පසුගිය මාසයේ මාගම්පුර වරායට නෞකා 41ක්
පසුගිය මාසයේ මාගම්පුර වරායට නෞකා 41ක්
මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට පසුගිය ඔක්තෝබර් මාසය අැතුළත දී පමණක් නැව් 41ක් පැමිණ තිබෙන අතර, ඉන් වාහන රැගත් නැව් 24ක්ද, නැව් 17ක් බංකරින් සේවය ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ ඇති බව මාගම්පුර වරාය මෙහෙයුම් කාර්යාලය පවසයි.
වාහන 22342ක් වරායේ මෙහෙයුම් ක්‍රියාවලිය කර තිබේ. ඉන් වාහන 17531ක් ප්‍රති අපනයනය කර ඇති අතර, මෙරට පරිහරණය සඳහා වාහන 4811ක් ගොඩ බා තිබේ. වරායේ වාහන මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසු එක් මාසයක වැඩිම වාහන ප්‍රමාණයක් මෙරට පරිහරණය සඳහා ගෙන් වූ පළමු අවස්ථාව ද මෙය බව මාගම්පුර වරාය මෙහෙයුම් කාර්යාලය වාර්තා පෙන්වා දේ. වරායේ තෙල් පර්යන්තය වෙත බංකරින් සේවය සඳහා පැමිණි නෞකා 17 සඳහා තෙල් ටොන් 7526ක් ලබා දී තිබේ.
වරාය ආරම්භයේ සිට මේ දක්වා නැව් 469 ක් පැමිණ තිබේ. ඉන් නැව් 101ක් බංකරින් සේවය සඳහා පැමිණ ඇති අතර ඒ සඳහා නිකුත්කර ඇති මුළු තෙල් ප්‍රමාණය ටොන් 39778 කි. වාහන රැගත් පැමිණි නැව් 368 න් වාහන දෙලක්ෂ 29320ක් මෙහෙයුම් කර තිබේ.
වාහන ලක්ෂ 60457ක් ප්‍රති අපනයනය කර තිබේ. මෙරට පරිහරණය සඳහා වාහන 59863ක් ගෙන්වා තිබේ. දකුණු අප්‍රිකාව, මැදපෙරදිග, යන රටවලට වාහන ප්‍රති අපනයනය කිරීම සිදු කෙරේ. මාගම්පුර වරායේ ඉදිකෙරෙන නව දූපතේ වැඩවලින් දැනට සියයට 80ක් පමණ නිම කර තිබේ. එහි වරාය නව නගරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
වරායේ දෙවන අධියර යටතේ ඉදිකිරීම් සිදුකෙරෙමින් පවතී. එහි ද වැඩවලින් සියයට 65 ක පමණ වැඩ දැනට නිම වී තිබෙන බව වරාය අධිකාරිය පවසයි.

ප්‍රමානවත් තරම් වැඩ ගන්නෙ නැති එකයි අවුල. 