ප්‍රංශයේ අග රැජිණ මරා දැමීම. 1793

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    "කමා වුව මැන, මහත්මයාණෙනි. හිතාමතා එය නොකළෙමි"
    "Pardonnez-moi, monsieur. Je ne l’ai pas fait exprès"

    කෑදර සෙබළ නෙත් ඉදිරියේ ඇදුම් උණාලන්නට ඇයට නියම විය. කෙස් වැටිය කඩා හෙළූ මරී ඒ කෙටිව කපා දැමෙනයුරු නිහඬව බලා සිටියා ය. දහසක් නේකවිධ විචිත්‍ර වස්ත්‍රයෙන් සැරස, පැරිසී විලාසිතාවේ අග්‍රස්ථය ඉහිළූ ඒ සුන්දරිය තෝරාගත් කාළ වර්ණැති ගවොම වෙනුවට උන් තෝරාගත් දළ ධවළ වස්ත්‍රයක් ඈ ගත දැවටිණි. ඉන් සැරහී අඳුරෙන් දුක්ඛිත, අපකීර්තියෙන් දුර්ගන්ධිත, සිය අවසාන දින කිහිපය ගෙවා දැමූ ජුගුප්සාවෙන් පිළිකුලිත සිර මැදිරියට සමුදුන් ඈ දෙඅත් වේදනාත්මකව අඹරවා පිටිපසට කර තදින් බැඳ දැමිණි. කිටිකිටියේ බැදුනු වේදනාවෙන් රත් පෑ ගත් සුන්දර දෙඅත් කඹ රැහැණක පටලවා ගත් තිරශ්චීන ගහල අතවැසියෝ, ඈ ගස්සා අඳුරැති සිරමැදිරි සංකීර්ණයෙන් පැරීසි එළිමහනට අද්දවාගති.

    16 වැනි ලුවී රජුගේ හිස ගසා දැමීමට රැගෙන ගියාක් බඳු රාජකීය අසුන් බැඳි සංවෘත රිය මැඳිරියක් ඈ එනතුරු එහි නවතා තිබුනේ නැත. ඒ වෙනුවට සතර අත ආවරණයක් නොතිබූ, විවෘත කරත්තයක් ඈ එන මඟ ගාල් කර තිබිණි. එහි නංවා ගත් ප්‍රංශයේ මහා රාජිණිය වූ ජර්මානු කුල කුමරිය, අතරමඟ රැඳි සියක් දහසක් අතින් විසි වූ බීභස්ත ඉඳුලින්, පූතිගත ජර්ජිත අහර කැබලින් පහර කමින්, මරණය මඟ බලා සිටි, 'ප්ලස් ඩි ලා කොන්කෝර්ඩ්' මහජන චතුරස්‍රය වෙත ඇදිණි.

    කඹ පටියෙන් ඇද, දෙපස පොර කෑ දහස් සංඛ්‍යාත මහජන වෛරයේ අනාරක්ෂාව මැදට ඉන් අනතුරු ඈ ඇද දැමිණි. පාවහන් පියල්ලක පහසින් තොරව මාළිඟා කලාල බිම නිසැකව පා නොලූ ඈ, ක්ලිෂ්ට පැරීසි වීථි බිම ඉහිරැති වමනීය තෙතමනය දැක මඳක් පැකිලී හිඳින්නට විය. ඒ මත විසංතුලිතව පා තැබූ ඈ මත, ක්‍රෝධිත පැරීසියානුවාගේ උගුරෙහි දූර අගින්ම කාරා, අප්‍රියව එවා දැමූ, සෙම් මිශ්‍රිත තර යොත්තර තලි තලි හෙළිණි. දෑස් අඟ තැවරුණු ඒ කෙළ දියාරුව පිහිදා ගනු වස් වැරෙන් බැදී ගියා වූ දෙඅත් විලංගුවෙන් පහළට ඇදී ගිය සිලුටු වටොකුරු උරහිසක් ඔසවා ගත් ඈ, ඒ මත කිලුටු උවනෙත් පිසදා දමා යුගනෙත් හැර දා මරණයෙන් සීතල වානේ තල මුවහත රැඳුනු ඒ ඉසව්ව දෙස බලා වරක් සුසුමක් හෙළන්නට ඇත. ඒ සුසුමෙන් සවි ලැබී දෝ, ඈ සියක් අපහාස, අවලාද, පරුෂ බිණුම් මැද, සන්සුන් ව නිසොල්මන් ව, ශාන්තව කුඩා අඩි තබමින් නිශ්චිත වීරියකින් ඉදිරියට ඇදී ගිය සංයමයේ අරුමය, ඈ මරණය රපෝර්තු කළ ද්වේශී වාර්තාවක පවා සඳහන් ව තිබෙනු අදටද කියවාගත හැකිය.

    ඒ මහිෂී සංයමයයේ සීරුවට, වාරු නැති දෙදණ මත බර තැබූ ඈ, ලෙයින් නැහැවුණු දාරු වේදිකාවට ගොඩවිය.

    පාදුකා මුක්ත පා මත, පෙර ඉහිරි රුහිරු බිඳු තැවරිණි. පා පැකිළුනි, පියවර වැරදිනි, ගහලයාගේ සපත්තුව සුකොමළ පයෙකට පෑගිනි,

    "කමා වුව මැන, මහත්මයාණෙනි, හිතාමතා එය නොකළෙමි"

    ඇසෙන නෑසෙන හඬක් බියපත් මුවඟ දැවටිනි!ඒ ඇයගේ අවසන්ම වදන් වන්නට දෛවය නියම කර තිබිණි.

    සැලෙන දෙදණ මත බර වූ රාජකීය ස්ත්‍රිය, දසදහසක් පැරීසියානුවාගේ පරුෂ වූත් සිත් කොනිත්තුවාලූ ත් ද්වේශයේ බිනුම් මැද, ලෙයින් පෙඟී ගිය දැව කොටය මත සිය සුන්දර දිගු ගෙළ තබා නිහඩ විය. ඇය නෙත් පියා ගන්නට ඇතැයි සිතමි. ක්ෂණයකින් ලෝහමය මුවහත, රනින්, පබොළින්, වජ්‍ර මිණියෙන් පෙර සැරහි ගෙල මත අවසාන සැරහුම සනිටුහන් කොට ලී කොටය සිපගති. සේද කොට්ටා මත සිනිදුව සැතපුණ හිසක් වේවැල් කූඩයේ නැසී ගිය ශීර්ෂ ගොන්නට එක් ව තිබිණි. ටුසෝඩ් මහත්මිය දිවවිත් ඉටිමය පුවරුවේ ප්‍රාණය මුක්ත වූ මරීගේ සුන්දර උවන ඔබ්බවා ඒ හැඟුමන් සදාකල් කරගති! කවන්ධය මැඩෙලීන් හී සමූහ මිනී වළෙකට විසි කෙරිණි.

    1793 වර්ෂයේ, ඔක්තෝබරයේ 16 වන බදාදා, පස්වරු දොළොස පසු වූ පහළොස්වන මිනිත්තුවේ දී එවකට ප්‍රංශයේ අග රැජිණ වූ තිස් හත් හැවිරිදි මරී අන්ටුවනෙට් එලෙසින් නසා දැමිණි!

    මරී,
    ඔබ රාජිණියක යැ යන්න මොහොතකට අමතක කරලන්නට මට ඉඩ දෙන්න. එකල් හී බොලඳ සුකුමල සුන්දර ස්ත්‍රිය පරයා,

    මරී නම් වූ, සියල්ල අවුලුවා ගත් සැමියෙකුගේ පීඩිත බිරින්දෑ ලෙස, මරී නම් වූ, ළදරු වයසේම මිය ගිය දරුවන් සතරක් වැදූ ආදරණීය දුක්බර අම්මා ලෙස, මරී නම් වූ, භීම සමයෙක කාරණා පටලවා ගත් අහිංසක මනුෂ්‍යය ස්ත්‍රියක ලෙස, ඔබ පෙනෙන්නට පටන් ගනී.

    ඒ අහිංසක ස්ත්‍රිය වෙනුවෙන් මේ දුක්ඛාන්දරයේ අක්ෂරමය විලාපය, ශතවර්ෂ ගණනකට පොරොතු පැරීසි වාතලයට මුසුව ගිය ඒ අවසන් වේදනාත්මක ස්වර දෝංකාරයට ප්‍රතිනාද කොට සටහන් තබා, ඔබ කිසිදින නෑසු පුංචි දූපතක ආදරණීය මිනිසුන්ගේ හදවත්, ඔබ අවසන් මරණීය රිදුමෙහි සියක්දහසක පංගුවකින් කෙනිත්තා තබා නිහඬ වෙමි.

    මරී, තවමත් ඔබ නමින් නොවියළුනු කඳුළක්, මා සිත් කොන ඉතිරි වී ඇත!
    FB_IMG_1659083019651.jpg



    Original post from :
    https://www.facebook.com/HistoricalPicturesWithFacts/
     

    Attachments

    • FB_IMG_1659083016815.jpg
      FB_IMG_1659083016815.jpg
      19.4 KB · Views: 90

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    මෙකි මහා දුෂ්ට ජරා ගැනියෙක් බන්. කවුද මේ සිම්ප් මේක ලියපු, මෙකි කරපු බලු වැඩ ටිකක් කියවලා බලපන් අග හිරිවටෙන්වා
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කියවන්න හිතෙන් නෑ ලියල තියෙන විදිහට. ඒ විදිහට කියවන්න හිතෙන මූඩ් එකක් තියෙන වෙලාවට මේකට එන්නෙ නෑ. මගෙ වැරැද්ද.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හොඳ නූලක්...
    ලියල තියෙන විදිහ කියවන්න අමාරුයි හැබැයි..
    මෙකි මහා දුෂ්ට ජරා ගැනියෙක් බන්. කවුද මේ සිම්ප් මේක ලියපු, මෙකි කරපු බලු වැඩ ටිකක් කියවලා බලපන් අග හිරිවටෙන්වා
    පාං වෙනුවට කේක්...???






    මයින්ද, නන්දසේන, බැශිල් සර්ල මළාමත්, කාලෙකට පස්සෙ මේ වගේ ලියයිද දන්නෑ...
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Liyala tiyena widiyata mata nm kiyawanna hiten ne bn. Saman edirimuni liwwa ekak wagene.
    Yako saman edirimuniyata mehema ewa liyanna molayak thiyanwa nm monawa karanna barida

    That article says this

    "For one thing, the original French phrase that Marie-Antoinette is supposed to have said—“Qu’ils mangent de la brioche”—doesn’t exactly translate as “Let them eat cake.” It translates as, well, “Let them eat brioche.” Of course, since brioche is a rich bread made with eggs and butter, almost as luxurious as cake, it doesn’t really change the point of the story. But the queen wouldn’t have been referring to the sort of dessert that English speakers often imagine."
    ------ Post added on Jul 29, 2022 at 8:42 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    Yako saman edirimuniyata mehema ewa liyanna molayak thiyanwa nm monawa karanna barida


    That article says this

    "For one thing, the original French phrase that Marie-Antoinette is supposed to have said—“Qu’ils mangent de la brioche”—doesn’t exactly translate as “Let them eat cake.” It translates as, well, “Let them eat brioche.” Of course, since brioche is a rich bread made with eggs and butter, almost as luxurious as cake, it doesn’t really change the point of the story. But the queen wouldn’t have been referring to the sort of dessert that English speakers often imagine."
    ------ Post added on Jul 29, 2022 at 8:42 PM
    mama me ganita meke banala passe eya gana poddakkiyewwa aththtama. ahinsaka ganiyek ne balan giyama
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,274
    3,865
    113
    ප්‍රංශ විප්ලවය ගැන සිංහලු ඔක්කොම කියවන්න ඕන මේ ඓතිහාසික මොහොතේ.
    ලංකාවත් යන්නේ ඒ පාත් එකේ වගේ.
    අරගලයේ ඉන්න සමහර වුන් දැක්කම රෝබ්ස්පියර්ල, මරාල වගේ චරිත මතක් වෙනව.
    history repeats itself කියල කියනවනෙ ඉතින්.
    අරගලයේ ඉන්න වුන්ට හොඳ චේතනාවන් ඇති
    නමුත් හොඳ චේතනා වලින් වුනත් අන්තිම නරක රිසල්ට් එකක් ඇති වෙන්න පුලුවන්.
    the path to hell is paved with good intentions කියල කියමනකුත් තියනවනේ.