දැන් ධර්මය පවතිනවා නම් ඇයි කිසිම රහත් වූ හෝ සෝවාන් වූ අයෙක් නැත්තේ? එහෙම බලද්දී මේක නිවැරදි ධර්මය නැති කාලයක් නේද?
මාර්ගපල ලාභියෙක් පිටතින් අඳුර ගන්න කිසිම ක්‍රමයක් නෑ. (පෙනුමෙන්) බුද්ද දේශනා වල ඒ ගැන සඳහන් වෙනවා. කරන සමහර වැඩ වලින් "මාර්ගපල නැති බව" නං සහතික කර ගන්න පුළුවන් අවස්ථා තියනවා.
උදා:
* රහත් කෙනෙක්ට රාගය නෑ. ඒ නිසා කිසිම sex filing එකක් නැහැ. කිසිම වෙලාවක තරහ යන්නේ නෑ. ඒ නිසා එකට එක කරන ඒවා පලි ගන්න ඒවා නෑ. රහතන් වහන්සේ නමක් බලාපොරෝතුවෙන් ඉන්නේ පරිනිර්වාණය විතරයි. දවසකට වඩා ජිවත් වෙන රහතන් වහන්සේ නමක් අනිවාර්යෙන්ම භික්ෂුවක්. රහත් වෙලා දවසකට වඩා ජිවත් වෙන්න ගිහියෙකුට බෑ පිරිනිවන්පනවා. (ඒ අධි ශිලය දරන්න පුළුවන් චිවරයකට පමණයි ලු.)
* සෝවාන් වෙච්චි කෙනෙක්ට සාමාන්‍ය ගිහි ජිවිතේ ගත කරන්න පුළුවන්. එයාගේ නිත්‍ය ශීලයත් පංච ශිලයමයි. ඒ නිසා හොයන්නම බෑ.
ඒ නිසාම මාර්ග පල ලාභියෙක් බව නොදැන කරන වැඩ වලින් සමහරු බරපතල පවු කර ගන්නවා. සමහරු ලොකු පින් කමුත් කර ගන්නවා.
ඒ නිසාම කෙනෙක් මට මාර්ග පල තියනවා කියලා කිවුවම ඒ කියපු පලියට අපිට පිලි ගන්නත් බෑ. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නත් බෑ.
ඔය මම අහලා කියවලා මතක දේවල් කිවුවේ. වැඩි විස්තර බුද්ද දේශනා හොයාගෙන කියවන්න.


ehema karagaththa nam ada mehema ipadila duk windinna one nahane 