ප්‍රඥාවෙන් ලොව දකිනු කැමති තරුණ තරුණියන්
ගීතයක් වී....
සවන් යුග සැතැපී....
සිත් සතන් හැම සැනසී...
ඇසේවී කල්පයක් සපුරා....
ගැයේවී දනන් තොල් මතුරා...
රැඳේවී හදේ සුව පතුරා...
ඒ අසිරිමත් සිරි සදහම්.....!
ගීතයක් වී....
සවන් යුග සැතැපී....
සිත් සතන් හැම සැනසී...
ඇසේවී කල්පයක් සපුරා....
ගැයේවී දනන් තොල් මතුරා...
රැඳේවී හදේ සුව පතුරා...
ඒ අසිරිමත් සිරි සදහම්.....!
දැන් ඉතින් පි‍්‍රය සබඳ කාලයයි...
අවදි වී, දහමටම දිවි පුදා ජීවිතේ දුක් සෝ සුසුම් නිමාවන ඒ උතුම් ක්ෂේම භූමිය සොය සොයා චාරිකා කරන්නට කාලයයි.
හය හතර නොතේරෙන ඒ සොඳුරු ළමාවිය දැන් ඉතින් ඉක්මිලා ගිහින්, හදවතේ තෙරපෙනා සුවහසක් පැතුම් මල් උණු කඳුළු බවට විත් නෙත් කෙවෙණිය තුළින් කඩාහැලෙන්නට කලින්, මිරිඟු දිය සොය සොයා මිරිඟුදිය වළල්ලෙහි හතිවැටෙන මුවන් සේ වන්නට කලින්, දෑස් අයා එක්වන්න!!! අප සමඟ සොයා යමු ජීවිතේ යථාර්ථය...!
මේ දෙනෙත් කවුළුවෙන් දිස්වෙනා නා නා රූ දසුන් අතර අතරමංවී ගිහින්, දෙසවන් කුටියෙන් සුමිහිරි වදන් අසමින් ජීවිතේ සුව සොය සොයා ගියත්, අනේ... මේ ජීවිතය රැළි වැටුණු, ඉරි ගැසුණු ජරාවෙන් කා දමන්නට කලින්, කයේ වෙර පහව ගිය අතපයද වාරු නැති ලෙඩ ඇදක වැතිර ගන්නට කලින්...
සත්‍යයට දිවි පුදා සය වසක් කටුක දුක් දොම්නස් දෙමින්, ඒ අන්ත හැර දමා මැදුම් මඟ සිත වඩා දුක් සයුර ඉක්මවා ගිහින්, සසර බැමි බිඳහෙලූ අමා සුව පසක් කළ මුණි රජුන් වටා රැුස්වෙමු ! පැණි පිරුණ කුසුමකට රොක්වෙනා සමනලූන් හැම ලෙසින්...
ගෞතම බුද්ධ රාජ්‍යයේ ‘යොවුන් දහම් හමුව‘
සෑම මසකම පළමුවෙනි ඉරිදා දින, පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා
කඩුවෙල, හේවාගම මහමෙව්නා බෝධිඥාන භාවනා අසපුවේ දී...
:::: ප්‍රඥාවෙන් ලොව දකිනු කැමති - තරුණ තරුණියන් වෙතයි..
:::: එන්න..... සොයායමු අප සමඟ ජීවිතයේ සැබෑම වූ යථාර්ථය....

Last edited: