ප්රතික්ෂේප වන්නට බිය නොවන්න
ප්රතික්ෂේප වන්නට බිය නොවන්න
එහෙම කිවුවෙ නිකම් කථාවට නෙවෙයි. ජීවිතයේ ප්රතික්ෂේප වීම් තමන්ගේ ජීවන ගමනේ ලොකු turning points කරගෙන ජීවිතය ජය ගනිපු ඇත්ත කථා ටිකක් අපි කියන්නම්. බලන්න ඔයගොල්ලොන්ටත් ප්රතික්ෂේප වීම් මැද මේ විදියට ජීවිතය ජය ගන්න පුළුවන්ද කියලා...
1944 අවුරුද්දේ දවසක ප්රසිද්ධ මෝස්තර නිරූපණ ආයතනයක් වුණු Blue Book Modelling හි සම්මුඛ සාකච්ඡාවකට ආපු ජීන් බැකර් කියන ගෑණු ළමයාට සිද්ධ වුණේ හිස් අතින් ම ආපහු හැරිලා යන්න.
හැරිලා යන අතරේ සම්මුඛ පරික්ෂණ මණ්ඩලේ හිටිය ලොක්කෙක් ජීන් බැකර්ට පොඩි ගුරුහරුකමකුත් දුන්නා.
"ළමයා ඔයාට නම් කවදාවත් Model කෙනෙක් වෙන් බෑ. නරක ද ක්ලාක් කෙනෙක් වෙන්න try කළොත් ? එහෙම නැත්නම් හොඳ කෙනෙක් කසාද බැඳලා ගෙදර දොර වැඩ ටික කරගෙන ඉන්න බලන්න."
හැබැයි පස්සෙ කාලෙක මේ තරුණිය දක්ෂ Model කෙනෙක් වෙනවා විතරක් නෙවෙයි ගායිකාවක්, නිළියක් විදිහට ලෝක ප්රසිද්ධ වෙනවා. හැබැයි ඒ ජීන් බැකර් නිමින් නෙවෙයි. මුළු ලෝකයම ආදරයෙන් එයාව හැඳින්වූයේ මැරලින් මොන්රෝ කියන නමින්.
1954 දී Grand සමාගමේ කළමනාකාරවරයා ඉස්සරහා තමුන්ගේ පළවෙනි ගායනය කළ කොල්ලෙක් දිහා බලලා හැමෝම හිනාවුණා.
"මල්ලි, ඔහොම පුළුවන්ද ගායකයෙක් වෙන්න. ඔයාට සිංදු කියන එක හරි යන ජොබ් එකක් නෙවෙයි. හැබැයි Taxi Driving Job එක වගේ එකකටTry කළොත් කීයක් හරි හොයා ගන්නවත් පුළුවන්නේ."
පොඩි කොල්ලා ආපහු හැරිලා ගියත් එයා Taxi Driving Job එක තෝර ගත්තේ නෑ. සිංදු කියන එක නතර කළෙත් නෑ. ඒ නිසා ම පසු කළෙක මුළු ලෝකෙම පිස්සු වැටෙන ගායකයෙක් වෙන්න මේ පුංචි කොල්ලට පුළුවන් වුණා. මේ කොල්ලා වෙන කවුරුවත් නෙවෙයි. එල්විස් ප්රේස්ලි (Elvis Presely)
1962 අවුරුද්දේ ලැජ්ජාවෙන් ඇඹරෙන කොල්ලෝ හතර දෙනෙක් ගී තැටි නිෂ්පාදනය කරන ආයතනයක ප්රධානීන් ඉස්සරහා තමුන්ගේ ගායනාව ඉදිරිපත් කළා.
"ගායනාව නම් අන්තිමයි. ..." ප්රධානීන්ගේ අදහස වුණේ ඒකයි.
"ඇරත් ගිටාර් ගහ ගහ සිංදු කියන ගායක කණ්ඩායමක් ජනප්රිය වෙයි කියලා අපි නම් හීනෙකින්වත් හිතන්නේ නෑ"
ප්රධානීන් විසින් එහෙම ප්රතික්ෂේප කළේ පස්සෙ කාලෙක ලෝකය පුරා ජනාදරයටත්, ප්රසිද්ධියටත් පත්වුණ BEATLES සංගීත කණ්ඩායමයි.
අලුත් ම අලුත් නිර්මාණයක් කළ තරුණයෙකුට 1876 අවුරුද්දේ තමුන්ගේ රටේ ජනාධිපතිවරයා ඉස්සරහම ඒ යන්ත්රය ක්රියාත්මක කරලා පෙන්වන්න අවස්ථාවක් ලැබුණා. යන්ත්රය වැඩ කරන හැටි බලාගෙන හිටිය ජනාධිපතිවරයා සුහදව, ඒත් ස්ථීරවම නිර්මාණය ප්රතික්ෂේප කළා.
"නිර්මාණය නම් බොහොම අපූරුයි පුතා. ඒත් කාටද උවමනාවෙන්නේ මේ වගේ දෙයක් සල්ලි දීලා අරගෙන ළඟ තියාගන්න."
රදර්ෆර්ඩ් ජනාධිපතිවරයා එහෙම කිව්වේ ඇලෙක්සැන්ඩර් ග්රැහැම්බෙල් කියන තරුණයාටයි. කවුරුත් ළඟ තියාගන්න අකමැති වෙයි කියලා ජනාධිපතිවරයා සැක පහළ කළේ අද අපිට නැතුව ම බැරි දුරකතනය ගැනයි.
repost නම් sorry
ගත්තෙ මෙතනින්.

http://www.maxa.lk/?t=fs&nid=20110818165615444

thanks machan.