බොහොම ටික දෙනෙක් විතරයි ටිපර් කාරයාගේ වරද දැකල තියෙන්නෙ. ඒක පොඩි වරදක් නෙවෙයි. ඒක නෙවෙයි නම් මේ සිද්ධිය නොවෙන්න තිබුණා.
තමන්ගෙ පැත්තේ පාර clear නැත්නම් clear වෙනකන් ඉඳලා තමයි අනිත් ලේන් එකට දාන්න ඕන. ඒ කරපු වැඩේ වැරදියි. 99% k ම මිනිස්සු ඒ වරද දකින්නේ නෑ. මොකද ඒක වරදක් නෙවෙයි කියන තැනටම ඒක සාමාන්‍යකරණය වෙලා ලංකාවේ. Traffic violation කියලා දාන ලේන් අවහිර කරන, අස්සෙන් දාන, ඉරි කපලා ඉස්සර කරන සෙට් එකටම වැටෙන වරදක් ඕක.
එතකොට ඇයි ඌ අනිත් ලේන් එකට දාන්නෙ?
උගේ පැත්තෙ පාර කඩා වැටිලා අවහිරයි. දැන් ගොඩක් කල් ලු. ඒක හදලා තිබුණා නං ටිපර් කාරයා ඔය පැත්තට දාන්නෙ නෑ. හැමදාම ඔතනින් යන මෙච්චර කල් හෙළට වැටුණේ නැති කාලකණ්ණි බස් කාරයාට ඔය පල්ලමට හරවන්න වෙන්නෙත් නෑ.
එතකොට ටිපර් කාරයට අනිත් ලේන් එකට එන්න වෙන්නෙ කාගෙ වරද නිසාද?
RDA එකේ වරද ගැන කීදෙනෙක් කතා කරාද? ඒක තමයි ඔය සිද්ධියට මූලික හේතුව. මේ වගේ තැනක ඔය විදිහට පාර තියන්නෙ නොදියුණු රටවල් වල විතරයි. හරි අපි හිතමු පාර කඩා වැටුණා, ඉක්මනට හදන්න විදියක් නෑ කියලා. එහෙනම් ඔතන traffic diversion plan එකක් දීල එක වරකට එක පැත්තකට විතරක් traffic allow කරන්න ඕන. Speed එක අඩු කරවන්න බාධක දාන්න ඕන. Warning signs දාන්න ඕන.
මම කියන්නෙ දියුණු රටවල් වලත් නොදියුණු රටවල් වලත් පොතේ තියෙන විදිය. දියුණු රටවල් වල කෙරෙනවා, නොදියුණු රටවල් වල කෙරෙන්නෙ නැහැ.
දියුණු රටවල් වල නොකෙරුණොත්, සහ එහෙම නොකිරීම නිසා මේ වගේ දෙයක් උනොත් අදාළ හැම එකාටම නීති ක්‍රියාමාර්ග ගන්නවා. නොදියුණු ලංකාව වගේ රටවල් වල හිනා වෙලා ඉන්නවා, නැත්නම් පරණ ආණ්ඩුවකට බනිනවා. බස් ඩ්‍රයිවරයා පණ පිටින් හිටියොත් ඌව හිරේ දානවා. නැතිනම් ටිපර් කාරයාට දඬුවම් කරනවා. දෙන්නම මැරිලා නං බස් එකේ අයිතිකාරයා හිරේ දාන්න විදිය හොයයි. ඒත් ඌ දේශපාලන හයියක් තියෙන එකෙක් නං උගේ ගෙදර වැඩට ඉන්න එකාව දායි.
ඔක්කොටම ඉහලින් වරද කරපු ආණ්ඩුවේ ආයතනය ගැන කවුරුවත් කියන්නෙත් නෑ. වරද පරණ ආණ්ඩුවේ නං ඒකට නීති ක්‍රියාත්මක කරනවද? ඒත් නැහැ. ඒ තමයි වල පල්ලට යන රටවල් වල තත්වේ.
එතකොට RDA එක කියන්නෙ රජයට සම්බන්ධ ආයතනයක්. ඒකෙ නිලධාරීන් වැරදියි කියන්නෙ ඒකට නිලධාරීන් පත් කරපු උන්ගෙ ඉඳන් වැරදියි. වැරදියි කියන්නෙ වග කිව යුතුයි. ඒකෙ කනිෂ්ඨ නිලධාරීන් පත් කරන්නෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත් කරන්නෙ ආණ්ඩුවේ ජනාධිපති, ඇමතිල, ලේකම් ල. එතකොට කවුද උන්ව පත් කරේ? උන්ව පත් කරේ මහ ජනතාව කියන උන්.
එතකොට මෙතන බස් එක පෙරළිලා මැරුණේ, තුවාල උනේ, පාඩු උනේ කාටද? මහ ජනතාව කියන උන්ට. ඇත්තටම වෙලා තියෙන්නෙ මහ ජනතාව විසින් උන්ටම කෙළවා ගැනීම. ඕක තේරුම් ගන්නකන් හැමදාම කෙළවා ගනියි.

