පහන්ට ආලෝකයක් වෙමු...!!!!!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
පහන්ට ආලෝකයක් වෙමු...!!!!!!!

Friday, March 15, 2013-EX Gossip.


පහන්ට ආලෝකයක් වෙමු




කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වූ “ආශිර්වාද පහන්” මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සිටියි.

" Cerebrospinal Fluid " Disorder ( Cerebral colloid Cyst causing Obstructive Hydrocephalus and Cerebral Oedema ) නම් මොලය ආශ්‍රිත මෙම ආබාධය වෙනුවෙන් ඔහු සදහා රු ලක්ෂ 50 ක පමණ වැයවන බව වෛද්‍යවරයා පවසා ඇත.

සාමාන්‍ය පවුලකින් පැවත එන පහන්ට මේ ලොව සිටිනුයේ ඔහුගේ පියා පමණි.තම මවගේ අහිමි වීම පුතුට දැනෙන්නට නොදුන් එම පියාට අද ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනු දක්නට ලැබීම කෙතරම් ශෝකජනකද ?

අධ්‍යාපනයට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාව , සංගීතය , විවාද , නිවේදන හා තවත් බොහෝ විෂය බාහිර ක්‍රියාවලට උපන් හපනෙක් වූ පහන්ට මෙවන් ඉරණමක් ඇත්වීම සියලුදෙනා කම්පා කළහ.


පහන් යනු ගොඩක් දුර්ලභ ගතිගුණ රැසක් දායද කරගත් පුද්ගලයෙක්.සෑම විටම මුව අග සිනාවක් රැදුනු ඔහු ඕනෑම කෙනෙක් සමග බොහෝ කුලුපගව කටයුතු කරන අයෙක්.ඔහු සමග වචනයක් හෝ කතා කර ඇති අය ඒ බව හොදින් දනී.එමෙන්ම විශ්ව විද්‍යාලයේ කිසියම් ආගමික කටයුත්තක් යෙදුනු විට බොහෝවිට එහි මුල්තැන අරන් කටයුතු කරන්නේ ඔහුයි.

නමුත් අද අපේ ඒ මිතුරා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින අතර වෛද්‍යවරු පවසා ඇත්තේ හැකි ඉක්මනින් ඔහුගේ ශල්‍යකර්මය නොකලහොත් ඔහුගේ ජීවිතය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.තරමක හෝ අභියෝගයක් වී ඇත්තේ ඔහුගේ ශල්‍යකර්මය වෙනුවෙන් ලක්ෂ 50 ක මුදලක් වැයවෙන බව පවසා තිබීමයි.

එවන් මුදලක් ඔහුගේ පියාට කෙසේවත් සෙවීමට අපහසුයි. බැලූ බැල්මට අසීරු උනත් අපි හැමෝම එකතු උනොත් ඔහු වෙනුවෙන් ඒ දෙය කිරීමට හැකියි.

මුදල් නම් අපිට මහන්සි වී හෝ නැවත සොයාගත හැකියි .
නමුත් ජීවිතයක් අපි ආයේ කොහොම හොයන්නද ?

ඉතින් අපි ඔයාලා හැමෝමගෙන් ඉල්ලන්නේ අපේ පහන්ට ජීවිතය දෙන්න උපකාර කරන ලෙසයි. ඔබට මේ ගැන කිසියම් ගැටළුවක් ඇත්නම් පහත අංක අමතා විස්තර දැනගත හැකියි.

බුද්ධි - 0755446685
චතුරංග - 0717171595

මේ ඔහු වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ අනුමැතියද සහිතව පිහිටවා ඇති ගිණුමයි. මෙයට හැකිපමණ ඔබේ මුදල් ආධාර ලබා දෙන්න.

Account Holders Name: Students Union UCSC
Account Number: 086 200 171 173 380
Bank: Peoples Bank, Thimbirigasyaya

 

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    meka aththa machan
    mage yaluwekge yaluwek
    ada bodi pujawakuth tibba puwakpitiya pansale
    puluwannam udaw karapalla
    loku pinak
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    අවංකව බකප් එකක් දෙන්න හදන්නෙ.
    ඉන්න හොස්පිටල් එකයි ICU එකයි කියන්න..
    මේක ඇත්තද කියල බලන්න.හැම තැනම


    සක්විත්තෝ
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    mILm7P7.jpg
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    Brain surgery

    Ashirwada Pahan, an IT student of the University of Colombo and a former student of Janadhipathi Vidyalaya, Maharagama is on a heart-lung machine and awaiting brain surgery. He is under treatment at the Central Hospital (Norris Canal Road) under Dr. Sunil Perera and the estimated cost is approximately Rs. 4-5 million. His father appeals for funds to save Pahan’s life.
    Your contributions could be remitted to national Savings Bank, Name: H.A.U. Siriyanande, A/C number: 1-0053-03-881-57 of Maharagama branch.


    Sunday, 10 March 2013-Sunday Observer
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    සමාවෙන්න....

    සුනිල් පෙරෙරා කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ neuro surgeon.
    ඒ ගැන විවාදයක් නැහැ. නමුත් central hospital කියන්නේ nawaloka වගේම මිනිහෙක්
    කැස්සත් බිලක් දමන private hospital එකක්. මේ ළගදි මම අත්දැකපු දෙයක් pcr tb කියන knee joint aspiration test එකට මුන් රු 7300 ක් ගන්නවා. medical college එකේ රු 2500 යි. ගොඩාක් අයවෙන්නෙ surgeon charges නෙමේ. linen,room,theatre,instruments,x ray, ct scan,mri scan,nurses charges,doctors visiting charges වගේ. ඒ කියන්නේ ගෙවන මුදලෙන් 3/5 ක් වගේ අනවශ්‍ය මුදල්
    colombo national hospital එකේ trauma unit එකේ මේ වගේ පහසූකම් ගොඩක් තියෙනවා.ඉහත පරීක්ෂණ ගාස්තු සියල්ල නොමිලේ.සුනිල් පෙරෙරා මහතාට කතා කර එකගතාවට එන්න පුලුවන්නම් අපිට වැය වෙන්නෙ ඔය මුදලෙන් 2/5 ක් වීතරයි. එතකොට pahan ගේ operation එක ඉක්‌මන් වෙනවා. අනෙක් කාරණය trauma unit එකේ ඉන්නේ ලංකාවේ සුපිරි team එකක්. බොරු charge නැහැ..
    අමතක කරන්න එපා සුනිල් පෙරෙරා කියන්නේ මානව හිතවාදියෙක්.

    බලන්න හිතලා..


     
    Last edited: