ප්‍රබල ඉන්දියානුවන් අභිබවමින් සංගා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ප්‍රබල ඉන්දියානුවන් අභිබවමින් සංගා

    ප්‍රබල ඉන්දියානුවන් අභිබවමින් සංගා ලෝක එක්දින කණ්ඩායමට

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද 2015 එක්දින ක්‍රිකට් ලෝක කණ්ඩායම අද ප්‍රසිද්ධියට පත් කෙරුණා.

    එහි නායකයා ලෙස නම් කර තිබෙන්නේ නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්. තවත් නවසීලන්ත ක්‍රීඩකයන් 4 දෙනෙකුද මෙම කණ්ඩායමට ඇතුළත්. එ් මාර්ටින් ගප්ටිල්, කුරේ ඇන්ඩර්සන්, ඩැනියෙල් වෙටෝරි සහ ටේ‍රන්ඞ් බෝල්ට්.

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2015 එක්දින ලෝක කණ්ඩායමට ඇතුළත් එකම ආසියනු ක්‍රීඩකයා කුමාර් සංගක්කාරයි. අයි පී එල් කෙරුම්කරුවන් බවට පත්ව සිටින ඉන්දියාවේ කිසිදු ක්‍රීඩකයෙකු මෙවර ලෝක එක්දින කණ්ඩායමට ඇතුළත නොවීම කැපී පෙනන කරුණක්. ඔස්ට්‍ර්ලියානු ක්‍රීඩකයින් 3 දෙනෙකු සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඊට ඇතුළත් වනවා.

    අදාළ ඔස්ට්‍ර්ලියානු ක්‍රීඩකයින් වන්නේ ස්ටීවන් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල් සහ මිචෙල් ස්ටාර්ක්. එ් බී ඩිවිලියර්ස් සහ මෝර්නි මෝර්කල් මෙම කණ්ඩායමට ඇතුළත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වනවා. 12 වැනි ක්‍රීඩකයා වන්නේ සිම්බාබ්වේ ජාතික බ්‍රෙන්ඩන් ටේලර්යි.

    Brendon McCullum (New Zealand (captain)
    Martin Guptill (New Zealand)
    Kumar Sangakkara (Sri Lanka) (wicketkeeper)
    Steven Smith (Australia)
    AB de Villiers (South Africa)
    Glenn Maxwell (Australia)
    Corey Anderson (New Zealand)
    Daniel Vettori (New Zealand)
    Mitchell Starc (Australia)
    Trent Boult (New Zealand)
    Morne Morkel (South Africa)
    Brendan Taylor (Zimbabwe) (12th man)
     
    • Like
    Reactions: kellsupun

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉන්දියන් එවුන් වැඩ දාන්නේ උන්ගේ රටේ විතරයි :lol::lol: මට තියෙන අවුල මෙහෙම ටීම් එකක් නම් කරලා මොකටද බන් පිටසක්වලයෝ එක්ක සෙල්ලම් කරන්නද ? :dull::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සන්ග තමයි ඉතිහාසයේ පහල වෙච්ච හොදම බැට්ස්මන්, ඉතින් සන්ග නැතුව ඔය ටීම් වල කවුරු ඉන්නද.? :dull:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සන්ග තමයි ඉතිහාසයේ පහල වෙච්ච හොදම බැට්ස්මන්, ඉතින් සන්ග නැතුව ඔය ටීම් වල කවුරු ඉන්නද.? :dull:

    :yes::yes::yes: