අන්ධ බක්තිය කිසිදා අප නොදැකපු නොඇසූ දෙයක් විස්වාස කිරීම
හැම ආගමේම සැහෙන්න ප්‍රමාණයක් බොරු, මවපු දේවල් තියෙනව
එහෙම නොව්නොත් ආගමට තියෙන ආකර්ෂණය නැති වෙනව
ප්‍රාතිහාර්ය පෑම - මේ දේ මගේ ඇස දෙකෙන් දකිනකන් මම විස්වාස කරන්නේ නෑ
දැන් මචං උඹ මගෙන් මේවා බොරුද අහන්නේ ඒවා ඇත්ත කියල උඹ කොහොමද ඔප්පු කරන්නේ ?
බෞද්ධයෙක් නම් මේවා පිළිගන්න ඕනා. එත් ලොකුම ප්‍රශ්නේ මේවා ඇත්තද කියන එකයි.
මේ ලෝකේ දෙය්යෙක් මැව්වා කියන මැවීම් වාදය, අපි බොරු ඒක එහෙම වෙන්නේ නෑ කියල කියන ගමන්ම, අපේ ආගමේ එන ඒවගේම බොරු ඇත්ත කියල පිළිගනිම කොයි තරම් විහිලු සහගතද
මචං කියන්න තියෙන්නේ මෙච්චරයි..
හැම ආගමකම ඇත්ත බොරු තියෙන්න පුළුවන් එක ඇත්ත. අපිට කිසිම දෙයක් බුදුන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අහන්න ලැබුනේ නෑ. කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න ඇති. අලුතෙන් එක්වෙන්න ඇති. තිබුන දේවල් මගහැරෙන්න ඇති.
නමුත් විශ්වීය මැවුම් වාදය වගේ බුදු දහමේ ශාක්ෂි ඇතුව බොරු කියල ඔප්පු කරන්න දේවල් නෑ මචං. පුලුවන්නම් එහෙම දේවල් පෙන්නපන්.
උබල කියන්නේ විද්‍යාවෙන් හොයාගන්න බැරි උන දෙයක් බුදු දහමේ තිබෙන දෙයක් බොරුයි කියල කියන එක. අන්න එතනයි උබල වැරැද්ද ගත්තේ. අපි කියන්නේ ඒ හොයාගන්න බැරි උන දේ දවසක හොයගනී එත් එතකන් ඉන්නේ නැතුව සැබෑ ධර්ම මාර්ගයට යොමු වෙන්න කියල.
මම අර කලින් ගත්ත උදාහරණයම ගන්නම්. උබ DNA නැති කාලෙක මට කිව්වනම් මගේ අම්ම මගේ ඇත්තම අම්ම කියල ඔප්පු කරන්න කියල මට එක කරන්න බෑ මචන්. මොකද එක දන්නේ මගේ අම්මයි තාත්තයි විතරක් නිසා. එත් අද උබ මට කිව්වොත් ඔප්පු කරපන් කියල. මට පුළුවන් ගිහින් DNA certificate එකක් අරන් ඇවිත් පෙන්නන්න. මොකද එක විද්‍යාවෙන් හොයාගත්ත නිසා.
ඒ වගේ දවසක විද්‍යාවෙන් හොයාගත්තොත් මානසික හැකියාවන් පිළිබඳව මම එදාට ඔයාට සහතිකයක් ගෙනත් දෙන්නම්.
ඔයාට ඒ දේවල් බොරු කියල ඔප්පු කරන්න බෑ වගේම තමා සහෝ තවම අපිට ඒ දේවල් සත්‍ය වශයෙන් තියෙනව කියල කියන්න සහතික දෙන්න බෑ. නමුත් කරන්න බැරි ඝනයේ දේවල් ඔතන නෑ.
මිනිහෙක්ට බිත්තියක් හරහා යන්න බෑ කියල කියන්න බෑ මචං මොකද නවීන විද්‍යාව අනුවම ඕනෑම ඝන වස්තුවක් අතරම හිදැස් තියෙනව. ඉතින් මානසික බලයකින් තමන්ගේ අන්ගේ තියෙන පධාර්ථ අතර බැඳීම් ලිහිල් කරොත් අර ඝන ද්‍රව්‍ය හරහා යන්න බෑ කියල කියන්න ඔයාට තියෙන ශාක්ෂි මොනවද?
ඒ වගේම තමා වායුව තුලින් ගමන් කිරීම කියන්නෙත්. මේ වගේ ගොඩක් දේවල් වලට පැහැදිලි කිරීම් දෙන්නපුළුවන් එත් සහතික දෙන්න බෑ මචං ඒ තරම් අපි දියුණු නෑ.
දවසක් එයි විද්‍යාව එතනට එන. ආතර් c ක්ලාර්ක් මහත්තය කියල තියෙනව වගේ එදාට මේ ලෝකේ ඉතුරු වෙන එකම ආගම බුදු ධහම විතරයි.