පව් අසරණ කෙල්ල!!!!!!!!
උදේම නැගිටලා පත්තරේ බලපුවාම ඉස්සෙල්ලාම දැක්ක නිව්ස් එක. මේ වගේ අසරණ ලමයින්වම අනතුරේ හෙළන එවුන්ට තව දුරටත් ජීවත් වෙන්න දෙන්න හොද නැහැ. මේකට හේතුව මොකක්ද? ඉක්මනින්ම විසදුම් හෙව්වේ නැත්නම් මේ වගේම මූසල නිව්ස් දිගින් දිගටම ඇස ගැසේවී!!
"අනේ මගේ චූටි මැණිකා කතා කරන්නේ නැහැ. චූටි මැණිකාට මොකක් වෙලාද? මම දලු කඩලා එනවිට වෙනදා චූටි මැණිකා මගේ ඉස්සරහට ඇවිත් කතා කරනවා. චූටි මැණිකාට මේ අපරාධය කළ එවුන්ට හෙණ හත වදිනවා යෑයි අක්මිමන මාදොළ ඇළ ආසන්නයේ ඇති තේ වත්තක් තුළදී ඝාතනය කොට තිබූ අට හැවිරිදි දියණියගේ මව වන යූ. ඒ. මදාරා රසංජලී නමැත්තිය හඬා වැළපෙමින් එසේ කීවාය.
මෙසේ ඉතා අමානුෂික ලෙස මරා දමා ඇත්තේ අක්මීමන ජනබල ගම්මානයේ පදිංචිව සිටි දෙමුනි පූජනී අසන්ති ලංකාතිලක ද සොයිසා (08) නමැති අක්මීමන සුමංගල මහා විද්‍යාලයේ තුන වසරේ ඉගෙනුම ලබන දැරියකි.
මහපොළොව නුහුලන මේ අපරාධයෙන් මුළු අක්මීමන ප්‍රදේශයම ශෝකයෙන් ඇළලී ගොස් ඇති මොහොතක රසංජලී තම බාල දියණියට වී ඇති විපත දරා ගැනීමට නොහැකිව හඬා වැටෙන්නීය.
ඇය වැළපෙමින් මෙසේද කීවාය.
මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මහත්තයා පෙදරේරුවෙක්. ඔහු තැන් තැන්වල ගිහින් කුලී වැඩ කරනවා. මම දලු කඩන්න යනවා. ඉකුත් 17 වැනි දින උදෑසන මා තේ දලු කැඩීමට යැමට නිවසින් පිටත් වුණා. දියණියන් දෙදෙනා පාසල් ගියා. දුවලා දෙන්නම ඉගෙන ගන්නේ අක්මීමන සුමංගල මහා විද්‍යාලයේ. වැඩිමහල් දියණිය වන සචිනි ශිරන්ති හා බාල දියණි පූජනී පාසල් ගොස් පස්වරුවේ නිවසට ඇවිත් තියෙනවා. වැඩිමහල් දියණිය කුරුදුවත්තේ ඉංග්‍රීසි පංතියකට ගියා. නිවසේ සිටියේ චූටි මැණිකා විතරයි.
මම තේ දලු කඩල 5.30ට විතර ගෙදර ආවා. වෙනදා මා එනවිට බාල දියණිය චූටි මැණිකා මගේ ඉස්සරහට එනවා. මා චූටි මැණිකා කියා කතා කළා. දියණිය පේන්න හිටියේ නැහැ. මා දියණිය යන ගෙවල් තුනකට විතර ගිහින් බැලුවා. නමුත් දියණිය එම නිවාසවලද හිටියේ නැහැ.
දුව හැම තැනම බැලුවා. පස්සෙ අක්මීමන පොලිසියට ගොස් පැමිණිලි කළා. එතකොට වෙලාව 6.30ට විතර ඇති. පොලිසියේ මහත්වරු හා ගම්වාසීන් එක්වී දැරිය සෙව්වා. අනේ මගේ චූටි මැණිකා තේ පඳුරක් ළඟ වැටී සිටින බව කීවා. දියණිය කතා කරන බවත් කීවා. අනේ මගෙ දියණිය දැන් කතා කරන්නේ නැහැ.
අනේ මගේ චූටි මැණිකා මට නැතිවුණා යෑයි ඇය හඬා වැළපුනාය. මියගිය දැරියගේ පියා වන ලෙස්ලි ලංකාතිලක ද සොයිසා මහතා තම දියණියට වූ විපත දරා ගැනීමට නොහැකිව. පෙරේදා (17 දා) රාත්‍රි අප එම නිවසට යනවිට ඔහු අනේ මගේ චූටි මැණිකාට මොකද වුණේ කියමින් හඬා වැළපෙමින් සිටියේය.
මට දියණියන් දෙදෙනකු විතරයි ඉන්නේ. මම පෙදරේරු වැඩ තමයි කරන්නේ. අනේ මා මේ දරුවන්ට කෑමෙන් බීමෙන් කිසිවක් අඩු කළේ නැ. ගෙයක් දොරක් නම් තවම හදාගන්තේ නැහැ. ලෑලි නිවසක තමයි ඉන්නේ. ඉකුත් 17 වැනි දින උදෑසන මම කොළඹ ඉඳලා ගාල්ලට ආවා. පස්සේ ගෙදර එන්නේ නැතිව මා මගේ මිතුරකුගේ මඟුල් ගෙදර ගියා උදව් පදව් කරන්න.
මිතුරාගේ මඟුල් ගෙදර ඉන්නවිට තමයි මට ආරංචිය ලැබුණේ දුව අතුරුදන්වෙලා කියලා. මා වැඩිය ගණන් ගත්තේ නැහැ. පස්සේ පාපැදියකින් මකුළුව නිවසේ ඉඳලා ගෙදර ආවා. එනකොට තමයි දැනගත්තේ දුව මරා දමලා කියා. මේ අපරාධය කළ එවුන්ට මා යහතින් ඉන්න දෙන්නේ නැහැ.
"අනේ මගේ චූටි මැණිකා මට නැතිවුණා. මා ගෙදර ආවනම් මේ අපරාධය වන්නේ නැහැ. ඇත්තටම නිවසේ අගහිඟකම් නිසා තමයි බිරිඳ තේ දලු කඩන්න යන්නේ. චූටි මැණිකා බත් පිඟානෙන් පංගුවක් කාලා අම්මා දලු කඩලා මහන්සි වෙලා නේ එන්නේ කියලා ඉතිරි පංගුව අම්මට දෙනවා. දියණියට මට දෙතුන් සැරයක් වැඳලා තමයි පාසල් යන්නේ. මං කොහොමද ඉවසන්නේ මේ පොඩි එකී නැතිව කොහොමද දරුවාගේ මුහුණ බලන්නේ.
මගේ තාත්තා හිටියා නම් මේ දෙය වෙන්නේ නැති බවට දුවට හිතෙන්න ඇති. අනේ මගේ දුව මට නැතිවුණා.
පූජනී දැරියගේ නිවස පිහිටා ඇත්තේ මෙකි ළඳු කැලැවකින් පිරුණු ස්ථානයක වන අතර එය ලෑලි ගැසූ නිවසකි. මේ පවුලේ අය දිවිගෙවා ඇත්තේ එම නිවසේය. මේ ෙ€දවාචකයෙන් අක්මීමන ජනබල ගම්මානයම කම්පනයට පත්ව ඇත.
අඩුම තරමින් පූජනී දැරියගේ පවුලට බිම් කැබැල්ලක හෝ අයිතියක් නැත. දුක් ගැහැටවලින් පීඩා විඳින අසරණ පවුලකි. සැබැවින්ම මේ කාලය ළමුන්ට අපල කාලයකි. මෙම දැරිය දූෂණය කොට ලණුපටකින් ගෙල සිරකොට මරා දමා ඇති බවට සැක කෙරෙන අතර දැරියගේ යට කලිසම ගැලවි ලේ තැවරී තිබී ඇත.
මිය ගිය දැරියගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා විසින් සිද්ධිය වූQ ස්ථානයට ගොස් කරුණු ලැබීය. කරාපිටියෙ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. ඩී. පී. පෙරේරා මහතාද මේ සඳහා එක්විය.
මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබීය.
මෑත කාලයේ දරුවන්ට දිගින් දිගටම සිදුවන මේ ක්‍රියාවන් පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගෙන්ද විමසීමක් කළෙමු.
සමාජ විරෝධී පෞරුෂත්වයේ ආබාධිත තත්ත්වයෙන් පෙළෙන අය තමයි මේවගේ දේවල් කරන්නේ. මේ අය ලිංගිකත්ව ප්රචණ්ඩ ඒ අයුරින් කරනවා. දැරියන්ට ලිංගික අතවරකොට ඔවුන් මරා දමන්නේ පස්සේ සැකකරුවන් හඳුනා ගනීවි කියලා. ළමා අපචාරවලට බොහෝවිට සම්බන්ධ වන්නේ පවුලේ අය ඥතියකු හෝ ළඟම හිතවත් අයයි. දැන් එම රටාව වෙනස් වෙලා ප්‍රචණ්ඩකාරී විදියට තමයි මේ දේවල් කරන්නේ. ඉතා සැළසුම් සහගතව අපරාධකරුවන් මේ දේවල් කරනවා.
මානසික වශයෙන් ලිංගික ආබාධවලින් පෙළෙන අයත් මේ දේවල් කරනවා. ඒ සඳහා තවත් සිද්ධීන් ගණනාවක් බලපානවා. මෙවැනි සිද්ධීන් දිගින් දිගටම වාර්තාවීමක් තුළ ළමුන්ට සිදුවන ප්රචණ්ඩ ක්‍රියා වැඩිවීමට බලපානවා යෑයිද රූමි රූබන් මහතා සඳහන් කළේය.