇතැම් ජල පොම්පාගාර යටවූ අතර ඇතැම් ඒවායේ මජ හිරවී තිබූ බවත් එවැනි ස්ථාන පිරිසිදු කරමින් තිබෙන බවත් කී රවුෆ් හකීම් මහතා අවතැන්වූ ජනතාවට අවැසි ජලය ලබාදීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළේය. ජලයේ සුරක්ෂිතභාවය වැඩි කිරීමට යොදන ක්ලෝරීන් ප්‍රමාණය වැඩි කර ඇති බවද කී ඔහු මේ වන විට ගංවතුර මට්ටම ක්‍රමයෙන් බැස යමින් තිබෙන බවත් කීවේය.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අරණායක මෙතෙක් කතාව

    අරණායක මෙතෙක් කතාව

    තරිඳු ජයවර්ධන අරණායක සංචාරයකින් පසු (ලංකාදීප)

    අරණායක එළඟිපිටිය සාමසර කන්දේ කොටසක් නාය යාමෙන් පසු අතුරුදන් වූ සියයකට අධික පිරිසක් සෙවීමේ කටයුතු අරම්භ වී අද (20) ට දින තුනකි. ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට අනුව අද (20) දහවල් වන විට මළ සිරුරු 19ක් සොයා ගෙන තිබිණි.


    සාමසර කන්දේ නාය ගිය පෙදෙසේ සිරිපුර,එළඟිපිටිය සහ පල්ලේබාන ගම්මානයක් විය. මේ ගම්මාන තුනේ පවුල් 220ක් සිටි බවට තොරතුරු ඇතැයි ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් ජොනී මහතා කීවේය. ඉන් මේ වන විට සොයා ගෙන ඇති පවුල් ගණන 21කි. තවත් ඉතිරි පවුල්වල විස්තර ඊයේ සවස් වන විටත් ලැබී නොතිබිණි.



    සාමසර කන්දේ නාය යෑමෙන් 135කට වැඩි පිරිසක් පස්වලට යට වන්නට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථිර වශයෙන් කියයි.



    එසේ පස්වලට යටවූවන් සොයන සෝදිසි මෙහෙයුම වඩාත් දුෂ්කර වී ඇත්තේ විටින් විට ඇද හැලෙන වර්ෂාවත් සමඟ කන්දේ යළි යළිත් නාය යෑම් ඇති වීමයි.
    ජේ පී ධනුෂ්ක සාමසර කන්ද පාමුල වෙල්යාය අසල පදිංචි තරුණයෙකි. ඔහු රැකියාව කරනුයේ මහනුවර ප්‍රදේශයේය. ධනුෂ්කගේ මව, පියා සහ සහෝදරයා පදිංචිව සිටියේ සාමසර කන්නේ සිරිපුර ගම්මානයේ ය. සාමසර කන්ද නාය යෑමෙන් පසු පැමිණි පස් තට්ටුව නතර වී තිබුණේ ධනුෂ්කගේ නිවස අසලය.



    ‘‘දවස් තුනක් විතර තිස්සේ හයියෙන් වහිනවා. අපට කවුරුවත් කිව්වේ නෑ මේ පැත්ත නාය යයි කියලා. අම්මලා හිටියේ සිරිපුර කන්දේ. වැස්ස වැඩි නිසා මම අම්මාවයි, තාත්තවයි, මල්ලිවයි අපේ ගෙදර ගෙනත් තියා ගත්තා. පහුගිය 17 වැනිදා හවස පහට විතර මහා හයියෙන් සද්දයක් ආවා. එළියට ඇවිත් බලද්දි සාමසර කන්දේ පස් තට්ටුවල් පහළට එනවා. මම ගෙදර අයත් සමග දිව්වා. පස් කන්ද ඇවිත් අපේ ගේ ළඟින් නතර වුණේ. ටික මුළු පැත්තම පස් තට්ටුවක් බවට පත් වුණා. අම්මලා හිටපු ගේ හොයා ගන්නත් නෑ.‘‘ යැයි ධනුෂ්ක කීවේය.



    ඩී පී නිමල් රත්නසිරි සාමසර කන්ද පාමුල වෙල් යාය අසල කුඩා කඩ කාමරයක් දැමුවේ මීට ටික කාලයකට පෙරය. සිද්ධිය වූ දා ඔහු සිටියේ එම කඩයේය.
    ‘එක පාරට මහා සද්දයක් ආවා. එළිය බලද්දි ගල් පෙරලීගෙන එනවා. ටික වෙලාවකින් බලද්දි මුලු පැත්තම පස් සහ මඩ. මගේ කඩේ යාන්තම් බේරුණේ. උඩ ගෙවල් ගොඩක් තිබුණු තැනක්වත් හොයා ගන්න නෑ.‘ යැයි ඔහු කීවේය.



    නාය යෑමෙන් පසු ඔහු වරින් වර සාමසර කන්ද යළි යළිත් නාය යන නිසා ඔහු පසුගිය බදාදා (18) කඩයට වසා දමා තිබිණි. යළි 19 වැනි දා ඔහු කඩය විවෘත කළේ සාමසර කන්ද නාය ගොස් ඇති අයුරු බැලීමට දහස් ගණනක් පැමිණි නිසාය.



    නාය යෑමෙන් පසු යුද හමුදාව සහ පොලිස් විශේෂ කාරය බළකාය මුලින්ම සෝදිසි මෙහෙයුම් ඇරැඹුවේ බදාදා (18) උදෑසනය. සෝදිසි මෙහෙයුම් පහසු නොවූයේ බෙහෝ තැන්වල අඩි ගණනක් මඩ පිරී තිබූ නිසාය. එදින සවස් වන විට නව 14 දෙනකුගේ පමණ සිසුරු සොයා ගැනීමට යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය සවස් විය.



    බදාදා (18) සවස පහ පමණ වන විටත් මහ ජන ගඟක් ඒ දෙසට ඇදී එමින් තිබිණි. කන්දේ මදක් දුර ගිය විට කැඩී ගෙයක් සහ ඉතිරි වූ බුදු පිළිමයක් හමු වෙයි. ඊට ඉහළින් සෝදිසි මෙහෙයුම් කරමින් සිටි යුද හමුදාව සවස පහට පමණ පිටවී ගියේය. ඉන් මද වේලාවකට පසු එක් වරම මහා වැස්සක් ඇද හැළුණේය. මිනිත්තු පහක් පමණ යද්දී ප්‍රදේශයම ගිගුම් දෙමින් මහා ශබ්දයක් ඇසුණේය. ගත වූයේ මිනිත්තු දෙකක් පමණය. මහා විශාල ජල පහරක් සමග පස් කන්ද නැවත පහළට එන්නට විය. එතැන සිටියෝ සීසිකඩ වෙනත් කඳු මුඳුන්වලට දුවගොස් දිවි බේරා ගත්හ.



    බ්‍රහස්පතින්දා (19) උදේ යළි සෝදිසි මෙහෙයුම් ඇරැඹි අතර එය නැවත නවත්වන්නට සිදුවූයේ මිනිත්තු කිහිපයකින් ඇද ඇහුළු මහා වර්ෂාවත් සමඟය. ඒ මොහොතේ යළිත් ප්‍රදේශය ගිගුම් දෙමින් පස් කන්ද පහළට පැමිණ ඇති අතර කිහිප දෙනකු දිවි බේරාගෙන තිබුණේ අනූ නවයෙනි.
    එම සිද්ධියෙන් පසු සෝදිසි මෙහෙයුම්වල නිරත යුද හමුදාව සහ පොලිස් විෂේෂ කාර්ය බළකාය යළි ආරක්ෂිත ස්ථාන කරා කැඳැවිණි. දහවල් 10.30ට පමණ වැස්ස නැවතුණු පසු පොලිස් විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුම් ඇරැඹීය. ඒ කඳු පාමුල වෙල්යාය තිබුණු ස්ථානයේය. එහි දැන් පෙනනුයේ විශාල මඩ තට්ටුවක් පමණි. එහි වෙල් යායත් තිබූ බව සොයා ගැනීමටවත් බැරිය.



    බූට් සපත්තු දැමූ විශේෂ කාර්ය බළකායේ 20 දෙනෙක් පමණ යකඩ කූරු අතැතිව ටිකෙන් ටික මඩ ගොහොරුවේ ඈතට යන්නට පටත් ගත්හ. ඇතැම් තැන්වල අඩියක් තියද්දීම ඉන පමණ වන තුරු යටට යයි. ඉතා අපහසුවෙන් යළි ගොඩ විත් කූරු ගසමින් ඉදිරියටම යයි. මෙය අමුතුම දර්ශනයක් ලෙස බොහෝ දෙනකු බලා සිටියහ. එහි ඇති අනතුර දන්නේ ඒ කටයුත්තේ නිරත වන අය බව විශේෂ කාර්ය බළකා සේවකයෙක් කීවේය.



    ‘‘කූරු ගගහා යන්නේ ගැඹුරු තැන් බලන්නයි. කොච්චර එරෙනවද බලන්නයි. ඒ එක්කම යට මිනියක් හෝ යම් දෙයක් තිබුණොත් කූරට දැනෙනවා. මේ ප්‍රදේශයේ පස් වලට වඩා තියෙන්නේ මඩ තට්ටු. උදලු අරගෙන හාරන්නත් බෑ. අඩිය තියද්දි සමහර තැන්වල ඉන ගාවට වඩා එරෙනවා. අපිත් කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් තමයි. උලක් තිබුණොත් ඇනෙන්න පුළුවන්. වළක් තිබුණොත් වැටෙන්න පුළුවන්. ඒත් අපි ගැන හිතන්නේ නැතුව මේ වැඩ කරනවා.‘‘ යැයි එම කටයුත්තේ නිතරව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙක් කීවේය.



    බ්‍රහස්පතින්දා පස්වරු 11.15පමණ වන විට යුද හමුදාවේ පිරිස් කන්දේ ඉහළ ප්‍රදේශය කරා යෑම ඇරැඹීය. දැඩි වෙහෙසක් දරා ගල් තල්ලු කරමින් කඹ මගින් ගෙවල්වල ඉතිරි වූ කොටස් ඉවත් කරමින් ඔවුහු සෝදිසි මෙහෙයුම් සිදු කළහ. ඇතැම් තැන්වල මඩ තට්ටු පිරී තිබූ නිසා ඔවුහු ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ.



    සාමසර කන්දේ නිවාස තිබූ උදවියගේ ඥාතීහු දුර බැහැර සිට පැමිණ තම ඥාතීන්ගේ ගෙවල් තිබූ තැන් දෙස බලා සිටියහ. ඇතැමෙක් හමුදාව සේදිසි මෙහෙයුම් කරද්දී එම ස්ථානවලට වී හෝඩුවවක් ලැබෙතියි බලා සිටියෝය.



    ඒ එම් එස් ශාන්ත කුමාරද නාය යෑමට ලක්වූ නිවසක පදිංචි 30 හැවිරිදි තරුණයෙකි. ඔහු බේරී තිබුණේ කන්ද යාන යෑමට මිනිත්තු තුනකට පමණ පසු පහළ කඩයට ගොස් සිටි නිසාය. යුද හමුදාව සෝදිසි මෙහෙයුම් කරද්දී ශාන්ත කුමාරද එතැනට වී බලා සිටියේය. ඔහුගේ නිවස තිබූ තැන හඳුනා ගැනීමට ඇති එකම සලකුණ මහා විශාල සියඹලා ගස පමණි. ගසේ මුල සිට ඉහළට සාමාන්‍ය ප්‍රමාණයක් පස්වලින් වැසී තිබිණි.



    බ්‍රහස්පතින්දා 12.15 පමණ වන විට යළි මහ වැසි ඇද හැලෙන්නට පටන් ගැනීමත් සමග සෝදිසි මෙහෙයුම් නතර කැරිණි. ඒ වැස්සත් සමගද කන්නේ සුළු නාය යෑමක් ඇති වූයේ බොහෝ දෙනකු බලා සිටියදීය.



    බ්‍රහස්පතින්දා සවස් වරුවේ ඇරැඹි වර්ෂාව රාත්‍රී වන තුරුම තිබිණි. කන්දේ වෙනත් අවදානම් ස්ථානවල පදිංචිකරුවන් ද ඉවත් කර ඇති අතර ඔවුහු ප්‍රදේශයේ අවතැන් කඳවුරු 11ක පදිංචි කරනු ලැබ සිටියහ.



    බ්‍රහස්පතින්දා සව මහ වැසි සමඟ කන්ද නාය යද්දී එළඟිපිටිය අවතැන් කඳවුරුවල සිටි පිරිස් යළි භීතියට පත්වූහ. සමහරු දුවන්නට හැදූ බව සහන සේවකයෝ කියති. කෙසේ හෝ බියට පත් විය යුතු නැතැයි ද, තමන් ඉන්නේ ආරක්ෂිත තැනක යැයි ද කියමින් ඔවුන් අස්වැසූ බව සහන සේවකයෝ පවසති.



    රාත්‍රී වන විට සාමසර කන්දේ වෙනත් බෑවුමක ද නාය යෑමක් ඇති වූ අතර එම ප්‍රදේශයේ පිරිස් අනතුරු දායක භාවන නිසා ඉවත් කර තිබිණි.
    අරණායක පෝඩාපේ කන්ද සහ ජනපද කන්දේ ද නායයෑමේ ලකුණු තිබූ නිසා දෙයියවල සහ පෝඩාපේ ග්‍රාමසේවා වසම්වල 79 දෙනෙක් පෝඩාපේ පුරාණ විහාරස්ථානයට පැමිණ සිටියහ.
    පෝඩාපේ ප්‍රදේශය 1956 දී හා 1996 දී නාය ගිය බව ගැමියකු වන ඩබ්ලිව් සුසන්ත බණ්ඩාර මහතා කීවේය.



    අම්බලන්කන්ද, ගංතුන, බැලුම්ගල ආදී ප්‍රදේශවල පිරිස් ද ඉවත් කර තිබිණි. එළඟිපිටිය ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා රාත්‍රී හතට පමණද මහා ශබ්දයක් සමග නාය යෑමක් සිදුවූ බව සිද්ධිය දුටුවෙන් කීවේය. එම ප්‍රදේශවල ඇතැම් මාර්ග ගිරි තලා තිබිණු බවත්, තවත් පැතිවල පාරේ අඩියක පමණ විවර තිබුණු බවත් ඇසින් දුටුවෝ කියති.



    ඊයේ (20) උදේ වන විට එම ගම්මානවල පිරිස් තාවකාලිකව නැවැත්වීම සඳහා තවත් අවතැන් කඳවුරක් ආරම්භ කළ අතර ඒ අනුව ඊයේ (20) දහවල් වන විට අරණායක අවතැන් කඳවුරු 12ක් තිබිණි.



    ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රදේශීය ලේකම් කාර්යාලයය, ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය සහ තවත් ස්වේච්ඡා කණ්ඩායම් රැසක් යුහුසුළුව වෙහෙසෙමින් සිටියේය.



    පොලිසිය මෙන්ව සහන සේවකයන්ද ඉල්ලනුයේ කන්ද නාය ගිය ස්ථානය බලන්නට මහා පිරිසක් එළියට ඒම අවධානම් සහගත බවයි. ඒ නිසා සහන කටයුතුවලට බාධා එන බවද ඔවුහු කියති. සහන සේවකයන් සහ පොලිසිය ඉල්ලනුයේ නාය ගිය ස්ථාන බලන්නට ජනතාවට නොඑන ලෙස දැනුම්වත් කරන ලෙසයි.



    IMG_20160519_100309.png
    IMG_20160519_104042.png
    IMG_20160519_105441.png
    IMG_20160519_111539.png
    IMG_20160519_114542.png
    IMG_20160519_122258.png
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    [FONT=&quot]දිවයින[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුරා පවතින හදිසි ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් නිවාඩු ලබා සිටින සියලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෛද්‍ය නිලධාරීන් වහාම සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස රජයේ වෛද්‍ය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ආපදවන්ට ලක්වූවන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවශ්‍ය ප්‍රතිකාර සේවා ලබාදීම සඳහා සියලු වෛද්‍යවරුන් පියවර ගත යුතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බවත් එම සංගමය පෙන්වා දෙයි.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ අතර අවශ්‍ය ප්‍රතිකාර සේවා හෝ සෞඛ්‍ය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සේවා පිළිබඳ තොරතුරු දැනගැනීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහ සම්බන්ධීකරණය සඳහා [/FONT][FONT=&quot]0710 147 075 [/FONT][FONT=&quot]හදිසි ඇමතුම් අංකය ද විවෘත කර ඇති බව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි[/FONT]