ප්‍රහේලිකාවක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රහේලිකාවක්

    පුලුවන්නං විසඳන්න :)

    මෙතන තියෙන්නෙ කාඩ් 4ක්.
    කලු පාටට තියෙන්නෙ වහල තියෙන කොටස්.
    හැම කාඩ් එකකම බාගයක් වහල තියෙන්නෙ.

    image.png


    ඔයාට මේ 4න් කැමති ඕනෙම කාඩ් ගාණක වහල තියෙන කොටස අයිං කල්ල බලන්න පුලුවන්.


    "වම් පැත්තෙ රවුමක් තියෙන හැම කාඩ් එකකම අනිවාර්යයෙන්ම දකුණු පැත්තෙත් රවුමක් තියෙනව"

    දැන් මේ ප්‍රකාශය ඇත්තද බොරුද කියල බලන්න ඕනෙ. ඇත්තද බොරුද කියල බලන්න වහල තියෙන කොටස අයිං කල්ල බලන්න ඕනෙ මොන කාඩ් වලද ? ඒ ඇයි ?

    ඔක්කොම අයිං කරල බැලුව ගමං ප්‍රකාශය ඇත්තද බොරුද බැලුවහැකි. ඒත් තේරුමක් නෑ. අවශ්‍ය කාඩ් ටික විතරක් කියන්න ඕනෙ :)


    හරි උත්තරයක් තියෙනව :yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    "වම් පැත්තෙ රවුමක් තියෙන හැම කාඩ් එකකම අනිවාර්යයෙන්ම දකුණු පැත්තෙත් රවුමක් තියෙනව"

    උඩ ප්‍රකාශය හරියන්න නම්,

    A වල දකුණු පැත්තෙ අනිවාර්යෙන් රවුමක් තියෙන්න ඕන.
    B වල වම් පැත්තෙ රවුමක් තිබුනත් නැතත් අදාළ නෑ. (දකුණු පැත්තෙ රවුමක් තිබුනොත් වමේ රවුමක් තිබීම අනිවාර්ය නෑ.)
    C - B වල වගේම තමයි දකුණෙ රවුමක් තිබීම වමේ රවුමක් තිබීමට අනිවාර්ය නෑ.
    D වමේ රවුමක් අනිවාර්යෙන් නොතිබිය යුතුයි.

    උත්තරය A සහ D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උත්තරේ A සහ D

    "වම් පැත්තෙ රවුමක් තියෙන හැම කාඩ් එකකම අනිවාර්යයෙන්ම දකුණු පැත්තෙත් රවුමක් තියෙනව"

    A වල බැරිවෙලාවත් දකුණු පැත්තෙ රවුමක් නොතියෙන්න පුලුවන්. එහෙම වුනොත් උඩ ප්‍රකාශෙ වරදිනව. එහෙම වරදිනවද බලන්න A වල දකුණු පැත්ත ඇරල බලන්න ඕනෙ

    B වල වම් පැත්තෙ රවුමක් නෑ. "වම් පැත්තෙ රවුමක් තියෙන හැම කාඩ් එකකම අනිවාර්යයෙන්ම දකුණු පැත්තෙත් රවුමක් තියෙනව" කියන එකෙං වම්පැත්තෙ රවුමක් නැති ඒව ගැන කිසිම දෙයක් කියන්නෑ. ඒ නිසා B වල දකුණු පැත්ත ඇරල බැලුව කියල මේ ප්‍රකාශෙට අදාල දෙයක් දැනගන්න ලැබෙන්නෑ :no:

    C වලත් එහෙමමයි. "වම් පැත්තෙ රවුමක් තියෙන හැම කාඩ් එකකම අනිවාර්යයෙන්ම දකුණු පැත්තෙත් රවුමක් තියෙනව" එකෙං දකුණු පැත්තෙ රවුමක් තියෙන්නෙ වමේ රවුමක් තිබ්බොත් කියල දෙයක් අදහස් වෙන්නෑ. වමේ රවුමක් නැතුවත් දකුණු පැත්තෙ රවුමක් තියෙන්න පුලුවන්. මේක ඇරල බැලුවත් වැඩත් ඇති දෙයක් දැනගන්න ලැබෙන්නෑ :no:

    D වල වමේ රවුමක් තිබුනොත් උඩ ප්‍රකාශෙ බොරු වෙනව. එහෙම බොරු වෙනවද කියල බලන්න වමේ රවුමක් තියෙනවද බලන්න ඕනෙ. ඒ නිසා D ඇරල බලන්න වෙනව.

    :)
     

    tsyssampath

    Member
    Apr 2, 2018
    20
    9
    3
    Confused

    :eek: ඇත්තද බොරුද යන වග ඔප්පු කිරීමට නම් පැහැදිලී A බැලිය යුතුයි. A හි දකුණුපස බෝලයක් තිබුනෙ නැත්නම් ප්‍රකාෂය සාවද්‍ය බව එතනින්ම තහවුරුයි. නමුත් A හි බෝල 2ක්ම ඇත්නම් , මෙම ප්‍රකාශය බොරු ප්‍රකාශයක් බවට ඔප්පු කරන්න ඕන කෙනෙක් උන්නොත් එයා වහාම කල යුත්තේ C බැලීමයි එහිදී වම් පස බෝලය නැත්නම් ප්‍රකාශය සාවද්‍ය බව ඔප්පුකල හැක, නමුත් එහිදීද බෝල දෙකම ඇත්නම් මීලග විකල්පයට යා යුතුය. නමුත් B සහ D දෙකෙන් එකකවත් බෝල එකක්වත් නොතිබෙන්න පුලුවන් , එහෙනම් සාදාරනයි අපි මේ B D දෙකම පරීක්ෂා කල යුතුයි අනේ මන්ද හිතාගන්න බෑ( උත්තරේ දාපංකො )