ඉස්සර හිටපු වයිට්වෝකර් කියන කෙනා මට ගණන් කියල දුන්න හැටි 🥰

AnuradhaRa

Well-known member
  • ඕක AL වලටත් උගන්නන්නෑ බං නිකංම
    gif.latex

    කියල කියා දෙනව
    sin(0) = 0
    නිකං 0 ත් 0යි
    එතකොට 0/0 = 1 වගේ ගන්නව වගේ ඒත් 0/0 තේරුමක් නෑ ඕනෙම උත්තරයක් තියෙන්න පුලුවන්
    ඕක ජ්‍යාමිතිකව ගන්නෙ වෘත්තයක් ගහල

    උඹ රේඩියන් වලිං කෝණෙ මණින එක ගැන දන්නවනෙ ? වෘතයක් ඇඳල ඒකෙන් කෑල්ලක් කැපුවාම කෝණෙ x නං කැපිච්ච රවුං කෑල්ලෙ දිග r*x වෙන විදිහට කෝණයට අලුත් ඒකකයක් හඳුන්වා දෙනව
    එතකොට වෘත්තයම (අංශක 360) ගත්තාම 2*pi*r
    ඒ කියන්නෙ අංශක 360ක් කියන්නෙ රේඩියන් 2*pi කියල ගන්නව
    sin(x)/(x) ගන්න මෙහෙම රූපයක් අඳිනව
    Sin_x_over_x_1.png


    ඔය වෘත්තයේ අරය ඒකක 1යි. එහෙම ගත්තාම රතු පාට ඉරේ උස sin(theta) වෙනව එතකොට කලු පාට ඉරි කෑල්ලෙ දිග (theta) වෙනව
    දැන් ගන්න ඕනෙ theta --> 0 ට යද්දි sin(theta)/theta නෙ. ඒ කියන්නෙ කෝණෙ පොඩි කර කර පොඩි කර කර 0ටම අරං ගියාම රතු පාට ඉරි කෑල්ලෙ උස / කලු පාට ඉරි කෑල්ලෙ උස
    2වනි රූපෙ කෝණෙ පොඩි කල්ල ඇඳල තියෙනව දැක්කනෙ පොඩි කරන්න පොඩි කරන්න ඉරි කෑලි දෙකේ දිගවල් එන්න එන්න සමාන වෙනව. හරියටම සමාන වෙන්න නං කෝණෙ 0ටම පොඩි වෙන්න ඕනෙ
    කෝණෙ 0ට ආවාම sin(theta) = (theta) වෙනව
    ඒ කියන්නෙ theta--> යද්දි sin(theta)/(theta) = 1 යි

    ඔව වගේ තව උදාහරණෙකට
    gif.latex

    මේක ගන්නකො. x --> 1 ට යද්දි උඩ කෑල්ලත් 0 යි යට කෑල්ලත් 0යි. එතකොට ඕකත් එන්නෙ 0/0 කියල තේරුමක් නැති එකක්. ඒකට කරන්නෙ ඕක
    gif.latex

    කියල අරගෙන x-1 කෑලි 2 කපල දානව එතකොට ඉතුරු වෙන්නෙ 1+1 = 2යි කියල
    ගණං වල 0/0 ආවාම 0වට 0ව කපල දාන්න බෑ. ඒ කරදරෙන් බේරෙන්න තමා limit කියන සංකල්පය හැදුවෙ
    limit වල කරන්නෙ x අපිට කපන්න පුලුවන් තරං ලං කරන එක එතකොට ලිමිට් වල 0 වුනත් එකම 0 නං අපිට 0ට 0ව කපන්න පුලුවන්
    x--> 0 ට යද්දි 2x = 0යි
    x--> 0 ට යද්දි 4x = 0යි.
    ඇත්තටම limit කියන්නෙ එකතු කිරීම් අඩු කිරිම් වලදි නොසලකා හරින්න පුලුවන් තරං පොඩි ඒත් බෙදීමෙදි කපන්න පුලුවන් තරං ලොකු 0ත් නොවෙන හැබැයි 0 නමෛ්ත් නොවෙන අමුතුම අසාමාන්‍යය ලෙස කුඩා අගයකට x යවන එක. ඒ නිසා x-->0 ට යද්දි (2x)/(4x) = 2/4 = 1/2 යි කියල ලියනව

    ඔය සිද්ධාන්තය හොඳටම පැහැදිලි වෙන්නෙ limit නැතුව ඕක infinitesimal වලිං හිතුවාම

    limit කියන සංකල්පය නිර්මාණය කරන්න කලිං ගණිතයේ භාවිතා වුනේ
    gif.latex

    කියන සංකල්පය
    ඕකෙ අදහස N ට මොන ඉලක්කම දැම්මත් epsilon කියන අගය ඒ හැම අගයකටම වඩා පොඩියි. N ට එන්න එන්න ලොකු ඉලක්කං දාන්න දාන්න 1/N කියන එක පොඩි වෙනව. N ට කෝටිය දැම්මත් epsilon ඊට වඩා පොඩියි ගූගලයක් දැම්මත් epsilon ඊට වඩා පොඩියි. හැබැයි කොච්චර ලොකු ඉලක්කමත් දැම්මත් 1/N 0ක් වෙන්නෑනෙ (අනන්තෙ කියන්නෙ ඉලක්කමක් විදිහට ගන්නෑ).
    එතකොට මොන ඉලක්කම දැම්මත් 1/N ට වඩා පොඩියි කියන්නෙ ඒත් 0ට වඩා ලොකුයි කියන්නෙ ඕක තමා ගණිතයේ තියෙන පොඩීම පොඩීම පොඩීම අගය. ඕක කොච්චර පොඩිද කියනව නං 1+epsilon = 1 කියලමයි ගන්නෙ. එකතු කරද්දි ඒක සලකල තේරුමක් නෑ. ඒත් (2epsilon)/(epsilon) කියල තිබ්බොත් උඩ epsilonට යට epsilon කපල දැම්මෑකි මොකද 0 නොවෙන නිසා එතකොට (2epsilon)/(epsilon) = 2යි කියල ගත්තෑකි. ඔන්න ඔය epsilon අංකනය ඊට වඩා ලේසි විදියට ඉදිරිපත් කරන්න තමා පසුකාළිනව limit කියන එක හඳුන්වා දෙන්නෙ. දෙකෙන්ම කරන්නෙ 0ක් එකතු කරන්න තිබ්බොත් නොසලකා හැරල බෙදන්න තිබ්බොත් 0ට 0 කපල දාල උත්තරේ ගන්න එක

    තව පැහැදිලි කරනව නං

    කියල කියන්නෙ

    මේ දෙකෙන් එකකට. + වෙන්නත් පුලුවන් - වෙන්නත් පුලුවන්.
    gif.latex

    කියන්නෙ
    gif.latex

    හෝ
    gif.latex

    . අවස්ථාවෙ හැටියට + - වෙන වෙනම හදල බලන්න ඕනෙ + - අවස්ථා දෙකටම ගොඩක් වෙලාවට එන්නෙ එකම උත්තරේ. උත්තර 2ක් එනව නං කියනව ඒ සීමාව නොපවතී කියල.

    දැන් ඕකෙ තියෙන්නෙ
    gif.latex

    කියලනෙ. ඕක කඩනව
    gif.latex

    කියල. limit වල නියත කොහෙ තිබ්බත් එකයි. x කීයට ගියත් 4ඉලක්කමේ අගය වෙනස් වෙන්නෙත් නෑ 3 ඉලක්කමේ අගය වෙනස් වෙන්නෙත් නෑ. දැන් ඕනෙ x-->0 ට යනව කියන්නෙ x/3ත් 0 ට යනව. එතකොට x/3 = y කියල ගත්තොත් ඕක එන්නෙ
    gif.latex

    කියල. y--> 0 ට යද්දි sin(y)/(y) = 1යිනෙ. ඕකෙ එතකොට එන්නෙ 1^3 කියල. ඒත් 1ම තමා :yes: : yes: එතකොට උත්තරේ 4යට 3^3

    තව ගැටලු තියේ නං අහපං. :yes: :yes:
     

    Attachments

    • 1755649250766.png
      1755649250766.png
      4.2 KB · Views: 29
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,063
    15,631
    113
    35
    Spain
    මේක මරු, අපිට ගණන් කියල දුන්නු උන් මෙහෙම කියල දුන්නේ නැහැ නෙ