ප්රපෝසල් කෙල්ල බොරු කිව්වා
මචන්ලා… මට ලොකු ප්රශ්නයක් තියෙනවා. කියන්න කෙනෙකුත් නැහ මගේ දුක නිවාගන්න.
මට අපේ ගෙදරින් ප්රපෝසල් එකක් ගෙනාවා මැයි මාසේදී. කෙල්ල අවුරුදු 30ක කෙල්ලක්. එච්චර පෙනුම නැතිවුනාට ඉගෙන ගෙන තියෙනවා කියනවා. ඉන්ඩියන් ඩිග්රී එකකුත් තියෙනවා. බාහිර එම්.බී.ඒ එකකුත් දැනට ලන්කාවේ ඉදගෙන කරනවා.
ඉතින් මම මුලින් කැමතිවුනේ නැහ එච්චරම. මොකද මම ඉන්නේ ඇමරිකාවේ. එයා ලන්කාවේ. ස්කයිප් එකෙන් තමයි කතා කලේ. ස්කයිප් මගුලෙන් කෙල්ලව එච්චර ලස්සනට පෙනුනේ නැහ. ඒත් මම රූපෙට වඩා කෙල්ලගේ ගතිගුණ හොද ඇති කියලා දිගටම ඇද්දා මචන්ලා. අපි සමහර දවස් වල රෑ 3/4 වෙනකන් වීඩියෝ චැට් කරනවා.
ඒත් මට ටිකක් තේරුම් ගියා මෙයා ටිකක් විතර මාව තලාපෙලාගෙන ඉන්න කැමති කෙනෙක් කියලා. මම එච්චරම කෑ ගහගන්න යන්න කැමති නැති කෙනෙක් මචන්ලා. ඒක නිසා එයා කියන කියන දේට මම ඔව් කිව්වා. ඒත් මම මොනවහරි කිව්වම එයාට උත්තර තිබුණා කියන්න ඒක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා.
ඒත් ඒ මොනම එකක් වුනත් කමක් නැහ කියලා මම හිත හදාගෙන හිටියා. මෙයාට සමහර දවස් වලට මම වයිබර් එකෙන් කතා කලාමත් කියනවා "අද රෑ නම කතා කරන්නේ නැහ.. එන සෙනසුරාදා තමයි" කියලා. මාව දෙකේ කොලේ
ඒත් දවසක් මෙයා මගේ හිත රිදවන දෙයක් කිව්වා. ඒක නිසා මම කතා නොකර හිටියා. ඒත් මෙයා බලෙන් මට කෝල් කරලා එදාට පහුවෙනිදා.. මගෙන් වචනේ ගත්තා එයාව මම බදිනවා කියලා. මමත් ඉතින් චාටු කතාවලට වහ වැටුනා.
ගිය ඉරිදාත් අපි දෙන්නා මේ වගේම ස්කයිප් කතා කලා. මම කිව්වා… මට හන්ගන්න එපා මොකුත් කියලා ඔයා ආදරේනම්. ඉතින් පස්සේ මයා කිව්වා… එයාට එකක් තියෙනවාලු කියන්න, හැබයි ඒක අහලා එයාව දාලා යන්න එපා කියලා.
මාත් කිව්වා කමක් නැහ.. මම ඔයාව දාලා යන්නේ නැහ මොනවා කිව්වත් කියලා.
මෙයා එකපාරටම කියනවා, එයා නෙදර්ලන්තයට ගිහින් තියෙනවාලු. එහේ ජීවත් වුනේ පුන්චි අම්මාගේ පුතාගේ ගෙදරලු. ඒ යකාට වයස අවුරුදු 37ක් විතරලු. ඌට ගෑණියෙක් ඉන්නවාලු (පෝල්න්ත සුද්දියෙක්), බැදලා ලු හිටියේ මිනිහා ඒකිව.
මගේ කෙල්ල ඒ ගෙදර නැවතීගෙන ඉදගෙන, ඉගෙනගත්තාලු ටෙක්නිකල් කොලේජ් එකක.. මාස්ටර්ස් වලට.
ඒත් මචන් අපේ ගෙදර අය මෙයාව බලන්න ගිය මුල් දවසේ මෙයා හැසිරිලා තියෙන්නේ කිසිම දවසක ගෙදරින් අඩියක් එලියට තියපු නැති අහින්සක කෙල්ලෙක් කියලාලු. මටත් පෙනුනේ එහෙමයි. ඒත් දැන් එයාට හන්ගන් ඉන්න බැරි නිසාම මට කිව්වා කියනවා.
ඒත් ඇයි නෙදර්ලන්තයට ගියා කියලා අපේ ගෙදර අයට කිව්වේ නැත්තේ? මගේ වචනේ ගන්නකනුත් ඇයි මට එයා රට ගියා කියලා කිව්වේ නැත්තේ? මට හිතෙන්නේ මෙයා හොද සෙල්ලම් නටපු එක්කෙනෙක් කියලා. එහේ ගියාට කෝස් එකත් ඉවර කරලා නැහ. ඒ මදිවට අවුරුදු 2ක්!!!
මොනවද උඹලා හිතන්නේ මෙයා ගැන? මට නම් දැන්නම් එපා වෙලා. බොරු කිව්වේ ඇයි එදා? මෙහෙමත් මිනිස්සු… උඹලත් පරෙස්සමින් ප්රපෝසල් වලින් එන අට මගල වලට!