ප්‍රේමය හා කාලය...

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ප්‍රේමය හා කාලය...

    මෙය http://bc-chamila.blogspot.com න් උපුටා ගන්නා ලද්දකි. Elakiri යාළුවන්ට වැදගත් වෙයි කියල හිතුන නිසා දාන්නේ.​

    -----------------------------------------------------------------------------------------------------------------------------------------------


    අපි උසස් පෙල කරන කාලේ වටේ හිටපු යාලුවන්ට ගෑනු ලමයි හිටියනේ... ඒත් උසස් පෙල ඉවර වෙලා අවුරුද්දක් දෙකක් යනකොට අහන අහන උන්ගේ තිබිච්ච හුටපට ඔක්කොම ඉවරයි.... ( මෙ කිවුවේ සිරා love කරපු උන් ගැන ) ආතල් එකට love කරන උන ගැන නම් කතා කරල වැඩක් නැ... උන්ගෙ love නම් අද තියනවා හෙට නෑනෙ...

    Love__Beach__Sunset__by_danicafaye-721652.jpeg


    ආතල් එකට love කරන උන්ගෙ ටික කාලෙකින් ඉවර වෙන එක සාමාන්‍ය දෙයක්..... ඒ තාවකාලික ආශාවන්, අවශ්‍යතා ටික කාලෙකින් නැතුව යන නිසා... ඒත් අපි හැමොටම පට්ට love එකක් කියල හිතුන ඒවා එකක් හරි තියනවනේ... අන්න ඒවගේ affairs වලට එකපාරටම හෙන ගහල ගියාම සමහර විට අපිටත් පුදුමයි ඒක උනේ කොහොමද කියල... අන්න ඒ වගේ affairs එකක් නතර උනාම බූට් එක වැදුන එකා හෝ එකී මාස ගානක් යනකම් විඳවනවා... ඒත් මගෙ බොක්කේ ෆිට් එකක් කියන විදියට ඒ හැම දේම කාලයත් එක්ක අමතක වෙලා මිනිස්සු පරණ track එකට වැටෙනවලු... ඒත් ඒ මතකයන් හැමදාමත් උන්ගෙ හිත් වල තියනවනේ... ඒ දේ බලපාන්න පටන් ගන්නේ ඊලග affairs එක පටන් ගත්තට පස්සේ...

    break_up_advice.jpg


    සිරා කරල බූට් කාපු එකෙක් නම් ඌ හදන්නේ කෙල්ලන්ගෙන් පලි ගන්න.... කෙල්ලෙක් නම් කොල්ලන්ට කෙලවන්න.... අවිශ්වාසය කියන දේ හැම වෙලේම මතුවෙන්න පටන් ගන්නවා.. ඒ හේතුව නිසාම අලුත් affair එකත් ටික දවසකින් ඉවර වෙනවා.. ඒත් හැම කෙනාම මෙහෙම නෑ කියල කියන්න පුලුවන්.. බොක්කෙන්ම කරල බූට් කාපු එකාට වටෙ ඉන්න උන් මොනවා හරි කියල හිත හදන්නන් බලනවා.... ඒත් තුවාලෙ වේදනාව දන්නේ තුවාලෙ තියන එකානේ... කට්ටිය එක්ක ඉද්දි දැන් අවුලක් නැ බන් කියලා ලෝකෙට පේන්න හිනා උනත් උගෙ හිත ඇතුලෙ තියන දේ දන්නේ ඌ විතරයි.... සමහර විට ඇත්තටම උට අවුලක් නැති වෙන්නත් පුලුවන්, සමහර විට ඌ හිත ඇතුලෙන් අඩනවා වෙන්නත් පුලුවන්... කෙල්ලො නම් කරන්නේ මූන එල්ලන් ඉන්න එකයි මතක් වෙන වෙලාවට අඩන එකයි නෙ. ( ඇත්තටම මේ වගේ වෙලාවක කෙල්ලො මොකද කරන්නේ කියල මං හරියටම දන්නේ නෑ )



    මේවා වෙන්න හේතු විදියට මම නම් දකින්නේ මේ දෙවල්... සමහර විට මං වැරදිත් ඇති. මම මෙ කතා කරන්නේ කොල්ලොන්ගෙ පැත්තෙන්....


    කෙල්ලෙකුයි කොල්ලෙකුයි love කරන්න ගත්තම ඒ එක හරියට අම්මා කෙනෙක් තමන්ගෙ අලුත උපන් දරුවට ආදරේ කරනවා වගේ... ( සිරා කරන උන් ගැන විතරයි )

    බබා පොඩිම කාලේ අම්මා බබා ලගින් හෙල්ලෙන්නේ වත් නෑ... හැම වෙලේම බබා ලග ඉදන් බබාට ආදරේ කරනවා... යන්තම් අඩන සද්දයක් ආවත් අම්මා එතන.... ඒත් බබා ලොකු වෙනකොට මේ දෙවල් වෙනස් වෙනවා... වෙනස් වෙනවා කියන්නේ ආදරේ අඩු වෙනවා කියන එක නෙමෙයි.. ඒත් ඒ ආදරේ පෙන්නන විදිය වෙනස් වෙනවා... දඟ වැඩක් කලාම පාරක් ගැහුවට ඒ ගහන්නේත් තියන ආදරේට... පොඩි කාලේ පැය ගනන් බබාව හුරතල් කරපු අම්මා බබාගේ කර දඬු උස් මහත් උනාම පොඩි කාලේ වගේ හුරතල් කරන්නේ නෑනේ.. ඒත් අම්මගේ හිතේ තිබුන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ....


    mom-n-Baby-.jpg


    කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි affair එකත් එහෙම තමයි... මුල් කාලේ පැනි පෙරාගෙන දවස පුරාම මල් කඩ කඩ කොට කොට හිටියට කාලෙත් එක්කම ඒ දේවල් අඩු වෙලා යනවා... ඒ ආදරෙ කරන එකට අමතරව තමන්ගෙ අනාගතේ ගොඩනගා ගන්නත් ඔනෙ කියල තේරෙන නිසා.. වගකීම් යුතුකම් කරපිට පැටවෙන නිසා... ඒත් බොහෝ වෙලාවට ගැනු ලමයින්ට මේ දේ ප්‍රශ්නයක් වෙනවා... ඒ අය හිතන්නේ කොල්ලගෙ ආදරේ අඩු වෙනවා කියලා..... කාලෙත් එක්කම කෙල්ලගෙ යාලුවෙක් (කොල්ලෙක්) කෙල්ලට ලං වෙනවා..... කොල්ලට වඩා කෙල්ල ගැන හොයනවා, කොටනවා... පස්සෙ කෙල්ල තමන්ට ඉස්සර ලැබුන ආදරේ අලුත් කොල්ලගෙන් හොයනවා.... ඊට පස්සේ පරන එකාට sorry.com මේක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.... ඊට පස්සෙ කොල්ලා මාස ගානක් විඳවනවා..... කොහොම කිවුවත් love කියන එකෙදි කෙල උනාම කෙල්ලෙකුට වඩා කොල්ලෙක් විඳවන එක වැඩී... මේ වගේ ප්‍රශ්න වලදි කෙල්ලොන්ගෙ දරාගැනීමේ හැකියාව වැඩී....
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    61886.jpg


    කොල්ලොන්ගෙ අතින් වෙන ලොකු වැරැද්දක් තියනවා... ඒ තමන් කෙල්ල ගැන හොඳට දන්නවා කියල හිතන් ඉන්න එක.... ඒත් කෙල්ලෙක්ට ප්‍රශ්නයක් ආපුවහම ඒකට මූන දෙන්නේ emotionally. අන්න ඒ දේ නිසා කෙල්ලෙක් ඔනෙ වෙලාවක වෙනස් වෙන්න පුලුවන්... අර ඇඩ් එකෙ කියනවා වගෙ "ගෑනු කවද්ද හිතෙන දේ කිවුවෙ?" මේ කතාව ගොඩක් දුරට ඇත්ත... කොල්ලො කෙල්ල ගැන කොච්චර දන්නවා කියල හිතන් හිටියත් නොදන්න දෙවලුත් තියනවා... සමහර වෙලාවට කෙල්ලො හිතෙ තියන දේ කියන්නෙ නැති නිසා ලොකු ප්‍රශ්න ඇති වෙනවා... කොල්ලො ප්‍රශ්නේ තෙරුම් ගන්නකොට පරක්කු වැඩී...


    තව එකක්... තමන් කොච්චර දන්නවා උනත් කොච්චර විශ්වාස උනත් තමන්ගෙ අම්මා ඇරෙන්න කිසිම ගෑනු කෙනෙක් 100% විශ්වාස කරන්නත් එපා...


    Couples-in-Love-love-stories-15142629-300-300.jpg


    එකකදි එකිනෙකා තෙරුම් ගැනීම කියන එක ගොඩක් වැදගත්.. කොල්ලො නම් හිතෙ තියන ඒවා ගෙමක් නැතුව කෙල්ලට කියනවා... තමන්ට ඔනෙ විදියට ඉන්නෙ නැති උනාම කෙල්ලට බනිනවා.... එත් කෙල්ලො වෙනස්. කොල්ලා වැරදි කරනකොට තෙරුම් කරල දෙන්න හදනවා.. බනිනවා.. බැරි උනාම හොරෙන් අඩනවා. මේ කඳුලු නිසාම සමහර විට කෙල්ලගෙ හිත ගලක් වෙනවා.... ඒ ගල් හිත නිසාම නොහිතපු වෙලාවක කොල්ලව අතාරිනවා. හිතෙ තියන දෙවල එලියට දෙන්නේ නෑ... කොල්ලෙක් තමන්ගෙ කෙල්ලව තෙරුම් ගන්න ඔනේ තමයි.. ඒත් හත් දෙයියනේ කොල්ලොන්ට හිත් කියවන්න බෑනේ. එහෙම බැරි එකේ හිතේ තියන ඒව කෙලින් කියන්නේ නැතුව වෙන්න තියන ඒවා උනාට පස්සේ කොල්ලට බැනලා වැඩක් තියනවද තමන්ව තෙරුම් ගත්තේ නෑ කියල?

    සමහර වෙලාවට affairs ඉවර වෙනකොට කෙල්ලො මාර කුනුහබ්බ කියනවා.. " මම ඔයාට ආදරෙයි ඒත් මට එයා නැතුව බෑ කියල" යකෝ මොන කුනුහබ්බයක්ද මෙ? සිරා කරපු කොල්ලා කෙල්ලගෙ සතුට ගැන හිතලා කෙල්ලට යන්න දෙනවා... ඌ විදවන්නවා කෙල්ල ආතල් එකේ ඉන්නවා... මම දන්න තරමින් සිරා affairs එකක් ඉවර වෙනකොට කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා... කෙල්ල ගේමක් නැතුව පරන එකාව අතාරිනවා... සමහර උන් දෙකම ටික දවසක් කරලා හොඳ එක තොරගන්නවා... ඒකත් ගොඩක් වෙලාවට අලුත් එකාව... හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි ලුනේ...



    කොල්ලො නිසා කෙල වෙන කෙල්ලොත් ඉන්නවා.. මම එහෙම නෑ කියන්නේ නෑ... ඒත් කෙල්ලෙක්ට සිරා ආදරෙ කරලා කෙල වෙච්ච කොල්ලොත් ඔනේ තරම් ඉන්නවා... සිරා ආදරේ කරලා බූට් එක කෑවම කෙල්ලෙක්ට වඩා කොල්ලේක් වෙන කෙල්ලෙක්ට ලංවෙන්න වැඩි කාලසීමාවක් යනවා... අර සිංදුවක තියනවා වගේ " මට පෙන්නලා ආලේ හැටී, නුඹ දුන්නු දුක හොදටම ඇති" කියන දේ කොල්ලෙක්ගෙ හිතේ ගැඹුරටම කාවදින හින්දා....


    sad-man.jpg


    ආදරෙන් බැට කාපු කොල්ලො ඔනේ තරම් ඉන්නවා.... ඒත් වෙච්ච දේ නිසා කෙල්ලොන්ගෙන් පලි ගන්න හදන්න එපා... ඒකෙන් වෙන්නේ පලිගැනීමට ලක් උන කෙල්ල තවත් කොල්ලෙකුට තමන්ට වෙච්ච දෙම කරන එක උනොත්? උබලා කැමතිද වෙන එකෙකුටත් උබලටම වෙච්ච දෙ වෙනවා දකින්න? උන දේ උනා කියලා තමන් හිටපු විදියටම ජීවත් උනොත් අන්තිමට තමන් ආදරේ කියන දේ හරියට කලා කියලා තමන්ට සතුටු වෙන්න පුලුවන්.....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    බබා පොඩිම කාලේ අම්මා බබා ලගින් හෙල්ලෙන්නේ වත් නෑ... හැම වෙලේම බබා ලග ඉදන් බබාට ආදරේ කරනවා... යන්තම් අඩන සද්දයක් ආවත් අම්මා එතන.... ඒත් බබා ලොකු වෙනකොට මේ දෙවල් වෙනස් වෙනවා... වෙනස් වෙනවා කියන්නේ ආදරේ අඩු වෙනවා කියන එක නෙමෙයි.. ඒත් ඒ ආදරේ පෙන්නන විදිය වෙනස් වෙනවා... දඟ වැඩක් කලාම පාරක් ගැහුවට ඒ ගහන්නේත් තියන ආදරේට... පොඩි කාලේ පැය ගනන් බබාව හුරතල් කරපු අම්මා බබාගේ කර දඬු උස් මහත් උනාම පොඩි කාලේ වගේ හුරතල් කරන්නේ නෑනේ.. ඒත් අම්මගේ හිතේ තිබුන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ....


    mom-n-Baby-.jpg


    කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි affair එකත් එහෙම තමයි... මුල් කාලේ පැනි පෙරාගෙන දවස පුරාම මල් කඩ කඩ කොට කොට හිටියට කාලෙත් එක්කම ඒ දේවල් අඩු වෙලා යනවා... ඒ ආදරෙ කරන එකට අමතරව තමන්ගෙ අනාගතේ ගොඩනගා ගන්නත් ඔනෙ කියල තේරෙන නිසා.. වගකීම් යුතුකම් කරපිට පැටවෙන නිසා... ඒත් බොහෝ වෙලාවට ගැනු ලමයින්ට මේ දේ ප්‍රශ්නයක් වෙනවා... ඒ අය හිතන්නේ කොල්ලගෙ ආදරේ අඩු වෙනවා කියලා.....

    100% true machan. Godak kello hithanne meka adare aduweemak kiyala. This is the reality of the girls, including mine :P
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කෙල්ලොන්ගෙ දරාගැනීමේ හැකියාව වැඩි එකට වඩා උන්ට ඉකමනට වෙන ලව් එකකට settle වෙන්න පුලුවන්.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ අවුරුද්දේ බඳින්න හිටපු අවුරුදු 7ක් ඉවර වුනු සම්බන්දය මේ අවුරුද්දේ පෙබරවාරි ඉවර උනා. පලවෙනි අවුරුදු 3.5 love කළා. පසු කාලය නිතර රණ්ඩු උනා. යාලු වෙද්දී X විදිහට හිටපු කෙල්ල අවසානයට Y උනා. 100% වෙනස්. සම්බන්දය නවත්තන වෙලාවේ ඒ ගැනිට වෙන මිනිස්සු හිටියෙත් නෑ. මට වෙන ගෑනු හිටියෙත් නෑ. කිසි දවසක එහෙම උනෙත් නෑ. අදහස් ගැලපීම 100% ඉඳන් 0% ටම බැස්සා අවුරුදු 5ක් වගේ යද්දී. වෙනස් උනේ එයා. මම නෙවේ. ඊට පස්සේ දවසක කතා වෙලා නවත්තලා දැම්මා. වෙනත් කියන්න දෙයක් නැත. මේ වෙනකං එළකිරියේ ඔය කතන්දර කිවුවේත් නැ. ඉස්සරහට කියන්නෙත් නැ.

    ඉගන ගත්ත පාඩම් ගොඩක් තියනවා. හොඳම දෙයක් තමයි, තමන්ගේ ඔලුවේ encrypted unit එකක් තියා ගන්න තමන්ට විතරක් access තියන. එකේ දාපු කිසි දෙයක් කිසි කෙනෙක් එක්ක share කර ගන්න එපා. ඕනෑම කෙනෙක් ගැන යම් මට්ටමක සැකයක් තියා ගන්න. ඕනෑම මනුස්සයෙක් එක්ක අවුරුදු ගානක් එකට ජිවත් වෙනකොට එපා වෙනවාම තමයි. එහෙම නොවෙන්න ඒ ඒ ආශ්‍රය කරන මිනිසුන්ට සැහෙන්න හොඳ ගුණ ධර්ම තියෙන්න වෙනවා. නමුත් එහෙම අය හොයන්න බෑ.