sdf
life worth words godata dagatta <3
ඔක්කොම කමෙන්ට් කියෙව්වා ළමයි.
මගේ ආදර කතාව නම් ඔය හැමෝටම වඩා වෙනස්. ප්‍රථම ප්‍රේමය තමයි විවාහ කරගත්තේ. ඊට කලින් මට ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා නෑ. කෙල්ලෙක් ගැන එච්චර ලොකුවට හිතිලත් නෑ. එයාටත් එහෙමයි. දැනුත් අපි බොහෝම ආදරයෙන් ඉන්නේ. බැදලා අව්රුදු 8 ක්. (තාම නාකි නෑ බොලව්)
හැබැයි හැම මනුස්සයම කැමතී අතීතයේ ජීවත් වෙන්න. ඒකයි ඇත්ත. සමහරු අතීතයේ දුක්බර මතක වලින් දුක්වෙනවා. තවත් සමහරු අතීතයේ සුන්දර මතක වලින් සතුටු වෙනවා. අපි උනත් අපිම මුල් කාලේ ආදරය කරපු හැටි මතක් කරලා සතුටු වෙනවා. මට තාමත් මතක් වෙනවා එයා ඉස්සල්ලම මුනගැහැනු හැටි. ඒ කාලේ අපි කතා කරපු දේවල්. ඔයාලට වගේ ඒ කාලේ අහපු සිංදු දැන් ඇහෙද්දි ඒවා අපිට සුන්දර මතක. අන්න ඕකයි ජීවිතේ හැටි. උඹලත් ඔය නැති උනයි කියන ප්‍රතම ප්‍රේමය ජය ගෙන තිබුනත් ආදරය කරන්නේ වර්තමානයට නෙවෙයි, ඒ අතීතයට. ඒකනේ අපි පොඩි කාලෙට ආස, ඉස්කෝලේ ගිය කාලෙට ආස. අපි නාකි උනාම මේ දැන් ගෙවන කාළයට ඒ කාලෙදි ආදරය කරයි.
ඒ නිසා කළ යුත්තේ දුක්වෙවී ඉදීම නෙවෙයි. වර්ථමානයේදී ලැබෙන දෙයින් සතුටු වීම. ඒ වගේම වර්තමානය විද ගැනීම.අතීතයේ සොදුරු මතක තියනව නම් ඒවා සුන්දර අත්දැකීම් විදිහට මතක් කරන එක හොදයි. හැබැයි ඒක ව්රතමාන විදීමට බාදාවක් නොවෙන්න ඕනේ.
ගොඩක් දෙවල් වල අගය දැනෙන්නේ ඒවා නැති උනාම. ඒ නිසා දෙයක් නැති කරගන්නේ නැතුව ආරක්ෂා කරගන්න බලන්න. පොඩි පොඩි ප්‍රශ්න නිසා කෙල්ලෝ කොල්ලෝ වෙන් වෙනවා. හැබැයි දෙන්නට දෙන්නා තේරුම් ගන්න උත්සාහ කරානම් දිර්ගකාලීන දුක් වීම් වලින් මිදෙන්න පුළුවන්.
life worth words godata dagatta <3
meh langadi aranchi una eya marry karala kiyala 




