මේ දවස්වල නිකන් මහ චාටර් තෙල් ගඳක් වගේ එකක් එනව මචන්ල. ඒක ආස්වාස වෙනකොට නිකන් මුලු ඇඟම පන නැතිවෙනව වගේ සීන් එකක් තියෙනව.හැමතිස්සෙම නිදිමතයි.වැඩිය මොනවත් කරන්න හිතෙන්නෙත් නෑ. මම අර කිව්වෙ අපේ ගෙදර එහාපැත්තෙ මහ චාටර් සෙට් එකක් ඉන්නව කියල ඔය නිකං ගං කබරයො ටිකක් දේවාල අරව මේව එහෙම කරන.මේක නිකන් උන්ගෙ වැඩක්ද දන්නෙ නෑ. අම්මවත් ලෙඩ උනා.මේ ටිකේ එයාටත් කන්න බැරි උනා කෑම රුචිය නැතිඋනා,ඇවිදිනකොට නිකන් විසික්වෙනව වගේ.ඇඟට පන නෑ.නිදිමතයි වගේ සීන් තිබුන. දැන්නන් ටිකක් හොඳයි. ඒත් එච්චර හොඳ තත්වයක් නෑ තාමත්.උන් හරිම ඉරිසියයි තරහයි අපි මෙතන ඉන්නවට උන්ගෙ ගම කියල. මහ හිඟන යක්කු ටිකක් මුන් ටික. මේ පැත්තෙම ඉන්න චාටර්ම සෙට් එක අපිට සෙට් උනේ කරුමෙටම.උන්ගෙ ගෙදරට එහාපැත්තෙ ගෙදර හොඳ මිනිස්සු ටිකක් හිටිය ඒගොල්ලොන්වත් හොඳටම ලෙඩ උනා. ඒ ඇන්ටිටත් කන්න බැරුව ගිහිල්ල ඇඟට පන නැතිවෙලා,ලේ වමනෙ ගිහිල්ල.ආමාශෙ සවුත්තුවෙලා මැරෙන්නම ගිහිල්ල බේරුනේ. ඒගොල්ලන්ගෙ පොඩි දුව රට ගිහිල්ල ඇවිල්ල ලොකු ගෙයක් හැදුව දැන් ඒගොල්ලො ඒ ගෙදර ඉන්නෙ මෙහෙ ගෙදර කුලියට දීල.මුන් හැමෝන්ත් එක්කම ඉරිසියි වයිරයි මාර මිනිස්සු ටිකක්.මේකයි ගොඩක්ම අවුල මුන් ඉස්සර ඉඳලම නිකන් කන්නත් නැතුව සත්තුවගේ ජීවත් වෙච්ච මිනිස්සු සෙට් එකක්. පොල් අතු පැලවල් ගහගෙන.එක එක මිනිස්සුන්ගෙ වතුවල ගෙඩි කඩ කඩ කාල ඉඩන් හොරෙන් අල්ලගෙන හොරකන් කරල ගුටි කකා හිටපු සෙට් එකක්. උන් හිතන්නෙ හැම මිනිහම උන් වගේ වෙන්න ඕන කියල.උන්ට තියෙන්නෙ සමාජයත් එක්ක වයිරයක්. අපි මෙහෙට ඇවිල්ල දැන් අවුරුදු හයහමාරක් විතර වෙනව. තාත්ත නැතිඋනා ගිය අවුරුද්දෙ එයාගෙත් වකුගඩු සවුත්තු උනා.එයාටත් ඔය කන්න බැරි සීන් ඇඟ හීතල වෙන සීන් ඔක්කොම ආව. එහෙම මොනවහරි විස ජාති පුච්චල හරි මොනව හරි කරල මිනිස්සු ලෙඩ කරන්න පුලුවන් සීන් තියෙනවද මචන්ල? මම ඔය දේවාල සීන්නන් සතපහකටවත් විස්වාස කරන්නෙ නෑ හැබැයි.දැන් ඉතින් අපිට තියෙන එකම විසඳුම තමයි මේ ගේ විකුනලදාල යන එක ඉතින්. ඒකටත් ඉතින් ටික කාලයක් යනව. නැත්නන් අපිට වෙන්නෙත් තාත්තට වෙච්චි දේ තමයි.එහෙම අපි විකුනලදාල යනව ඇරෙන්න මේකට වෙන විසඳුමක් නැද්ද? අපි මේවගේ බල්ලන්ට පරාද වෙලා ගෙවල් දොරවල් දාල යන්න ඕනද?? අපි ගියොත් හැබැයි මුන් පාට දායි රතින්නත් පත්තු කරයි. ඒතරම් බල්ලො මුන්............
මේකට ගෙදර වාතය පිරිසිඳුවෙන්න මොනවහරි එයා පියුරිෆයි සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බැරිවෙයිද? ලොකුගානක් යයිද වැඩේට. නන් ගන්න කියන්න එපා ඒව හරියන්නෙ නෑ.ඔය ඒවගේ ඒව හදන කම්පනි තියෙනව නේද??
------ Post added on Aug 18, 2023 at 4:41 PM
up
------ Post added on Aug 18, 2023 at 4:41 PM
මේකට ගෙදර වාතය පිරිසිඳුවෙන්න මොනවහරි එයා පියුරිෆයි සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බැරිවෙයිද? ලොකුගානක් යයිද වැඩේට. නන් ගන්න කියන්න එපා ඒව හරියන්නෙ නෑ.ඔය ඒවගේ ඒව හදන කම්පනි තියෙනව නේද??
------ Post added on Aug 18, 2023 at 4:41 PM
up
------ Post added on Aug 18, 2023 at 4:41 PM
. kohomada ohoma jeewath wenne. wena thanakata yanna balanna. puduma sahanayak daneyi.
.