ප්‍රේමයේ තරම

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේක මේ පොඩි කතාවක්. සමහරු අහලත් ඇති. ඊයෙ මොකක් හරි දේකදි මතක් වෙච්ච හන්ද දන්නෙ නැති අය වෙනුවෙන් ලියල දාන්න හිතුවා.

    ඔන්න එක ටවුමක ඉස්කෝලෙක 11 වසරෙ විතර ලමයෙක් ඒ ඉස්කෝලෙම තවත් ගෑණු ළමයෙක් එක්ක ඇයි හොඳයියක් පටන් ගත්තා. ඒ කියන්නෙ අර මෙව්ව සම්බන්ධයක්.

    පටන් ගෙන ටික දවසක් යනකොට මේක ගුරුවරුන් අතරටත් ගියා. ඉස්කෝලෙ විදුහල්පති තුමාගෙ කණටත් මේක යන්න වැඩි දවසක් ගියෙ නෑ.

    ඉස්කෝලෙ විනය තියාගන්නත් එපායැ. ඉතින් විදුහල්පති තුමා මේ ලමයව තමන්ගෙ කාමරයට කැ‍‍ඳෙව්වා. ඊට පස්සෙ ප්‍රශ්න කලා. ලමයා කියනවා එහෙම දෙයක් නෑමයි කියල.

    එහෙනම් උඹල දෙන්න අතරෙ තියෙන්නෙ කොයි වගේ දුරදිග ගිය සම්බන්ධයක්ද? විදුහල්පති තුමා ඇහැව්වා.

    මේ වෙලාවෙ දහයෙ පන්තියෙ පද්මා මිස් ආවා නාමලේඛනේ තියන්න විදුහල්පති කාමරයට.

    කොල්ලට ඕනෙ වුනේ තමන්ගෙ සම්බන්දෙ යාළුකමක් සහෝදර කමක් කියල කියන්න. ඉතින් මූ විදුහල්පති තුමාට මෙහෙම කිව්වා.

    "සර් ඒක හරියට සර්රුයි මේ පද්මා මිසුයි අතර තියන සම්බන්ධය වගේ එකක්"

    "මොනව බොල තෝ ඒ තරම් වනචරයෙක්ද? කියල විදුහල්පති තුමා අර ලමයාට වේවැලෙන් ගහගෙන ‍ගහගෙන ගියාලු.

    මොරාල් ඔෆ් ද ස්ටෝරි - උදාහරණ දීමට පෙර උදාහරණ සම්බන්ධ වටපිටාව හොඳින් හොයා බලන්න


    අචිර‍‍ගේ දිනසටහන්

    ලස්සනයි කියලා හිතුන නිසයි දැම්මේ
     
    • Like
    Reactions: sahan_ml

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සිනහව අප අතරින් දුරස් වීදෝ
    විහිලුවක රස විදින්න නොහැකි වූයේ මන්දෝ