ප්‍රාතිහාර්ය...

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    හේතුවදියා;17217546 said:
    මේ ඉන්නේ නැකත් රාල මහත්තයද ? හැබයි මෙතුමා කුණු හරුප කියපු බවක් නම් පේන්න නැහැ. අපිට කමක් නැහැනේ කවුරු මොනවා කලත්. වැදගත් වන්නේ මේ ජෝතිෂ්‍ය කාරයෝ පොයින්ට් එකට උත්තර දෙන්න බැරි උනාම දක්වන ගොන් පාර්ට්ස්. ඒවා ගොඩක් හාස්‍ය ජනකයිhttp://www.elakiri.com/forum/showthread.php?p=16424227#post16424227

    76Q08Rg.jpg

    See This macho

    මේ ඉන්නෙ ඩයල් එක.

    මේ තියෙන්නෙ මචෝ ඔකාගෙ කුනුහරුප.

    වැඩේ මාට්ටු උනාම ඌම ඇවිල්ල එක්ස්පෝස් උනා.

    http://www.elakiri.com/forum/showthread.php?p=16424227#post16424227
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්‍රාතිහාර්යය පානවා කියලා කියන්නේ, මගේ දැනීමේ හැටියට, මෙහෙම දෙයක්. බෞද්ධ ධර්මයේ හැටියට මේ ලෝකේ පවතින්නේ නෑ, මම, වස්තූන් මේ සෑම දෙයක්ම මනසට ගෝචර වෙන දේවල් මිසක් සැබෑ ලෙස පවතින දේවල් නෙවෙයි. ඒක තමයි බෞද්ධ ධර්මයේ කියන්නේ මමත්වය නැතිකරගන්න කියලා ,මොකද ඒක තමයි සත්‍යය, මම කියලා දෙයක් නෑ ,ඒක මනසේ මැවෙන දෙයක් විතරයි

    එතකොට මනස තමන්ට ඕන විදියට පාලනය කරගන්න පුලුවන් තැනැත්තාට ඕන දෙයක් කරන්න පුලුවන් නමුත් ඒ කරන දේ ඇත්ත නෙවෙයි ඒක මනස මවන හැගීමක් විතරයි, එතකොට රහත් වෙලා ඉන්න කෙනා තමන්ගේ මනස තමන්ට ඕන විදියට මෙහෙය වන එකයි කරන්නේ, ඒක ඊට පස්සේ එයාට දැනෙනව ඇත්ත වගේ, මනස එහෙම මෙහෙය වන්න බැරි අයට ඒක මිත්‍යාවක් කියලා පේන්නේ නෑ, එතකොට ඒ පුද්ගලයන් හිතන්නේ ,ඒ වෙන දේ ඇත්ත දෙයක් කියලයි.

    ඇත්තටම ඒක interesting දෙයක්. මම හිතන්නේ බෞද්ධ ධර්මයේ තියෙන දේවල් යම් දවසක විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් වේවි මීට වඩා. මම හිතන්නේ Virtual World කියන සංකල්පය බෞද්ධ දර්මයේ එගැන්වීම් වලට හොදට ගැලපෙනවා. මොකද Virtual World එහෙක ඉන්න කෙනා හිතන්නේ ඒක ඇත්තක් කියලයි නමුත් එහෙම දෙයක් පවතින්නේ නෑ. මම හිතන්නේ රහත් කෙනෙක්ට එහෙම ප්‍රතිහාර්‍යය පාන්න පුලුවන් බලයක් ලැබෙන්නේ ,වෙන අයට ඒක ලැබුනොත් ඒක ගොඩක් භායානක වෙන්න පුලුවන් නිසයි. (හරියට xmen එකේ mutant powers වගේ)

    මෙන්න මම ඇන්දා, ප්‍රාතිහාර්‍යය කියන දේ, චිත්‍රයකින්.
    z8zqmFd.png

    ඕක අවබෝධ කරන්න නම්. මෙන්න මේ ටික ගැන අවදානය යොමු කරන්න.

    1. බෞද්ධ ධර්මය ගැන පොඩ්ඩක් අධ්‍යපනය කරන්න විශේෂයෙන්ම අභිධර්මය
    2. Matrix/ Inception movies 2 කම බලන්න (ඒ දෙකම "යම් ප්‍රමාණයකින්" බෞද්ධ ධර්මයේ තියෙන එගැන්වීම් මතයි නිර්මාණය කරලා තියෙන්නේ (100% නෙවෙයි යම් ප්‍රමාණයකින්))

    මම කිව්වේ මගේ දැනීමේ හැටියට. මේක සමහර විට වෙනස් වෙන්නත් පුලුවන්.

    අභිදර්මයේ තමයි ඔය කියන කතාව තියෙන්නේ.. පංචම ධ්‍යානයට සම වදින්න පුළුවන් උනාම "අසවල් දෙය මවෙවා!! කියල ප්‍රාර්ථනා කරලා ධ්‍යානයට සම වැදුනම එය මැවෙනවා කියල තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම මවෙනවද නැද්ද කියන එක නෙමෙයි, අපේ බෞද්ධ කියන කට්ටිය එහෙම වෙන්නේ නෑ කියල තථාගතයන් වහන්සේ දේශනා කරපු පරමාර්ථ දේශනාව අවලංගු කරන්න හදන එකයි. අකාලික වෙච්ච දහම තෙරුන් ගන්න බැරි උන සමහර හාමුදුරුවෝ පවා ප්‍රාතිහාර්ය නැහැ කියන තැනට පත් උනත් බලන්ගොඩ හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා එහෙම වෙන්නේ කොහොමද කියන එක. තෙරුන් ගන්න බැරි උදවිය බෞද්ධ ලේබල් ගහගෙන ක්‍රිස්තියානි කාලෝ ෆොන්සේකලාගේ පස්සේ යන හැටි දැක්කම කොසොල් රජතුමාගේ සිහින මතක් වෙනවා...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :yes::yes: ගොඩක් නාමික බෞද්ධයෝ විද්‍යාවයි, බෞද්ධාගමයි පටලෝගෙන.
    බෞද්ධාගමේ ප්‍රාතිහාර්‍යය වගේ දේවල් තියෙනවා, දිව්‍යය ලෝක ගැන විස්තර වෙනවා, දෙවියන් ගැන විස්තර වෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, අපායවල් තියෙනවා, දිවැස් බැලීම් ගැන සදහන් වෙනවා, ජලනන්දන පිරිත හරහා මලයාලම් ගුරුකම් ගැනත් සදහන් වෙනවා, යක්කු ගැන සදහන් වෙනවා, ප්‍රේතයෝ ගැන සදහන් වෙනවා. මේ ලෝකේ විද්‍යාව කියන්නේ බොහෝම පොඩි දෙයක්. ඒක මත පාදක වෙලා බෞද්ධම ගැන සිතීම විහිළුවක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම ආගමකම කතෘවරු ප්‍රාතිහාර්ය පාල තියෙනවා කියල ආගමික පොතපතේ තියෙනවා. ඕව බොරු කතා. මෝඩ ශ්‍රද්ධාධික බෞද්ධයො නම් පොතේ විතරක් නෙමෙයි කට වහරෙන් එන දේවල් උනත් ඉත සිතින් පිලිගන්නව.

    මෙතන ඇවිත් ඔබලා බුදුහාමුදුරුවො ප්‍රාතිහාර්ය පෑව කියල පිලිගන්නවද කියල ඇහුවම බුද්ධිමත් බෞද්ධයො අමාරුවෙ වැටෙනව.

    බුද්ධිමත් එකාට නෙළුම්මල් හතක් පිපුන, ඉපදිච්ච ගමන් ඇවිද්ද වගේ දේවල් වල ඉඳල අහසින් යන ඒව වගෙ දේවල් ඔක්කොම අතිශයෝක්තීන්. ඒත් ඒවගේ දේවල් ප්‍රසිද්ධීයේ ප්‍රශ්න කරන්න බයයි.

    541100 මේ නූල පටන් ගත්තෙ මොන අරමුණකින් උනත් අවසාන ප්‍රතිපලය හොඳයි. මිනිස්සුන්ට තමන් මෝඩද බුද්ධිමත්ද කියල අදහසක් ගන්න පුලුවන් වෙන්න ඇති.
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    අභිදර්මයේ තමයි ඔය කියන කතාව තියෙන්නේ.. පංචම ධ්‍යානයට සම වදින්න පුළුවන් උනාම "අසවල් දෙය මවෙවා!! කියල ප්‍රාර්ථනා කරලා ධ්‍යානයට සම වැදුනම එය මැවෙනවා කියල තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම මවෙනවද නැද්ද කියන එක නෙමෙයි, අපේ බෞද්ධ කියන කට්ටිය එහෙම වෙන්නේ නෑ කියල තථාගතයන් වහන්සේ දේශනා කරපු පරමාර්ථ දේශනාව අවලංගු කරන්න හදන එකයි. අකාලික වෙච්ච දහම තෙරුන් ගන්න බැරි උන සමහර හාමුදුරුවෝ පවා ප්‍රාතිහාර්ය නැහැ කියන තැනට පත් උනත් බලන්ගොඩ හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා එහෙම වෙන්නේ කොහොමද කියන එක. තෙරුන් ගන්න බැරි උදවිය බෞද්ධ ලේබල් ගහගෙන ක්‍රිස්තියානි කාලෝ ෆොන්සේකලාගේ පස්සේ යන හැටි දැක්කම කොසොල් රජතුමාගේ සිහින මතක් වෙනවා...

    :yes::yes:
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :yes::yes: ගොඩක් නාමික බෞද්ධයෝ විද්‍යාවයි, බෞද්ධාගමයි පටලෝගෙන.
    බෞද්ධාගමේ ප්‍රාතිහාර්‍යය වගේ දේවල් තියෙනවා, දිව්‍යය ලෝක ගැන විස්තර වෙනවා, දෙවියන් ගැන විස්තර වෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, අපායවල් තියෙනවා, දිවැස් බැලීම් ගැන සදහන් වෙනවා, ජලනන්දන පිරිත හරහා මලයාලම් ගුරුකම් ගැනත් සදහන් වෙනවා, යක්කු ගැන සදහන් වෙනවා, ප්‍රේතයෝ ගැන සදහන් වෙනවා. මේ ලෝකේ විද්‍යාව කියන්නේ බොහෝම පොඩි දෙයක්. ඒක මත පාදක වෙලා බෞද්ධම ගැන සිතීම විහිළුවක්.

    බෞද්ධයෙක් වීමෙන් ලැබෙන හොඳම දේ තමයි සිතේ තත්වය උසස් කිරීම සහ නිර්වාණය අවභෝධය. සමත භාවනා වලින් ලැබෙන අතුරු පලයක් ප්‍රාතිහාර්ය දැක්වීම, විධාර්ශනාවෙන් ලැබෙන්නේ මාර්ග ඵල. ඔය දෙක මග ඇරලා සිතේ තත්වය උසස් කිරීම කොහොමද කරන්නේ? භාවනා නොකර කොහොමද ඔය කියන දේවල් අත්විඳින්නේ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ප්‍රාතිහාර්යය පානවා කියලා කියන්නේ, මගේ දැනීමේ හැටියට, මෙහෙම දෙයක්. බෞද්ධ ධර්මයේ හැටියට මේ ලෝකේ පවතින්නේ නෑ, මම, වස්තූන් මේ සෑම දෙයක්ම මනසට ගෝචර වෙන දේවල් මිසක් සැබෑ ලෙස පවතින දේවල් නෙවෙයි. ඒක තමයි බෞද්ධ ධර්මයේ කියන්නේ මමත්වය නැතිකරගන්න කියලා ,මොකද ඒක තමයි සත්‍යය, මම කියලා දෙයක් නෑ ,ඒක මනසේ මැවෙන දෙයක් විතරයි

    .

    උබ කියන සමහර දෙවල්නම් විය හැකි කියල උපකල්පනය කරන්න පුලුවන් මචන් විශ්වයෙ අපි එහෙමත් නැත්තම් මෙ ජිවය කියන්නෙ විශ්වයෙ තියන ශක්ති ප්‍රබවයක් පාරසරික සාධක මත ප්‍රතික්‍රිය දක්වන විදිහක්,අපි විශ්වයෙ සොබ දහමයි , අපෙ හැගිම් දැනුම හො නිර්මාන හො සියලු දෙ විශ්විය සොබදර්මයයි

    එකනම් මට තෙරෙනව හැබැයි ඔය කියන යක්කු ඉන්නෙ කොහෙද කියලනම් තෙරෙන්නෙ නැ හැබැයි ඔය කියන යක්කු අමනුස්ස බලවෙග වලට වැඩිය බය වෙන්ඩ ඔනි දෙවල් ගැන දන්නව බය කියන හැගිම ඇති වෙන්නෙ කොහොමද කියල තෙරෙනව, බය කියන හැගිම නැති කල හැකි ක්‍රම තියනව කියල තෙරෙනව
    මැරුනට පස්සෙ ස්නයු පද්දතිය විනශ වෙනව කියල නම් තෙරෙනව එත් අපායෙ ගිහින් කටු ඉබුල් ගහෙ නගිනකොට රිදෙන්නෙ කොහෙටද කියන එක තෙරෙන්නෙ නැ
    මෙ මගෙ නොදැනුවත් කම විය හැක ,ඔබතුමා දැනුවත්ද වටහගෙන තියනවද ? නතිනම් ඔබ තුම විස්වාස කරනවද ? යමක් විස්වාස කරන්නට පෙලබෙන්න ඔනි හෙතු මොනවාද ? උදා : මරනින් මතු අපායෙ යනව කියල විස්වාස කිරිමට හෙතු මොනවාද ? සැක කිරිම පාපයක්ද ? එ කාරනා තෙරුම් ගත හැක්කෙ භවනා කර සිත දියුනු කර ගැනිමෙන් පමනක් ද ?
     
    කටු ඉබුලේ නැගීම ගැන නම් මම දන්නේ නෑ, මට තියෙන ප්‍රශ්ණය එහෙම නගිනවා නම් ඇයි බැරි අපායේ ඉන්න මිනිස්සුන්ට කැරැල්ලක් ගහලා යම රජුව පන්නලා හොදින් ඉන්න උත්සහ කරන්න? :oo: නමුත් මෙහෙම එකක් තියෙනවා, මේ විශ්වයේ විවිධ තල තියෙනවා (realm ). මේවාට ලෝක කියන්න බෑ. උදාහරණයට කිව්වොත් මිනිහෙක් පෘථිවියේ හිටියත්, අගහරු ලෝකයේ හිටියත් ඉන්නේ මනුෂ්‍යය තලයේ ඉතින් මනුෂ්‍යය තලයට ලෝකය කීම වැරදියි හරි වචනය Realm නැත්නම් තලය කියන එකයි. මේ අකාරයට සත්ව තල තියෙනවා, දේව තල තියෙනවා ,ප්‍රේත තල තියෙනවා, ඇසුර තල තියෙනවා, අපා තල තියෙනව. ඇසුර කියන එක නම් පොඩ්ඩක් මට පැහැදිලි නෑ, BBC එකේ නම් තියෙන්නේ ඇසුර කියන්නේ Titan හෙවත් angry gods කියලයි එතකොට ඇසුර කියන්නේ දේව කොට්ඨාසයක් කියලයි BBC එකේ කියන්නේ නමුත් මම මේ ළගදි Radio එකේ බණක් ඇහුවා ඒකේ හැටියට ඇසුර කියන්නේ ජලය ආශ්‍රය කරගෙන ජීවත් වන සත්ව කොට්ඨාසයක් හරියට ප්‍රේතයන් වගේම. දේව තල ගත්තම තල 2ක් තියෙනවා ප්‍රධාන වශයෙන්
    1. බ්‍රහ්ම දේව , 2 සාමාන්‍යය දේව. බ්‍රහ්ම ලෝකයේ ඉන්න දේවි වරුන්ට තමයි බ්‍රහ්ම දේව කියන්නේ, සාමාන්‍යය දෙවිවරුන් තමයි දිව්‍යය ලෝකයේ ඉන්නේ. දිව්‍යය ලෝකයට යන්න අනිවාර්යෙන්ම තරහා නැත්නම් වෛරය අඩුකරගෙන ඉන්න ඕනේ, බ්‍රහ්ම ලෝකයට යන්න නම් මොනවා හරි කමක් නෑ ධාන්‍යයක් අත්කරගෙන ඉන්න ඕනේ (සෝතාපන්න වගේ).

    ඕනෙම සත්වයෙක් මේ හැම තලයක ඉපදෙනවා තමන්ගේ කර්ම ශක්තිය අනුව. කර්මය කියන එක හරියට මුදල් වගේ. කුසල කර්ම කියන්නේ සල්ලි තියෙන එකටයි, අකුසල කර්ම කියන්නේ ණයටයි. ණය ගත්තම පියවන්න ඕනේ වගේ, අකුසල කර්ම තියෙන කොට ඕනෙම සත්වයෙක් දුක මගින් ඒවා පියවන්න ඕනේ. උබ සල්ලි වලින් පෝසත් නම් හොද ජීවිතයක් ගෙවන්න පුලුවන් වගේ උබ කර්මයෙන් පෝසත් නම් (කුසල කර්ම) හොද තලයක ඉපදෙන්න පුලුවන්.

    අනික් එක තමයි Software/Hardware වෙනස. හිතන්න අපි Windows 8 දාන්න උත්සහා කරනවා අඩු ගානේ lumia phone එහෙකට, දාන්න පුලුවන් වෙයිද? දාන්න පුලුවන් නමුත් install කරලා, functional වෙන්න බෑ නමුත් OS එක customize කරොත් දාන්න පුලුවන් ,customize කරනවා කියලා කරන්නේ OS එකේ features අයින් කරලා පොඩ්ඩක් බලය අඩු කරන එකයි. එතකොට install කරන්න පුලුවන්. සත්ව ශරීරයක ඉපදෙන කොට මනුෂ්‍යයෙක් වගේ හිතන්න බෑ මොකද අපි ඉපදෙන කොට සත්ව ශරීරයේ අපේ මනසේ මනුෂ්‍යයෙක් වගේ හිතන්න පුලුවන් කොටස් නෑ, ඒ හිතීමට ගැලපෙන hardware නෑ (මොළයේ කොටස් වගේ) එතකොට අපි ඉන්නේ සත්ව තලයේ. මනුෂ්‍යය තලයේ ඉපදුනාම ඉන්නේ මනුෂ්‍යය තලයේ. හැම තලයක ඉපදුනාම ඊට ගැලපෙන විදියට ශරීරයත් සකස් වෙනව, තලයට මුහුන දෙන්න පුලුවන් විදියට, උදාහරණයකට කිව්වොත් මනුෂ්‍යය තලයේ ඉපදුන කෙනෙක්ට තියෙනේ ඝණ ශරීරයක්, මෙහෙම කෙනෙක් දේව තලයකට ගියොත් ඉන්න බෑ මොකද දේව තලයේ සත්වයන් ඉන්නේ සියුම් ශරීර කොටස් සහිතවයි. එතකොට අපිට නිගමය කරන්න පුලුවන් අපා තලයට ගියාමත් ඒ විදියට ශරීරය සකස් වෙනවා කියලා. ආයි ඉපදෙන කොට කොටස් ආයි හැදෙනවා. මිනිහෙක් අද මැරුනා කියලා හිතන්න එතකොට ලබන භවයේ ඉපදෙනව ආයි මනුෂ්‍යයෙක් වෙලා එතකොට මේ භවයේ ස්නායු පද්ධතිය විනාශ වුනාට ප්‍රශ්ණයක් නෑ ලබන භවයේ ඒක ආයිත් ශරීරය සමග හැදෙන නිසා. ඒකට තමයි සංසාරය කියලා, ඉපදි ඉපදි මැරෙනවා. ආයි ඉපදෙනකොට ආයි කොටස් නැවත හැදෙනවා.

    මේ විදියටම ප්‍රේත තලයේ ඉපදුනාම ඉන්න ප්‍රේත තලයේ, අපා තලයේ ඉපදුනාම ඉන්නේ අපා තලයේ. අපා තලයට යන මිනිස්සු මිනිස්සු වගේ ඉපදෙනවා කියලා මම හිතන්නේ නෑ. මට හිතෙන්නේ අපා තලයේ ඉන්න ජීවින්ට ස්නායු වගේ පද්ධතියක් ඇති වේදනාව දැනෙන්න.
    අධික අකුසල කර්ම නිසයි ජීවියෙක් අපායට යන්නේ. ඒක හරියට ණය වැඩියෙන් තියෙන කොට හිරේ දානවා වගේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බෞද්ධයෙක් වීමෙන් ලැබෙන හොඳම දේ තමයි සිතේ තත්වය උසස් කිරීම සහ නිර්වාණය අවභෝධය. සමත භාවනා වලින් ලැබෙන අතුරු පලයක් ප්‍රාතිහාර්ය දැක්වීම, විධාර්ශනාවෙන් ලැබෙන්නේ මාර්ග ඵල. ඔය දෙක මග ඇරලා සිතේ තත්වය උසස් කිරීම කොහොමද කරන්නේ? භාවනා නොකර කොහොමද ඔය කියන දේවල් අත්විඳින්නේ?

    බුදු හාමුදුරු සාමාන්‍යය මනුෂයෙක් වගේ ඉන්න කොට ඒ කිව්වේ සිද්ධාර්ථ තවුස් කාලේ විවිධ ගුරුවරුන් ළගට ගියා, එහෙම ගියාම විවිධ පුද්ගලයන් මුණ ගැසුනා විවිධ ධ්‍යානය තියෙන. ඒ වගේම බුදු හාමුදුරු ගගකින් එතෙර වෙන්න ගියාම එක බමුණෙක් බුදුන්ට සරදම් කරලා වතුර උඩින් ඇවිද ගෙන ගිහින් තියෙනවා. ඒකේ අදහස තමයි බෞද්ධ එගැන්වීම් පිළීපැද්දත් එකයි නැතත් එකයි ධ්‍යානය කියන දේ අත්කරගන්න පුලුවන් ඒකට විවිධ ක්‍රම තියෙනව, ධ්‍යානය කියන්නේ සිත එකග කරගැනීමටයි, යම් ධ්‍යානයකට පත්වෙනවා කියන්නේ මනසින් යම් උසස් තත්වයකට පත් වෙනවා කියන එකයි, එතන එතකොට ප්‍රාතිහාර්‍යය පාන එකත් තියෙනවා, මේ ධ්‍යානය යන්හි උපරිම කෙළවර තමයි නිර්වාණය දැකීම ඒකට යන්න මග කියලා දෙන්න පුලුවන් බුදු කෙනෙක්ට විතරයි.

    ඉන්දියාවේ ජෛන, හින්දු වගේ ආගම් වල ගුරුවරුන්ටත් විවිධ ධ්‍යානයන් තිබිලා තියෙනවා, නමුත් බුදු කෙනෙක් තරම් ප්‍රබල අධ්‍යාත්මික ශක්තිය තිබිලා නෑ.

    බුදු කෙනෙක් කියන්නේ මම හිතෙන්නේ මේ තල වලින් මිදෙන හැටි මග කියලා දෙන කෙනෙක්ටයි.

    නිර්වාණය කියන දේ කවුරුත් හරියට පැහැදිලි කරන්නේ නෑ ඇහුවට. මම මේක video එකක දැක්කා ටිකක් හොදට පැහැදිලි කරලා තියෙනවා විදේශ හාමුදුරු කෙනෙක්, එයාට අනුව නිර්වාණය කියන්නේ තත්වයක් නැතුව ස්ථානයක් නෙවෙයි, නිර්වාණයට ගිය කෙනා කිසිම තලයක ඉපදෙන්නේ නෑ. එයාගේ සිත එකතැන නිකම් ගල් වෙනවා වගේ ,හරියට යම් කිසි සත්වයෙක්ව සදාකාලික ලෙස නිද්‍රාකරනවා වගේ. එතකොට දුකක් නෑ, වේදනාවක් නෑ මොකද ඒවා දැනීමට අවශ්‍යය කොටස් නෑ.
    හැබැයි ඒකෙන් එකක් පැහැදිලි වෙනවා (මේ කියපු එක හරි නම්) ඒක තමයි අපිට මේ පද්ධතියෙන් ගැලවීමක් නෑ නිවන් දැක්කත්.

    මේ නිවන් දකිනවා කියන එක Matrix එකට අනුව නම් සැබෑ ලෝකයේ ඇහැරීමයි. :P
     
    සමතය බුද්ධ කාලයත් පෙර තිබිල තියනවා.. එත් විධර්ශනාව තියෙන්නේ බුදු දහමේ විතරයි. මම හිතන්නේ ඔබතුමා කියන්නේ ඔය දෙක ගැන වෙන්න් ඇති..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "nobody has and nobody ever had supernatural powers. They exist only in the pages of scriptures and sensation-mongering newspapers." - Dr. Abraham Kovoor

    මෙකතාව අදටත් කොතරම් ගැලපෙද??? මට නම් එහෙමයි. මම කියන්නෙ නැහැ මම යමක් දැකලා නැහැ කියලා එවා බොරු හො විය නොහැක්කක් කියලා නමුත් එක එක අය විවිද දෙවල් කිව්වාම අපි එ ගැන සොයාලා බැලුවාම තෙරෙනවා එවා බොරුවක් බව. අපි ඉන්න ලොකයේ යම් යම් සීමාවන් තියෙනවා වසනාවකට අපෙ සිත ඔය කියන තරම් දියුනු කිරිම තුලින් වෙන කිසියම් දෙයකට හො කෙනෙකුට බලපැම් කිරිමට කිසිදු හැකියාවක් නැති වෙලා තියෙනවා එහෙම එකක් කරනවා නම් තම සිත හා බැදිච්ච ශරිරය මෙහෙය විමකින් තමයි කරන්න පුලුවන්.එහෙම අපි සිහින ලොකවල සිටගෙන පුලුවන් කිවාට අදටත් අපි දන්න ලොකයෙහි එහෙම ජගෙතෙක් තමත් බිහිවි නොමැති එසෙ බිහිවෙයි කියා සිතිමට නොහැකි.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    අද අපිට තාක්ශණික මෙවලම් තිබුන නිසා හොදයි (එත් විශ්වාස කරන අයත් බොහොමයි අදටත් ...කියන්න කණගාටුයි) ඉතින් ඒ දවස්වලත් මෙවගෙ උදවිය ඉන්න ඇති බුදු සමයෙත්, ජෙසුස්ය් වහන්සෙගෙ සමයෙත් ඒවට ගොඩාක් මිනිස්සු ආකර්ශනය වෙන්නත් ඇති ඉතින් පසු කාලයෙදි එවැනිදෙවල් බුදුන් / ජෙසුස් වහන්සෙත් කරා කියලා කියන්න ඇති. මොකද මිනිස්සුන්ට ලොකු ධර්මය නැමති මහත් වු දෙයට වඩා මෙවගෙ මොඩ ජොක් නේ..... අදටත් එහෙමම වෙනවා එහෙම නොවෙද? මුලධර්මවාදින් දොස්තරගෙ වෘතිය කරනවා ආශිර්වාද කල පැන්වලින් ... පසුව මිනිස්සු එකට ඇදෙනවා මොකද මිනිස්සු ලෙඩ වලට බය නිසා එහෙමනැගලා යන කොට අනෙක් පල්ලිවල්ත් සුව මෙහෙයවන් පටන් ගන්නවා පසුව මෙක පන්සලටත් ගෙන්න ගන්න වෙනවා.

    කගෙට්වත් දහමට නිගරු කරන්න නෙමෙයි මා මෙවා කියන්නේ වඩා වටින්නේ මෛත්ර්ය /ප්‍රමයයි එයයි ලොකුම බලවෙගය ධර්මයයි ලොකුම ප්‍රතිහාර්යය.

    Direct link for open minded persons : http://www.youtube.com/watch?v=wN0vDisLUgU
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අනෙ බන් , පින් පව් පිලිගන්නෙ නැති බෞද්දයො ඔවා පිලිගනීද ? :confused::confused:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඔයාගෙ Pointless ද?:P
    මෙන්න මේ ටික මම ගත්තේ අභිධර්ම මාර්ගය කියන පොතෙන්,,,මේවා බොරු කියලද දැන් ඔය කට්ටිය කියන්නේ... (පිටුව 389)

    එක කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, එසේ පෙනී සිටීම. නොපෙනී සිටීම, බිත්ති පර්වත ආදියෙන් ඔබ්බට නො සැපී යාම..ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම.අධිට්ටානිද්ධි නම් වේ,..

    තමාගේ ප්‍රකුර්තිය හැර දෙවියෙකු මෙන් හෝ යකෙකු මෙන් හෝ, සිංහ ආදී සතෙකු මෙන් පෙනී සිටීම විකුබ්බනිද්ධි නම් වේ..

    තමාගේ ශරීරය තුල තවත් අංග සම්පුර්ණ ශරීරයක් මවා පිටතට ගැනීම මනොමයිද්ධී නම් වේ..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සියලුම ආගම් බිහිවුනේ මිනිසාව යහමගට යොමු කරන්න.

    grUAMp1.png

    කුරාණය කියවා යහමඟ ගිය මුසලුවෙක් කන්‍යාවන් 72ක් ලැබීමට කරන පෙරුම්පුරන අයුරු වෙන්න ඇති මේ​
    :lol::lol::lol: