ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය

    මැරෙන්න කලින් ප්‍රේමදාසගේ අන්තිම තප්පර කිහිපය | “ප්‍රේමදාස මලේ “මොහිදීන්ගේ” වරදින්

    ගුණසිංහපුර පිහිටි විජිත කදිරගොන්නගේ නිවසෙහි බිඳෙන සුළු වීදුරු රාමු තුළ සදානුස්‌මරණීය ඡායාරූප ලෙස රාමුකර ඇති පින්තූර කීපයකි. එහි එක්‌ ඡායාරූපයක්‌ සුවිශේෂී වන අතර එහි රූපමය මතකය ලෙස තැන්පත් කර ඇත්තේ තම සදාදරණීය නායකයා වන දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස මහතා වෙත විජිත කදිරගොන්න සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු විසින් සුදු ඉද්ද මල් වට්‌ටි දෙකක්‌ පිළිගන්වන දසුනකි.

    prema.jpg

    එම සිදුවීමට වසර 24 ක්‌ ගතවන්න දින කීපයකට පෙර එකල ආර්. ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපවන්තයකු වූ විජිත කදිරගොන්න සමඟ දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ අවසන් තත්ත්පර කීපය පිළිබඳ අතීතාවර්ජනයක්‌ සිදු කරන ලදී.“එදා… 1993 මැයි පළමුවැනිදා වේලාව උදේ 6.30 ට විතර ඇති. මමයි, මගෙ අයියයි සුදු මල් වට්‌ටි දෙකක්‌ අරන් සුචරිතයට ආවා. මේ පින්තූරේ තියෙන්නෙ අපි දෙන්න ජනාධිපතිතුමාට මල් වට්‌ටි දෙක පිළිගන්වන ආකාරය. ඔහු බිඳෙන සුළු වීදුරු රාමුවක තැන්පත් කර ඇති ඡායාරූපය වෙත අත දිගු කරමින් කතාව අරඹන ලදී. එයට මඟ හරස්‌ කරමින් මා විසින් විජිත කදිරගොන්න මහතාගෙන් විමසා සිටියේ ඔහුත් දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස මහතාත් අතර පැවැති හිතවත්කමේ තරම කෙබඳුද කවරාකාරදැයි යනුවෙන් පැනයකි.

    “මම මුලින්ම ප්‍රේමදාස මහත්තයව හඳුනා ගන්නෙ මගෙ තාත්තගෙ මාර්ගයෙන්. තාත්තගෙයි ජනාධිපතිතුමාගෙයි හිතවත්කම බොහොම පැරැණි හිතවත්කමක්‌. ඒ කාලේ කෙසෙල්වත්ත පූර්වාරාමයට මගෙ තාත්ත නිතර යන එනව. පූර්වාරාමය කියන්නෙ ජනාධිපතිතුමන් නිතර ආගිය තැනක්‌. 1970 වෙද්දි මගෙ තාත්ත ප්‍රේමදාස මහත්තයගේ කිට්‌ටුම සමීපතමයෙක්‌. මම ප්‍රේමදාස මහත්තයව මුලින්ම දකින්නේ 1971 වසරේ එක්‌තරා දවසක. දවසක්‌ ප්‍රේමදාස මහත්තය මගෙ තාත්තට කියල තිබුණ දරුවො දෙන්නවත් එක්‌ කරගෙන සුචරිතයට එන්න කියල. ඒ වෙද්දි මගෙ තාත්ත සුචරිත ව්‍යාපාරයේ උප සභාපති.

    1971 වෙද්දි සුචරිත ව්‍යාපාරය තරමක්‌ දුරට කඩාවැටිල තිබුණේ. කොහොම හරි සිරිමා මැතිනියගේ රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවෙලා හිටියේ පීටර් කෙනමන් මහත්තය. ඒ වෙද්දි ප්‍රේමදාස මහත්තයට ආරංචියක්‌ ඇවිත් තිබුණ සුචරිතය කඩා ඉවත් කරන්න යනව කියල. මම මුලින්ම ප්‍රේමදාස මහත්තය ළඟට යන්නෙ සුචරිතය නැවත නඟාසිටුවන්න පවත්වපු පළමු සාකච්ඡාව දවසේ….”
    විජිත කදිරගොන්න තමන් සතු මතකයේ ඈතම ඉමක්‌ වෙත සිතින් සක්‌මන් කරමින් මා විසින් විමසන ලද පැනයට පිළිතුරක්‌ සපයන ලදී. ඉන් අනතුරුව නැවතත් 1993 මැයි පළමුවැනිදා පිළිබඳව ඔහු සතුව ඇති අඳුරු වේදනාබර අතීතයට පිවිසුණි.

    prema4.jpg

    එදා අපි දෙන්න… මමයි, මගෙ අයියයි (ශාන්ත කදිරගොන්න) මල් වට්‌ටි දෙක අරන් සුචරිතයට එනවිටත් ප්‍රේමදාස මහත්තයගෙ දවසින් පැය කීපයක්‌ ගතවෙලා ඉවරයි. මොකද… එතුමා උදේ 4.30 වෙනකොට දවස ආරම්භ කරනව. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඔය මොන මන්දිර තිබුණත් ප්‍රේමදාස මහත්තයගෙ ආත්මය නිතරම තිබුණෙ සුචරිතයේ. කොහේ හිටියත් උදේ පාන්දර සුචරිතයට එනව. එතුමා එනකොටත් සුචරිතය ළඟ මිනිස්‌සු පෝළිමේ ඉන්නව එතුමාව මුණගැහෙන්න. මුලින්ම කරන්නෙ ඒ අයගෙ ප්‍රශ්නවලට කන්දීල ඒවට විසඳුම් හොයල දෙන එක. ඊළඟට දවසෙ පත්තර ටික බලනව. ඒ බලල කොහේ හරි වරදක්‌ අසාධාරණයක්‌ වෙලා තියෙනව නම් එවලේම ඒක නිවැරැදි කරන්න බලධාරීන්ට උපදෙස්‌ දෙනව. එහෙම පිළිවෙළට වැඩ කරපු රාජ්‍ය නායකයෙක්‌ හිටිය නම් ඒ ප්‍රේමදාස මහත්තය විතරයි.

    එදා… මල් වට්‌ටි දෙක දුන්නට පස්‌සෙ මට එතුමා කිව්වා “විජිත… ගුණසිංහ මහත්තයාගේ වැඩේ හොඳට කරන්න. ඒ වැඩ ටික ඉවර කළාට පස්‌සෙ මගේ වැඩේටත් ස්‌ටේඩියම් එකට එන්න” කියල. මොකද ඒ වෙද්දි ඒ. ඊ. ගුණසිංහ මහත්තය සමරල සිදුකරන මැයි දිනය හා ජන්ම සැමරුම පවත්වන්න මට භාරදීල තිබුණෙ. ඒ උත්සවය තිබුණෙ ගුණසිංහ ප්‍රතිමාව අභියස. ඒ හින්ද තමයි ප්‍රේමදාස මහත්තය මට කිව්වෙ ඒ වැඩ ටික හොඳට කරල සුගතදාස ස්‌ටේඩියම් එකට එන්න කියලා. එතැන තමයි එ.ජා.ප. මැයි දින රැලියට කොළඹ බල මණ්‌ඩලයේ සංවිධාන කටයුතු සිද්ධ කරන්නෙ.
    කොහොම හරි එදා උදේ 8.30 ට විතර අපි ඒ. ඊ. ගුණසිංහ මැතිතුමාගේ මැයි රැලිය ආරම්භ කළා. ඒක ටික වෙලාවයි තිබුණේ. ඒක ඉවරවෙලා විනාඩි කීපයක්‌ යද්දි මෙන්න ප්‍රේමදාස මහත්තය ගුණසිංහ ප්‍රතිමාව ගාවට එනව. ඒ වෙද්දි අපි දැනගෙන හිටියෙ නෑ ප්‍රේමදාස ජනාධිපතිතුමා එතැනට ඒවි කියල…. ඒ ඇවිත් එතුමා මගෙන් අහනව “විජිත… වැඩේ හොඳට කළාද?” කියල. ඒ පාර මම කිව්ව “ඔව් සර්. හොඳට කළා” කියල. ඊට පස්‌සෙ එතුම සුගතදාස ස්‌ටේඩියම් එකට යනව. ඒ ගිහින් ටිකකට පස්‌සෙ අපිත් ස්‌ටේඩියම් එකට යනව. මේ ආරංචිය අපිට ලැබුණෙ කාලෙකට පස්‌සෙ… එදා බාබු ගුණසිංහ ප්‍රතිමාව ළඟත් ඉඳල තියෙනවලු. ජනාධිපති ප්‍රේමදාස මහත්තය ගුණසිංහ ප්‍රතිමාවට මල් මාල පළඳන්න ආවොත් එතැනදී එතුමාව ඝාතනය කරන්න. ඒ කුරුමානම වැරැදුන තැන තමයි බාබු ආමර් වීදියට ගිහින් තියෙන්නෙ…”

    “අපි ස්‌ටේඩියම් එකට යනකොට ජනාධිපතිතුමා පෙරහැර කටයුතු සංවිධානය කරනව. ඒ වෙලාවෙ මගෙ එක්‌ක හිටිය තව කෙනෙක්‌ තමයි ආනන්ද සොයිසා. විජිත් විජිතමුණි ඇමැතිතුමාගෙ සහෝදරයෙක්‌. ඒ කාලෙ ආනන්ද සොයිසා නාගරික මන්ත්‍රීවරයෙක්‌. එතැනදී ජනාධිපතිතුමා අපි දෙන්නට කිව්ව “මෙතැන ගෙවල් ආකෘතීන් වගයක්‌ තියෙනව. පෙරහැර ආරම්භ කරනකොට මුලින්ම ඒ ආකෘති ටික පෙළපාලියට එක්‌ කරන්න කියල…”

    ඒ වෙද්දි වේලාව 10.30 පහුවෙලා. දැන් පෙළපාලිය ආරම්භ කරන්න වෙලාව හරි. අර ගෙවල්වල ආකෘතීන් ඉස්‌සර කරගෙන අපි ඉදිරියට ගමන් කරනව. මැයි පෙළපාලිය ගමන් කරන්නෙ කොට්‌ඨාස මට්‌ටමින්නෙ. දැන් අපි ගමන් කරන්නේ ආමර් වීදිය පැත්තට. ජනාධිපතිතුමත් ගමන් කරන්නෙ අපි එක්‌ක. ඒ දවස්‌වල මගෙ කකුලෙ පොඩි ආබාධයක්‌ හින්ද මගෙ ගමන හෙමින්. ඒ අතරේ ජනාධිපතිතුමා අපි හිටපු තැනින් ටිකක්‌ ඉදිරියෙන් හිටියෙ. මොකද එතුමා පෙළපාලියෙ ගමන් කරන ගමන් ඉදිරියෙන් යන අයට පස්‌සෙන් එන අයට උපදෙස්‌ දෙනව. මොකද එතුමාට මොන වැඩේ කළත් ඒක ලස්‌සනට පිළිවෙළට කරන්න ඕන.

    ස්‌ටේඩියම් එක පහුකරල ඇවිත් ආමර්වීදිය කිට්‌ටු වෙද්දි ජනාධිපතිතුමා මට කිව්ව “විජිත… තානාපතිවරු ඇවිත් ඉන්නව. මම ඒ අයව මුණගැහෙන්න යනව” කියල. එහෙම කියල වාහනයෙ නැගල එතුමා එතැනින් පිට වෙනවා. තානාපතිවරුන්ට මැයි පෙළපාලිය නරඹන්න පංචිකාවත්තේ වේදිකාවක්‌ හදල තිබුණ. ප්‍රේමදාස ජනාධිපතිතුමා එතැනට තමයි වාහනයේ නැගල ගියේ… ඒ වෙලාවෙ එවන්ස්‌ කුරේ, රොනී ගුණසිංහ, මොහිදින් ඒ තුන්දෙනත් හිටියෙ ජනාධිපතිතුමත් එක්‌ක.
    එහෙම ගිහින් ටික වේලාවක්‌ යද්දී ජනාධිපතිතුමා නැවත පෙරහැර ගමන් කරන තැනට ආව. එතකොට අපි හිටියෙ ඊට මීටර් 100 ක්‌ විතර පස්‌සට වෙන්න. මම ඇස්‌ දෙකෙන් දැක්‌ක එතුම ඇවිත් ආමර් වීදියෙ ඔය දැන් තියෙන පොලිසිය ගාව බහිනව. ඔය වෙලාවෙ හරියටම යූ.එල්. සෙනෙවිරත්න මහත්තයා එයාගෙ සෙනඟත් එක්‌ක මැසෙන්ජර් වීදිය පැත්තෙන් අපේ පෙළපාලියට එකතුවෙන්න එනව. ඒක දැකපු ජනාධිපතිතුමා එතුමගෙ අත වනලා අපි යන පෙළපාලියට එකතු වෙන්න කියල ආරාධනා කරනව.

    එසේ පැවසූ විජිත කදිරගොන්න මදක්‌ නිහඬ විය. එතැන් සිට ඔහුට පැවසීමට තිබුණේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ අන්තිම තත්පර කීපය ගත වූ ආකාරය පිළිබඳවය. සිය කටහඬ තරමක්‌ බාල කළ විජිත කදිරගොන්න ඉදිරිය පවසන්නට වූයේ තරමක ශෝකීය කටහඬකින් යුක්‌තවය.“අන්න… ඒ වෙලාවෙ තමයි බයිසිකලයත් අරන් බාබු සෙනඟ අතරින් ඉස්‌සරහට එන්නෙ. දුරතියා ඒක දකින මොහිදින් කෑගහල කිව්ව ඉස්‌සරහට එන්න එපා කියල. එතකොටත් බාබු ක්‍රියාත්මකවෙලා ඉවරයි. ජනාධිපතිතුමාව මරාගන්න කාලයක්‌ තිස්‌සේ කුරුමානම් ඇල්ලුව බාබුව නතරකරන්න පුළුවන් ජගතෙක්‌ එතන හිටියේ නෑ. විශාල පිපිරුම් ශබ්දයක්‌ ආව. කළු දුමක්‌ අහසට නැග්ග පෙළපාලිය සීසීකඩ විසිරුණා. මට කියල කරන්න දෙයක්‌ තිබුණේ නෑ. මම ආපහු ස්‌ටේඩියම් එක පැත්තට ආව. ඒ එද්දි මම දැක්‌ක ජනාධිපතිතුමාගේ රතුපාට කාර් එක වේගයෙන් බොරැල්ල පැත්තට යනව. ඒක දැක්‌කම මට නිකමට වගේ හිතුණා දෙයියන්ගෙ නාමෙන් එතුමාගේ ජීවිතය බේරිල ඇති කියල. කොහොම හරි මම සුගතදාස ස්‌ටේඩියම් එකට එනකොට එතැන සිරිසේන කුරේ, ඒ. ඡේ. රණසිංහ, වීරසිංහ මල්ලිමාරච්චි මහත්වරු හිටිය. මම ඒ අයට විස්‌තරේ කිව්ව. ඒ කියල අන්තිමට මම කිව්ව මම දැක්‌ක කියල ජනාධිපතිතුමාගේ කාර් එක යනව. ඒ පාර ඒ අයත් කිව්ව එහෙනම් ජනාධිපතිතුමා කාර් එකේ නැගල බෝම්බ පිපුරුණ තැනින් ඉවත්ව යන්න ඇති කියල. එහෙම කියල වැඩි වේලාවක්‌ ගියේ නෑ. ඒ මූසල ආරංචිය එනකොට. ඒ ආරංචිය ආව හැටියෙ මම මහ ඉස්‌පිරිතාල මෝචරියට ගියා….

    තවමත් විජිත කදිරගොන්නගේ මනසින් එම වේදනා බර දසුන පහව ගොස්‌ නැති සේය. තම සදාදරණීය නායකයාගේ සැබෑ ජනතා සේවකයාගේ පණසුන් ශරීරය කොටස්‌ බවට වෙන්ව මිනී කාමරයක්‌ තුළ තිබෙනු දකින ඔහුට හැඟී ගොස්‌ ඇත්තේ ඇසිල්ලකින් සියල්ල හමාර වී ඇති බවක්‌ ය.
    “ඔය මම කිව්වෙ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජීවිතයේ අන්තිම තත්පර කීපය. ඔය බාබු කියන මිනීමරුව මම ඊට ඉස්‌සර දැකල තිබුණෙ නැහැ. එදා කඳින් වෙන්වෙලා තිබුණ බාබුගේ බෙල්ලෙන් ඉහළ කොටස දැක්‌කට පස්‌සේ තමයි “බාබු” කියන්නෙ මොනවගේ එකෙක්‌ද කියල මම දැක්‌කෙ. හැබැයි ඔය සිද්ධිය වෙන්න ටික දවසකට කලින් දවසක්‌ දෙකක්‌ මගෙ නෝන මට කිව්ව “මහත්තයෝ .. කවුද මනුස්‌සයෙක්‌ මහත්තය දිහා දවස්‌ කීපයක්‌ විමසිල්ලෙන් බලනව මම දැක්‌ක..” ඒ මිනිහා ගුණසිංහපුරයේ පදිංචිකාරයෙක්‌ නම් වෙන්න බෑ කියල.”

    prema2.jpg

    ජනාධිපති ප්‍රේමදාස මහත්තය බෝම්බෙට අහුවෙන්න දවස්‌ හතරකට විතර කලින් මම ඒ ගැන විස්‌තරයක්‌ ලියල කවරෙක දාල “පුද්ගලිකයි රහසිගතයි” කියලත් ලියල මොහිදින්ට භාර දුන්න මේක ජනාධිපතිතුමාට දෙන්න කියල. මම හිතන්නෙ මොහිදින් මේක ජනාධිපතිතුමාට දුන්නෙ නෑ.
    විජිත කදිරගොන්න විසින් එසේ පවසා සිටීමත් සමඟ ඔහුගෙන් පැනයක්‌ විමසිය යුතුයෑයි තීරණය කළ මා “ඇයි ඔබට ඒක ජනාධිපතිතුමාට දෙන්න බැරි වුණේ” යෑයි විමසීය.

    ජනාධිපතිතුමාගේ සමීපතම සේවකයා වෙලා හිටියේ මොහිදින්. මිනිහ තමයි එතුමගේ හැම දෙයක්‌ම හොයා බැලුවෙ අනික එතුම හැම වෙලාවෙම සුචරිතයෙ නැහැ. මම ලිපිය අරගෙන සුචරිතයට යන්නෙ එහෙම වෙලාවක. එතුමගෙ මරණය ගැන දැන් කාටවත් ඇඟිල්ල දික්‌කරල වැඩක්‌ නැහැ. බාබු කියන මිනීමරුව ගුණසිංහ පුරයට එන්නෙ මොහිදින් එක්‌ක ඇති කරගත් හිතවත්කමක්‌ උඩ. මිනිහ එහෙම එන්නේ ජනාධිපතිතුමාව ඝාතනය කරන ෙච්තනාවෙන්. ඒක සිද්ධ උනේ කොහොමද කියල දැන් රටම දන්න හින්ද ඒ ගැන විස්‌තර කියල දැන් ඵලක්‌ නැහැනෙ. හැබැයි රටක්‌ වටිනා ප්‍රේමදාස මහත්තය අකලට මියපරලොව යන්නෙ මොහිදින් විසින් අන්‍යවශ්‍ය පුද්ගලයෝ අනවශ්‍ය විදිහට ඇසුරු කරපු හින්දාය කියල එතුමගෙ ළඟින්ම හිටිය අපි විතරක්‌ නෙවෙයි මේ වෙද්දි රටම දන්න කාරණයක්‌….

    එසේ පවසමින් මේ වනවිට ලංකා කම්කරු පක්‍ෂයේ නායකත්වය හොබවන ලංකා කම්කරු සමිතියේ සභාපති දේශබන්දු විජිත කදිරගොන්න විසින් තම මතකයේ තැන්පත්ව ඇති අමිහිරිම මතක ආවර්ජනය නිමා කළ අතර ඔහුට පමණක්‌ නොව ශ්‍රී ලාංකික ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ හදවත් මහත් කම්පනයකට පත් කළ දිනක්‌ ලෙසද මැයි පළමුවැනිදා ඉතිහාසයට එකතු වී හමාරය.
    ලෝකවාසී කම්කරු ජනතාවට මැයි පළමුවැනිදා වැදගත් වන්නේ යම් සේද ඒ අර්ථයෙන් මෙරට කම්කරු ජනතාවට මැයි දිනය වැදගත් වනවා සේම සෑම වසරකම මැයි මස උදාවත් සමඟ යුගයක්‌ නිර්මාණය කළ ජනතා නායකයෙක්‌ වන හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස නාමය ද මෙරට ජනතා මතකයේ සදානුස්‌මරණීය මතකයක්‌ වනු ඇත.

    (දිවයින)

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    omg deees useless a** kissing articles :dull:
    brainwashing the people over and over againn for decades.
    no surprise... media heh.

    premadaasa màrune minihama atawapu bombekata :rolleyes:

    ehemai mamanam ahala thiyenne :rolleyes::
    with good facts and speculations.

    don't ask me how bla bla.

    owa gàna danna parana minihekgen ahala dànaganna.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    omg deees useless articals :dull:
    brainwashing the people over and over againn for decades.
    no surprise... media heh.

    premadaasa màrunu ugema bombekata :rolleyes:

    ehemai mamanam ahala thiyenne :rolleyes::
    with good facts and speculations.

    don't ask me how bla bla.

    owa gàna danna parana minihekgen ahala dànaganna.

    :rofl:මිනිස්සුන්ට ඉතින් මොනා කියන්න බැරිද.මැරුණා කියලා දැනගත්තහම රතිඤ්ඤා පත්තු කරපු උන් නේ.මිනිහෙක් කරපු හොද දේවල් වලට වඩා වැරදි හොයන වේස බල්ලෝ තමා ලංකාවේ ඉන්නේ.ගුණමකු හැත්ත.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :rofl:මිනිස්සුන්ට ඉතින් මොනා කියන්න බැරිද.මැරුණා කියලා දැනගත්තහම රතිඤ්ඤා පත්තු කරපු උන් නේ.මිනිහෙක් කරපු හොද දේවල් වලට වඩා වැරදි හොයන වේස බල්ලෝ තමා ලංකාවේ ඉන්නේ.ගුණමකු හැත්ත.

    :yes::yes:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    :rofl:මිනිස්සුන්ට ඉතින් මොනා කියන්න බැරිද.මැරුණා කියලා දැනගත්තහම රතිඤ්ඤා පත්තු කරපු උන් නේ.මිනිහෙක් කරපු හොද දේවල් වලට වඩා වැරදි හොයන වේස බල්ලෝ තමා ලංකාවේ ඉන්නේ.ගුණමකු හැත්ත.

    :yes::yes::yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මම හිතන්නෙ මොහිදින් මේක ජනාධිපතිතුමාට දුන්නෙ නෑ

    කව්ද බන් මේ කියන මොහිදීන් ?? මේක ගැන සම්පුර්ණ article එකක් නැද්ද හොයාගන්න :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :rofl:මිනිස්සුන්ට ඉතින් මොනා කියන්න බැරිද.මැරුණා කියලා දැනගත්තහම රතිඤ්ඤා පත්තු කරපු උන් නේ.මිනිහෙක් කරපු හොද දේවල් වලට වඩා වැරදි හොයන වේස බල්ලෝ තමා ලංකාවේ ඉන්නේ.ගුණමකු හැත්ත.

    දැන් උඹ රනිල් මලොත් රතිඤ්ඤ පත්තු කරන්නැද්ද ? ඒ වගේ තමා බං ඒ කාලෙ හිටපු උන්ට ප්‍රේමදාසව එපා වෙලා තිබ්බෙ ඌ කොටින්ට ආයුධ දුන්නයි අරකයි මේකයි හින්ද. ඉතිං මලාම රතිඤ්ඤ පත්තු කල්ල සතුටු වුනා :yes: :yes:
     
    • Like
    Reactions: netlife007

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    දැන් උඹ රනිල් මලොත් රතිඤ්ඤ පත්තු කරන්නැද්ද ? ඒ වගේ තමා බං ඒ කාලෙ හිටපු උන්ට ප්‍රේමදාසව එපා වෙලා තිබ්බෙ ඌ කොටින්ට ආයුධ දුන්නයි අරකයි මේකයි හින්ද. ඉතිං මලාම රතිඤ්ඤ පත්තු කල්ල සතුටු වුනා :yes: :yes:

    රනිල් වගේද යකෝ ප්‍රේමදාස.රටට කොච්චර වැඩ කරපු මිනිහෙක්ද.අනේ නිකන් පලයන් බන්.ආයුද දුන්නා කියලා උබ දැක්කද?එහෙනම් ටොයියෝ කිව්වේ මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියලා.එහෙනම් ඒවත් ඇත්ත වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රනිල් වගේද යකෝ ප්‍රේමදාස.රටට කොච්චර වැඩ කරපු මිනිහෙක්ද.අනේ නිකන් පලයන් බන්.ආයුද දුන්නා කියලා උබ දැක්කද?එහෙනම් ටොයියෝ කිව්වේ මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියලා.එහෙනම් ඒවත් ඇත්ත වෙන්න ඇති.

    රණ මඟ ඔස්සේ නන්දිකඩාල් කියෝපං කොටි එක්ක ගිවිසුම් ගැහුව ඉන්දියානු සාම සාධක හමුදාවට ගහල පන්නන්න ඒකට ඕනෙ කරන උදව් දෙන්න පොරොන්දු වෙලා හමුදාව ලව්වා තොට පිටිං පටවං ගිහිං අලුත් ආයුධ දීල තියෙන්නෙ ප්‍රේමදාසට වඩා නං රනිල් හොඳයි :dull: :dull:
    ඔනරබල් කරුණා අම්මාන්ගෙන් අහපං ප්‍රේමදාස කරපු දේවල් :dull: :dull:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    දැන් උඹ රනිල් මලොත් රතිඤ්ඤ පත්තු කරන්නැද්ද ? ඒ වගේ තමා බං ඒ කාලෙ හිටපු උන්ට ප්‍රේමදාසව එපා වෙලා තිබ්බෙ ඌ කොටින්ට ආයුධ දුන්නයි අරකයි මේකයි හින්ද. ඉතිං මලාම රතිඤ්ඤ පත්තු කල්ල සතුටු වුනා :yes: :yes:

    ඊය බන්. පොනිල් එක්ක compare කරන්න හිතන්නවත් එපා ප්‍රේමදාසව. සමහර මිනිස්සු ඇඩුවා ඒ කාලේ ප්‍රේමදාස මැරුණ ආරංචිය අහලා. ගොඩක් දුප්පත් මිනිස්සුන්ට සෑහෙන්න උදව් කළා. ගෙවල් හදලා දුන්න. තාමත් මිනිස්සු කතා කරන්නේ "ප්‍රේමදාස මහත්තයා" කියලා. කවදාවත් JR ට එහෙම කියනවද? චන්ද්‍රිකාට එහෙම කියනවද? පොනිල්ට? සිරාට? :no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊය බන්. පොනිල් එක්ක compare කරන්න හිතන්නවත් එපා ප්‍රේමදාසව. සමහර මිනිස්සු ඇඩුවා ඒ කාලේ ප්‍රේමදාස මැරුණ ආරංචිය අහලා. ගොඩක් දුප්පත් මිනිස්සුන්ට සෑහෙන්න උදව් කළා. ගෙවල් හදලා දුන්න. තාමත් මිනිස්සු කතා කරන්නේ "ප්‍රේමදාස මහත්තයා" කියලා. කවදාවත් JR ට එහෙම කියනවද? චන්ද්‍රිකාට එහෙම කියනවද? පොනිල්ට? සිරාට? :no::no:

    ඉතිං බං උඹ කියන්නෙ දැන් ලංකාවෙ රනිල්ට මහත්තය කියන රනිල් මලොත් අඬන්න මිනිස්සු නැති වෙයි කියලද ? :rolleyes: :rolleyes:
    දුමින්ද සිල්ව මලත් අඬන්න මිනිස්සු ඉන්න රටක් බං මේක දුමින්ද සිල්වත් මිනිස්සුන්ට ටකරං එහෙම කොච්චර බෙදල දුන්නද :baffled: :baffled:
    ජනාධිපති කෙනෙක් පත් කරගන්නෙ මිනිස්සුන්ට නිකං තෑගි බෙදල දෙන්න නෙමේ ඒ දේවල් ඒ මිනිස්සුන්ට ගන්න පුලුවන් ආර්ථිකයක් හදන්න ඔය නිකං බෙදල දෙන එකයි ඒවට කෑදර කමේ උන්ට මහත්තය කිය කියා ඡන්දෙ දෙන එකයි හින්ද තමා මේ රටට හෙන ගැහිල තියෙන්නෙ :angry: :angry:
    අඬපු මිනිස්සුන්ට වඩා සතුටු වුන අය වැඩියි කන්න බොන්නත් රටක් තියෙන්න ඕනෙ රටෙන් කෑල්ලක් ඉල්ලන උන්ට ආයුධ දීල මිනිස්සුන්ට කන්න දුන්නට වැඩක් නෑ :no: :no:
    ජනාධිපති ජනාධිපතිට අදාල කාර්යය කරන්නැතුව වෙන කෙහෙම්මල් කරන්න යනව :( :(
     
    • Haha
    Reactions: aggregate

    උඹ කියන කතාවත් හරි. :yes::yes::yes:

    කරන්න ඕනේ නිකන් බෙදන එක නෙමෙයි. දුප්පත්කම තුරන් කරන්න ඕනේ ආර්ථිකේ හදන එක. මුන් කරන්නේ රටේ මිනිස්සු දුප්පත් වෙන්න සලස්සලා ඊට පස්සේ කෙහෙල් ගෙඩි බෙදන එක. ඉතින් කවද රටක් දියුණු වෙන්නද?

    කවදහරි මේ රට හදනවා නම් හදන්නේ JVP ආණ්ඩුවකින් තමයි.
    :yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඊය බන්. පොනිල් එක්ක compare කරන්න හිතන්නවත් එපා ප්‍රේමදාසව. සමහර මිනිස්සු ඇඩුවා ඒ කාලේ ප්‍රේමදාස මැරුණ ආරංචිය අහලා. ගොඩක් දුප්පත් මිනිස්සුන්ට සෑහෙන්න උදව් කළා. ගෙවල් හදලා දුන්න. තාමත් මිනිස්සු කතා කරන්නේ "ප්‍රේමදාස මහත්තයා" කියලා. කවදාවත් JR ට එහෙම කියනවද? චන්ද්‍රිකාට එහෙම කියනවද? පොනිල්ට? සිරාට? :no::no:

    Mr ප්‍රභාකරන් කියලත් සමහර මිනිස්සු කියනවා:P.මොනව වුණත් දුප්පත් මිනිස්සුන්ට සේවයක් කරපු මනුස්සයෙක් ඔය ඒ මනුස්සයා හදපු ජන්ද පදනම තමයි තාම unp එක run කරන්නේ.:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කියන කතාවත් හරි. :yes::yes::yes:

    කරන්න ඕනේ නිකන් බෙදන එක නෙමෙයි. දුප්පත්කම තුරන් කරන්න ඕනේ ආර්ථිකේ හදන එක. මුන් කරන්නේ රටේ මිනිස්සු දුප්පත් වෙන්න සලස්සලා ඊට පස්සේ කෙහෙල් ගෙඩි බෙදන එක. ඉතින් කවද රටක් දියුණු වෙන්නද?

    කවදහරි මේ රට හදනවා නම් හදන්නේ JVP ආණ්ඩුවකින් තමයි.
    :yes::yes:

    ඒක තමා JVP එකේ කවුරු හරි මලා කියල මිනිස්සු අඬයිද ? කාටවත් ගානක්වත් නෑ :no: :no:
    උන් ගාවට ගිහිං සාරියි ටයරුයි හාල් ගෝනියි ටකරනුයි ගන්න බෑ දේශපාලනේ කරනව විතරයි. මේ රටේ උන්ට ඕනෙ එහෙම දෙයක් නෙමේ රට විකුණල හරි කමක් නෑ නිකං හාල් ගෝනියක් පාන් ගෙඩියක් වගේ එදා වේල සරි කරගන්න පුලුවන් දෙයක්. :dull: :dull:
    ඉතිං උනුත් ණය වෙලා හරි නිකං බෙදල දෙනව උන්ව දිනෝනව බහුබූත කරන්නැතුව හරියට දේශපාලනේ කරන එකාට ඇපත් නැතුව ඊලඟ ඡන්දෙ පරදින්නෙ CWW කන්නංගරට වෙච්චි දේ දැක්කනෙ :( :(
     
    කන්නන්ගරට මොකෝ වුණේ? නිදහස් අද්යාපනේ ගෙනල්ලත් පැරදුනාද බන්? ලංකාවේ ඉන්නේ මහා කුහක ජාතියක් බන්. :frown:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,452
    3,838
    113
    Maligawatta
    :rofl:මිනිස්සුන්ට ඉතින් මොනා කියන්න බැරිද.මැරුණා කියලා දැනගත්තහම රතිඤ්ඤා පත්තු කරපු උන් නේ.මිනිහෙක් කරපු හොද දේවල් වලට වඩා වැරදි හොයන වේස බල්ලෝ තමා ලංකාවේ ඉන්නේ.ගුණමකු හැත්ත.

    It's Call Sinhalese :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    It's Call Sinhalese :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Grammar වැරදියි මචන් උඹ ලියපු එකේ. ඕක It's called Sinhalese වෙන්න ඕනේ. It's කියන එකත් වැරදියි. They're called Sinhalese වෙන්න ඕනේ. Call කියලා තියෙන එකේ C Capital නෙමෙයි simple වෙන්නත් ඕනේ. ඔය වැරදි ටික හදලා ආයේ post කරපන් මචන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කන්නන්ගරට මොකෝ වුණේ? නිදහස් අද්යාපනේ ගෙනල්ලත් පැරදුනාද බන්? ලංකාවේ ඉන්නේ මහා කුහක ජාතියක් බන්. :frown:

    නිදහස් අධ්‍යාපනේ ගෙනාව විතරයි ඊලඟ ඡන්දෙන් ඇපත් නැතුව පරාදයි ගෙදර ගියා :yes: :yes:
    සල්ලි දීල අධ්‍යාපනේ ලබන්න නොහැකි අය පොල් ගස් බඩගෑ යුතුයි කියන මතේ හිටපු ඕනෙ තරං උන් ඉහලින්ම දින්න :yes: :yes:
    JVP එකට වෙන්නෙත් ඕක තමා උන් කොච්චර විනයක් තියං දේශපාලනේ කලත් වැඩක් නෑ කන්නංගරට එක පාරක් වුන දේ තමා මුන්ට හැමදාම වෙමින් පවතින්නෙ මේ රටේ බහුතරේට විනය අකුරට දේශපාලනේ වැඩක් නෑ හොඳට හොරකං කල්ල මාස හය හතක බඩක් හදාගෙන උන්ට බඩු බෙදන්න එන්න ඕනෙ ඌ තමා නියම රටට දැයට හිතැති දේශපාලඥ මහත්තය :yes: :yes:

    It's Call Sinhalese :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ආ කසන් නාන මට මරාගෙන මැරෙන බෝම්බයක් ගහන්න ඕනෙ කුරාණෙ කොයි හරිය කියෙව්වොත්ද මට මේ වැඩේ හරියටම කරන හැටි දැනගන්න පුලුවන් :baffled: :baffled: